රට, ජාතිය සහ ශාසනය වලස්ගිරිය බමුණාගේ බූදලයක් නොවේ
Posted on October 14th, 2017

– දිල්රුක් කන්නන්ගර

1999 චන්ද්‍රිකා-GL-තිරුචෙල්වම් පැකේජය ප්‍රවර්ධනය සඳහා මහනායක හිමිවරුන්ට අළුත්ම Mercedes-Benz රථ පූජාකළ බව වාර්තා වුනි. මහනායක හිමිවරුන් ඒවා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කල අතර එයින් විහිළුවට ලක්වූ GL, පැකේජය ගෙන ඒම වසරක් පමා කෙළේය. තිරුචෙල්වම් දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට පින් සිද්ධ වෙන්න අපාගත වීම රටේ උන්නතියටත් ජන සමාජයේ සාමයටත් හේතු වුයේ පැකේජය එතරම් බරපතළ නිසාය. කොටි නායකයා දෙමළ ඊළම ඉල්ලුවත්, එයට සරිලන යමක් දීමට එකඟ වූ සෑම විටම (1987, 1999/2000, 2003) එය ප්‍රතික්ෂේප කෙළේය.

2009 යුද්ධයෙන් පණ බේරා ගත් කොටි පැටවුන් අද මහා කොටි ය. උන් සමග එකතුවී ලියූ ව්‍යවස්ථාව වටින්නේ කොටි හැත්තට පමණි. නමුත් ව්‍යවස්ථාවක් සම්මත කිරීම කොටි නෑයින්ට පමණක් කල නොහැකිය. එයට මහජාතියේ සහය ද අවශ්‍යය.

බහුතර බෞද්ධ ජනතාව රැවටීමට මහනායක හිමිවරුන්ගේ සහය අත්‍යාවශ්‍යය. 1999 මෙන් නොව අද දේසපාලුවන්, පොළඹවා ගැනීම් වලට තිදක්ෂය. වලස්ගිරිය බමුණා සංහිඳියා-ලම්බනයෙක් පිනවීමට NGO කපුටන් සමඟ එක්ව දෙස් විදෙස් federal කාරයන් සමත් විය. ප්‍රභල UNP කාරයෙකු ලෙස රටම දන්නා උන්වහන්සේ දේශප්‍රේමීන්ට කථා කිරීමට පවා ඉඩ නොදෙමින් කටයුතු කළත්, NGO නඩයට කියුවේ තමාද උන්ගේම අදහසේ සිටිනා බවය!

භික්ෂූන්ට ගරු කිරීම සිංහල බෞද්ධ සහ ක්‍රිස්තියානි ජනතාවගේ ගුණයකි. එනමුදු රට ජාතිය සහ ශාසනය වලස්ගිරිය බමුණාගේ බූදලයක් ලෙස සැලකීම මුග්ධයන්ට පමණක් උරුම වූ සත්ගුණයකි”. කාලාම සූත්‍රය දන්නා බෞද්ධයා කුල-මල වලින් කෙළසුනු නායකයන් රට ජාතිය විෂයෙහි විශ්වාස නොකරයි.

Federal ව්යවස්ථාවෙන් සාමය පතන්නන් එහි ආනිශංස වලට වගකිව යුතුය. Federal රටක් වූ ඉන්දියාවේ වතුරට, ආගමට, ප්රාන්ත සීමා කඩඉමට, භාෂාවට, කුලයට සහ ජාතික ආර්ථික සම්පත් වලට මහාපරිමාණයෙන් මිනීමරා ගනිති. කළකෝලාහල සෑම මසකම සිදුවේ. ඉන්දියාවේ ලෝක බලවත් යුධ හමුදාව ඒවා යන්තම්වත් පාලනය කරත්, ලංකාවේ හමුදාවන්ට එසේවත් කළකෝලාහල පාලනය කරගත නොහැකි වනු ඇත. පළාතක් පරයා පළාතක් මිනී මරනු ඇත. පොලිස් බලතල පළාතේ චණ්ඩියාට උවමනා ලෙස භාවිතා කරනු ඇත්තේ 2001 ඉන්දියාවේ ගුජරාට් ප්රාන්තයේ සිදුවූ ලෙසින්මය

නව ව්‍යවස්ථාවෙන් පසු රට ලේ විලක් වූ විට එයින් අතසෝදා ගැනීමට වලස්ගිරිය බමුණාට නොහැකිය. එය සසර දහසකින්වත් පියවිය නොහැකි අපාමර්ගික පාපකර්මයකි.

බුදු දෙපයින් තෙවරක් පණලැබූ මේ පින්බිම තුන්ජාතියක් මිනිමරා ගන්නා අපායක් කරන ව්යවස්ථා මර උගුල පරදවමු.

12 Responses to “රට, ජාතිය සහ ශාසනය වලස්ගිරිය බමුණාගේ බූදලයක් නොවේ”

  1. NeelaMahaYoda Says:

    මේ වලස්ගිරියේ බමුනා නොවේ. අශ්වගිරියේ බමුනා

  2. Senerath Says:

    NMY,
    You have to apply the ‘seperatist concept’ to that name to understand why Dilrook’s name is more appropriate. It is a ‘UNITED’ name, your a UNITARY name.
    May be you still have some respect.

  3. Dilrook Says:

    @NeelaMahaYoda

    මමත් ඔය අදහසේම සිටියා. නමුත් එය වැරදිය. මෙය බොහෝ දෙනෙකු පටලවා ගන්නා තැනකි.

    අස්ව සහ අස් සම්පූර්ණයෙන්ම වෙනස් වචන දෙකකි.

    අස් යනු වලස් යන්නයි. අස් යන්න කැළෑතර වූ විට, වල් + අස් = වලස්.

    Interestingly Tamilnet has got this bit (only) right probably from a Sinhala expert as a paid service.

    “https://www.tamilnet.com/art.html?catid=98&artid=38199”

    Go to Asgiri.

  4. Charles Says:

    දිල්රුක් ඔබට මගේ ප්‍රණාමය

  5. Dilrook Says:

    Thank you Charles.

  6. Vaisrawana Says:

    NeelaMaha Yoda, Dilrook, and Charles,

    Aren’t you all criticising the Malwatte Mahanayake Thera, and not the Asgiriya Prelate? It is well known that the latter has fallen foul of the government after the Asgiriya Sangha Sabha issued the Asgiriya Statement opposing the proposed new constitution as inimical to the majority Sinhalese Buddhist community. The Malwatte M.N. is in the good books of Y’palanaya. That too is well known.

  7. aloy Says:

    I considered the mahanayakas to be respected people as “jathiye mura devathawos”. From the above it appears that they are just a set of pea-brained men who can easily be deceived with Mercs, BMWs etc.

  8. Senerath Says:

    Wait a minute !
    How about Asgiriya historic statement, asking Buddhist to unite followed by anther to to repeal 13 Am, the ONLY statement by a substantial political power ?
    All political WASALAYOS kept quite and later going there with furit baskets to alert them.

  9. Dilrook Says:

    @Vaisrawana

    The description fits him with a twisted heading. But the other is not too far from it. The temporary spat is over the tills, not over policy.

  10. Charles Says:

    Both Malwatta Asgiriya MahaNayakas are UNP supporters. Malwatta is well known for its Radala preference even in ordaining new Samaneras. That is why there are a separation of Nikays in Sri Lanka Ramanna and Amarapura Nikayas do not toe the same line of Malwatta Asgiriya.

    The Asgiriya Mahanayake will make a statement different from Malwatta but basically they are the same. Asgiriya Mahanayake will not come out publicly and address the people against Yahapalanaya.

  11. Fran Diaz Says:

    Whichever Nikaya supports the UNP, they must be aware that the present day UNP leader is not similar to the UNP leaders of earlier times ….
    The present day UNP leader is almost like a President now, and we have seen his sorry performance for 40 yrs as a politician, rife with cheat & deceit.

  12. Senerath Says:

    To be fare to them I don’t believe Asgiriya or Malwatte support any particular political party, although there could be some individuals among monks who were bought over by politicians.
    However the point is they made a recent statement reminding politicians of removal of 13 Amendment. Such statements are rare and if there is ONE INDIVIDUAL who love the motherland existed among Battaramulla cheaters, that individual should have grabbed that opportunity.
    No one did that and that proves ALL THOSE POLITICIANS support 13 Am. No point holding on to ANYONE

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress