ආණ්ඩුව විසින් අද (16) දින අත්හිටුවීමට තීරණය කරන ලද සමෘද්ධි සහනාධාර සමීක්ෂණය සදහා වියදම් කරන ලද රු.12.82, 50.000.00 ක අති විශාල මුදල එස්.බී. දිසානායක අමාත්‍යවරයාගෙන් අයකර ගැනීමට පියවර ගත යුතුයි.
Posted on August 16th, 2017

රධාන ලේකම් Samurdhi Development Officers Union

සමෘද්ධිලාභීන්ගේ දැඩි විරෝධය මත අද දින (16) ආණ්ඩුව විසින් අත්හිටුවන ලද සමෘද්ධි සහනාධාර සමීක්ෂණයෙහි වියදම සමීක්ෂණය සිදු කිරීමට තීරණය කරන ලද අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගෙන් අය කර ගැනීමට කටයුතු බව අප සංගමය මෙයින් අවධාරණය කරන්නෙමු.

මෙම අඩු ආදායම්ලාභී සමීක්ෂණය සදහා පිටු 17 කින් සමන්විත අයදුම් පත‍්‍ර ලක්ෂ 35 ක් රු.5,07,50,000.00 මුදලක් වැය කර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මුද‍්‍රණය කර සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වෙතම බෙදා දී තිබුනි. සම්පුර්ණ කරන ලද සමීක්ෂණ අයදුම්පත‍්‍රයක තොරතුරු පරිඝණක මෘදුකාංගය වෙත ඇතුලත් කිරීම සදහා එක් සමීක්ෂණ අයදුම් පතුයක් වෙනුවෙන් රු.20.00 බැගින් තාවකාලිකව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් බදවා ගන්නා අය වෙත රු.7,00,00,000.00 ක විශාල මුදලක් ගෙවීම් සිදු කර ඇත. තවද මෙම සමීක්ෂණ අධීක්ෂණය වෙනුවෙන් ඉන්ධන දීමනාව ලෙස සෑම ප‍්‍රාදේශීය ලේකම් වරයෙකු සිට ඉහල නිලධාරීන් වෙත රු.20,000.00 බැගින් නිලධාරීන් 375 දෙනෙකු වෙත රු.75,00,000.00 මුදලක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවීම් කර ඇති අතර රු.12,82,50,000.00 ආසන්න අති විශාල  මුදලක් මේ සදහා වියදම් කර ඇත. විද්‍යාත්මක පදනමකින් තොර මෙම සමීක්ෂණය අත්හිටුවීම මත අති විශාල මහජන මුදලක් නාස්ති වී ඇති බව අප මෙයින් පෙන්නා දෙන්නෙමු.

විද්‍යාත්මක පදනමකින් තොර මෙම සමීක්ෂණය හේතුවෙන් සමෘද්ධි සහනාධාරය අහිමි වු සෑබෑ දුප්පත් ජනතාව මෙම සහනාධාර කප්පාදුවට විරුද්ධව දිවයිනේ සෑම ප‍්‍රදේශයකම මතුවු විරෝධයන් හේතුවෙන් ආණ්ඩුව විසින් සහනාධාර සංශෝදනය නවතා දැමීමෙන් සිදු වු ඉහත මුල්‍ය පාඩුවේ සම්පුර්ණ වගකීම විෂය භාර අමාතයවරයා භාර ගත යුතු බවත් එම මුදල ඔහුගෙන් අයකිරීමට කටයුතු කල යුතු බවත් මෙයින් අවධාරණය කරන්නෙමු.

තවද සමීක්ෂණයෙන් යම් අයෙකුගේ සමෘද්ධීය කැපී ඇත්නම් එහි වගකීම සමෘද්ධි නිලධාරීන් හා සමෘද්ධී කළමණාකරුවන් විසින් භාර ගත යුතු බවට විෂය භාර අමාත්‍ය වරයා විසින් ඇග බේරා ගැනීමට සිදු කරන ලද පදනම් විරහිත ප‍්‍රකාශය අප සංගමයේ බලවත් විරෝධය මෙයින් ප‍්‍රකාශ කර සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට,

චාමර මද්දුමකළුගේ

රධාන ලේකම්

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress