කෙරවලපිටිය කි.වෝ. 300   විදුලි බලාගාර ටෙන්ඩරය කඩාකප්පල් CCEM බලපෑමෙන් ‘විදුලි ඉංජිනේරු මාෆියාව හා හදිසි ඩිසල් විදුලි සැපයුම්කරුවන්‘ ට ඉල්ලමක් පෑදේ
Posted on September 11th, 2017

මාධ්‍ය ඒකකය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

කෙරවලපිටිය LNG විදුලි බලාගාර ඉදි කිරීම ටෙන්ඩරය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන නායකත්වය අතර ඇතිවී ඇති ගැටුම හේතුවෙන් විදුලි බිල ඉහළ අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෙරවලපිටිය විදුලි බලාගාරයට අදාළ ටෙන්ඩරය තාක්ෂණික කමිටු නිර්දේශ මත තෝරාගත් කොරියානු සැම්සුන් සමාගම වෙත ප්‍ර‍ධානය කිරීමට විදුලි බල අමාත්‍යාංශය උත්සහ දැරීය.  ඒ සමගම එම ටෙන්ඩරය අහිමි වූ දේශපාලනයට සම්බන්ධ ව්‍යාපාරිකයින් මෙම ටෙන්ඩරය කඩාකප්පල් කිරීමට මේ වන විට සැලසුම් සහගත උත්සාහයක් දරමින් සිටී.  ඔවුන් තාක්ෂණික කමිටුවේ හා ටෙන්ඩර් කමිටුවේ නිලධාරීන්ට තර්ජනය කිරීමත් සමග ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ටෙන්ඩර් කමිටුවෙන් ඉල්ලා අස්විය. 

තාක්ෂණික කමිටුවට අනුව, සුදුසුකම් සපුරා ඇති සමාගම වෙත ටෙන්ඩරය ප්‍ර‍ධානය කිරීම මේ වන විට දේශපාලන බලපෑම මත නවතා දමා ඇත.  දේශපාලන බලපෑම් හා ආර්ථික ‘ආර්ථික කළමනාකරණය සදහා වූ කැබිනට් කමිටුව  (CCEM) හරහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බලපෑම් එල්ල වී ඇත්තේ සුදුසුකම් සපුරා නොමැති තෝරාගත් ආයතන 6 ක ටෙන්ඩර් අයදුම්පත් ද විවෘත කරන ලෙසයි.

මේ අතර විදුලිබල ඉංජිනේරුවන් හා පෞද්ගලික ඩීසල් විදුලි ව්‍යාපාරිකයින් මෙම ටෙන්ඩරය කඩාකප්පල් වීමෙන් ‘ක්ෂණික විදුලිය මිලදී ගැනීම් හරහා‘ තමන්ට අති විශාල ලාභයක් ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරමින් සිටින අතර, විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කොට ඇත.

ටෙන්ඩරයේ අඩුපාඩු සකස් කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන්නේ නම් ඒ සදහා සියලුම ටෙන්ඩර්කරුවන් වෙත සාධාරණ අවස්ථාවක් හිමි විය යුතුය.  දේශාපාලන ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාව මත රාජ්‍ය නිලධාරීන් වෙත පීඩණයක් එල්ල කිරීම කිසි ලෙසකින් හෝ සිදු නොවිය යුතු තත්වයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කරයි.

කෙරවලපිටිය විදුලි බලාගාර ටෙන්ඩරය විනිවිද භාවයකින් යුතුව, නිසි තාක්ෂණික ඇගයීම් නර්දේශ මත සිදු විය යුතු බව අවධාරණය කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය, ඒ සදහා බලපෑම් කිරීමෙන් වලකින් ලෙස ඉල්ලා සිටී.  ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය අහිමි වූයේ ද විදුලිබල මිලදී ගැනීම් සදහා වන ආයෝජකයින් සම්බන්ධයෙන් එල්ලවූ දේශපාලන බලපෑම් හේතුවෙනි.

ලංකාවේ දුෂිතව ටෙන්ඩර් ගනුදෙනු අතර විදුලිබල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍යාංශය ඉදිරියෙන්ම සිටින අතර ගල්අගුරු මිලදී ගැනීම, ජෙනරේටර් මිලදී ගැනීම, ඩීසල් විදුලිය පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම හරහා දිගින් දිගටම අක්‍ර‍මිකතා සිදුවන බව පසුගිය වසර හතර තුල අප විසින් අවධාරණය කර ඇතැයි ද තෙන්නකෝන් මහතාගේ අත්සනින් නිකුත් කල නිවේදනයේ දැක්වේ.

One Response to “කෙරවලපිටිය කි.වෝ. 300   විදුලි බලාගාර ටෙන්ඩරය කඩාකප්පල් CCEM බලපෑමෙන් ‘විදුලි ඉංජිනේරු මාෆියාව හා හදිසි ඩිසල් විදුලි සැපයුම්කරුවන්‘ ට ඉල්ලමක් පෑදේ”

  1. Senerath Says:

    Sil Redi is nothing compared to the money these Pal Horu Mafia is making. Will they be ever caught ?

    More Horakam metion here by පා ච රණවක. But hwy can’t he initiate an investigation to punish Pal Horu than writing these in facebook ?

    කොලොන්නාවේ නගර සභාවේ වත්මන් ලේකම්තුමිය වැඩ භාරගන්නා විට එම නගර සභාවේ කසළ ප‍්‍රමාණය ටොන් 40ක් ලෙස ලිපි ගොණුවල සඳහන්ව තිබුණි. නමුත් ඇය වැඩ භාරගැනීමත් සමග එම කසළ ප‍්‍රමාණය ටොන් 40 සිට ටොන් 12 දක්වා පහළ බැසින. එයට හේතුව වූයේ කිසියම් විජ්ජාවක් නොව එම ආයතනයන් තුළ තිබූ බොරුව හා වංචාවට වැට බැඳීමය. ඇයගේ ආගමනයට පෙර කැලි කසළ ගැටළුව තුළින් අයථා ලෙස කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් ඉපයීම කොළොන්නාව නගර සභාව තුළ සිදුවෙමින් තිබිණ. කොළොන්නාව කුණු කන්ද ඒ අවට දිවි ගෙවූ පිරිසට, මහ පොළොවට, ජල සම්පතට හා වායු ගෝලයට මහා හානිකර වූ ක‍්‍රියාවලියක් වූවද ඇතැමුන්ට එය මහා ධන උල්පතක්ව තිබූ බව ඉන් සක්සුදක් සේ පැහැදිලි විය.

    සංඛ්‍යා ලේඛණ පරික්ෂා කිරීමේදී කසළ ටොන් 1300ක් කෙරවළපිටිය කසළ අංගනයෙන් භාරගනු ලැබ ඇති බවට සඳහන් විය. එම වාර්තාවන් හි කසළ රැගෙන පැමිණි ලොරි රථ සංඛ්‍යාව ද අන්තර්ගත විය. පසුව අප විසින් ලොරි රථවල බර කිරීම සඳහා තරාදියක් සවි කරනු ලැබූ අතර තරාදිය සවි කර දවසක් තුළ පෙර සඳහන් කළ සංඛ්‍යා ලේඛණවල සඳහන්වූ ටොන් 1300ක කසළ ප‍්‍රමාණය ටොන් 600ක් දක්වා පහළ බසින ලදී. මෙපමණ කලක් පැවති කසළ මාෆියාවේ තරම ඉන් තේරුම්ගත හැකිවනු ඇතැයි සිතමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress