වර්තමාන අධිකරණය කටයුතු කල යුත්තේ,දේශපාලකයින් ගේ ලෝන්ඩ්රියක් ලෙසද?
Posted on August 17th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ

මිනිසාට අධිකරණයක් අවශ්‍යද? ඔව් සාධාරණව විනිශ්චය දෙන අධිකරණයක් අවශ්‍යයි. සාධාරණව විනිශ්චය දෙන්නේ කොහොමද? සාධාරණව විනිශ්චය දෙන්නේ කවුද? ගැටලුව ඇත්තේ එතනයි. සමාජයේ විවිධ ස්ථාන වලට ගැට ගැසී ඒවායින් ජීවත්වෙමින්, ඒවා සමගම ජීවත්වෙන මිනිසුන් සාධාරණ විනිශ්චයක් දෙන්නේ කෙලෙසද? ඔවුනට නම් ඔය කියන සාධාරණත්වය කිසිදාක ලබාදීමට නම් නොහැක. නමුත් රටක, රජයක් ස්ථාපනය කරන විට, ඒ රජය පිහිටවන බලවත්ම කණු තුනක් ඇත. ඒවා නම්,

  1. විධායකය.

      2.ව්යාවස්ථාදායකය.

       3.අධිකරණය

යන බලවත් කණු තුනයි. රජයක් ගොඩනැංවීමට මේ කණු තුනම ඇවැසි වූවත්, තුන්වෙන කණුව නිර්මාණය කිරීමට ඇවැසි තත්වයේ පුද්ගලයින් ලෝකයේ කිසිම තැනක නැති බැවින්, රාජ්යන් ගොඩනවන සියලු දෙනාම මුහුණ දෙන බලවත්ම ගැටලුව මෙය බවට පත්ව තියෙනවා. දැන් මොකද කරන්නේ? රජය නැමති සමාජ යාන්ත්රණය ගොඩනැංවීම නවතා දමනවාද? නැහැ එහෙම නවතා දාන්න බැහැ. සිමෙන්ති නැති ලෝකයේ මැටි වලින් ගොඩනැගිලි තැනුවා සේ, සර්ව සාධාරණ විනිසුරුවන් නැති ලෝකයේ, ඊට ආදේශක වශයෙන් පුද්ගලයන් සමාජයෙන්ම තෝරා පත් කර ගැනීමට සිදුවිය. නමුත් සමාජයේ ඕනෑම මිනිසෙක් ඉගෙන ගත්තු පමණින්ම මෙවන් පදවියකට පත් කිරීම සුදුසු වේද? යන පැනය, ඊලග බාධකය විය. මෙය සැබෑ ලෙසම රැකියාවක් නොව, ඊට එහා ගිය දේව කාර්යයක් වන්වූ පදවියක් බැවින්, මෙවන් පදවියක් සදහා සමාජය තුල ගෞරවණීය තලයක ජීවත්වෙන පවුලකට අයත් උගත් නැනවත් බුද්ධිමත් පුද්ගලයෙකුට උරුම විය.

එෙතිහාසිකව සෑම රටකම මේ පදවිය ඉහලම පදවියක් ලෙස සලකන ලද අතර, ” සද්ධර්ම රත්නාවලියේ – විනිශ්චයාමාත්යන්ගේ වත” තුලින් විනිශ්චාසනාරූඩව , අල්ලස් ගනිමින්, අසාධාරණයට සාධාරණ මුහුණු වරක් ලබාදෙන විනශ්චයකාරවරුන්ද මේ ලෝකයේ සිටින බව පෙන්වා දෙයි. මෙය සිදුවන්නේ, බුදුන් දවස සැවැත් නුවර අධිකරණ ශාලාවක් තුලදීය. ඒ අධිකරණයේ සැබෑ ස්වරූපයයි. නමුත් මේ සැබෑ ස්වරූපය එම සමාජයට නිරාවරණය කල විට බිද වැටෙන්නේ සැවැත් නුවර  එම රාජ්යයයි. රාජ්යය ආරක්ෂා කිරීමට නම් මේ දූෂිත අධිකරණයටද ශාන්තු වරයෙකුගේ මුහුණුවර රෝපණය කරමින්; සුරැකිය යුතුය. එය එදා එසේම සිදු විය.

බයිබලය අධිකරණය හා අධිකරණ ක්රියාවලිය සම්බන්ධව අපට තවත් දැනුම් රාශියක් ලබාදේ. “යේසුස් ක්රිස්තුස්වහන්සේ, එවකට ඒ රජයටත්, පූජකවරුන්ටත් මහා හිස රදයක්ව තිබිණි. ඔවුන්ගේ ඉලක්කය වූයේ උන්වහන්සේව ඝාතනය කිරීමයි. ඒ අරමුණ ඇතිව, එදා ඒ සදහාම ආයතනයක් පිහිටුවා ගන්නා ලදී. ඒ ආයතනයට ශ්‍රේෂ්ඨාධිකරණයද, නායක පූජකවරුද, එකතුව උන්වහන්සේට එරෙහි සාක්ෂි නිර්මාණය කිරීමේ මහා මෙහයවුමක නිරතව සිටියහ. උන්වහන්සේට එරෙහිව සාක්ෂි දීමට මුදල් ලොබින්, මිනිසුන් පොදි බැදෙමින් ඉදිරිපත් වුණද, එකිනෙකට නොගැලපෙන මේ සාක්ෂි ඒවා නිර්මාණය කල අයට පමණක් නොව අධිකරණයටද හානිකර බැවින්; පාලකයින්ද මහා ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවිණි.

ඉලක්කය කරා යන උපක්රමය වෙනස් විය. සෙනග ඉල්ලා සිටින සිරකරුවෙකු නිදහස් කිරීමේ දිනය ලගා විය. එදින අධිකරණය විසින් මරණයට නියමව සිටි “බරබ්බස්” නම්වූ සිරකරුවාව, තවම කිසිදු නඩුවක් වත් පවරා ගැනීමට සාක්ෂියක්වත් සොයා ගැනීමට නොහැකිව අත් අඩංගුවේ පසුවෙන යේසුස් ක්රිස්තුස්වහන්සේවත් ජනතාවට ඉදිරිපත් කර, මේ දෙන්නාගෙන් නිදහස් කල යුත්තේ කාවදැයි යන පැනය ජනතාවට ඉදිරිපත් කර, බරබ්බස්ව නිදහස් කලයුතුයයි හඩ නගන අයට මුදල් ප්රධානය කිරීම ආරම්භ කරන ලදී. ජනතා හඩින් බරබ්බස් නම්වූ මිනීමරුවාව නිදහස් විය. ඒ ජනතා හඩින්ම නඩුවක්වත් ගනුකර ගැනීමට සාක්ෂියක්වත් නැති, යේසුස් ක්රිස්තුස් වහන්සේ කුරුසයට තබා ඇණ ගසා මරා දැමූහ. එදා අධිකරණයේ සාධාරණත්වය ඒ අාකාරයෙන් විය.

ලංකාවට මේ අධිකරණ පද්ධතිය හා මේ නීතිය ලගාවූයේ, යුරෝපා ජාතීන්ගේ පැමිණීමත් සමග වුවද එය මනාව ස්ථාපනය වීම ආරමභ වූයේ, 1815 මාර්තු මස 2 වෙනිදා අත්සන් තැබූ උඩරට ගිවිසුමත් සමගය. මේ ගිවිසුමට ජේ. ඩොයිලි මහතා ආණ්ඩුවේ ප්රධාන භාෂා පරිවර්තක ලෙස කටයුතු කර අත්සන් තැබූ අතර, ජේම්ස් සදර්ලන්ඩ්, ආණ්ඩුවේ නියෝජ්ය ලේකම් ලෙසත් අත්සන් තබා ඇත.

තුවක්කුව බයිනෙත්තුව සේම නීතියද ආයුධයකි. තුවක්කුවකින් කල හැකි දේට වඩා ප්රභල කාර්යයක් නීතියට කල හැක. මිනිසුන් නීති ගරුක තත්වයට පත් කරගත් විට පාලකයින්ට නිදහසේ පාලනය කල හැක. මේ නීතියේ හාස්කම ටික ටික එලියට පැමිණීම ආරම්භ වන්නේ, 1816 ඉහගම කුමන්ත්රණයත් සමගය.

මේ නඩුවේ, හදුනාගත් සැකකරුවන්වූ ඉහගම තෙරුන්වහන්සේව හා මඩුගල්ලේ උඩගබඩා නිලමේතුමාව නඩුව ඇසීමටත් පෙර, වැරදිකරුවන්සේ සුදු පාලකයින් විසින් තීරණය කර තිබිණි. ඔවුන්ව වරදකරුවන් කිරීමේ නඩු විභාග කරන විනිසුරුවරයා බවට පත්වන්නේ; උඩරට ගිවිසුම අත්සන් තබන විට, ආණ්ඩුවේ ප්රධාන භාෂා පරිවර්තක ලෙස කටයුතුකල ජේ. ඩොයිලි මහතාය. ඔහු මහානායක හාමුදුරුවන්ව හා නිලමේවරුන්ව ඉතා සූක්ෂම ආකාරයට පාවිච්චි කරමින් මේ චූජිතයින්ට දඩුවම් දුන්හ. මේ අනුව දේශපාලන නඩු යනු ඇවැසි පුද්ගලයින් ඉලක්ක කරමින් සාක්ෂි සකසමින් දඩුවම් නියම කිරීම බව 1816 ඉහගම කුමන්ත්රණ නඩුව අපට පෙන්වා දෙයි. මේ වනවිට මෙරට Alexander Johnston නම්වූ අගවිනිසුරුවරයෙකු සිටියද මේ සෑම කටයුත්තකදීම ඩොයිලිගේ බලපෑම ඉතා බලවත් බව පැහැදිලිය.

මේ අධිකරණය හා නීතිය අපේ රටට මහා විනාශයක් උරුම කල අතර, කල අතර, එය විසින් කැප්පෙටිපොල, හා මඩුගල්ලේ වැනි වීරයන් දැයට අහිමි කිරීමේදී අමුතුම ආකාරයකට කටයුතු කලේය. 1818දී ජන සංහාරයක යෙදුන තුන් වෙනි කණ්ඩායමට අණ දෙන නිලධාරියෙකු වූ, කර්නල් කෙලී විනිශ්චාසනාරූඩව කැප්පෙටිපොල හා මඩුගල්ලේ යන වීරයන්ව මරා දැමීමට නියම කලහ. ඝාතකයාට විනිසුරුතුමා බවට පත්විය හැකි තත්වයට එදා මේ රට පත්ව තිබිණ.

අප ආරම්භයේදී, විනිසුරුවරයකු වීමට ඇවැසි සුදුසුකම් මිනිසුන් තුල නැති බව උපකල්පනය කලෙමු. පසුව අවම වශයෙන්,මෙවන් පදවියක් සදහා සමාජය තුල ගෞරවණීය තලයක ජීවත්වෙන පවුලකට අයත් උගත් නැනවත් බුද්ධිමත් පුද්ගලයෙකුට මේ කටයුත්ත යම් ආකාරයකට ඉටුකල හැකියයි අවබෝධ කර ගතිමු. එවන් පදනමකින් මහෞෂධ පණ්ඩිතයින් විනිශ්චාසනාරූඩ කරවීමේ අභිලාෂයෙන් කල් ගෙවූ අපට, පර සුද්දා විසින් එහෙව් වැදගත් මිනිහෙක් මේ කටයුත්ත කිරීමට ඇවැසි නැති බව පෙන්වාදී  අමුම අමු මස් වැද්දකුව විනිශ්චාසනාරූඩ කලහ. එවන් පසුබිමක් තුල නිර්මිතවූ මෙරට අධිකරණය, 1848දීත් මෙරට විරුවන්ට එරෙහිව සිය කාර්යය ඉටුකලහ. මෙරට ජනතාවට එරෙහිව ක්රියාත්මකවූ අධිකරණ පද්ධතියම ගිනිලා විනාශ කල යුතු වුවද; එය විනාශ නොවන්නක් බව අප ජනතාව වටහාගෙන සිටියහ.

මේ නීතිය නම්වූ රටට වින කරන රකුසා විනාශ කිරීමට නම් මේ නීතිය තුලට රිංගා එය අධ්යනය කල යුතු බවට තීරණයන් ගෙන නීතිය හැදෑරූහ. නීතියේ ආශ්චර්යය විසින් සියලු දෙනාවම සිය වසගයට ගෙන නිහඩ කලහ. නමුත් වර්ෂ 1915 දී, සිදුවූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුමේදී සිංහල ජාතියට සිදුකරන ලද අසාධාරණයන්ට තරෙහි නැගීසිටි මේ නීතිය උගත් දේශීය විරුවෙක් වන ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා, මේ රටේ නීතිය හා අධිකරණය ඉතා පැහැදිලිව අසාධාරණයට පක්ෂපාතී බව වටහා ගෙන එංගලන්තයට ගොස් මෙරට රජයට එරෙහිව පැමිණිලි කලහ. මෙරට 1915 පැවැති අධිකරණයේ ස්වරූපයයි.

1948දී, නිවැරදිවම නිදහස උදෙසා සටන්කල බලවේගයම ජය ගත්හ.
1.
නමුත් නියමිත කාලයට පෙර අගමැති ඩී. එස්. සේනානායක මහතා අනතුරකින් මරුමුවට පත්විය.
2.
පැවති නීතියට අනුකූලව බලයට පත් ඩඩ්ලි සේනානායක මහතාට, නිත්‍යානුකුලව උරුම අගමැතිධූරය අහිමි විය.
3.1956
දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක් කෙරින (මෙහිදී බාධක මැද්දේ නීතිය යම් මෙහෙවරක් ඉටු කරන ලදී)
4., 1962
දී සිරිමා බණ්ඩාරනායක රජය පෙරලා දැමීමට මහා කුමන්ත්රණයක් දියත් විය.
5.1966
ජනවාරි මස 8 වෙනිදා කොල්ලුපිටියේදී මහා ජන පෙලපාලියක් මතින් වාහන පදවා ගෙන යෑම, කදුලු ගෑස් ගැසීම, හා වෙඩි තබා මිනිස් ඝාතනයන් ව‌ිවෘතව සිදුවිය.
6.  1971
දී දස දහස් ගනනක් වූ තරුණ තරුණියන් ඝාතනය කලහ. වද  බන්ධනයන්ට ලක්කලහ.
7.
ඔවිනට දධුවම් දීමට විශේෂ අධිකරණයක් බිහිවිය.
8. 1977
දී මැතිවරණයට පසුව සති දෙකක් ජයග්‍රාහී පිලට අසීමිත බලයක් ලබාදී, පරාජිත අයගේ පවුල් වලට අයත් නිවාස කඩා බිද දමා, ඝාතනයන්ද කිරීමට පරිසරයක්ද සකස් විණි.
9. 1983
දී මහා කලු ජූලියක් නිර්මාණය කර දහස් ගනනක් ඝාතනයන්ද මහා දේපල විනාශයන් හා ලක්ෂ ගනනක්වූ ජනතාව, අවතැන් කලහ. තවද, මිට සමගාමිව උතුරේ සිංහල ගම්මාන පිටින් ඝාතනය කරමින් එම පලාත් වලින් පලා හැරියහ.

10.අධිකරණය මගින් වරදකරු බවට පත්ව සිරගතකල  ස්ත්‍රී දූෂකයින්ව, ජනාධිපති සමාව යටතේ නිදහස් කොට සමාදාන විනිසුරුවන් බවට පත් කළහ..

11.විනිසුරුවරුන්ඟේ නිවාස වලට ගල් ගශා එය ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට අනුකුල කටයුත්තක් බව රටේ ජනාධිපතිවරයාම පල කළහ.

12.1988/89 මෙරට තරුණයින්ව ප්‍රසිද්ධියේම  ඝාතකාගාරවල මරා  මං මාවත් වල පුලුස්සා ප්‍රදර්ශනය කර පුළුස්සා දැමුහ.

  1. ගාමිණි දිසානායක මහතා ඇතුලුව දේශපාලකයින්ව බල්ලන් බලලුන්සේ ඝාතනය කළහ..

14.රන්ජන් විජේරත්න මහතා සමග මහජන ඝාතනයක්ද කළහ..

  1. ලලිත් ඇතුලත් මුදලි මහතාද ප්‍රසිද්ධියේ ඝාතනය කළහ.

16.ආර්. ප්රේමදාස මහතා ඇතුලු ජනනායකයින්ගේ ඝාතනයන්ද දෙස බලන විට, 2009 මැයි 18 වෙනිදා තෙක් සිදුවූ ඝාතනයන් රාශියකට නීතිමය සාධාරණයක් නම් ඉටු නොවිණි.

ජනාධිපතිවරයෙකුගේද, ජනාධිපති අපේක්ෂකයකුගේද, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගේද ඝාතනයන් සම්බන්ධව සාධාරණයක් ඉටු නොකළ මෙරට අධිකරණ යාන්ත්‍රණය දෙස බලා
කුමට මෙරට අධිකරණය නීතිය හා විනිසුරන්?” යන ප්‍රශ්නය අභීතව නැගීසිට අප දෙස උපහාසාත්මකව බලාසිටින මේ මොහොතේ, මෙරට ජනතා පරමාධිපත්‍නැගී සිට, මේ සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි වටහා ගත යුතුය. එය සැබෑ “ජනතා අධිකරණයයි.” අපි එය People’s court යනුවෙන්ද හදුන්වමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress