බැදුම්කර බෑණාගේ දුරකතන වාර්තාවෙන් තවම බැලුවේ පිටු 25යි.. පිටු 8600 බැලුවාම කී දෙනෙකු ඉල්ලා අස්වේදැයි නොදනී..
Posted on August 14th, 2017

 lanka C news

නූගත් අඥන ඇතැම් මිනිසුන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කරන්නේ යැයි ප්‍රශ්නගත බැදුම්කර වංචාවට අදාළව නිතීපතිවරයා වෙනුවෙන් පැමිල්ල මෙහෙයවන නීතිඥ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කොදාගොඩ මහතා බැදුම්කර කොමිෂන් හමුවේ පැවසී යයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

නූගත් අඥන ඇතැම් පුද්ගලයින් කරුණු නොදැන මෙලෙස අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේ යයිද පර්පුචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයෙන් පිටු 8600 ක් තොරතුරු උපුටා ගත්තතක් පසුගිය දා සාක්ෂි විමසීමට යොදාගනු ලැබුවේ ඉන් පිටු 25 ක් පමණ ප්‍රමාණයක තිබු තොරතුරු පමණක්” යයි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කොදාගොඩ මහතා කොමිසම හමුවේ පැවසු බව එම පුවතේ වැඩිදුරටත් සඳහන් වේ.

බැදුම්කර බෑණාගේ දුරකතන වාර්තාවෙන් තවම බැලුවේ පිටු 25යි.. පිටු 8600 බැලුවාම කී දෙනෙකු ඉල්ලා අස්වේදැයි නොදනී..

ඒ අනුව තවත් ආරංචි මාර්ගයක් සඳහන් කලේ හෙට අනිද්දා ඉතිරි පිටු 8575 ක් විමර්ශනය කොට කොමිසම හමුවේ සාක්ෂි කැදවීමේදි තවත් කී දෙනෙකුට ඇමති ධූරයන් වලින් ඉල්ලා අස්විමට සිදු වේ දැයි කිව නොහැකි බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress