මාර්ග සංවර්ධන අධිකාරියේ අධිෙවිගී මාර්ග ක‍්‍රියාකාරීත්වය, නඩත්තු හා කළමනාකරණ අංශය පෞද්ගලීකරණය කිරීම. (EOM&M)
Posted on August 31st, 2017

මාධ් නිවේදනය Road Development Employees Union 

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා,
උසස් අධ්යාපන හා මහාමාර්ග අමාත්,
9 වෙනි මහල මගනැගුම මහමැදුර,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
කොස්වත්ත,
බත්තරමුල්ල.

ගරු ඇමතිතුමනි,

මාර්ග සංවර්ධන අධිකාරියේ අධිෙවිගී මාර්ග රියාකාරීත්වය, නඩත්තු හා කළමනාකරණ අංශය පෞද්ගලීකරණය කිරීම. (EOM&M)

අධිවේගී මාර්ගය පුද්ගලීකරණය කිරීම හෝ ඒ සඳහා මග පාදන සියලූ ක‍්‍රියාවන් හෙලා දකින අතර ඒ සඳහා විරෝධය පළකරමු. සියලූ අධිවේගී මාර්ග වලින් ලැබෙන ආදායම ඒවාට අනුකූලව ඉදිරි නඩත්තු කටයුතු සඳහා යෙදවීමට නිසි ක‍්‍රියාමාර්ග ගැනීමෙන් ඉදිරි අවධානම් වලින් මිදිය හැකි බව අපේ විශ්වාසය වන අතර එහි තැන්පත් මුදල් වලින් වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමට කරන උත්සාහය පිළිබඳවද අපගේ විරෝධය ප‍්‍රකාශකර සිටිමු.

මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලනයේදී අවිධිමත් ක‍්‍රියා නිසා විවිධ ගැටළු ඇතිවී ඇත. තවද මාර්ග ඉදිකිරීම් හා නඩත්තු කිරීම, ව්‍යාපෘතිවලදී ටෙන්ඩර් කැඳවීම,මිලදී ගැනීම,උපදේශන කටයුතුවලදී සංවිධානාත්මකව තාක්ෂණික උපක‍්‍රම මගින් මූල්‍ය වංචා සිදුවෙන බව ප‍්‍රකාශ කරමි.

ඉහත කරුණු ගැන සොයා බලා ඒ සඳහා නිසි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඒ සඳහා සාකච්ඡා කිරීමට හැකි ඉක්මණින් අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර එසේ නොමැති නම් ඉදිරියේදී අනෙකුත් වෘත්තීය සමිති සමග එකමුතුව වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව කරුණිකව දන්වා සිටිමු.

මීට විශ්වාසී,

බී.එම්.ඞී.කේ බණ්ඩාරනායක

රධාන ලේකම්

One Response to “මාර්ග සංවර්ධන අධිකාරියේ අධිෙවිගී මාර්ග ක‍්‍රියාකාරීත්වය, නඩත්තු හා කළමනාකරණ අංශය පෞද්ගලීකරණය කිරීම. (EOM&M)”

  1. Senerath Says:

    ලෝක හොරුන්ට ලිවුම් ලියා යදින්නේ ඇයි ? ගන්න ක්‍රියා මාර්ගයක් ගන්න​.
    RDA යනු හොර ගුහාවකි. හොරුන්ට පුහුණු මධ‍යස්ථානයකි.
    ඉංජ්නේරුවන් ලෙස සලකන හොරු මුදල් සොයාගෙන දැන් පිටරට පදිංචි වී මහත්වරුන් දේශප්‍රේමියන් ලෙස වැඩකරති. එක අධ්‍යක්‍ෂ වරයෙක් වලට Gambling ඇබ්බැහි වී පිටරට හිඟන්නෙක් ලෙස බොරු මූනක් දාගෙන කල්ගතකරය්. ඉන්නට ගෙයක් වත් නැත​.
    මහජන මුදල් සොරාගැනීමෙන් වලකිමි කියා සික්ශාපදයක් අපට අවශ්‍යයි.
    යමරජු මුන් එනතුරු බලා සිටියි, කැබිනට් එකට ගන්න​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress