බැඳුම්කර කොමිසමෙන් රටම  හොල්ලන කවුද මේ දප්පුල ද ලිවේරා?
Posted on August 12th, 2017

ශ්‍යාම් නුවන් ගනේවත්ත උපුටා ගැන්ම දිවයින

අද දිනයේ මුළු රටම බලා සිටින්නේ ජනාධිපති බැඳුම්කර කොමිසම දෙසය. මේ කොමිසමේ මහා වීර චරිතයට පණ පොවන්නේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ය. අද මේ නාමය රටටම ප්‍රසිද්ධය. එසේම රවි කරුණානායක මහතා ද (හොඳට හෝ නරකට) අද රටේම අවධානය යොමුව සිටින පුද්ගල චරිතයයි. මේ රවී කරුණානායකගෙන් කොමිසම හමුවේ අභීතව ප්‍රශ්න කළේ දප්පුල ද ලිවේරා මහතාය. ඔහු රවි කරුණානායක මහතාගෙන් ප්‍රශ්න කළේද වෙනදා මෙන්ම ඔහුගේ සුපුරුදු හඬින් සහ ඔහුටම ආවේණික සුපුරුදු විලාසයෙනි. එහි කිසිම වෙනසක්‌ දක්‌නට නොලැබිණි. දප්පුල ද ලිවේරා මහතා බැඳුම්කර කොමිසම හමුවේ මීට පෙර වරක්‌ ප්‍රකාශ කළ් නීතිපති මෙහිදී කටයුතු කරන්නේ මහජනයාට යුක්‌තිය ඉටු කරදීම වෙනුවෙන් බවයි. මේ නිසා යුක්‌තියේ ජයග්‍රහණය උදෙසා දප්පුල ද ලිවේරා මහතා ප්‍රමුඛ කණ්‌ඩායම බැඳුම්කර කොමිසම තුළ අභීතව කටයුතු කරන බව අපට පෙනෙන්නට තිබේ. ඒ උදෙසා ඉමහත් කැපවීමෙන් ඔවුන් කටයුතු කරන බවද අපට දැනෙන දෙයකි. ඒ සම්බන්ධයෙන් දප්පුල ද ලිවේරා මහතා ඇතුළු කණ්‌ඩායම බැඳුම්කර කොමිසම හමුවේ ඉටු කරමින් සිටින කාර්යභාරය ගැන අද කාගේත් අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳ ඇතැමුන්ට කෙසේ වෙතත් බොහෝ දෙනෙක්‌ තුළ ගෞරවයක්‌ ද ජනිත වී තිබේ. ඒ අන් කිසිවක්‌ නිසා නොව මේ බැඳුම්කර මගඩියෙන් ඉමහත් අගතියට පත්ව සිටින මේ රටේ අතිමහත් මහජනතාවට යුක්‌තිය ඉටු කර දිය යුතුව ඇති නිසාය.

පසුගියදා වැඩබලන නීතිපතිවරයා ලෙස ද කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට බැඳෙන්නේ වර්ෂ 1985 දීය. එදා මෙදා තුර අද දක්‌වා වසර 32 ක සේවා කාලයක්‌ සම්පූර්ණ කර සිටින ඔහු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සෙසු නීතිඥ මණ්‌ඩලය මේ අතගසා ඇත්තේ ඉමහත් අභියෝගාත්මක භාරදූර කාර්යයකටය. ඒ අභියෝග ජයගෙන ඉදිරියට යැමේ සියලු ශක්‌තිය සහ හැකියාව ලිවේරා මහතා ඇතුළු කණ්‌ඩායමට හොඳටම ඇති බව අපගේ අදහසයි.

බැඳුම්කර කොමිසමෙන් රටම හොල්ලන රජයේ බලගතු ඇමැතිවරුන්ගෙනුත් බය නැතිව ප්‍රශ්න අහන මේ දප්පුල ද ලිවේරා කවුද? ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා තම නීතිඥ මණ්‌ඩලයට නිසි නායකත්වය සපයමින් රට වෙනුවෙන් විශිෂ්ට වෘත්තීය මෙහෙවරක්‌ ඉටු කරමින් සිටීම ගැන යහපාලනය අගයන මුළු මහත් රටවැසියාගේම ගෞරවාදරය හිමිවිය යුතුව තිබේ. දප්පුල ද ලිවේරා මහතාගේ මහා පෞරුෂය හමුවේ කොමිසමට පැමිණි රජයේ මහා බලගතු ඇමැතිවරුන් පුංචි පූස්‌ පැටවුන් බවට පත්වූ අයුරු අපට දැක ගත හැකි විය. කොමිසමට පැමිණි ඒකාබද්ධ විපක්‍ෂයේ බන්දුල ගුණවර්ධනගෙන් මෙන්ම ආණ්‌ඩුවේ බලගතු ඇමැති රවි කරුණානායකගෙන් ද ලිවේරා මහතා ප්‍රශ්න ඇහුවේ ඔහුගේ සුපුරුදු එකම වාග් විලාශයෙන් බව මේ බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි විභාගය ආරම්භ කළ මුල් දිනයේ සිට මේ දක්‌වාම කොමිසමේ මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරන මාධ්‍යවේදියකු ලෙස මේ ලියුම්කරු අත්දුටු දෙයයි.

රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ මේ නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ මේ රටේ අතිමහත් බහුතර බදු ගෙවන ජනතාවයි. එසේ නැතුව රවි කරුණානායකවත්, අගමැති රනිල් වික්‍රමසිංහවත් එසේත් නැත්නම් බන්දුල ගුණවර්ධනවත් නොවේ. මේ නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ගේ සැබෑම සේවාදායකයා මේ රටේ රජයට බදු ගෙවන අති මහත් බහුතර ජනතාව මිස වෙන කවුරුද? ඒ ජනතාවට යුක්‌තිය ඉටු කර දීමට ක්‍රියා කිරීම ඔවුන්ගේ පරම යුතුකමයි. ඒ යුතුකම ඉටු කරන විට ආණ්‌ඩුව රකිනවාටත් වඩා බැඳුම්කර මගඩියේ චූදිතයන් රකින්නට ක්‍රියා කළ මේ රජයේම ඇතැම් දේශපාලනඥයන්ගෙන් දප්පුල ද ලිවේරා මහතාටත් රජයේ නීතිපති දෙපාර්තමේන්තුවටත් නොයෙකුත් චෝදනා එල්ල වීම පුදුමයක්‌ නොවේ. ඒ චෝදනා එල්ල කරන අය සම්බන්ධයෙන් අපට ඇත්තේ අප්‍රසන්න, හිරිකිත හැඟීමක්‌ පමණි. මේ අය යහපාලනය වෙනුවෙන් පෙනී සිටින මහත්වරු ද? මේ සියලු අපහාස තුට්‌ටුවකටවත් නොතකා යුක්‌තියේ ජයග්‍රහණය වෙනුවෙන් දිගටම පෙනී සිටින ලෙස ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින රජයේ නීතිඥ මණ්‌ඩලයට නායකත්වය දෙන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රමුඛ නීතිඥ මණ්‌ඩලයට අපි කියා සිටිමු. ඒ බැඳුම්කර මගඩියෙන් ඉමහත් අගතියට පත් පොදු මහජන ශුභ සිද්ධිය වෙනුවෙනි. මේ සියලු කරුණු කාරණා ජනතා පරමාධිපත්‍යය බලය හිමි බලගතුම අධිකරණය වන මහජන අධිකරණයේ ද විනිශ්චයට භාජනය වෙමින් තිබේ. නීතියෙන් ගැලවුණත් මහජන අධිකරණයේ විනිශ්චයෙන් ගැලවෙන්නට මේ කිසිවකුටත් නොහැකිය. එහෙත් අපට අවශ්‍ය මේ සඳහා නීතියෙන්ද යුක්‌තිය ඉටුවනු දැකීමයි. “බැඳුම්කර මගඬිය” තුළින් මහජනයාගෙන් කොල්ලකාගත් ධනය නැවත මහජනයාට අත්පත් කරදෙනු දැකීමයි. එසේ වුවහොත් මේ ජනාධිපති කොමිසම ඉතිහාස ගත වනු නිසැකය. දැනටමත් මේ කොමිසමෙන් ලැබී ඇති ප්‍රතිඵල, හෙළිදරව් වී ඇති තොරතුරු අති විශාලය. ඒ ගැන කොමිසම කෙරෙහිත් නීතිපති දෙපාර්තමේන්තුව කෙරෙහිත් අප තුළ අප්‍රමාණ ගෞරවයක්‌ද තිබේ. ජනතාව මේ දෙස බලා සිටින්නේ ද ඉමහත් විශ්වාසයකින් යුතුවය. කොමිසම හමුවේ දප්පුල ද ලිවේරා නඟන හඬ මහජනතාවට නොඇසුණත්, අපට හැඟෙන්නේ එය යුක්‌තිය උදෙසා මහජනතාව වෙනුවෙන් නඟන හඬක්‌ ලෙසය. අනෙක්‌ සාක්‍ෂිකරුවන්ගෙන් මෙන්ම ඇමැති රවි කරුණානායක මහතාගෙන් සාක්‍ෂි විභාග කරන විටද එය අපට හැඟුණුq සහ දැනුණු දෙයකි.
රවි කරුණානායක ඇමැතිවරයාට ඇමැතිකමෙන් ඉල්ලා අස්‌වීමට පවා සිදුවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති බැඳුම්කර කොමිසම මගින් සිදු කරන සාක්‍ෂි විභාගයට අද මුළු මහත් රටවැසියාගේම දැඩි අවධානය යොමුව තිබේ. මේ කොමිසම පත් කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කමිටුවක්‌ මගින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාවේ තිබූ ප්‍රධාන නිර්දේශ පදනම් කරගෙනය. එම ශ්‍රී ලනිප කමිටු වාර්තාවේ පළමු නිර්දේශය වූයේ මේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් වහාම ජනාධිපති කොමිසමක්‌ පත් කළ යුතු බවයි. මෙසේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති කොමිසමක්‌ පත් කිරීමට සිදුවූයේ ඇයි? මේ ආණ්‌ඩුවේම එජාප පාර්ශ්වය විසින් ආණ්‌ඩුව රකිනවාටත් වඩා ප්‍රමුඛතාවයෙන් යුතුව මේ බැඳුම්කර මගඩිය සහ එහි චූදිතයන් රකින්නට කටයුතු කළ නිසා නොවේද? කෙටියෙන්ම කියනවා නම් මේ ජනපති කොමිසම පත් කළේ සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාව කතානායකවරයා විසින් නීතිපතිවරයාට යෑවීමටත් ප්‍රථම අගමැතිවරයා විසින් කඩිනමින් එය අතට ගෙන වහාම නීතිපතිවරයාට යොමු කිරීම තුළ ඊට නිසි සාධාරණය ඉටු වන බවක්‌ ජනාධිපතිවරයාට දකින්නට නොතිබූ නිසා ය. ඒ බව ජනාධිපතිවරයා ඒ දිනවල රටටම කීවේය. එය අපට මතකය. ඇත්ත වශයෙන්ම මේ කාරණය ගැන ආණ්‌ඩුව තුළ යහපාලනය ක්‍රියාත්මක නොවූ නිසා ජනාධිපතිවරයාට මැදිහත් වී වෙනම ශ්‍රී ලනිප කමිටුවක්‌ පත් කර නිර්දේශ ලබාගෙන මේ ජනාධිපති කොමිසම පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිදු විය. ඇත්ත කතාව එයයි. ඒ ගැන ජනාධිපතිවරයාට ගෞරවය හිමි විය යුතුය. එහෙත් මේ ආණ්‌ඩුවේම මෙය යට ගැසීමට හැම උත්සාහයක්‌ම ගත් ඇතැම් එජාප දේශපාලනඥයන් කොමිසමක්‌ පත් කිරීම ගැන ඔවුන් යහපාලනය නාමයෙන් ලකුණු දමා ගනිමින් ලොකු කතන්දර මාධ්‍යය ඉදිරියට පැමිණ මේ දිනවල කියන්නට පටන් ගෙන තිබේ. එය කොතරම් හිරිකිත පිළිවෙතක්‌ දැයි අමුතුවෙන් කිව යුතු නොවේ. රවි කරුණානායක ඇමැතිවරයා ඉල්ලා අස්‌වීම නිසා සියල්ල හරියන්නේ නැත. මේ දේශපාලන නාටකවලින් අප මුලාවට පත් විය යුතු නැත. තරාතිරම නොබලා බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් පූර්ණ සත්‍ය මතුකර ගැනීමට අවැසි සියලු සාක්‍ෂිකරුවන් බැඳුම්කර කොමිසම හමුවට කැඳවිය යුතුව ඇති බව මේ මොහොතේ යුක්‌තිය අපේක්‍ෂා කරන සියලු දෙනාගේ අපේක්‍ෂාව බව අපගේ හැඟීමයි. මේ පසුබිම තුළ දප්පුල ද ලිවේරා වැනි චරිත ඉටු කරමින් තිබෙන මෙහෙය අතිශයින් වැදගත්ය.

බැඳුම්කර කොමිසමේ සාමාජිකයන් 

1.කේ. ටී. චිත්‍රසිරි මහතා (සභාපති) – ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු

2. ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා – ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු

3. වී. කන්දසාමි මහතා

– විශ්‍රාමික නි. විගණකාධිපති

කොමිසමට සහාය වන රජයේ නීතිඥ මඩුල්ල

1. ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා – ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්.

2. ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා – අතිරේක සොලිසිටර් ජෙනරාල්.

3. ප්‍රියන්ත නාවාන මහතා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්

4. මිලින්ද ගුණතිලක මහතා – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්.

5. ඩිලාන් රත්නායක මහතා – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්.

6. ෂහිඩා බාරී මිය – ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ

7. ආචාර්ය අවන්ති පෙරේරා මිය – ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ

8. නයෝමි වික්‍රමසේකර මෙය – ජෙෂ්ඨ රජයේ අධිනීතිඥ

9. ධනුෂන් කනේෂයෝගන් මහතා

– රජයේ අධිනීතිඥ

ඡායා – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

2 Responses to “බැඳුම්කර කොමිසමෙන් රටම  හොල්ලන කවුද මේ දප්පුල ද ලිවේරා?”

  1. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Mega Thief Batalande Wadakaya pol pot r@nil
    wickramaSinhalakiller must have planted a few of his henchmen (from C brigade of course, Livera sounds like
    one from the name) to make sure make a lot of noise and come to nothing. It will drag on drag on. Sinhala modayas will be over the moon, since it is going to be (looks like) investigated. After some time Sinhala modayas will forget of
    course since they have very short memories. This is only a show trial. Batalande Wadakaya will be safeguarded to
    destroy Buddhism, Sri Lanka and Sinhalese race by the C brigade! That’s certain Sinhala modayas.

  2. Ancient Sinhalaya Says:

    This is how traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Mega Thief Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller’s catholic run UNPatriotic party fought the war. No wonder it dragged on for so long.
    Not bad since they got rid of 100,000+, mainly Sinhalese. A Sinhalese cull!

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress