ආඥාදායකයෙකු පලවා හැර රජවූ අන්දරේලා …………..
Posted on September 27th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

එක්සත් ජාතීන්ගේ 72 වන සමුලුවට සහභාගි වනු පිනිස සිය දරු පවුලම රැගෙන නිව්යෝක් නගරයට ගොස් සිටින චතුරිකාගේ ජනාධිපති තාත්තා, රන්ජන් රාමනායක නියෝජ් ඇමතිවරයා සමග නිස්කාන්සුවේ ගත් සෙල්ෆි ඡායාරූප රන්ජන්ගේ ට්විටර් ගිණුමේ දක්නට තිබිනි. ඔහේ කට වාචාල කමට සිතට ආවක් කියවන රන්ජන් නීතීඥවරුන්ට හා විනිසුරුවරුන්ට එරෙහිව පැවසූ කතාවන් සම්බන්ධව අධිකරණ ක්රියාමාර්ගයකට යන්නට ශ්රී ලංකා නීතීඥ සංගමය සංගමය කටයුතු කලද ජනාධිපතිට ගැන වගක් නැත. තම ඇමති මණ්ඩලයේ අනුවණ කතා නිවැරදි කරනු මිස, තමන්ට රටට වැඩක් කරන්නට වෙලාවක් නැතැයි ජනාධිපති පැවසුවේ මීට සති කිහිපයකට ප්රථමයි. කෙසේ හෝ මෙවර ඔහු තමා සමග නිව්යෝක් නුවරට රැගෙන ගිය පිරිස දුටු විට එතැන පෙනෙන්නේ රාජ් තාන්ත්රික කටයුත්තක් උදෙසා කැටුව ගිය ගමනකට වඩා, තමා නැති අල්ල පනල්ලේ මොන විකාරයක් නටාවිද යන බියෙන් ගෙදර දමා යන්නට බැරි දරුවන් පිරිසක් තමා කැටුව යන තාත්තෙකුගේ වැඩක් මෙනි.

එක්සත් ජාතීන්ගේ සමුලුව අමතා කල කතාවේදීතමා ආඥාදායකයා පරාජය කලබව ජනාධිපතිවරයා පැවසීය. ප්රශ්නය නම් කලක් තම මුවින්මමහරජතුමාලෙස හැඳින්වූ ආඥාදායකයා පරදා තමන් මේ රටට කලේ කුමක්ද යන්නයි. ඔහුගේ සෑම කතාවකම සඳහන් වනුයේ තමන් කරන්නට අදහස් කරන දේ මිස කරපු දෙයක් ගැන නොවන නිසා ඔහුගේ වැඩ පිලිවෙල අදාල වනුයේද අනගත පරපුරටය. අනාගත පරපුර යනු අද දරුවන්ය. අප සිතාගත යුත්තේ ඔහු දරුවන්ට පමනක් ආදරය කරන නිසා මෙසේ අනාගත කාල ක්රියාවෙන් කතා කරන බවයි. මානව හිමිකම් හරිහැටි ස්ථාපිත වී දැයි බලන්නට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්වරයාට එන්නට කියන්නේද ලබන වසරේය. සමහරවිට වනවිට, කල්දමමින් තිබෙන මැතිවරණ පැවැත්වීම අරඹා තිබෙන්නටත් පුලුවන් නිසාද විය හැකියි. අද වනවිට ජනතාවගෙන් බහුතරයකට යහපාලන රජයේ විගඩම් එපා වී සිටින තත්වයේදී, ඔවුන්ට ප්රජාතන්ත්රවාදීව තම විරෝධය පෑමට ඇති එකම මග වන මැතිවරණය වලකා තැබීම බලවත්ම මානව හිමිකම් කඩ කිරීමක් බව සෙයිද් රාද් අල් හුසේන්ට සිතාගනු හැකි වේද?

මේ වන තෙක් ඇදගෙන නාන්නට උපන් හපන්කම් දැක්වූ රන්ජන් රාමනායක, චතුර සේනාරත්න වැනියවුන්ද කුදලාගෙන ඔහු නිව්යෝක් බලා ගිය අතර, ඔහුගේ සිත් දිනා සිටින මධ්යම පලාත් මහ ඇමති පාසල් දරුවන් යොදාගෙන අමුතුම විගඩමක් කලේය. , තම විවාහය ගිනස් වාර්තා පොතට ඇතුලත් කරගැනීමේ උමතුවක් තිබූ කාන්තාවකගේ උමතු සිහිනය සැබෑකර ගැන්ම වෙනුවෙන් අහිංසක පාසැල් දැරියන් 250 ක් යොදා ගැනීමෙනි. මේ මනාලියගේ හෝ ඇයව හැඩ ගැන්වූ රූප ලාවන් ශිල්පියාගේ ගිනස් වාර්තා සිහිනයට මධ්යම පලාත් මහ ඇමතිවරයා සම්බන්ධ වූයේ කෙසේදැයි පැහැදිලි නැත

 

මහ ඇමතිවරයාගේ නම සරත් ඒකනායක . මේ සිද්ධියේදී ඔහු මාධ්යවේදීන්ට පවසා සිටියේ මේ ක්රියාකාරකමට තමාසරත් ඒකනායකවිද්යාලයේ ශිෂ්යාවන් යොදවා ගත් බවකි. මේ සරත් ඒකනායක විදුහල, එනම් අලවතුගොඩ කණිශ්ඨ විද්යාලය ඔහු මහ ඇමති වූ පසුව එසේ නම්කල නමුදු රජයේ පාසලකි. එසේ නැතිව සරත් ඒකනායක විසින් පවත්වාගෙන යන්නක් නොවේ. එසේ ඔහුම සාදවා පවත්වාගෙන ගියාය කියා සිතමු. එසේ වුවත් එවන් පාසලකට එන දරුවන් වුව ඔහුගේ බූදලයක් නොවේ. කිසිම දරුවකු තමාට හිතුමතේ මෙවන් කිසිසේත් අදාල නැති වැඩකට මෙසේ අමානුෂික ලෙස යොදා ගන්නේ කෙසේද? අමානුෂික යයි කියන්නේ මේ දරුවන් අලුයම දෙකේ සිට අලවතුගොඩ සිට ගන්නොරුවට ගෙන්වාගෙන පැය ගණනාවක් තිස්සේ ගිනි ගහන අව්වේ සිටුවා තැබූ ආකාරය නිසාය. අතර ජැන්ඩි පහට ඇඳගත් ගුරු භවතුන් සෙවනකට වී විනෝදයෙන් කල් ගෙවනු පෙනිනි. අදාල අවස්ථාවට තම සුඛෝපභෝගී, වායු සමනය කරන ලද රියෙන් පැමිනි මහ ඇමතිවරයා, මෙම අමන ක්රියාව සාධාරණීකරනය කරන්නට තැත් දැරුවේමෙයට සහභාගි වෙලා ඉන්නෙ සරත් ඒකනායක විදුහලේ ළමුන්බව පවසමිනි. මෙසේ ගිනස් වාර්තාවකට හොට දමා ගන්නට මහ ඇමතිවරයාට තිබූ උණට ඔසු පිනිස, මහජන මුදලින් සාදවා නඩත්තු කරන පාසලක තම නම සඳහන් නාම පුවරුවක් එල්ලා ඇති නිසා, එහි දරුවන් යොදා ගත්තාට වරදක් නැතැයි ඔහු සිතන්නට ඇත. මේ දේශපාලකයාට ඇති බිය හෝ අවනතබව නිසා මේ සිද්ධිය ගැන දරුවන්ගේ පැත්තෙන් සිතන්නට තරම් මොලයක් හෝ පියවරක් ගන්නට තරම් කශේරුකාවක් නැති විදුහල්පතිවරයාටද මෙයඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන අවස්ථාවක්විය. අනාගත පරපුරට වත්මන් රජයෙන් සලකනුයේ මෙලෙසය. දරුවන්ද මානව වර්ගයාට අයත්වන නිසා මෙයද මානව හිමිකම් කඩවීමේ සිද්ධියකි. කණිෂ්ඨ විද්යාලයක ශිෂ්යාවන් ලෙස ඔවුන් තම දෙමව්පියන්ගේද, ගුරුවරුන්ගේද ඇල්ම බැල්ම යටතේ සිටින බල රහිත කොටසක් වීම වඩාත් ඛෙදජනකය

 

අනාගත පරපුර වෙත ඉතිරිකර තැබිය යුතු රට විදේශිකයනට විකුණාගෙන කන, අනාගත පරපුරට අයත් දේ වංචා කරගෙන තම බඩ වඩාගන්නා මේ දේශපාලකයින්ට මේ දරු දැරියන් නිකම්ම තම අභිමතයට අනුව යොදාගත හැකි රූකඩ සේ පෙනීයාම ගැන අප පුදුම වියයුතු නොවේ. ඔහු එම අමන ක්රියාව සාධාරණීකරනය කල ආකාරයට, හෙට දිනයේ තවත් කෙනෙකුට මේ වාර්තාවද බිඳින්නට සිතුනහොත්, එයටද පාසල් ළමුන් ඈඳා නොගනීවිය කියා සිතන්නට ඉඩක් නැත

 

අසරණ, පුංචි දැරියන් පිරිසකට දසවද දෙමින් සිනාසිසී තම මංගල ගමන ගිය මනාලිය, ෆේස්බුක් ගිණුමේ, තමන්ව විවේචනය කලවුන්ට එල්ලකල ප්රහාරය අප දුටුවෙමු. එැනදී බුද්ධාගමක්ද ඇදගනී. බුද්ධාගමේ මූලික හරයවත් දැන සිටියානම් ඇය මෙවන් අමන වැඩ නොකරනු ඇත. දැන සිටින බුද්ධාගම අනුව මේ දැරියනට දුන් දසවදය, දවසක තමාට  කෙසේ පලදෙනු ඇතැයි ඈට මතක් වූවාද?

 

මේ සිද්ධිය සිදුවූ සැප්තැම්බර් මස 21 වනදා , හිරු රූපවාහිනී නාලිකාවේ ප්රවෘත්ති යටතේ කියැවුන තවත් පුවතක් වූයේ, වනාතවිල්ලුව, එලුවන්කුලම මුස්ලිම් විද්යාලයේ ඇති ගොඩනැගිලි 4 න් දෙකක තත්වය ඉතාම අබලන් අඩියේ ඇති නිසා දරුවන්ගේ ජීවිත තදබල අවදානමකට වැටී ඇති අයුරුය. වසර 40 ක් පැරණි ගොඩනැගිලි බව කියැවිනි. එතැනිනුත් යමක් ගත හැකිය. මෙයට වඩා පරණ ගොඩනැගිලි තිබෙන පාසල් ඕනෑ තරම් රටේ තිබේ. එබැවින් ඒවා නම් 77 න් පසු රටට හඳුන්වා දුන් දූෂිත කොන්ත්රාත් ක්රමවල ප්රතිඵල බවයි. අද වනවිට හදාගෙන යන ගොඩනැගිලි පවා කඩා වැටෙන අන්දම දකිනවිට මේ බව තහවුරු වෙයි. නැතිනම් ඉතින් කොළඹ රාජකීය, ආනන්ද, නාලන්දා වැනි විද්යාලවල කෙතරම් පැරණි ගොඩනැගිලි තිබෙනවාද? ඒවා සිසුන්ගෙ ඔලුවට කඩා වැටෙන්නට සිතලාවත් නැති බව පෙනේ. ඒවායේ සුලු හෝ පැල්මක් ආවා නම්, පිලිසකර කරන්නට අවැසි ආර්ථික සවිය රජයෙන් පමනක් නොව, දෙමව්පියන්ගෙන්, ආදි සිසුන්ගෙන් පවා ලැබෙන තරමට මේ පාසල් පොහොසත්ය. එදාම ප්රවෘත්තිවල කියැවුන තවත් පුවතක් වූයේ පොලොන්නරුවේ, ඇලහැර, බකමූණ සිරිකඳුයාය ප්රථමික විදුහලේ ඇති එකම ගොඩනැගිල්ල අබලන් වීම නිසා දරුවන් දැන් මාස ගණනාවක සිට අව් වැසි පීඩා විඳිමින් ගස් යට අකුරු කරන ආකාරයයි

 

යහපාලන රජය බලයට ගෙනෙන්නට මනා දායකත්වයක් සැපයූ වමේ කේන්ද්රය නම් සංවිධානයක කැඳවුම්කරු වන චමීර පෙරේරා නම් පුද්ගලයෙකු පැවැත්වූ මාධ් හමුවක්ද එදිනම රූපවාහිනී පුවත්වලට අතුලත්ව තිබිනි. ඔහු කතාකලේ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටගේ දඩ මුදල් ගෙවීමට පිණ්ඩපාතේ ගිය භික්ෂූන් වහන්සේ පිලිබඳවයි. පිණ්ඩපාතේ ගිය හිමිවරුන් අතර කුඩා සාමනේරයන් වහන්සේලා සිටි බවත්, එය පැහැදිලිවම ළමා ශ්රමය සූරා කෑමක් බවත්, කුඩා ළමුන් මහපාරේ ඇවිද්දවීමක් බවත් ඔහු පැවසූ වේගවත් ආකාරයට, බලන කෙනෙකුට සිතෙන්නේ ඔහු දරුවන් පිලිබඳ මහත්ම කැක්කුමක් ඇති අයෙකු ලෙසය.

 

එහෙත් විශ්ලේෂණාත්මකව නොව සරලව බැලූකල පවා, මානුෂිකත්වයක් යන්තමින් හෝ ගෑවී ඇති අයෙකුගේ වුව හද කකියවූ මංගල සාරිපොටේ හුටපටය ගැන, තම දේශපාලන ඕනෑ එපාකම් වෙනුවෙන් ළමා අයිතිවාසිකම් ගැන කෑ කෝ ගසන මේ කිසිවෙකු කටේ කෙළ පොදක් බිම හෙලන්නේ නැත. අධ්යාපන ඇමති පවා මේ පිලිබඳව අදටත් නිහඬය. පසුගියදා පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර උත්සවයේදීද ජනාධිපති පිලිගන්නට පාසල් දරුවන් යොදාගත් නිසා ඔහුද මේවා සාමාන් දේ විය. මෑතකදී ජනාධිපතිගේ ඔඩොක්කුවට දැරියක ගැන රජයට හිතැති මාධ්යයන් වර්ණනා කලේ පෙර ආත්මයක බැඳීමක් සේ දකිමිනි. එසේ බලනකල මෙවන් පාසල දරුවන් සමග පෙර ආත්මයේ සිට වෛරයක්වත් තිබුනාද?

 

එයද එසේ විය හැකිය. පසුගිය රජය සමයේ අධිවේගී මාර්ගය සදන්නට වැයකල මුදල් ගැන කතාකල චම්පිකලා අද කිරිඇල්ල ඇමතිවරයාගේ මහ පරිමාණ වංචා ඉදිරියේ නිහඬය. ජපාන රජයෙන් මුදල් ලබා ගත්තාය කිය කියා ජපානයේ බැංකුවකින් වසරකට 10.7% රක්ෂණ වාරිකයකට යටත්ව ගත් මුදල් යොදා තනන්නට යන මධ්යම අධිවේගී මාර්ගය ගැන ප්රශ්න කල විට කිරිඇල්ල ඇමතිවරයා මහින්ද රාජපක්ෂ එතැනට ඇදගෙන ප්රශ්නය යට ගසයි. අතීතය ගැන කතා කිරීම යහපාලන රජයේ වැඩි දෙනෙකුගේ පුරුද්ද වී ඇත. මොවුන් අතීතය ගැන කියමින් ප්රශ්න යට ගසනවිට, ජනාධිපතිවරයා අනාගතය ගැන කියමින් ප්රශ්න උඩින් සීනි තවරන්නේය. වතමන් දරු පරපුරට මේ එකකින්වත් පලක් නොවන අතර එදාද, අදද සිදුවන සෑම වංචාවකටම සතයක් ගණනේ වන්දි ගෙවන්නට සිදුවනුයේ ඔවුන්ටය.

 

වඩාත්ම කණගාටුවට කරුණ වනුයේ මේ ගැන අබමල් රේණුවක්වත් නොසිතන පිරිසක්ද අප අතර සිටීමයි. සැප්තැම්බර් 23 වන දා ජාඇල පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමකදී, ජාඇල එජාප ප්රධාන සංවිධායකයා වූ ජෝසප් මයිකල් පෙරේරාට කතාවක් කරන්නට අවස්ථාව නොදීමෙන් ඇතිවූ මහා කලබගෑනිය ජනතාවට තවත් අලුත් පුවතක් මැවීය. පක්ෂයේ ඇති භේද බින්නකම් අදාල වනුයේ ඔවුන්ට බව සැබෑය. නමුත් ජනතා අවධානයට ලක්විය යුතුව තිබුනේ එම රැස්වීමට පැමිනි රවි කරුණානායට මල්මාලයක් පැළඳූ එක වැඩිහිටි කාන්තාවක් ඔහුගේ දෙපා අල්ලා වැඳ වැටුන අයුරුය. තමා එසේ වැඩිහිටියන්ගෙන් පවා වැඳුම් ලබන්නට සුදුසුයයි සිතාදෝ රවි කරුණානායකද සිනාසෙමින් එය ඉවසුවේය. මෙවන් දූෂිතයන්ගේ දෙපා අල්ලා වැඳ වැටෙන්නට තරම් නිවට හා දීන වූ මිනිසුන් අප අතර බිහිවූයේ කෙසේද? මෙවන් මිනිසුන් සිටින රටක අනාගතය කෙසේ වනු ඇතිද? මහබැංකු කොල්ලය ඔස්සේ මොවුන් හොරකම්කර තම දරු පවුල් සශ්රීක කරන්නට යොදා ගත්තේ රටේ බහුතරයකගේ අයිතිය බව නොවැටහෙන අමනයින් සිටීම සැබැවින්ම කණගාටුදායකය.

 

මෙපමනක් නොවේ. මේ වන විට පාසල් යා යුතු වයසේ දරුවන්ගෙන් 14% ක් දිළිඳුකම නිසා හෝ වෙනත් අයුරින්, සාමාන් පෙලට පෙර පාසලින් ඉවත්වන බව සමීක්ෂණයකින් හෙලිවී තිබේ. රටේ දරුවන්ගෙන් පළමු වසරට ඇතුලත් වන 99.2% (ළමුන්ගෙන් 0.8% ක් පාසල් යන්නේම නැත) ක් අතරින් වයස 17 වන විට ඉතිරි වනුයේ 59.8% ක් පමනි. ළමුන් 107,259 ක් ළමා ශ්රමිකයන් බවද සංඛ්යා ලේඛණවලින් තහවුරු වී ඇත. තම තමන්ගේ ගැලවිජ්ජාව සඳහා රාජිත සේනාරත්න වැනි ඇමතිවරුන් සංඛ්යා ලේඛණවල ඇති දශම සංඛ්යාවක ප්රගතියක් පවා ගණන් බැලුවත් ඔවුන්ට මෙවන් කරුණු නොපෙනේ. නැතිනම් නොපෙනෙන සේ සිටිති. පාසල විෂයයන් ඉගැන්වීමට ඇති කල පරිච්ඡේදවල ප්රමානය අනුව අදාල වසර තුල විෂයමාලාවන් සම්පූර්ණ කිරීමට ඇති හැකියාව, ඊට බාධා ගෙනදෙන කරුණු (නිවාඩු, ගුරු නිවාඩු) දෙස බැලූ කල්හි ඊට දේශාපාලකයන්ගේ ගිනස් වාර්තා විගඩම්ද එකතු වූ විට, දෙමව්පියන්ගේ ධනයද, දරුවන්ගේ කාලයද සූරාකන පුද්ගලික අධ්යාපනය වෙතට ළමුන් තල්ලු වී යාම වැලැක්විය නොහැකිය. විශ්ව විද්යාල පද්ධතියේ විෂයමාලාවල පවා පවතින යල් පැනගිය ගතිය තුල සිසුනට යාවත්කාලීනවන දැනුමක් ලබාදීමක් අපේක්ෂාකල හැකිද? හැර දේශපාලනය විසින් නිර්මාණය කරන විවිධ ගැටලු ඔස්සේ විශ්ව විද්යාල අධ්යාපනයම ගරා වැටී ඇත. අයවැය මගින් අධ්යාපනය සඳහා වන පිරිවැය 50%කි න් කපා හරින කල්හි ජනාධිපතිගේ සිහින ලොව සැබෑ කරන්නට අනාගත පරපුරක් ඉතිරි වේද? වෙනුවට දැන් දැන් අසන්නට ලැබෙන ආයුධ කොල්ල කෑම් ආදිය තුල රට තුල යලිත් වරක් හිස ඔසවන මහා ව්යසනයක පෙර නිමිති නම් ඉඳුරාම කිව හැක.

 

මේ සියලු අලකලංචි මැද්දේ 2020 න් නොනැවතී යහපාලන දීගය තුල 2025 ක් ගැනද කතා කරන බැවින්, තව දුරටත් මේ අයුරින් කරණු සිදු වුවහොත් වන විට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිමිකම් ගැන සොයා බලන්නට මානවයන් කියා කොටසක් ශ්රී ලංකාව තුල ඉතිරිවේදැයි සැක සහිතය.

One Response to “ආඥාදායකයෙකු පලවා හැර රජවූ අන්දරේලා …………..”

  1. Senerath Says:

    “එක්සත් ජාතීන්ගේ සමුලුව අමතා කල කතාවේදී ‘තමා ආඥාදායකයා පරාජය කල‘ බව ජනාධිපතිවරයා පැවසීය. ප්‍රශ්නය නම් කලක් තම මුවින්ම ‘මහරජතුමා‘ ලෙස හැඳින්වූ ඒ ආඥාදායකයා පරදා තමන් මේ රටට කලේ කුමක්ද යන්නයි.”

    There is a limit to shamelesness. These guys are naked in public.

    Please don’t tell us about good නීතීඥවරුන් හා විනිසුරුවරුන් this is where cleaning shall begin.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress