කුරුණෑගල දුම්රිය ඉඩම් අවිධිමත් පරිහරණය වහා නතර කරන ලෙස ඉල්ලීම
Posted on August 10th, 2017

 එස්. පී. විතානගේ  සම කැඳවුම්කරු

ගරු රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්,
නිමල් සිරිපාල සිල්වා මැතිතුමා,
රවාහන හා සිවිල් ගුවන් සේවා  අමාත්යාංශය,
7 වන මහල, අදියර ෂෂ, සෙත්සිරිපාය,
බත්තරමුල්ල.

කුරුණෑගල දුම්රිය ඉඩම් අවිධිමත් පරිහරණය වහා නතර කරන ලෙස ඉල්ලීම

කුරුණෑගල දුම්රිය ස්ථාන පරිශ‍්‍රයේ  දුම්රිය රක්‍ෂිත ඉඩම, රථගාලක් පවත්වාගෙන යාම සඳහා ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් තමන්ගේ දේශපාලන හිතවතෙකුට ලබා දී දුම්රිය දෙපාර්තමේන්තුවට  මාසිකව ලැබිය යුතු රුපියල් ලක්‍ෂ ගණනක ආදායමක් අහිමිකර ඇති බව අප වෙත වාර්තාවේ.

දුම්රිය ස්ථානයට එන මගීන්ගේ පාපැදි හා යතුරුපැදි නතරකර තැබීම සඳහා ඊට අදාල  ගොඩනැගිල්ලක්  හා භූමි භාගයක් මාසයකට රුපියල්  30000/= ක මුදලකට  බදු දී තිබුණ ද  ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයාගේ දේශපාලන හයිය පාවිච්චි කරමින් දුම්රිය පරිපාලනයට ද බාධා වන අයුරින්  මෙම දේශපාලන හිතවතා විසින් අනවසරයෙන් සම්පූර්ණ රක්‍ෂිත භූමියම රථගාලක් බවට පත්කරගෙන ඇති අතර, රාජ්‍ය දේපල අවිධිමත් ලෙස පෞද්ගලික පරිහරණයට යොදා ගනිමින් මාසිකව රුපියල් 300000/= පමණ මුදලක් ඔහු විසින් උපයාගන්නා බව දැන ගැනීමට ඇත. 

දුම්රිය දෙපාර්තමේන්තුවට මාසිකව රුපියල් ලක්‍ෂ ගණනක ආදායමක් උපයා ගත හැකිව තිබිය දී දේශපාලන හිතවතෙකු නඩත්තු කිරීම සඳහා මෙම දුම්රිය දේපල යොදා ගෙන ඇති බව පෙන්වා දෙන අතර, මෙම දේශපාලන හිතවතාගේ හැසිරීම දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයටත් අනිකුත් දුම්රිය සේවකයින්ටත්, දුම්රිය මගී ජනතාවටත්, දැඩි අවහිරයක් වී ඇත. එමෙන්ම දුම්රිය මාර්ග නඩත්තු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ගබඩාකර තබාගන්නා අංගනය මොහු විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වාහන නතර කර ඇති නිසා දුම්රිය නඩත්තු කටයුතු  වලටද බාධා සිදු වී ඇත.

මේ සම්බන්ධයෙන් පොල්ගහවෙල දුම්රිය ආරක්‍ෂක අංශය සහ කුරුණෑගල අධික්‍ෂණ කළමණාකාර (මාර්ග) විසින් දුම්රිය බලධාරීන්ට වාර්තා කර ඇතත් මේ දක්වා  කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැත.

මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුකර, බදු කොන්දේසි කඩකරමින් අවිධිමත් ලෙස දුම්රිය රක්‍ෂිත ඉඩම පරිහරණය කරන බදුකරුගේ බදුකරය අහෝසි කරන ලෙසත්, මෙම රථගාල දුම්රිය ස්ථානාධිපතිගේ භාරයට පත්කර දුම්රිය ආදායම් වැඩිකර ගැනීමට අවශ්‍ය විධිමත් පියවර ගන්නා ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

 

ස්තූතියි.

මෙයට දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන්,

 එස්. පී. විතානගේ 

සම කැඳවුම්කරු

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress