ඊගෝ යුද්දය සහ රෝගීන් ගේ ජීවිත
Posted on October 2nd, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධයට ලක්වූ සචිනි සෙව්වන්දි (19) තරුණිය එම සැත්කම අසාර්ථක වීමෙන් පසු ඊයේ (30දා) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබේ. සැත්කමෙන් දින තුනකට පසු හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස මියගොස් ඇත.

මුලින්ම ලැබුනු හදවත ඇයට 100 % එකඟ වූවා නමුත් ඇනස්තටිස්ට් වෛද්‍යවරිය තමන් ගේ නම ප්‍රථම හදවත් ඔපරේශන් එකේදී මාධ්‍ය මගින් කියවූනේ නෑ කියා එම ඔපරේශන් එක කඩාකප්පල් කරා. පසුව මාධ්‍ය මගින් මෙය හෙලි කරනු ලැබුවා ( මුල් සැත්කමේ සාර්ථකත්වය ඊට සම්බන්ධවූ සැමට හිමිවන නමුත් එහිදී කිහිපදෙනකු පමණක් විශේෂයෙන් මතුවී සෙසු අය‍ගේ සේවය නිසි ඇගයීමකට ලක් නොවුණු බවත් නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගති පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. -දිනමිණ)

මේ නිසා කලින් ලැබුණ හදවත විනාශ කිරීමට සිදු වූවා .ඉන් පසු මෙම වෛද්‍ය කණ්ඩායම තව හදවතක් හොයාගෙන එය බද්ධ කලා. නමුත් සංකූලතා මතුවී ඇය මිය ගියා. අර ප්‍රථමයෙන් තෝරාගත් හදවත බද්ධ කලා නම් තරුණිය මිය නොයන්න තිබුනා කියා සිතෙනවා.

මමත් ඇනස්තටිස්ට් වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබෙනවා. මේ නිසා මෙවැනි ශල්‍යකර්ම වල තිබෙන අවදානම ගැන දන්නවා. නමුත් මෙවැනි අවස්ථා වලදී රෝගියාට සහ ඤාතීන්ට කරුණු පහදා දීම ඇනස්තටිස්ට් ගේ යුතුකමක්. මේ කරුණු පහදා දීම නිසි ලෙස සිදු නොවීම නිසා රෝගී තරුණියගේ පියා පොලිස් පැමිනිල්ලක් කලා ( ශල්‍යයකර්මය සඳහා ලක් කිරීමට තම දියණියට ආහාර පවා නොදී ඊයේ (23) පෙරවරුවේ සූදානම් කළ බවත් ඇයට ගැලපෙන හොඳ හදවතක් ලැබුණු බව විශේෂඥ ශල්‍යය වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා තමන්ට දැනුම් දී තිබූ බවත් සෙව්වන්දිගේ පියා පවසයි. හදවතේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා කියලා ශල්‍යයකර්මය කරන්න බැරි බව පසුව මට දැන ගන්න ලැබුණත් ඇත්තටම වෙලා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙක් සැත්කම කරන්න අකමැති ‍වීමයි.මම මේ ගැන මහනුවර පොලිසියට පැමිණිල්ලක් කරන්න පියවර ගන්නවා යැයිද සෙව්වන්දිගේ පියා පවසයි. -දිනමිණ)

මේ සිදුවීම නොයෙක් ආකාර වලට තර්ක කරන්න පුලුවන්. රෝහලේ ඇතැම් උපකරණ වසර 11ක් පමණ පැරණි ඒවා බවත් මේවායින් කටයුතු කර අවදානමක් බාර ගැනීමට නොහැකි බව නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගති පෙරේරා මහත්මිය කියා තමයි අර මුල් හදවත බද්ධ කරන එකට උදැල්ල දැම්මේ. මේ නිසා වෛද්‍ය ජගති පෙරේරා මහත්මිය හරි කියා කොටසකට තර්ක් කරන්න පුලුවන්. නමුත් මේ සිදුවීමේදී ඊගෝ යුද්ධය සහ රෝගියාට සහ ඤාතීන්ට නිසි ලෙස කමියුනිකේෂන් එකක් නොවීම ගැන නම් පෙනී යනවා.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

2 Responses to “ඊගෝ යුද්දය සහ රෝගීන් ගේ ජීවිත”

  1. Wetta Says:

    නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගනී පෙරේරා කියන ලෙසට “රෝහලේ ඇතැම් උපකරණ වසර 11ක් පමණ පැරණි ඒවා බවත් මේවායින් කටයුතු කර අවදානමක් බාර ගැනීමට නොහැකි බව” ඇත්තක් නම්, එම උපකරණම දෙවෙනි හදවත බද්ධ කිරීමේදී පැරණි නොවුනේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවේ.

    දෙවැනියට සොයාගත් හදවත බද්ධ කිරීමේදී එම ජගනී පෙරේරා ම යලිත් උදැල්ල නොදැම්මේ ඇයිදැයි සැකයක්ද මතු වේ.

    තමන්ගේ උජාරුව පෙන්නීමට අසරණ රෝගීන් මරා දැමීමට තරම් කුරිරු වන දුෂ්තයින්ට දොස්තරලා යැයි කියන්නේ ජාතියටම වැරදිලාද?

  2. Senerath Says:

    Unfortunately most people are not capable of enjoying a higher level of hapiness and go for low fame.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress