මෙන්න ඇත්ත… ස්‌විස්‌ ඩයස්‌පෝරාවේ යාපනය මෙහෙයුම
Posted on August 12th, 2017

උපුටා ගැන්ම දිවයින

“උතුරේ සිදුවීම් වලට ප්‍රධාන හේතුව විදේශ මුදල් උතුරට ගලාඒමයි”
– උතුරු මහ ඇමැති සී. විග්නේස්‌වරන්

 උතුරේ ආවා කල්ලිය මෙහෙයවන්නේ ස්‌විස්‌ සන්නා බව හෙලිවේ
 අපේ ‘මුදල් පෙට්‌ටි වලට ප්‍රෑන්ක්‌ 50 සිට 200 දක්‌වා ලැබෙනවා
   – ස්‌විස්‌ නව කොටි නායක රගුපති හෙලිකරයි

2009 මැයි මස කොටි පරාජය වූවත් කොටි ඩයස්‌පෝරාව පරාජය වූයේ නැත. ප්‍රභාකරන්ගේ අවසානය සිදුවුණා දැන් කොටින්ගෙන් තර්ජනයක්‌ නැතැයි කියා සිතුවත් කොටි ඩයස්‌පෝරාව සිය අතිවිශාල මුදල් බලයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සිය 2 වැනි මෙහෙයුම දියත් කළහ.

එම මෙහෙයුම යටතේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මින් සුකා මෙන්ම බී බී සී සේවාවේ හිටපු වාර්තාකාරිනි ප්‍රාන්සස්‌ හැරිසන් සහ චැනල් ෆොa රූපවාහිනියේ කැලම් මැක්‌රේ කුලියට ගැනීමට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ට හැකිවිය.

එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ බලය ඇල්ලීමටද කොටි ඩයස්‌පෝරාව ක්‍රියාකළේය.

මේ සියලු ක්‍රියාකාරකම් සිදුවන අවස්‌ථාවේ පසුගිය රජය මෙන් වත්මන් රජයද අන්ධයන් ලෙස කටයුතු කරනු ලැබීය.

අද කොටි ඩයස්‌පෝරාවේ ප්‍රබලම ක්‍රියාකාරිත්වය දියත් වන්නේ ස්‌විස්‌ටර්ලන්තය තුළය. එහෙත් ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාව ගැන රජයේ යාන්ත්‍රණය නිසි විමර්ශනයක්‌ කර නොමැත. අඩු වශයෙන් ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියෙක්‌ද නැත. ස්‌විස්‌ටර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නොවීම නිසා කොටින්ට ඕනෑම ත්‍රස්‌ත ක්‍රියාවක්‌ මෙහෙයවීමේ අවකාශ ලැබී ඇත.

අද අපි විශේෂයෙන් (exclusive) හෙලිකරන්නේ කොටි ඩයස්‌පෝරාවේ මෙහෙයුමකි. සෑම වසරකට මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන අවස්‌ථාවේ එක්‌සත්ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට ලෝක ප්‍රජාව අතර ප්‍රචාරය කිරීම සඳහා ස්‌විස්‌ කොටි ජාලය ඡායාරූප ප්‍රදර්ශනයක්‌ සහ උද්ඝෝෂණ රැලියක්‌ද පවත්වති.

මාසයක කාලයක්‌ මුළුල්ලේ ජිනීවාහි ඡායාරූප ප්‍රදර්ශනයක්‌ පැවැත්වීම පහසු කාර්යයක්‌ නොවේ. ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාවේ ප්‍රාන්ත රැසක සිටින කොටි ක්‍රියාකාරීන් විසිදෙකක්‌ ජිනීවා එක්‌සත්ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ඇති කකුල් තුනේ පුටුව ඉදිරියේ පැවැත්වෙන එම විරෝධතාවයට දායක වෙති.

මේ විරෝධතා රැලිය සඳහා ප්‍රංශ කොටිජාලයේ කොටින්වද ජිනීවා නුවරට ගෙන්වයි.

එහෙත් 2009 සිට අද වනතෙක්‌ ශ්‍රී ලංකා කොටි සිදුකළ යුද අපරාධ ඇතුළත් ප්‍රදර්ශනයක්‌ ජිනීවා නුවර එක්‌සත්ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ පවත්වා නැත.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ බලධාරීන් ඩයස්‌පෝරාව සඳහා උතුරේ දොර විවෘත කරනු ලැබීය. එහි ප්‍රතිඵලය වූයේ විදෙස්‌ගත කොටි ක්‍රියාකාරීන් සංචාරකයන් වේගයෙන් උතුරට පැමිණීමයි.

ඔවුන් අතර ශ්‍රී ලංකාවේ ඊලම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමට උත්සාහ කළ කැනඩාවේ මන්ත්‍රීවරියක්‌වූ රාධිකා සිතාසබෙයිසන් කැනඩා මන්ත්‍රීවරුන්වූ ගැරී ආනන්ද සංගරි සහ නේතන් ගාන්ද වේ.

එහෙත් රජයේ බලධාරීන් මොවුන්ගේ සංචාරයේ අරමුණ කුමක්‌දැයි නිරීක්‍ෂණය කළේ නැත.

එසේම 2016 නොවැම්බර් මස නෝර්වේ රජය තොරතුරු දැනගැනීමේ ක්‍රියාවලිය ගැන දැනුමක්‌ ලබාදීමට යයි කියමින් රාජන් වෙල්ලයියා නැමැත්තෙක්‌ මෙරටට එවනු ලැබීය.

මාධ්‍යවේදී වෙස්‌ගත් මොහු කොටි චන්ද්‍රිකා ජාලය මෙහෙයවූ කොටියා බවට හමුදා බුද්ධි අංශ හඳුනාගෙන තිබුණි.

එහෙත් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට රජය ක්‍රියාකළේ නැත. ඔහු යාපනයටද ගොස්‌ විවිධ පාර්ශව හමුවී සාකච්ඡා පවත්වනු ලැබීය.

එසේම ස්‌විස්‌ ඊලම් කවුන්සිලයද ස්‌විස්‌ටර්ලන්තයේ සිට ක්‍රියාත්මක වේ.

මෙම ස්‌විස්‌ ඊලම් කවුන්සිලය සහ යාපනයේ පාර්ශව අතර දැඩි සබඳකම් ඇත. ඊලම් කවුන්සිලය සහ යාපනයේ ඊලම්වාදීන් අතර ෆේස්‌බුක්‌ මගින්ද සබඳතා පැවැත්වෙන බව අනාවරණය වී ඇත.

ලබන සැප්තැම්බර් 27 දා ස්‌විස්‌ ඊලම් කවුන්සිලය මෙහෙයවන සමරු උත්සවයක්‌ බර්න් නුවරදී පැවැත්වේ. යාපනය නගරයේ ව්‍යාජ උපවාසයක්‌ ආරම්භ කර මියගිය තිලිපන් නැමැති කොටියා සැමරීම එහිදී සිදුකෙරේ. මේ කොටි සමරුම පැවැත්වෙන්නේ 36 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙන අවස්‌ථාවේයි.

මේ පසුබිම මැද 2015 වසරේ උතුරේ සිට ස්‌විස්‌ටර්ලන්තයට ගිය ද්‍රවිඩයන්ගේ සංඛ්‍යාව 840 ක්‌ බව අනාවරණය විය. මොවුන්ට හමුදාවෙන් හෝ රජයෙන් තර්ජන එල්ලවී තිබුණේ නැත. ඊට පෙර 2014 දී උතුරේ සිට ස්‌විස්‌ටර්ලන්තයට ගිය ද්‍රවිඩයන්ගේ සංඛ්‍යාව 364 ක්‌ යයි අප විසින් ස්‌විස්‌ සංක්‍රමණික කාර්යාලයෙන් ලබාගත් තොරතුරු වලින් හෙලිවිය. මෙලෙස ස්‌විස්‌ටර්ලන්තයේ ව්‍යාජ ලෙස දේශපාලන රැකවරණ ලබාගත් ද්‍රවිඩයන් උතුරට විදේශ අරමුදල් එවන බව අනාවරණය වී ඇත.

එහෙත් ස්‌විස්‌ රජය මොවුන්ගේ අනන්‍යතාවය හෙලිකර නැත. කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලය උතුරේ ද්‍රවිඩයන්ට සහයවන බවට හොඳම සාක්‍ෂිය යයි හමුදාවෙන් මැරුම් කෑ ගෝපි හෙවත් පොන්නයියා සෙල්වනායම් නැමැති කොටියාගේ බිරිඳවූ ෂර්මිලාට ස්‌විස්‌ටර්ලන්තයට යාමට වීසා බලපත්‍රයක්‌ දීමයි.

ත්‍රස්‌ත මර්දන නිලධාරීන් ෂර්මිලාව කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ විගස ගුවන් තොටුපලවෙත දිව ආවේ ස්‌විස්‌ තානාපති කාර්යාල නිලධාරියෙකි. ඔහු ෂර්මිලාට ස්‌විස්‌ වීසා බලපත්‍රයක්‌ ඇති බව පවසමින් ඇයට විදේශගතවීමට ඉඩදෙන ලෙස ඉල්ලා සිටියත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂ්ප විය.

මේ නිසා ස්‌විස්‌ ඩයස්‌පෝරාව සහ යාපනය අතර පවතින දැඩි සබඳතාවය පැහැදිලි වේ.

යම් තත්ත්වය මත උතුරේ තරුණ කොටස්‌වලට යතුරු පැදි මිලයට ගැනීමට අරමුදල් පවා ලැබී ඇත්තේ ඩයස්‌පෝරාවෙනි. එහෙත් ඒ ගැන කිසිදු විමර්ශනයක්‌ සිදුවී නැත.

මේ අතර උතුරට විදේශ මුදල් ගලාඑන බව මහ ඇමැති විග්නේෂ්වරන් මුල්වරට අනාවරණය කරනු ලැබීය.

මේ විදේශ මුදල් ගලාඒම ගැනද පරීක්‍ෂණයක්‌ සිදුවී නැත. ඊට ප්‍රධාන හේතුව සංහිඳියාවයි.

එහෙත් කොටි ඩයස්‌පෝරාවට මුදල් අහේනියක්‌ ඇති බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත්වී ඇත. ස්‌විස්‌ටර්ලන්තයේ ජිනීවා නුවර සුප්‍රසිද්ධ බැංකුවක සහ සැන්ට්‌ මොරිට්‌ස්‌ ප්‍රාන්තයේ බැංකුවක කොටි ඩයස්‌පෝරා අරමුදල් ඇතිබව වැඩිදුරටත් හෙලිවී ඇත.

එසේම උතුරේ සිට ජිනීවා යාම සඳහා ද්‍රවිඩ දේශපාලකයන්ට අරමුදල් සපයන්නේද ඩයස්‌පෝරාවයි. උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිතරන් ඇතුළු උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට ජිනීවා මානව හිsමිකම් සමුළුවට ඇමැතිම සඳහා ඩයස්‌පෝරා ප්‍රධානියකුවූ මරියද්‍රdස්‌ හෙවත් බොස්‌කෝ අරමුදල් සපයන බව හෙලිවී ඇත.

මේ හැර උතුරේ ප්‍රබල දේශපාලනඥයකුගේ උපදේශක ලෙස ක්‍රියාකරන්නේ කොටි සංවිධානය සමඟ දැඩි සබඳකම් පැවැත්වූවෙකි. මොහු කොටින්ට අත්වාරු ලබාදීමටද ක්‍රියාකළේය. ඊට අදාල සාක්‍ෂි අප සතුව පවතී.

එහෙත් මේ උපදේශකයා පිළිබඳ නිරීක්‍ෂණය වූයේද? වන්නි මෙහෙයුමත් සමඟම මෙරටින් පලාගිය මොහු යලි මෙරටට පැමිණ එම දේශපාලකයාට එක්‌විය.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌ ශ්‍රීධරන්ද පසුගිය ජුලි මස කිලිනොච්චියේ පිහිටි ද්‍රවිඩ සන්ධාන කාර්යාලය වූ අරවිහම්හිදී මරාගෙන මැරෙන කළු කොටි සමරුවක්‌ පවත්වනු ලැබීය.

එහිදී අලිමංකඩ හමුදා කඳවුරට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කළ නාදන් නැමැති කළු කොටි ත්‍රස්‌තයාගේ සොහොයුරා දිවිපිදීමේ ගිනිසිළුව දල්වා කළුකොටින්ගේ ඡායාරූප වලට මල්දම් පළදවා ඇත. එම අවස්‌ථාවට කළුකොටි ත්‍රස්‌තවාදීන්ගේ ඥතීන්ද සහභාගි වී තිබේ.

කොටි සංවිධානය තහනම්ව තිබියදී මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් සැමරීම ගැන රජය ශ්‍රීධරන්ගෙන් ප්‍රශ්න කළේ නැත.

මේ පසුබිම මැද ප්‍රතිපත්ති පර්යේෂණ සඳහාවූ අඩයාලම් මධ්‍යස්‌ථානය නමින් සංවිධානයක්‌ යාපනයේ බිහිවී ඇත. මේ හිටිහැටියේ බිහිවූ මේ මධ්‍යස්‌ථානයට අරමුදල් සපයන්නේද ඩයස්‌පෝරාව බව තහවුරු වී ඇත. මේ අඩයාලම් මධ්‍යස්‌ථානයේ ක්‍රියාකාරීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී එක්‌ව ක්‍රියාකරන අයුරු අපි දුටුවෙමු.

අඩයාලම් මධ්‍යස්‌ථානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ එක්‌ වාර්තාවක ගිනිය නොහැකි තරම් දෙමළ පිරිසක්‌ බන්ධනාගාර වලින් අතුරුදන්වී ඇති බවට චෝදනා එල්ල කර තිබුණි.

ඉන් මානව හිමිකම් බලධාරීන්ට පිළිඹු කළේ බන්ධනාගාරය තුළදී දෙමළ අය මරාදමා ඇති බවයි.

මේ අන්දමට දියත් කරන සාවද්‍ය ප්‍රචාර වලින් උතුරේ ගිනි ඇවිලීම වර්ධනය නොවන්නේද?

ඒ සඳහා ස්‌විස්‌ ඩයස්‌පෝරාව අමුද්‍රව්‍ය සපයන බවද අනාවරණය වී ඇත. එය සනාථ වන්නේ ස්‌විස්‌ටර්ලන්තයේ නව කොටි නායකයා ලෙස ක්‍රියාකරන රගුපති හෙවත් අබ්දුල්ලා කළ ප්‍රකාශයකිනි.

ස්‌විස්‌ කොටි නායකයා මෙලෙස පවසා ඇත.

“ස්‌විස්‌ටර්ලන්තයේ සිටින ද්‍රවිඩයන් රැසක්‌ අපට මසකට ප්‍රැන්ක්‌ 50 ක්‌ 200 ක්‌ අතර දෙනවා. අපි ඒ සඳහා මුදල් පෙට්‌ටි භාවිත කරනවා. ඉන් අපි ද්‍රවිඩ ජනතාවගෙන් කප්පම් නොගන්නා බවට පැහැදිලි වෙනවා. – අවසානයේදී ප්‍රැන්ක්‌ 100000 ක මුදලක්‌ එම මුදල් පෙට්‌ටියට එකතුවී තිබුණා.

එසේම අපේ නිජබිම අහිමිවී නැහැ. දැන් අපි දේශපාලන සහ නීතිමය ක්‍රියාවලින් සටන මෙහෙයවනවා. කොටි සංවිධානය අපරාධකාරී සංවිධානයක්‌ නොවෙයි.

අපේ මෙහෙයුම මෙරට ජීවන ද්‍රවිඩ ප්‍රජාව සහ අපේ නිජබිමේදී තුවාල ලබා අත්හැරදැමුවන් හා දිවි ගලවාගත් අය වෙනුවෙන් කටයුතු කිරීමයි. ඩයස්‌පෝරාව යනු කොටි සංවිධානයයි.”

ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රිබුග් ප්‍රාන්තයේ අවන්හලක කෝකියකු ලෙස සේවය කරන රගුපති හෙවත් අබ්දුල්ලා වරක්‌ ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂක කාර්යාලය අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු නිදහස්‌ විය.

එහෙත් අපේ ජිනීවා තානාපති අංශ රගුපති කරන්නේ කුමක්‌ද යන්න සොයාබලන්නේ නැත. ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන සමයේ ජිනීවාහිදී විරෝධතා සහ ශ්‍රී ලංකා විරෝධි ඡායාරූප ප්‍රදර්ශන මෙහෙයවන්නේ රගුපතියි.

ඒ සඳහා තැපැල් පෙට්‌ටි අංකයක්‌ සහිත කොටි කාර්යාලය ස්‌විස්‌ටර්ලන්තයේ සුරිච් නුවර සිට ක්‍රියාත්මක වේ.

මෙලෙස ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරකම් හෙලිවෙද්දී උතුරේ විටින් විට සිදුවන අපරාධකාරී ක්‍රියා වාර්තා විය.

මේ සිදුවීම් වලට හිටපු කොටි ක්‍රියාකාරීන් සම්බන්ධ බවට හෙලිවූවත් උතුරු පළාත් සභාවේ ප්‍රබලයකු වූ සිවඥනම් පැවසුවේ කොටි සංවිධානය නැවත ඒකාරාශි නොවන බවයි. තමිල් අරසු කච්චි නායක මාවයි සේනාධිරාජාද උතුරේ සිදුවීම් වෙනතක යෑවීමට උත්සාහ කර ඇත.

එහෙත් උතුරේ ක්‍රියාකාරකම්වල අතීතය විමර්ශනය කළ යුතුය. 2016 ඔක්‌තෝම්බර් මස යාපනයේ මරුනාදම් ආර්චෙන්යා කෝවිල සමීපයේපිහිටි බස්‌ නැවතුම්පලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක්‌ කොටි සංකේත පිළිඹු කෙරෙන පෝස්‌ටරයක්‌ අලවා තිබුණි.

ඊට පෙර 2017 වසරේ ජුනි මස යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ අංශාධිපති රාසකුමාර් අමිතර්ලිංගම් කොළඹට පැමිණි ජාතික පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී ඉතා බරපතල ප්‍රකාශයක්‌ කර තිබුණි.

“යාපනයේ ජනතාවගෙන් බහුතරයක්‌ වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බව තවමත් පිලිගන්නේ නැහැ. මා ඇතුළු බහුතරගේ මතය එයයි. ප්‍රභාකරන් මියගිය බවට පින්තූර පෙන්නුවා. ඒවා අපි දුටුවා. එහෙත් යාපනයේ බහුතරය එය විශ්වාස කරන්නේ නැහැ. මිනිසුන්ට එහෙම හිතන්න අයිතියක්‌ තිබෙනවා.

ආරක්‍ෂක අංශ සැමවිටම උත්සාහ කරන්නේ අපේ හඬ නිහඬ කරන්නයි.

රාසකුමාර් කර ඇති ප්‍රකාශයෙන් කියාසිටින්නේ ප්‍රභාකරන් කෙරේ බලාපොරොත්තු තැබීම නොවේද?

මෙවන් පසුබිමක්‌ මැද මේ වසරේ ජනවාරි මසදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ඝාතනය කිරීම සඳහා සැලසුමක්‌ දියත් කළ හිටපු කොටි සාමාජිකයන් සිව්දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී ද්‍රවිඩ සන්ධානය පැවසුවේ සුමන්තිරන් ඝාතන සැලසුමට මුවාවී රජය උතුරේ ආරක්‍ෂක හමුදාව වැඩිකිරීමට සැලසුම් කරන බවයි.

මේ චෝදනාව යලිත් එල්ලවූයේ කෝපායිහිදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ආවා කල්ලියේ ප්‍රහාර වලට ලක්‌වීමෙන් පසුය.

2016 ඔක්‌තෝම්බර් මස සිට ආවා කල්ලියේ ප්‍රහාර එල්ලවීමේ සිදුවීම් මෙසේය.

2016 ඔක්‌තෝම්බර් 25 – චුනක්‌කම්හිදී ආවාකල්ලි ක්‍රියාකාරීන් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කඩුවලින් කැපීම

2016 ඔක්‌තෝම්බර් 30 යාපනයේ කොන්ඩවිල්? ආවා කල්ලිය ව්‍යාපාරිකයකුට පහරදීම

2017 ජුලි 30 යතුරු පැදි හතරකින් පැමිණි ආවා කල්ලි ක්‍රියාකාරීන් කෝපායිහිදී පොලිස්‌ භටයන් දෙදෙනකුට කඩු වලින් කපා තුවාල සිදුකිරීම.

මෙම ආවා කල්ලි ක්‍රියාකාරීන් තිදෙනකු 2017 මාර්තු 19 සහ 20 සහ දිනවල දෙහිවලදී හා කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන්පසු කෝපායි සිද්ධිය පිළිබඳව ආවා කල්ලියේ ප්‍රබලයකු අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹදීය.

එහෙත් ආවා කල්ලියේ අපරාධකාරි ක්‍රියාදාමයන් කඩු සහ පිහි වලින් සන්නද්ධ තරුණ කණ්‌ඩායමකගේ ක්‍රියාවක්‌ ලෙසට හැඳින්වීමට ජනාධිපති මාධ්‍ය අංශයට රිංගාගෙන සිටින එන්. ජී. ඕ. ක්‍රියාකාරියකු නිර්ල-ජ ලෙස උත්සාහ දරා ඇත.

මේ සිදුවීම් ගැන පොලිස්‌පතිවරයා පැවසුවේ හිටපු කොටි කෝපායි සිද්ධියට සම්බන්ධ බවයි. එහෙත් හමුදාපතිවරයා එය අන්තවාදී ක්‍රියාවක්‌ ලෙසට හඳුන්වනු ලැබීය.

එසේවූවත් ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාවේ යාපනය මෙහෙයුම් වසන් වී ඇත. ත්‍රිකුණාමලයේ හිටපු කොටි හමුදා නායක රූබන් පදිංචිව සිටියේය. ස්‌විස්‌ටර්ලන්තයේ බව හෙළිවී ඇත.

මෙයට පෙර ගෝවි නැමැත්තා උතුරේ ත්‍රස්‌තවාදී ක්‍රියා මෙහෙයවීම සඳහා යාපනයට එවනු ලැබුවේ ස්‌විස්‌ටර්ලන්තයේ සිටින සන්තෝෂම් මාස්‌ටර්ය.

මේ පසුබිම මැද විද්‍යා ඝාතනයට සම්බන්ධ සැකකරුවකුවන්නේ ස්‌විස්‌ කුමාර්ය. මෙම සිද්ධිය වසන් කිරීම සඳහා රහස්‌ පොලිස්‌ නිලධාරියකුට රුපියල් මිලියන 20 ක අල්ලසක්‌ දීමටද උත්සාහ කර තිබුණි.

මේතරම් අතිවිශාල මුදලක්‌ ලබාදීම සඳහා එම මුදල් උතුරට ලැබෙන මාර්ගයක්‌ තිබිය යුතුය. එම මුදල් ලැබෙන මාර්ගය ගැන මෙතෙක්‌ නිරීක්‍ෂණය කර නැත.

ප්‍රංශයේ සිට අධිවේගී දුම්රියක්‌ වෙන්කර ජිනීවා නුවර කොටි උද්ඝෝෂණ රැලියට කොටි එවීමත් මානව හිමිකම් සමුළුව තුළ රාජ්‍ය නොවන සංවිධාන 17 ක්‌ යොදවාගෙන ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට කොටි ඩයස්‌පෝරාවට හැකිවී ඇත.

මේ අතර පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේ උතුරේ සිදුවීම් වලට විදේශ රටක සිටින පිරිසකගේ සහය ඇති බවයි.

එහිදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ ස්‌විස්‌ටර්ලන්තයේ සූරිච් නුවර සිට සන්නා නැමැත්තා මෙය මෙහෙයවන බවයි. මොහු ස්‌විස්‌ ඊලම් ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරියෙකි.

මේ තත්ත්වය මත ස්‌විස්‌ටර්ලන්තයේ සුරිච් නුවර කොන්සල් කාර්යාලය හරහා ස්‌විස්‌ ද්‍රවිඩයන් කීදෙනෙක්‌ මෙරටට පැමිණෙන්නේද යන්න ගැනද රජයේ බලධාරීන් සොයාබලා නැත. හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඩයස්‌පෝරාව සඳහා මෙරට දොර විවෘත කළේය. දැන් ඩයස්‌පෝරාව යාපනය තුළටම ඇතුල්වී ඇත.

මේ අතර යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය සම්බන්ධව පුන්ගුඩුතිවු ගම්මානයේදී අත්අඩංගුවට ගනු ලැබූ ස්‌විස්‌ කුමාර් නිදහස්‌ කරන ලෙස පොලිසියට උපදෙස්‌ දී ඇත්තේ රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේස්‌වරන් බව වාර්තා විය.

ඇය එම ගම්මානයට පැමිණ සිටි බව වීඩියෝ පටයකින් තහවුරුවිය. මේ නිසා රහස්‌ පොලිසියට පැමිණ කටඋත්තරයක්‌ දෙන ලෙස කළ නියෝගයට අද අවනත වී නැත.

මේ නිසා ඇගෙන් ප්‍රකාශයක්‌ ගැනීමට ප්‍රමාද වන්නේ මන්දැයි ස්‌විස්‌ අධිකරණය විමසා තිබේ.

මේ පසුබිම මැද විජයකලාගේ ඥතියකුවූ තිරුකේශ්වරන් උතුරේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වා විද්‍යා සිසුවියගේ සිද්ධියට විජයකලා ගෑවීමට උත්සාහ කරන බව කියා සිටියේය.

එහෙත් ගම්වාසීන් විසින් විදුලි කණුවක බැඳ තිබූ ස්‌විස්‌ කුමාර්ව නිදහස්‌ කර ඇත්තේ විජයකලාගේ උපදෙස්‌ මත යයි හෙලිවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress