වයඹ පළාත් සෞඛ්‍ය ඇමතිතුමා විසින් තර්ජනය කිරීම
Posted on October 9th, 2017

ACGAMO Union. 

ජනමාධ්‍ය නිවේදනය

වයඹ පළාත් සෞඛ්‍ය ඇමතිතුමා විසින් තර්ජනය කිරීම සම්බන්ධව.

            වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ආයුර්වේද මහා රෝහලේ සේවයේ නියුතු සාමාන්‍ය කම්කරු සේවිකාවක් පළාත් සෞඛ්‍ය ඇමතිතුමාගේ රැස්වීමකට සහභාගී නොවීම හේතුවෙන් හදිසියේ වාරියපොළ ආයුර්වේද රෝහලට ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් මා විසින් එම සේවිකාව සමඟ ඊට අදාල කරුණු විමසා සිටින ලදි.

            එම විමසීම සම්බන්ධයෙන් උරණ වූ වයඹ පළාත් සෞඛ්‍ය ඇමතිවරයා 2017.10.03 දින ප.ව. 2.15 ට පමණ මාගේ දුරකථනයට කථා කොට බැණවැදී තර්ජනය කිරීම අප තරයේ පිළිතුල් සහගත ලෙස හෙළා දකින අතර එය මාණ්ඩලික ශ්‍රේණියේ වෛද්‍ය නිලධරයෙක් වන මා හට කරන ලද අවමන් සහගත සැළකිල්ලකි.

            වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවය කරන අප කිසිම සේවා තෘප්තියක් නොමැතිව සේවය කරනු ලබන්නේ වසර ගණනාවක සිට පළාත් ආයුර්වේද කොමසාරිස් ධූරයේ රාජකාරී ආවරණය කරනු ලබන සුදුසුකම් නොමැති නිලධාරීන් යටතේ වගකීමෙන් හා වගවීමකින් තොරව සිදුකරනු ලබන අදූරදර්ශී පරිපාලනය හේතුවෙනි.

            එවැනි ආයතනයක සේවය කරන වෛද්‍ය නිලධාරීන්ගෙන් ඵලදායී සේවයක් ලබා ගැනීමට නොහැක්කේ යහපාලනයේ මූලික අරමුණු වලට පටහැනිව යමින් ක‍්‍රියා කරන මෙවැනි ඇමතිවරුන්ගේ ක‍්‍රියා කලාපය හේතුවෙනි.

            මෙවැනි ප‍්‍රවණතාවයක් සේවාවේ ගරුත්වයට බරපතල ලෙස හානි ගෙන දෙන බැවින් එයට අප දැඩි විරෝධය ප‍්‍රකාශ කරන අතර තව දුරටත් එසේ වන්නේ නම් වෘත්තිය ක‍්‍රියා මාර්ග වල නියැලීමට පසුබිම නොවන බවය.

ස්තූතියි.

         

මෙයට,

වෛද් නිලධාරී

කේ.පී.ආර්.එස්. ගුණරත්න

රධාන ලේකම්

One Response to “වයඹ පළාත් සෞඛ්‍ය ඇමතිතුමා විසින් තර්ජනය කිරීම”

  1. Senerath Says:

    Chemical Ranil ? Must complain to UNHCR.

    රසායනික ද්‍රව්‍ය කලවම් කඳුළු ගෑස් එල්ල කළා-සම්පත් අතුකොරල

    (නිමල් අල්ගෙවත්ත)

    හම්බන්තොට විරෝධතාවයේ නිරත වු තමන් ඇතුළු පිරිසට පොලිසිය එල්ල කළේ ජලය හෝ කදුළු ගෑස් නොවන බවත් ජලයට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කර එල්ල කළ බවත් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ අද (10) සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභාව රැස් වු අවස්ථාවේ දීය.

    “ඔය ගහපු ජල ප්‍රහාරයට සහ කදුළු ගෑස් වලට මිශ්‍ර කරලා තමයි රසායනික ද්‍රව්‍යය ගැහුවේ. ඔය ප්‍රහාරය එල්ල කර අවස්ථාවේ හිටපු ගොඩක් අයට හුස්ම ගන්න බැරි වුණා. කැස්ස වමනය හැදිලා තියනවා. මේ ආණ්ඩුව ත්‍රස්තවාදීන්ට සලකන ආකාරයෙන් තමයි උද්ඝෝෂකයින්ට ගැහුවේ. මාධ්‍යවේදියකුට කණ පැලෙන්න ගැහුවා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් .මේ ජල හා කදුළු ගෑස් වලට මිශ්‍ර කර එල්ල කර විස රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress