2018 වාර්ෂික ස්ථානමාරු අයදුම්කළ නිලධාරීන් අපහසුතාවට
Posted on August 24th, 2017

Public Service Management Assistant Union

2017.08.24

ලේකම්,
ස්වදේ්ශ කටයුතු අමාත්‍යාංශය,
නිදහස් චතුරස‍්‍රය,
කොළඹ 07.

ලේකම්තුමණි,

2018 වාර්ෂික ස්ථානමාරු අයදුම්කළ නිලධාරීන් අපහසුතාවට පත්කිරිම.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ගණනාවක් තුළ සිටින ඒකාබද්ධ සේවාවේ නිලධාරීන්ගේ ස්ථානමාරු අයදුම්පත් නියමිත කාලය තුළ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ වෙත නොඑවීමට කටයුතු කිරීම නිසා එසේ ස්ථානමාරු අයදුම්කළ නිලධාරීන්ට මාරුවීම් ලබාගත නොහැකිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව ඇත.

මොණරාගල, අම්පාර, අනුරාධපුර, මාතලේ යන දිස්ත‍්‍රික්කවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ රත්මලාන හා හෝමාගම යන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් මෙම ගැටළුවට මුහුණ පා ඇත. මොණරාගල දිස්ත‍්‍රික්කයේ පසුගිය වසරේදීත් (2017) අයදුම්පත් නියමිත කාලයට නොඑවීම නිසා එකී නිලධාරීන්ට ස්ථානමාරු ලබාගැනීමට නොහැකිවිය. මෙම දිස්ත‍්‍රික් අතර දිස්ත‍්‍රික් කිහිපයක පැවැත්විය යුතු අභ්‍යන්තර ස්ථානමාරු මණ්ඩල පවා නො පැවැත්වීම නිසා ගැටළුව තවත් උග‍්‍රවී ඇත. 

මේ සම්බන්ධව සොයාබැලීමේ දී අපට දැනගන්නට ලැබුණේ බොහෝ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවලින් ජූලි මස අගවන විට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අදාළ මාරු ලේඛණ එවා ඇති බවත්ය. ඒකාබද්ධ සේවා අංශය වෙත අගෝස්තු 08 දා තෙක් පැමිණි අයදුම්පත‍්‍ර බාරගැනීමට කටයුතු කර තිබුණි. මේ අනුව පෙනීයන්නේ මෙම ප‍්‍රමාදය ඔබ අමාත්‍යාංශය තුළ දී සිදුවූවක් බවත්ය. මෙහි ඇති හාස්‍යයට කරුණ නම් එකම ගොඩනැගිල්ලක 08 වැනි මහළේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සිට 05 වැනි මහළේ ඒකාබද්ධ සේවා අංශය වෙත මෙම අයදුම්පත‍්‍ර නිසිවේලාවට යවාගැනීමට නොහැකි තරමටම පරිපාලනය බිඳවැටීමට ලක්වීමයි. 

විශේෂයෙන් මේ තත්ත්වයට බලපෑ ප‍්‍රධාන හේතුව, මීට පෙර සෘජුවම ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ වෙත මාරුලේඛණ එවීමට තිබූ ඉඩකඩ අහුරමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එවීමට අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලබාදී තිබූ නියෝගයයි. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ ලොක්කන් විසින් එකම ගොඩනැගිල්ලක එකට තිබූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස මුලින් පැවති අමාත්‍යාංශය, අමාත්‍යාංශ 02 කට කඩා තම හිතවතුන් සැනසීමට ගත් අමනෝඥ තීරණය ද මෙයට සෘජුවම බලපා ඇත.

කෙසේ වෙතත් මෙකී තත්ත්වය නිසා පීඩාවට පත් නිලධාරීන්ට සාධාරණයක් ඉටුවිය යුතුව ඇත. මෙහිදී පැහැදිලිව ම ප‍්‍රධාන ප‍්‍රමාදය සිදුව ඇත්තේ ඔබ අමාත්‍යාංශය තුළදී බව අපට හැඟීයන අතර ඒ වෙනුවෙන් ඔබ විසින් ඉහත නිලධාරීන්ට ලබාදෙන සාධාරණීකරණය කුමක්ද වේද යන්න පිළිබඳව අපි අවධාරණයෙන් යුතුව බලාසිටිමු.

මෙහිදී අවධාරණය කළයුතු අනෙක් කරුණ නම් ඔබ අමාත්‍යාංශයේ මෙකී කි‍්‍රියාවලිය වාර්ෂික ස්ථාන මාරුවීම්වලට පමණක් නොව සාමාන්‍ය ස්ථාන මාරුවීම්, සුහද ස්ථාන මාරුවීම්වලට ද දැඩි ලෙස බලපෑම් කරමින් සිටී. විශේෂයෙන් සුහද ස්ථාන මාරුවීම් සඳහා අයදුම් කරන ඉතාම සානුකම්පික හා මානුෂිකව සලකා බැලිය යුතු මාරුවීම් පවා ප‍්‍රතික්ෂේප කිරිමට දක්වන හේතු දැක්වීම පිළිගත නොහැකිවීමයි. එනිසා එකී තත්ත්වය ද කඩිනමින් වෙනස්විය යුතු අතර නිලධාරීන් පීඩාවට පත්කිරිම වෙනුවට, සොච්චම් වැටුපකට කඹුරන රාජ්‍ය නිලධාරීන්ට තමන්ට පහසු ස්ථානයකට ස්ථානමාරු වී යාමට ඇති ඉඩකඩ වළක්වා ඔවුන් පීඩාවට පත්කිරිමෙන් වළකින ලෙසත් දැඩිව අවධාරණය කරමු.  

තවදුරටත් මෙකී ප‍්‍රමාදයන් සිදුවීමට ඇති ඉඩකඩ අහුරාලීමට නම්, මීට පෙර ක‍්‍රියාත්මක වූ සෘජුවම ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ වෙත එකී අයදුම්පත් එවීමට අවශ්‍ය විධිවිධාන සලස්වන ලෙසත්, එසේ නොමැති නම් අමාත්‍යාංශයේ හා ක්ෂේත‍්‍රයේ සියලූ නිලධාරීන් හා එක්ව වෘත්තීය ක‍්‍රීයාමාර්ගයක් වෙත අකමැත්තෙන් වුව අවතීර්ණවීමට සිදුවන බව දැඩි වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරමු.

ස්තූතියි.

මෙයට,

චන්දිම විමලසුරේන්ද්
රධාන ලේකම්,
සංගමයේ නියමය පරිදි.

පිටපත්ඃ

  1. ලේකම්රාජ් සේවා කොමිසමකාරුණික අවධානයට.
  2. ලේකම්රාජ් පරිපාලන හා කළමනාකරණ අමාත්යාංශයකාරුණික අවධානයට
  3. ඒකාබද්ධ සේවා අධ්යක්ෂකාරුණික අවධානයට
  4. සියලූ ජනමාධ්    

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress