‘ගිනස්‌ මඟුල්’
Posted on September 22nd, 2017

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

ශ්‍රී ලංකාව යනු වාර්තා තැබීමට උපන් ගෙයි හැකියාව ඇති රටකි. නමුත් රට හමුවෙහි ඇති බොහෝ වාර්තා දුටු විට අපට ඇතිවන්නේ සතුටට වඩා දුකකි. දිවිනසා ගැනීම්, හදිසි අනතුරු, ළමා අපචාර, ඩෙංගු, ණය බර, ලොකුම ඇමැති මණ්‌ඩලය ගැන ලෝක වාර්තා අතරට එක්‌ වූ නවතම වාර්තා වන්නේ ගිනස්‌ වාර්තාය. ලංකාවේ මිනිසුන්ට ගිනස්‌ වාර්තා තැබීමට ලොකු ‘උණක්‌’ ඇති බව රටේ සිදුවීම් දෙස බැලූ විට පෙනේ.

පසුගියදා ශ්‍රී ලංකාවේ අපූරු සිදුවීමක්‌ ගිනස්‌ වාර්තා පොතට එකතු විණි. එම වාර්තාව වූයේ ලෝකයේ දිගම සාරි පොට පැළඳි මනාලියයි. මෙම මනාලිය යුග දිවියට ඇතුළු වූයේ ගිනස්‌ වාර්තා පොත ද අලුත් කරමිනි. මෙම වාර්තාව තැබීම සඳහා මනාලිය පැළඳ සිටි සාරි පොටේ දිග මීටර් 4099 කි. ඒ සඳහා වැය වූ මුදල රුපියල් ලක්‍ෂ 27 ක්‌ පමණ බව පැවසේ. මෙම ක්‍රියාව නව යුවළගේ සිතූ මනාපයට සිදු වූ අතිශය පෞද්ගලික කාරණාවකි. නමුත් ඇත්තටම මේවා ගිනස්‌ වාර්තා නොව ‘පපඩම්’ වාර්තාය. මන්ද හෙට දිනයේ මෙම වාර්තාව කැඩීමට අවශ්‍ය වන්නේ රෙදි යාරයක්‌ පමණි. ඇතැම් විට මෙම තරුණ යුවළට ද ඊළඟ අවුරුද්දේ මෙම සාරියටම තව රෙදි යාර දෙක තුනක්‌ එකතු කර වාර්තාව අලුත් කළ හැක. එම නිසා මෙවැනි වාර්තාවලින් හෑල්ලුවට ලක්‌ වන්නේ ලංකාව නොව ගිනස්‌ වාර්තා පොතය.

මෙම ‘පපඩම්’ වාර්තාව, කතා නොකළ යුතු මාතෘකාවක්‌ වුවද අද අපට මේ පිළිබඳව කතා කිරීමට වැදගත් ප්‍රස්‌තුතයක්‌ ඉතිරිව තිබේ. ඒ මේ වාර්තාව තැබීම සඳහා මීටර් 4099 ක්‌ (කිලෝමීටර් 4) දිග සාරිපොට අල්ලාගෙන යැම සඳහා පාසල් දරුවන් 250 දෙනකු යොදා ගැනීමය. මෙම පාසල් දරුවන් ඉගෙනුම ලබන්නේ අලවතුගොඩ සරත් ඒකනායක පාසලේය. මෙය මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ නම කොටා ඇති, ජනතාවගේ බදු මුදලින් ගොඩනැගූ පාසලකි. මෙම ‘ගිනස්‌ මංගල්‍යයට’ මහ ඇමැතිතුමා ද සහභාගි වී එතුමා ද පාසල් දරුවන්ට සාරි පොට ඇල්ලීමට උදව් කරනු ලබන ඡායාරූප මාධ්‍යවල පළ වී තිබිණි. පළාතේ මහ ඇමැතිතුමා ඉදිරියේ කුඩා පාසල් දැරිවියන් සාරි පොටවල් පටලවාගෙන මහ දවල්, මහ පාරේ ඇවිද යැම ගැන පළමුව ලැඡ්ජා විය යුත්තේ මහ ඇමැතිතුමාය. නමුත් ලංකාවේ කිසිදු දේශපාලනඥයකුට නැති ලැඡ්ජාවක්‌ මහ ඇමැතිතුමාට විතරක්‌ ඉතිරි වී තිබෙන්නට නොහැක.

මෙම ක්‍රිsයාව සම්බන්ධයෙන් දැනටත් පාසල් ගුරු සංගමය නිවේදනයක්‌ නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්‌වෙන්නේ මංගල උළෙලක මනාලියකගේ සාරි පොට උස්‌සාගෙන යැමට පාසල් දරුවන් යොදා ගැනීම වැරදි ක්‍රියාවක්‌ බවයි. ඇත්තටම මෙම නිවේදනය නිකුත් කළ යුතුව තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි. නමුත් වැරදිලාවත් අධ්‍යාපන ඇමැතිවරයා මේ ගැන තවම ප්‍රකාශයක්‌ නිකුත් කොට නොමැත.

පාසල් දරුවන් මෙවැනි ප්‍රචාරකවාදී ක්‍රියාවන්ට යොදා ගන්නා පුද්ගලයන් අතර පෙරමුණේ සිටින්නේ දේශපාලනඥයන් ය. විදුහල්පතිවරුන් ද බලන්නේ දේශපාලනඥයන් සතුටු කර, නව තනතුරු ලබාගෙන තමන් වැඩියෙන් සතුටු වීමටය. මේ සියලු දෙනාගේ සතුටට අපේ කිසිදු ඉරිසියාවක්‌ නැත. නමුත් අපට ඇති අර්බුදය, ඔවුන්ගේ සතුට වෙනුවෙන් අසරණ පාසල් දරුවන් පාවිච්චි කිරීමය.

අද ලංකාවේ පාසල් දරුවන් අර්බුද රැසකට මුqහුණ දී සිටිති. නිල ඇඳුම්, පොත්පත්, පාවහන් ගැනීමට වත්කමක්‌ නොමැති ලක්‍ෂ ගණනක්‌ දරුවෝ අද පාසල් තුළ සිටිති. බොහෝ දරුවන් පාසල් පැමිණෙන්නේ බඩගින්නේය. ජනාධිපති ප්‍රේමදාස යුගයේ මෙන් මේ දරුවන්ට දැන් පාසලෙන් කිරි වීදුරුවක්‌ ලැබෙන්නේ නැත. රටට ඔරොත්තු නොදෙන ඇමැති මණ්‌ඩලයක්‌ නඩත්තු කරන අපට තවමත් මේ දරුවන්ට නොමිලේ ආහාර වේලක්‌ දීමට මුදලක්‌ වෙන්කර ගැනීමට නොහැකි වී තිබේ. තරගකාරී විභාග අධ්‍යාපන ක්‍රමය විසින් මේ දරුවන්ට ඉතිරි වී තිබූ එකම සම්පත වූ ‘නිදහස්‌ ද උදුරාගෙන අවසන්ය. රටේ දේශපාලනඥයන් තමන්ගේ දේශපාලන ව්‍යාපෘති සඳහා දක්‌කාගෙන යන්නේ මේ අසරණ දරුවන්වය. මෙම ක්‍රියාව එළඹෙන සඳුදා දිනයේ සිට නතර කළ යුතුය. දේශපාලනඥයන් වන්දනා කරන දරු පරපුරක්‌ බිහිකිරීමෙන් රටට අත්වන සෙතක්‌ නැත.

5 Responses to “‘ගිනස්‌ මඟුල්’”

  1. dhane Says:

    One small advice to this stupid parents of both side of this newly married couple. සාරි පොටේ දිග මීටර් 4099 කි. ඒ සඳහා වැය වූ මුදල රුපියල් ලක්‍ෂ 27 ක්‌ පමණ බව පැවසේ. From this amount of money if they provide cloths and other items needed for this 250 school children that will be a blessing to the newly married couple. What the hell they are going to do with this සාරි පොටේ දිග මීටර් 4099 after the wedding????

  2. Senerath Says:

    “What the hell they are going to do with this සාරි පොටේ දිග මීටර් 4099 after the wedding????”

    Distribute to mosques, to save Islaam, after cutting inot 5m each, 820 pieces.

  3. Susantha Wijesinghe Says:

    WE HAVE LUNATICS ALL OVER. THESE TWO PISSU MINIHAI, PISSU GAHANY, SHOULD BE SENT TO ANGODA FOR THEIR HONEYMOON. AFTER THAT, THE FARMERS CAN MAKE AT LEAST 1000 AMUDES FOR THEIR USE. THEY SHOULD BE TAKEN TO COURTS FOR RISKING THE LIVES OF ALL THE STUDENTS WHOM THEY USED TO CARRY THE SAARI POTA ON THE ROAD. REPREHENSIBLE IDEA BY THE TWO MAD COUPLE. PISSU YAKKU.

  4. Wetta Says:

    අපි කතාවට “මෝඩ චූන්” කියා හඳුන්වන්නේ මෙවන් කටයුතු වලටයි. පොදු වැසිකිලි උත්සවාකාරයෙන් විවෘත කිරීම්, පාර හරහා පනින කහ ඉර සුදු පාටින් පාට කර එය උත්සවාකාරයෙන් විවෘත කර උජාරුවෙන් එම “සුදු ඉර” පනින මැති ඇමැතිලාගේ මෝඩ චූන් වලට අනුව යමින් උසස් පන්තියේ මානසික රෝගීන් පමනක් නොව සාමාන්‍ය පන්තියේ මානසික රෝගීනුත් මෝඩ චූන් දැමීම හරහා දැන් අපි ලොක්කන්ගේ (කඳ පමණි) වැඩ වලින් ඉගෙනගන්නා උදාර ජාතියක් බවට පත් වී ඇති බව සතුටින් ප්‍රකාශ කරමි.

    ගුරා හිටගෙන මුත්‍රා කරන විට ගෝලයෝ දුව දුව මුත්‍රා කරනවා යැයි අපේ සීයා කලකට ඉහත කී කතාව මගේ සිහියට නැඟේ.

    එක අතකට බලන විට, අපේ පාර්ලිමේන්තුවේ බිඳ හෙලා ඇති ගිනස් වාර්තා ප්‍රමාණයම තවත් ගිනස් වාර්තාවකි.

  5. Lorenzo Says:

    These 250 kids were SUPPLIED by SARATH EKANAYAKA the CM of central province from a school named after him in 2012.

    Who made this IDIOT the chief minister???? You know the answer.

    (It was the best decision because the other highest preference vote winner was a HEROIN DEALER!)

    At least now do you REALIZE there is NO solution to SL other than a MILITARY-SANGHA TAKEOVER???

    We welcome VENERABLE ASGIRIYA PRIESTS stand on SL. They can’t just talk and stay inside their temple. They have to come out and SAVE SL.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress