නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අස්ගිරි – මල්වතු නාහිමිවරු කියති
Posted on October 18th, 2017

උපුටාගැණීම ලංකාදීප

නව ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව කියමින් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරු අද(18) විශේෂ නිවේදනයක් නිකුත් කළහ.

නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව මහ නාහිමිවරු අවධාරණය කරති.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්ගේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ දෙපාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ සභික හිමිවරුන් ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ රන් ආයුද මණ්ඩපයේ දී අද රැස්වූහ.

සාකච්ඡාව අවසන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ මෙසේ පැවසූහ.

‘නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ අප විශේෂයෙන් සාකච්ඡා කළේ මේ සම්බන්ධව විද්වත් මණ්ඩලයක් අපව දැනුවත් කළ නිසයි. මේ ව්‍යවස්ථාවේ භයානක බව, බලතල බෙදීම මුළු පාර්ලිමේන්තුවට නැති බලයක් ප්‍රාදේශිය සභාවලට, පළාත් සභාවලට ලබාදීම මේ ව්‍යවස්ථාවෙන් සිදුවනවා. ඒනිසා මේ ව්‍යවස්ථාව නුසුදුසුයි. අපත් මේ ව්‍යවස්ථාව නුසුදුසු බව තීරණය කළා. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව අපත් පවසනවා. මේ තිබෙන ව්‍යවස්ථාව අපට හොඳයි. උභය මහා විහාර දෙක වගේම රාමඤ්ඤ අමරපුර නිකායන්හි මහ නායක හාමුදුරුවරුත් දැනුවත් කරලා මුළු රටේම මහා සංඝයා වහන්සේලා දැනුවත් කරලා මහා සංඝයාවහන්සේගේ බලවත් විරෝධය අපි එකතුවෙලා ප්‍රකාශ කරනවා. අපි ආණ්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව හකුලා ගන්න කියලා. පරණ ව්‍යවස්ථාව අපට හොඳයි.

ජනාධිපති බලතලත් එලෙසම තිබිය යුතුයි. එත් කොට්ඨාස මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. රටේ සමස්ත මහා සංඝරත්නයම මේ ව්‍යවස්ථාවට විරුද්ධ විය යුතු බව අප මෙහිදී තීරණය කළා.‘‘

5 Responses to “නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අස්ගිරි – මල්වතු නාහිමිවරු කියති”

  1. Dilrook Says:

    At last something positive. Our thanks to the “experts” they have met just before this statement. They have done a good job convincing priests.

    However, this statement is not made by the chief prelates. Will they again change their position? And why have the Asgiriya and other two sects not made a specific statement?

  2. Senerath Says:

    This is the statement from Sangha. It is good enough. They also made a statement few months ago, asking for removal of 13 A. No one was interested. Now they too have given up on it. Victory for opposition, still a defeat for mother lanka.

  3. Senerath Says:

    Most people ignorant here to the fact that there is an unofficial ‘Kathikawatha’ happening among Sangha. There is less respect for ‘POLITICAL MONKS’ ( who are ususally corrupt, do not observe any dicipline) in this very powerful group. This group is responsible for changing public opinion, not those temples visited frequently by political blood suckers.

    Stupid action taken by officials in ‘Vana Sanrakshanaya’ is a big set back for the governement, but Sangha is also aware that a certain corrupt political goons are using officials to do very unpopular acts to make the governement unpopular. Stupid political kaakkos cannot influence this group. Monks are aware of some of those so called ‘experts’ and they do not respect most of them too.

    If you watch carefully you will notice recent incidents doing necessary corrections.

    People should be careful in calling names to senior monks which will not do any benift to Nationalism but playibg into hands of Pal Horu.

  4. Vaisrawana Says:

    This is a positive development indeed. Let’s hope the Mahanayake monks of the other Nikayas will join in immediately. The first speaker here spoke on behalf of all the monks in the island, implicitly assuming that this time the Maha Sangha are united on this point. As this is intrinsically a political matter, politicians must be left to handle it. The power of the monks will be relevant so long as they remain above partisan politics; their influence in shaping policy is on the moral plane. Virtually, there is strictly no state in the that is absolutely secular. Even in communist China, the government supports the maintenance of religious places of worship. About 80% of the population there have been found to profess some sort of religion. (I am not sure if this information is strictly true. I heard it on a BBC program). People need not worry about Buddhism being given the foremost place in the constitution.

  5. Senerath Says:

    Statement by Sangha is not limited to Malwatte and Asgiriya as given in this report. Important points highlighted.

    ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධයි

    මල්වතු-අස්ගිරි උභය මහා විහාරයන් සහ රාමඤ්ඤ අමරපුර නිකායන්ගේ මහා නායක හිමිවරුන් වහන්සේ දැනුවත් කර මුළු ලංකාවේම සංඝයා වහන්සේගේ බලවත් විරෝධය යෝජිත නව ව්‍යවස්ථාවට එල්ල කරන බව මල්වතු පාර්ශවයේ අනුනාහිමි අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පැවැසූහ.

    ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩප රැස්වීම් ශාලාවේදී මල්වතු-අස්ගිරි කාරක සංඝ සභාවේ හිමිවරුන් සහ විද්වත් පිරිසක් ඊයේ (18දා) සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද කීහ.
    මේ රටට අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ අප මල්වතු-අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයන් සාකච්ඡා කළා. මේ ව්‍යවස්ථාවේ ඇති භයානකකම බලතල බෙදීම පිළිබඳ අප දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මෙම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවටත් නැති බලයක් මේ ප්‍රාදේශීය සභාවලට සහ පළාත් සභාවලට ලැබෙනවා. ඒ නිසා එය රටට අහිතකරයි. මේ නව ව්‍යවස්ථාව රටට අනවශ්‍ය බව අප තීරණය කළා. ඒකීය රටක් බවත් බුද්ධාගමට නිසි තැන දෙනවා කීවත් ඒවාට නිසි තැනක් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා මල්වතු-අස්ගිරි උභය මහා විහාරයන් සහ රාමඤ්ඤ අමරපුර නිකායන්වල නායක හිමිවරුන්ද දැනුවත් කර මුළු ලංකාවේම සංඝයා වහන්සේගේ බලවත් විරෝධය අප මෙම ව්‍යවස්ථාවට එල්ල කරනවා.

    ඒ නිසා අප ආණ්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව අකුළාගන්න. මේ ව්‍යවස්ථාව ගේන්න එපා කියලා අපට පරණ ව්‍යවස්ථාව හොඳයි. නමුත් කොට්ඨාස ක්‍රමයට මන්ත්‍රිවරු පත් කිරීමට අප විරුද්ධ නැහැ. ජනාධිපති බලතලත් එසේම තිබිය යුතුයි. මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් ඇතුළු අප සියලු දෙනා වහන්සේම එක්ව මේ සඳහා එක හ¾ඩින් විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තීරණය කළා. මෙය පළාත්වලට බලය බෙදා දෙන්න කළ උපක්‍රමයක්. එසේ නැතිව රටට වෙන වාසියක්, ප්‍රයෝජනයක් රටට ලැබෙන දෙයක් නෙවෙයි. ජේ.ආර්. ජයවර්ධන මහතා කළ දෙයින් අපේ රට හිඟන තත්ත්වයට පත්වුණා. පළාත් සභා පත් කරලා ලේකම්වරු, මහ ඇමැතිවරු, කාර්යාල යානවාහන දීලා විශාල ධනස්කන්ධයක් වියදම් කරනවා. මෙය රටට මහා බරක්. මෙය අපරාධයක්. මේ පුංචි රට පාලනය කරන්න එහෙම ඕනෙ නැහැ. මීට පෙර මේ රට දිසාපතිවරුන් ලස්සනට පාලනය කළා. මන්ත්‍රිවරුන්ගේ ලිපි සාක්කුවේ දාගෙන මේවා සම්මත කළේ. දැන් මේවා අවසන් වුණත් මේ ව්‍යවස්ථාවත් මහා විනාශයක් වන්න පුළුවන්. ඒ නිසා අප එක හ¾ඩින් මෙයට විරුද්ධ වුණා.

    අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි
    පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
    අද දින අස්ගිරි-මල්වතු මහා නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් එක්ව අනුනායක හිමිවරුන්ගේ මූලිකත්වයෙන් රැස්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේ යෝජනා පිළිබඳ අප අධ්‍යයනය කර ඒ ගැන අද සාකච්ඡා කළා. අප මීට පෙරත් සඳහන් කළා අලුත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීමෙන් ජාතීන් අතර යම් බෙදීමක් ඇති කරන බව. දැනටමත් මේ සාකච්ඡා තුළ අප අතර යම් බෙදීමක් සහ අෑත්වීමක් ඇති වී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාව තුළින් ගෙන එන යෝජනා අප රටේ ඒකීය භාවය මෙන්ම රාජ්‍ය බලය විභේදනය කිරීම තුළ රටට විශාල හානියක් සිදු වෙනවා. රට කොටස්වලට බෙදීමක් ඇතිවන බව පේනවා. ඒ නිසා අප මේ අවස්ථාවේදී අදහස් කළේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම තබාගෙන ඉදිරියේදී අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කර සිදුකරන තුරු අලුත් ප්‍රවේශයකින් එය කරන තුරු මේ ඉදිරිපත් කරන යෝජනා පසෙක තබා රටේ ජාතික සමඟිය සහ සංහිඳියාවත් සංවර්ධනයත් ඇති කරන්න කටයුතු කළ යුතුයි කියලයි. ඉදිරියේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් සමඟ සාකච්ඡා කරනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව වහා නතර කළ යුතුයි. මෙය මහා භයානක ව්‍යවස්ථාවක්. මේ මඟින් රට මෙන්ම රටේ ජනකොටස් අතර බෙදීමක් සිදුවිය හැකි බවද උන්වහන්සේ කීහ.

    මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අති පූජ්‍ය වේඬරුවේ උපාලි, අස්ගිරි පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ මේධංකර හිමිවරු ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress