Exclusive : බැදුම්කර මගඩි සල්ලි පෙරේදා පාර්ලිමේන්තුවේ විසිවේ” සුලු පක්ෂ නායකයන් ඇතුළු සමහරුන්ට මිලියන 100-300 දක්වා ලංසු..
Posted on September 22nd, 2017

 lanka C news

පෙරේදා පාර්ලිමේන්තුවේ දී පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සදහා අවශ්‍ය වූ 2/3 බලය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ කෝටි ගණන් මුදල් හුවමාරැ වූ බව අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලාවල වාර්තා කර ඇත.

පනත සම්මතයට අවශ්‍ය වූ 2/3 ඡන්ද ප්‍රමාණයේ අඩුවිම නිසා එදින පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීම බොහෝ වේලාවක් ප‍්‍රමාද වූ අතර වේලාව පියමං ගර ගැනීම සදහා ලයිස්තුවේ නොසිටි කථිකයන් පවා කතා පවත්වන්න වූ බව සදහන්ය.

එම කාලය තුලදී වහාම ක්‍රියාත්මක වු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ තිරය පිටිපස සිට මෙහෙයුම් කරන කිහිපදෙනෙකු තමන්ට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය එනම් මන්ත්‍රී 150 ක් දිනාගැනීමට අවශ්‍ය සෑම සැලසුමක් ම දියත් කර ඇති බවත් එහිදී සමහර පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන්ගේ දුක් ගැනවිලි අතර කෝටි ගනන් මුදල් අවශ්‍ය බව ද දැන්වීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය මුදල් බැදුම්කර මගඩියට සම්බන්ධ පාර්ශවයක් හරහා ලබාදීමට එකග කරවා ගෙන ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

Exclusive : බැදුම්කර මගඩි සල්ලි පෙරේදා පාර්ලිමේන්තුවේ විසිවේ” සුලු පක්ෂ නායකයන් ඇතුළු සමහරුන්ට මිලියන 100-300 දක්වා ලංසු..

ඒ අනුව ඉහළම ලංසුව ලෙස මිලියන 300 ක් දක්වා සමහර පක්ෂ නායකයින්ට දීමට අවශ්‍ය කටයුතු යෙදා ඇති බවත් ඇමතිකම් දරන මන්ත්‍රීවරු සඳහා රුපියල් මිලියන 10 සිට 100 දක්වා ලංසු තැබීමට සිදු ව ඇති බවද් සදහන් වෙයි.

කෙසේ වෙතත් මෙහිදී එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රුපියල් කෝටි ගනනකට තම ආත්මය පවා දීමට නොහැකි බව පවසමින් ඇමතිකම නැති වුනත් කමක් නැතැයි කියමින් කියමින් ඡන්දය නොදි සබා ගැබෙන් නික්ම යන බැව් නිරීක්ෂණය කොට ඇති බවද වැඩි දුරටත් දැක්වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු මෙම මෙහෙයුම් සඳහා කැපී පෙනිමෙන් එලිපිටම සමහර පාර්ශවයන් සඳහා මුදල් ලබාදීමට පෙලබීම් කල වග සමාජ ජලාවල නම් සහිතව විස්තර පල කර ඇත.

හදිසියේම එම පනතට කිසිසේත්ම අදාල නොවන සංශෝධණ ගෙන ආවේ පළාත් සභා මැතිවරණය කල් දැමීම සදහා ගෙන එනු ලැබූ 20 වැනි සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දුන් තීන්දුව නිසා බවද පැවසෙයි.

2 Responses to “Exclusive : බැදුම්කර මගඩි සල්ලි පෙරේදා පාර්ලිමේන්තුවේ විසිවේ” සුලු පක්ෂ නායකයන් ඇතුළු සමහරුන්ට මිලියන 100-300 දක්වා ලංසු..”

  1. Ratanapala Says:

    ONE DAY IN THE NOT TOO DISTANT FUTURE A COMMISSION OF INQUIRY SHOULD BE INSTITUTED TO INVESTIGATE THE WEALTH OF ALL PARLIAMENTARIANS. THEY SHOULD BE ABLE TO SHOW HOW THEY MANAGE TO GET TO WHERE THEY ARE IN LIFE TODAY AND THAT ALL IS THROUGH LEGITIMATE MEANS AND FROM THE EMOLUMENTS RECEIVED IN LINE OF DUTY.

    THEY SHOULD BE ABLE TO SHOW HOW THEY WERE ABLE TO CONSTRUCT HOUSES NOT SECOND TO PALACES, SOME OF THEM ONLY ON AN MP’S OR A MINISTER’S PAY!

    IT IS NOW APPARENT THAT VOTERS RIGHTS ARE OPENLY FLOUTED BY THE VERY ELECTED REPRESENTATIVES WITH IMPUNITY. IT IS ALSO CLEAR THAT THEY ARE NOW IN THE MARKET AND AVAILABLE ON MONETARY CONSIDERATIONS TO BETRAY THE MOTHERLAND, BETRAY THEIR CULTURE AND WORST OF ALL BETRAY THE VERY VOTERS WHO AFFORDED THEM THE LUXURY OF BEING ABLE TO ENTER THE PARLIAMENT.

    THE RULING PARTY HIGHER UPS SHOULD BE MADE RESPONSIBLE FOR OPENLY FLOUTING THE CONSTITUTIONAL PROVISIONS IN ALL THEIR ACTIONS. FLOUTING THE CONSTITUTION, WHICH IS THE HIGHEST LAW IN THE COUNTRY WILLY NILLY TO SATISFY PETTY POLITICAL CONSIDERATIONS HAS BEEN THE RECENT PRACTICE OF OUR LAWMAKERS AS WELL AS THE EXECUTIVE.

    THE FULL FORCE OF LAW SHOULD BE BROUGHT AGAINST THEM AS AN EXAMPLE TO THOSE WHO MIGHT ELECT TO REPEAT THE SAME MISTAKES IN THE FUTURE.

  2. NAK Says:

    Despite the fact that this act being passed with a 2/3 majority it can not become law until it is approved by the people at a referendum. Isn’t that the supreme courts decision?
    If so,the commissioner of elections is duty bound to hold elections when they are due.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress