දේශපාලන වාසි ලබා ගැනීම නවතා මැතිවරණයට පෙර දිවිනැගුම සංවර්ධන නිලධාරී III ශ්‍රේණියට බදවා ගැනීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුයි.
Posted on October 3rd, 2017

Samurdhi Development Officers Union 

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත දිවිනැගුම සංවර්ධන නිලධාරී III ශ්‍රේණිය සදහා බදවා ගැනීම සදහා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයට අනුව අදාල බදවා ගැනීම් සිිදු නොකර ප‍්‍රමාද කිරීමෙන් ආණ්ඩුව පැවැත්වීමට නියමිත මැතිවරණ වෙනුවෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බව අප මෙයින් අවධාරණය කරන්නෙමු.

2016.01.14 දිනැති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට ප‍්‍රකාරව 2016.09.18 දින පවත්වන ලද දීප ව්‍යාප්ත තරග විභාගයක් පැවති අතර ඒ සදහා 250000(දෙලක්ෂ පනස් දහසකට* ආසන්න අපේක්ෂකයින් පිරිසක් මෙම විභාගය සදහා පෙනී සිට ඇත. මෙම තරග විභාගයට පෙනී සිටි අය අතුරින් 9316 විභාගය සමත්ව ඇති අතර එයින් 7542 වෙත පසුගිය ජුලි 11 වන දින සම්මුඛ පරීක්ෂණ පවත්වා එහි අවසන් වාර්ථාවද සකස් කර මාසයකට වැඩි කාලයක් ගත කර ඇත. තවද මුදල් අය කරමින් පවත්වනු ලැබූ මෙම තරග විභාගයෙහි ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් හා මහත් උනන්දුවකින් විභාගය සදහා පෙනී සිටි සෑම කෙනෙකුම පසු වන අතර අදාල ප‍්‍රතිඵල නිකුත් කිරීමේ වගකීමද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව මේ වන විටත් පැහැර හැර ඇති බව අප සංගමය මෙයින් අවධාරණය කරන්නෙමු.

මෙම තරග විභාගයට පෙනී සිටි සෑම අයෙක්ම රැුකියාව මෙන්ම ප‍්‍රතිඵල මහත් අපේක්ෂාවෙන් සිටින අතර පවතින මෙම තත්වය ආණ්ඩුවේ දේශපාලඥයින් විසින් සිය දේශපාලන උවමනාව වෙනුවෙන් උපයෝගී කර ගනිමින් සිටින බවත් ඊට අදාල ලැයිස්තු සකසමින් සිටින බවට අප වෙත විවිධ පාර්ෂව විසින් වාර්ථා වෙයි. තවද අදාල තනතුර සදහා පුරප්පාඩුව 3771 තිබුනද 1904 දෙනෙකු පමණක් බදවා ගැනීමට අනුමතව තිබියදී විභාගය සමත්ව සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගී වු සෑම කෙනෙකුම බදවා ගන්නා බව නොමග යවනා දේශපාලන ¥ෂමාන ආරංචියක්ද පතුරවා ඇත. 

දේශපාලන මැදිහත් වීම මත සුදුසුකම් සපුරා ඇති අයට සිදු විය හැති අසාධාරණය පිළිබදව සැක සිතු අප තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අදාල විභාගය සමිබන්ද සියලූ තොරතුරු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් මේ වන විටත් ඉල්ලා ඇති අතර එය ලද විගස මෙම ප‍්‍රමාදය සම්බන්දව ඉදිරි කි‍්‍රියා මාර්ග ගැනීමට නියමිතව ඇත. 

2018 එළඹෙන වසර යනු මැතිවරණ වසරක් වන බව ආණ්ඩුව පවසා තිබියදී සිය දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය මග විවෘත කර නොදී අදාල පුරප්පාඩු සදහා බදවා ගැනීම මැතිවරණයට පෙර කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසත් තරග විභාගය සදහා පෙනී සිටි අයගේ ප‍්‍රතිඵල නිකුත් කිරීමටත් වහා පියවර ගන්නා මෙන් අප සංගමය බලධාරීන් හට මෙයින් අවධාරණය කරමු.

ස්තුතියි. 

මෙයට,

චාමර මද්දුම කළුගේ, සම්බන්ධීකරණය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress