පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම සදහා සියලු පළාත් සභා ඔක්තෝබර් 2 විසිරැවා හැරීමට කටයුතු කරන ලෙස කැෆේ සංවිධානය ජනපති-අගමැතිගෙන් ඉල්ලයි.
Posted on September 17th, 2017

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය   

ලංකාවේ සියලුම පළාත් සභා ඡන්ද විමසීම් එකම දිනයක පැවැත්වීම සදහා රජය ගත් ප්‍ර‍ශස්ත උත්සාහය අත නොහැර ‘ලංකාවේ සියලු පලාත් සභා ඔක්තෝබර් 2 දින විසිරුවා හැරීමට පළාත් සභා ප්‍ර‍ධාන අමාත්‍යවරුන් හා ආණ්ඩුකාරවරුන් සමග එකගත්වයක් ඇති කළ ගැනීම පිළිබද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඔවුන් සමග වහා සාකච්ඡා ඇරඹිය යුතු බව කැෆේ සංවිධානය පවසයි.

ජනමත විචාරණයකින් තොරව නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම් කල් දමා ගැනීමට ඉදිරිපත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉටු නොවන්නේ නම්, ඉන් අධෛර්යයට පත් නොවී ලංකාවේ සියලුම පළාත් සභා ඡන්ද විමසීම් එකම දිනක පැවැත්වීමට ඇති විකල්ප පිළිබද ජනපති-අගමැති දෙපල වහා අවධානය යොමු කළ යුතුය.  මැතිවරණ වියදම් සීමා කිරීම, මහජන දේපල අයථා පරිහණය වැලැක්වීම වැනි කරුණු සීමා කිරීමට එය හේතුවක් වනු ඇත.  කෙසේ නමුත්, කැෆේ සංවිධානය දිගින් දිගටම අවධාරණය කළ පරිදි එය සිදු කළ හැක්කේ පළාත් ප්‍ර‍ධාන අමාත්‍යවරුන් හා ආණ්ඩුකාරවරුන් ගේ එකගත්වය සහිතව සියලුම පළාත් සභා එකම දිනයක එනම් 2017 ඔක්තෝබර් 2 දින විසිරුවා හැරීම මගිනි.

පළාත් පාලන ආයතනයන් ගේ ඡන්ද ක්‍ර‍මයට අනුව පළාත් සභා මැතිවරණ ක්‍ර‍මය ද සකස් කරන්නේ නම් ඒ සදහා තවත් වසර 5 කට ආසන්න කාලයක් ලබා ගැනීමට ඒඅනුව ඉඩ ප්‍ර‍ස්ථා ලැබෙනු ඇත.  සියලු දෙනාට එකගවිය හැකි සාධාරණ මැතිවරණ ක්‍ර‍මයක් පමණක් නොව, විනිවිදභාවයකින් යුතු සීමා නිර්ණය ක්‍රියාවලියක්  සදහා ද ඒ අනුව ඉඩ ප්‍ර‍ස්ථාව සැලසෙනු ඇත.

එකම දිනක මැතිවරණ පැවැත්වීම, වියදම් අවම කිරීම, අනවශ්‍ය කාලයක් මැතිවරණ සදහා වැය කිරීම වැනි නාස්තිකාරි, ගැටුම්කාරී ක්‍රියාවන්ගෙන් තොරව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම සදහා පළමු පියවර ලෙස ඔක්තෝබර් 2 දින ලංකාවේ සියලු පළාත් සභා එකවර විසිරුවා හැරීම සිදු කළ හැකිය.  එවිට 2022 දී මීලග පළාත් සභා ඡන්ද විමසීම යහපාලන මැතිවරණ පොරොන්දු අනුව ‘මිශ්‍ර‍ මැතිවරණ ක්‍ර‍මයක් යටතේ‘ මනාප ඡන්දයෙන් තොරව පැවැත්වීම සදහා අවස්ථාව හිමිවනු ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය        

 2017 සැප්තැම්බර් 17 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress