ජයම්පතී ගේ ව්‍යවස්ථා කෙටුම්පත එ.ජා.පයට කුලවද්දයි
Posted on September 28th, 2017

මතුගම සෙනෙවිරුවන්

 කන්දක් විලිලා පැටියෙකු වැදුවා යයි කියමනක් ඇත.2016 වසරේ සිටම තටමමින් ඊනියා මහජන අදහස් විමසිමින් සැදුවාය කියන ව්‍යවස්ථා කෙටුම්පතක ඡායාවක් නොහොත් අතුරු වාර්තාවක් එළි දැක තිබේ.මෙම අතුරු වාර්තාවේ සඳහන් කාරණා කීපයක් සැප්තැම්බර 20 වනදා පාර්ලිමේන්තුවට දමා සම්මත කර ගෙන තිබේ. එනම් කාන්තා නියෝජනය සහ කේවල සමානුපාතික නියෝජන ප්‍රතිශතය පිළිබඳ ප්‍රතිපත්තියයි.එහෙත් වාර්තාවේ සඳහන් නොවන දෙයක් එනම් සියයට හැට හතළිහ වෙනුවට පණහට පණහේ යෝජනාව සම්මත කර ගෙන තිබේ. සැබවින්ම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ ගන්නේ කුමකටද. දෙමළ බෙදුම්වාදීන් ගේ වුවමනාව ඉටු කර දීමද.එසේත් නැතිනම් ජාත්‍යන්තරය රවටමින් කාලය මරමින් ඒ අස්සේ බෙදුම්වාදීන් ගේ යම් යම් ඉල්ලීම් ක්ෂණිකව සම්මත කරදීමෙන් රජය පවත්වා ගෙන යෑමද. අවසානයේ විධායක බලයට පැමිණීමෙන් පසු ෆෙඩරල් හෝ කොන්ෆෙඩරල් පාලනයක් උතුර නැගෙනහිර පළාතට ලබා දීමද.

        මෙම අතුරු වාර්තාවේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සටහන් වන්නේ නැත.නමුත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර ඇත්තේ ඒකීය බව තබා ගනිමින් උපරිම අන්දමින් බලය බෙදා හරින බවයි. එම නිසා එය එක්සත් ජතික පක්ෂයේ ස්ථාවරය බව පිළිගැනීමට සිදු වේ. මෙම පක්ෂයේ නම සිංහල භාෂාවෙන් එක්සත් ජාතික පක්ෂය විය. එයම නැවතත් අය්කීය දේශීය කච්චි වශයෙන්ද යුනයිටඩ් නැෂනල් පාටි යනුවෙන්ද පක්ෂ ප්‍රතිපත්ති තුළ දක්වා තිබේ. සියළු ජාතීන් ගේ එක්සත් භාවයෙන් ගොඩ නැගෙන පක්ෂය යන අදහස සිංහල වාක්‍යයේ වෙයි. දෙමළ බසේ එක්සත් නමින් වචනයක් නැත. ඔවුහු සංස්කෘත බසින් ණයට ගත් ඒකීය වචනය අය්කීය යනුවෙන් එම අර්ථය ගැන්වීමට වහරති. එසේම ඔවුහු දේශීය යනුවෙන් අදහස් කරන්නේ අප දරන අදහස නොවේ. රට යන අදහසයි.මේ වචන හරඹයෙන්ම එක්සත් ජාතික පක්ෂය උපන් ගෙයි දෝෂයක් ඇති කර ගෙන ඇත. එනම් එකිනෙකාට නොතේරෙන බෙදුම්වාදයි..මේ බෙදුම්වාදී ලක්ෂණය වර්තමාන අතුරු වාර්තාවේ ඉංග්‍රීසි පිටපතේ(Srilanka Ceylon is a free sovereign independent republic which is an aekieya rajyaya)  ලෙස සඳහන් වන්නේද ඒකීය බව නොවේ. එක්සත් බවයි. දෙමළ පිටපතේ ඔරුමිත්ත නාඩු යනුවෙන් දක්වා තිබෙන්නේද එයයි.ඔරුමිත්ත නාඩු යනුවෙන් දෙමළ බසින් දක්වා ඇත්තේ එකතුවීමෙන් නිර්මාණය වූ  රටක් හැඳින්වීමටයි . මෙයින් ගම්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ෆෙඩරල් පාලනයට දක්වන කැමැත්තයි. එක්සත් ජාතික පාක්ෂිකයන්ට එහිදී අකමැත්තෙන් වුවද එයට කැමති වීමට සිදුව තිබේ.

      කෙසේ වුවත් රටේ පාලකයා කුමන් පක්ෂයක වුවද ඔහු රටේ ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාවය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ඔහු අතින් එය උල්ලංඝණය වුවහොත් ඔහු ද්‍රෝහියෙකු බවට පත් වේ. මෙහිදී මෙම වාර්තාව මගින් එවැනි බෙදුම්වාදී ප්‍රකාශ කරමින් සිදු  කර ඇත්තේ එයයි. දිනේශ් ගුණවර්ධන මහතා සිය කණ්ඩායමේ අදහස් ප්‍රකාශ කරමින් ඉදිරිපත් කරන ලද ලිපිය සැබවින්ම අගය කළ යුතුය. ජාතික හෙළ උරුමය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද රනිල් වික්‍රමසිංහයන් ගේ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් අදහස් ඉදිරිපත් කර තිබුණද තීක්ෂණව කරුණු ප්‍රකාශ කර තිබුණේ නැත. නමුත් දිනේශ් ගුණවර්ධනයන් එය මැනවින් ඉටු කර තිබේ. එහෙත් දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂය වශයෙන් ඔවුන් අසාර්ථක වන්නේ කෙලෙසකදැයි කල්පනා කොට බැලිය යුතුය. එයට හේතුව මහින්ද රජපක්ෂ මහතාව මෙහෙයවන පිරිස අතර බෙදුම්වාදී කුමන්ත්‍රණ කරුවන් පිරිසක් සිටින බැවිනි.ආණ්ඩුව සිල් රෙදි නඩුව ඉදිරියට ගෙන හිටපු ජනාධිපති ලේකම්වරයාට දඬුවම් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂයන් බයබීත කරන්නටයි. එහිදී ඔහු පාර්ලිමේන්තුවේ ඇති කරන්නට ගිය කැළඹීමම ආපස්සට ගෙන ප්‍රකාශයක් පමණක් කරමින් නිහඬ විය.එහිදී ආණ්ඩුවේ උපාය මාර්ගය සාර්ථක වූ බව කිව හැකිය. මෙයට චම්පික රණවක ඇතුළු පිරිසද එකතු වූයේ හුදෙක් රජය පරාජයට පත් කිරීම වළක්වාලන්නටයි. රණවක මහතා අතුරු වාර්තාවේ අග නගර සංකල්පය ඉහළින් පිළීගෙන තිබේ. ෆෙඩරල් පාලනයක් ඇති වූ විට ඔවුන් සියල්ලන්ටම අගනගරය කොටු වී සිටිය හැකිය.කාන්තා නියෝජය අස්සේ දමා පළාත් සභා කල් දමා ගැනීමට ඔහුටද වුවමනාව තිබුණි. එසේම ජ.වි.පෙටත් වුවනාම තිබුණි. නුමුත් මුස්ලිම් පක්ෂ වල වුවමනාව තිබුණේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට තිබූ බලාපෙරෙත්තුවයි. සියලුම ජාතික වාදීන් පරදා මුස්ලිම් අන්තවාදය ජයග්‍රහණය කලේ ඒ අන්දමටයි.

             සැප්තැම්බර් විසි වන දා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව සැබවින්ම ජයම්පතී වික්‍රමරත්න ඇතුළ රජ්‍ය නොවන සංවිධානයන් විසින් කලින් කෙටුම්පත් කර තිබූ ව්‍යවසථාවේ ඡායාවකි. ඔවුහු රනිල් වික්‍රමසිංහ ලවා වරින් වර ඒවා එළියට දමිති.අගමැතිවරයාද ඔස්ලෝ සම්මුතිය පිළිගන්නා බැවින් එම කෙටුම්පත එක්සත් ජාතික පක්ෂයට කුල වද්දා තිබේ.ඔහු විසින් මෙවර එම අතුරු වාර්තාව එළියට දමන ලද්දේ මානව හිමිකම් සමුළුව වෙනුවෙනි.මෙම අතුරු වාර්තාවේ බුද්ධාගම යනුවෙන් සඳහන් නව වන වගනිතියට යළිත් සංශෝධනයක් යෝජනා කර තිබේ. මහානායක ස්වාමීන් වහන්සේලා ගෙන්ද රටේ ජනතාවගෙන්ද පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර පක්ෂ වලින්ද නව වන වගන්තිය සංශෝදනය කිරීමට විරෝධය එල්ල වී ඇති කල්හි. තවත් සංශොධනයක් ඉදිරිපත් කර ඇත්තේ දැනට තිබෙන ප්‍රතිපාදනයේ අරථයට ඉඳුරාම විරුද්ධ අදහසක් ගම්‍ය වන පරිදිය. එය කර ඇත්තේ සියළුම ආගම් හා විශ්වාසයන්ට ගෞරවය හා අභිමානය සලකමින් හා වෙන්කොට සැලකීමකින් තෙරව හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් යනුවෙන් විග්‍රහ කරමිනි. බුද්ධාගම යනුවෙන් සඳහන් ව්‍යවසථා ප්‍රතිපාදනයට එවැනි මූලික අයිතිවාසිකම් කාරණා අතුලත් කිරීම සිදු කරන්නට උත්සාහ දරන්නේ දැනට බුද්ධශාසනයට තිබෙන තැන නැති කිරීමේ චේතනාවෙනි.  යම් සංශෙධනයක් අවශ්‍ය නම් කළ යුත්තේ බුද්ධ ශාසනයට යම් නිශ්චිත අර්ථයක් ලබා දී අර්ථ පූරණය කිරමෙනි .මේ දිනවල භික්ෂූන් වහන්සේලාට සහ මහානායක ස්වාමීන් වහන්සේලාට රාජ්‍ය මාධ්‍ය වලින් සහ ඇමතිවරුන් ගෙන් විසින් නගන අවලාද දෙස බලන කල්හි ආණ්ඩුවට සැබෑ ලෙසම බුද්ධ හාසනය සුරක්ෂිත කරලීමට වුවමනාවක් ඇතියි නොසිතේ. ඒ වෙනුවට මියන්මාරයේ බෞද්ධයන්ට හිරිහැර කොට රටින් පිටමං කරනු ලැබූ රෝහිණ්‍යා ත්‍රස්තවාදීන්ට රාජිත සේනාරත්න වැනි ඇමතිවරු ඉදිරිපත් වී රැකවරණ සපයන්නට යෝජනා කරති. ඒ ලංකාවේ බෞද්ධ භික්ෂූන්ට ඔවුන් ලවා පහර දෙන්නටදැයි සැකයක් මතුවේ.

 

 

One Response to “ජයම්පතී ගේ ව්‍යවස්ථා කෙටුම්පත එ.ජා.පයට කුලවද්දයි”

  1. jay-ran Says:

    Its very regrettable to note that a so called lawyer Jayampathy Wickremaratne’s new constitution is REALY TO DEVIDE SRI LANKA INTO MANY DIVISIONS TO SATISFY THE TAMIL TERRORISTS REQUIREMENTS IN A DIFFERENT WAY.I feel very sad because a dirty man with the first name as JAYAMPATHY HAS DRAFTED THIS NEW CONSTITUTION AS “MY FIRST NAME TOO is JAYAMPATHY”! Grama Sevaka SIRISENA is a real “COUP” maker who had AAPPA WITH MR THE DAY BEFORE THE NOMINATIONS DAY TO FIND OUT HE HAS JOINED HANDS WITH B’land RANIL THE BIGGEST TRAITOR & HANDED OVER NOMINATIONS TO CONTEST AGAINST THE GREAT M.R,who was praised once by the GRAMAYA “APEY RAJATHUMA”.Every time when this TRAITOR RANIL COMES TO POWER,TRIES TO HARM SRI LANKANS SPECIALLY THE SINGHALESE BUDDHISTS AS RANIL HAS BEES & IS A CHRISTIAN ALTHOUGH HE PRETENDS TO BE A BUDDHIST TO HOOD WINK & MISLEAD THE GONG SINGHALESE PEOPLE WHO VOTED FOR GRAMAYA JOINING HANDS WITH B’land!!!!
    According to LORD BUDDHA’s PREACHINGS “THOSE WHO COMMITS VIOLATIONS WILL HAVE TO FACE THE REPERCUSSIONS IS A DISASTROUS WAY”!!!
    So, very soon & in near future,GRAMAYA ALONG WITH B’land WIL FACE THE COSEQUENCES-IT’S A FACT!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress