“ජාත්‍යන්තර සම්මුතිය” සිංහල භාෂාවෙන් ලබා නොදී නීති පැනවීමට යමින් මූලික අයිතිවාසිකම් කඩකිරීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කිරීම සම්බන්ධව ජනාධිපතිට සහ අගමැතිවරයාට එරෙහිව නඩු පවරන බවට නීතීඥවරයෙක් දැනුම් දෙයි.
Posted on September 22nd, 2017

අරුන ලක්සිරි උනවටුන

 අගමැතිවරයා 2016 ජූනි මස 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ මෙම  බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ (International Convention for the Protection of All Persons from Enforced Disappearances) ප්‍රතිපාදන ඇතුළත්වී තිබියදී එකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍යභාෂාවෙන් වන පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර 2016.08.11 වැනි දින එකී පනත සම්මත කරගෙන ඇත.

මේ දක්වා එකී ජාත්‍යන්තර සම්මුතිට රාජ්‍ය භාෂාවෙන් ලබා නොදී නැවත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 2017.03.07 වැනි දින බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර සම්මුතිය” නම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමුවර කියවීම සිදුකර ඇති අතර එය 2017.09.21 වැනි දිනට දෙවැනි වර කියවීමට යොදා ඇත.

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කරදී ඇති භාෂා අයිතිය අහිමි කිරීමක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් මෙන්ම තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝණයක් බවත් පෙන්වා දෙමින් එකී පනත් කෙටුම්පත 2017.09.21 දින පාර්ලිමේන්තුවේ 2වැනි

කියවීමට ඉදිරිපත් කිරීමට අවස්ථාව නො දෙන ලෙසත්, එය 2වැනි වර කියවීමට ඉදිරිපත් වළක්වන ලෙසත් ඉල්ලා සිටිමින් නීතීඥවරයෙක් විසින් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

එමෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතියේ” සිංහල භාෂාවෙන් වන පරිවර්ථනය කඩිනම්න් ලබා දෙන ලෙසත් එසේ ලබා දීමට අපොහොසත් වුවහොත් අධිකරණයේ නඩු පවරා භාෂා අයිතිය ආරක්ෂාකර ගන්නා බවත්,  අදාල ජාත්‍යන්තර සම්මුතියේ සිංහල පරිවර්ථනය ලබා ගැනීමට ක්‍රියා කරන බවත් එකී ලිපියෙන් දැනුම් දෙමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට,‍ ජනාධිපති ලේකම්වරයාට පාර්ලිමේන්තු මහලේකම්වරයාට, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට සහ නීතිපතිවරයාට දන්වා ඇත.

එකී ලිපිය පහත දැක්වේ.

5 Responses to ““ජාත්‍යන්තර සම්මුතිය” සිංහල භාෂාවෙන් ලබා නොදී නීති පැනවීමට යමින් මූලික අයිතිවාසිකම් කඩකිරීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කිරීම සම්බන්ධව ජනාධිපතිට සහ අගමැතිවරයාට එරෙහිව නඩු පවරන බවට නීතීඥවරයෙක් දැනුම් දෙයි.”

  1. Vaisrawana Says:

    Good luck! Aruna. It is heartening to see a young educated person like you from the new generation taking an active interest in the vital affairs of our country in these bleak times.

  2. Ratanapala Says:

    ARUNA WE WISH YOU ALL THE VERY BEST!

    I have doubts whether even President Sirisena understood the provisions of the International Convention for the Protection of All Persons from Enforced Disappearances agreement as his knowledge of English is limited. This is the sorry state of affairs in Sri Lanka.

    For that matter, the majority of the Sinhala MPs not being highly literate, are not qualified to understand neither English nor Sinhalese.

    THIS IS THE SORRY STATE OF AFFAIRS IN SRI LANKA.

  3. NAK Says:

    Every time some issue comes up in relation to present irregular way of passing laws Kiriella habitually throws 18th A.
    Even if the content of the 18th A may be debatable the way it was passed can not be questioned.
    It was properly taken through the process unlike the present backdoor policy.
    The JO must put a stop to Kiriella abusing this point.

  4. Senevirath Says:

    I love u Aruna

  5. Senerath Says:

    විග්නේෂ්වරන්ගේ ඉස්‌සර සංහිඳියාව දැන් නැහැඋතුරේ පොලිසියට – හමුදාවට විවිධ කල්ලිවලින් වන හිරිහැරසුළුවෙන් තකන්න එපා – දකුණු පළාත් ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එරික්‌ ගාමිණී ජිනප්‍රිය

    “කොටි සංවිධානයෙන් කැඩී ගොස්‌ සිටින විවිධ කල්ලිවලින් උතුරේ පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට සිදුවන හිරිහැර ලඝූකොට සලකන්න එපා කියලා උතුරු පළාත් මහ ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යෑයි දකුණු පළාත් ආණ්‌ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්‌කාර මහතා 22 වැනිදා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

    පසුගිය කාලය තුළ උතුරේ පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට එල්ල වූ පහරදීම්, කපා කොටා තුවාල කිරීම් සම්බන්ධයෙන් දරන අදහස ගැන මාධ්‍යවේදියකු විමසූ අවස්‌ථාවේ ආණ්‌ඩුකාරවරයා එසේ කියා සිටියේය.

    කොළඹ පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී දකුණු පළාත් ආණ්‌ඩුකාරවරයා මෙසේ ද පැවසීය.

    “පොලිසියට, ත්‍රිවිධ හමුqදාවට හිරිහැර කරන්නේ පහර දෙන්නේ කොටි සංවිධානයෙන් කැඩී ගිය පිරිස්‌. මේ පිරිස්‌ නීතියේ රැහැනට අසුකරගන්න පොලිසියට අවශ්‍යයි. මේ පිරිස්‌ මර්දනය කළ යුතුයි. පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට සිදුවන මේ හිරිහැර පහරදීම් ලඝූකොට සලකන්න එපා කියලා උතුරු පළාත් මහ ඇමැතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. උතුරේ සාමය ආරක්‍ෂා කරන්න ඔබතුමා මැදිහත් වෙන්න.

    මහ ඇමැතිතුමා ආරක්‍ෂක භටයන් පිරිවරාගෙන ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් යාපනයේ දුප්පත් ගොවියාට, කම්කරුවාට, ගුරුවරයාට, වෙද මහත්තයාට ආරක්‍ෂාව සපයන්න ඉන්නේ පොලිසිය හා ත්‍රිවිධ හමුදාව.

    ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට බැණවදිමින් ඔවුන් පිටත් කළයුතුයි කියපු සිවාජිලිංගම් වගේ කට්‌ටිය පසුගිය දවසක පොලිසිය යොදවලා පහර දෙන කට්‌ටිය අල්ලන්න කිව්වා. අන්න ගිනි ගත්තු තැන. මම විග්නේෂ්වරන් මහත්තයාව අඳුරන්නේ අවුරුදු 12 වයසේ ඉඳලා. එයා මගේ වැඩිමල් අයියාගේ යාළුවෙක්‌. ඒ කාලයේ විග්නේෂ්වරන් මහත්තයාගේ තිබුණු සංහිඳියාව නැහැ. දැන් ජාතිවාදී ස්‌වරූපයෙන් කතා කිරීම ගැන කනගාටු වෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress