නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි… මෛත්‍රී නැවත ජනාධිපතිවරණයට ආවොත් අනිවාර්යෙන් පරාජය කරනවා..
Posted on October 18th, 2017

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා…

මාධ්‍ය හමුව – 2017.10.18
ජනතා විමුක්ති පෙරමුණ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී…

දැනට තිඛෙන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැරණි එකක්. අද සමාජය අලූත් වෙලා. එම අලූත් සමාජයට ගැලපෙන විදිහේ අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතුවෙලා තිබුණා. අපේ රටට අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු එවකට ඇමතිවරයෙක් වුණු මෛතී්‍රපාල සිරිසේන මහත්තයා පොදු අපේක‍ෂකයෙක් බවට පත්වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මූලික එකඟතාවය මතයි. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයයි. අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලයත් ඉන් අනතුරුව ජනමත විචාරණයකුත් අවශ්‍ය වෙනවා. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් තමයි 2015 ජනවරම ලැබුණේ. එම මැතිවරණ පොරොන්දුව ඉටුකිරීම ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවෙත් වගකීමයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සකස් කිරීම අරමුණ ඇතිව මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කළා. එයින් විවිධ ෙක‍ෂ්ත්‍ර සඳහා අනු කමිටුවක් පත්කළා. එම අනු කමිටු මගින් ඉදිරිපත්කරන වාර්තා මත පදනම් වෙලා මෙහෙයුම් කමිටුව මගින් අතුරු වාර්තාවක් සකස් කර තිඛෙනවා. මෙහෙයුම් කමිටුවට පැවරී තිබුණේ ප්‍රධාන කරුණු 3ක් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමයි. එම කරුණු 3 බවට පත්වුණේ, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම, සියලූම ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක‍ෂා වන පරිදි සංහිඳියාව ඇතිකරමින් ජාතික ගැටලූව විසඳීම සහ නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීමයි. එම ප්‍රධාන කරුණු සහ තවත් කරුණු ඇතුළත් කරමින් අතුරු කමිටු වාර්තාව සකස්කර තිබුණා. 2016 අප්‍රේල් මාසයේ සිට මෙහෙයුම් කමිටුව විවිධ කරුණු සාකච්ඡා කොට තිබුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක‍ෂ මෙම මෙහෙයුම් කමිටුව නියෝජනය කරනවා. ගිය දෙසැම්බර් මාසයෙන් පසුව කමිටු මගින් ඉදිරිපත් කෙරුණු වාර්තාවල කරුණු වාක්‍යයෙන් වාක්‍යයට සාකච්ඡාවට බඳුන් කරලා සංක‍ෂිප්ත වාර්තාවක් හැදුවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ දළ කෙටුම්පතක්වත් නෙවෙයි. ඇතැම් අය මෙම අතුරු වාර්තා ව්‍යවස්ථා කෙටුම්පතක් ලෙස හඳුන්වනවා. එය වැරදි එකක්. මේ වනතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත්කරලා නැහැ. මෙම අතුරු වාර්තාවේ අඩංගු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තුළ සාකච්ඡාවට බඳුන්වූ කරුණුවල සම්පිණ්ඩනයක් සහ මහජන අදහස්වල එකතුවක්. ඇතැම් අය කියනවා, මෙම අතුරු වාර්තාවේ ව්‍යවස්ථාවේ මූලික කරුණුවත් නැහැ කියලා. එක් වැරදි අදහසක්. මෙය අතුරු වාර්තාවක් පමණයි.
මෙම අතුරු වාර්තා සම්බන්ධයෙන් විවිධ අය විවිධ අදහස් දරනවා. රාජ්‍ය ව්‍යූහය ගැන විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳවත් විවිධ පක‍ෂවලට විවිධ අදහස් තිඛෙනවා. ශී්‍රලනිපයේ ස්ථාවරය වී තිඛෙන්නේ විධායක ජනාධිපතිධුරය තවදුරටත් පවත්වාගෙන යා යුතුයි කියලා. අගමැති තෝරාපත්කර ගැනීම පිළිබඳව ක්‍රම තුනක් යෝජනා වී තිඛෙනවා. මහජන ඡන්දයෙන්, පාර්ලිමේන්තු මන්තී්‍රවරුන්ගේ ඡන්දයෙන් හෝ මැතිවරණයට පෙර අගමැති අපේක‍ෂකයා නම් කිරීමෙන් කියලා. එම සියලූම කරුණු තවමත් සාකච්ඡා මට්ටමේ තියෙන දේවල්. ඒ වගේම බුද්ධාගමට ඇති ප්‍රමුඛතාවය පිළිබඳව, රටේ ඒකීයභාවය සම්බන්ධව, ආණ්ඩුකාරවරුන්ගේ බලතල පිළිබඳව, පළාත් සභා බලතල පිළිබඳව විවිධ අදහස් තිඛෙනවා. අද මේ ගිරිය පුප්පගෙන කෑගහන බංකොළොත් දේශපාලන කණ්ඩායම් උත්සාහ කරනවා රට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළා කියලා. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ඉඳලම මේ රට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාවගේ ජාතික සමගිය වෙනුවෙන් කැපකිරීම් කරපු පක‍ෂයක්. මව්බිමේ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත කැපකළ පක‍ෂයක්. එදා ඉන්දියානු මැදිහත්වීම සිදුවෙන වෙලාවේ ජවිපෙ 60,000ක් ජීවිත පරිත්‍යාග කළා. උතුරු නැගෙනහිර එක පළාතක් බවට ගැසට්කර තිබුණු අතර මහින්ද රාජපක‍ෂ මහත්තයා ජනාධිපතිධුරයට පත්වීමෙන් පස්සේ 2005 නොවැම්බර් 23 ඔහුගේ පළමු ගැසට් නිවේදනය වුණේ උතුරු නැගෙනහිර තවදුරටත් ඒකාබද්ධ කරමින් ගැසට් නිවේදනය දීර්ඝ කිරීමයි. අද මේ ගිරිය පුප්පගෙන කෑගහන අය ඒවා හිතාමතාම අමතක කරනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ 2006 ජූලි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා, උතුරු නැගෙනහිර පළාත් වෙන් කරන්න කියලා. ඒ අනුව ඓතිහාසික නඩු තීන්දුවක් ගත්තා, උතුරු නැගෙනහිර වෙන් කරලා. ඒවා කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙම කරපු ජවිපෙ නැවතත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න දෙන්නේ නැහැ. නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ප්‍රතිශතය සමානයි. දැනටමත් මුස්ලිම් කොංග්‍රසය මහ ඇමතිධුරය දරනවා. එවැනි තත්වයක් තුළ මුස්ලිම් ජනතාව තම පළාත උතුරට ඈඳන්න එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා සමහරු කියන විදිහට උතුරු නැගෙනහිර ඒකාබද්ධ වෙන්නේ නැහැ.
මේ ආකාරයට අතුරු වාර්තාව පිළිබඳව විවිධ පරස්පර අදහස් තිඛෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පරස්පර අදහස්වලින් සකස් වෙන්නේ නැහැ. සියලූ දෙනාගේ එකඟතාවය මත ඉදිරිපත්වූ කරුණු මත පමණයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් වෙන්නේ. එනිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවට සහතික කොට කියනවා, මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරන අපි රට ඛෙදන්න දෙන්නේ නැහැ. ඒ සහතිකය අපි ජනතාවට දෙනවා. ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාවට ජනතා විමුක්ති පෙරමුණ ලෙස අදහස් හා සංශෝධන 09ක් ඉදිරිපත් කොට තිඛෙනවා. එහි මූලික කරුණක් වන්නේ, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම ඉවත් කිරීමයි. විධායක ජනාධිපතිධුරය සහිතව නව ව්‍යවස්ථාවක් හදන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. මෛතී්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා, නැවත ජනාධිපතිවරණයක් නැහැ කියලා. සෝභිත හාමුදුරුවන්ගේ අවසන් කටයතු වෙලාවේ ඒ බව නැවත සහතික කළා. ශී්‍රලනිපයේ මතය කුමක් වුවත් මෛතී්‍රපාල ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සදාචාර අයිතියක් නැහැ. ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය රටට ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්නු පොරොන්දුව ඉටුකළ යුතුයි. ඒ වගේම අපි ඉතාම පැහැදිලිව කියනවා, පොරොන්දු කඩලා මෛතී්‍ර නැවත ජනාධිපතිවරණයකට ආවොත් රාජපක‍ෂ පැරැද්දුවා වගේම මෛතී්‍රපාල සිරිසේනත් පරද්දන්න ජවිපෙ කටයුතු කරනවා.
ඒ වගේම ජවිපෙ ඉදිරිපත් කළ යෝජනා අතර පළාත් දෙකක් හෝ වැඩි ගණනක් එක් ඒකකයක් ලෙස ඒකාබද්ධ කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම නොකළ යුතු බවට යෝජනාවක් තිඛෙනවා. විධායක ජනාධිපතිවරයා වෙනුවට විධායක අගමැතිවරයෙක් එන්නේ නැහැ. කිසිසේත්ම තනි පුද්ගලයෙකුට විධායක බලතල හිමිවන විදිහට ව්‍යවස්ථාව සකස් කරනවාට ජවිපෙ විරුද්ධයි. අගමැතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුවේ මන්තී්‍රවරුන්ගේ ඡන්දයෙන් සිදුවිය යුතු බව ජවිපෙ ස්ථාවරයයි. මෙම කරුණු ඇතුළුව සුවිශේෂී කරුණු 09ක් ජවිපෙ යෝජනා කර තිඛෙන අතර මෙහෙයුම් කමිටුවේ ඉඳිමින් අපි සකී්‍රයව කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ විවාදයේදී තවදුරටත් කරුණු ඉදිරිපත් කරනවා.
මෙම අතුරු වාර්තාව සම්බන්ධයෙන් විවිධ මත පතුරුවා හරින විවිධ කණ්ඩායම්වලට තිඛෙන නිදහස අපි පිළිගන්නවා. අප ජනතාවගෙන් ඉල්ලනවා ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය නිවැරදිව තේරුම් ගන්න කියලා. ඒ වගේම මහානායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු සියලූම නායක හිමිවරුන්ට අපි කියනවා, ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ වගේම අදටත් මේ රට ඛෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ජනතාව තුළ වැරදි මත හදලා බොරු බියක් ඇතිකරන්න දේශපාලන බංකොළොත්භාවයෙන් යුතු කණ්ඩායම් උත්සාහ කරන අතර ඒවට රැවටෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කවුරුවත් අය කියන දේවල් කරන පක‍ෂයක් නෙවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් සංවිධාන කියන ඒවා කරන පක‍ෂයක් නෙවෙයි. අපි පක‍ෂයක් ලෙස අපගේ ස්ථාවරයන්වල ඉඳිමින් කටයුතු කරන පක‍ෂයක්. යුද්ධය අවසන් වී සතියක් ඇතුළත අපි ආණ්ඩුවට යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. අපේ රට නැවත ගොඩනැගීම සඳහා වසර දෙකක් පුරා කි්‍රයාත්මක වන කාර්යසාධන බලකායක් ගොඩනගන්න කියලා. ඒ වගේම යුද්ධයෙන් පීඩාවට පත්වූ සියලූම ජනතාවගේ සිත් සුවපත් කිරීම සඳහා ජාතික සංහිඳියා කොමිසමක් පත්කරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කළා. ඒ 2009 මැයි 27වැනිදා. නමුත් එවකට ආණ්ඩුව යුද්ධය අවසන් වී රට ගොඩනගන්න මුළු රටම අලූත් කරන්න ජාතික සමගිය ගොඩනගන්න ලැබුණු ස්වර්ණමය අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේ නැහැ. යුද්ධය පවතින අවස්ථාවේත් ජනතා විමුක්ති පෙරමුණ අපේ මතය පැහැදිලිව කිව්වා. ඛෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කළ යුතුයි කියන ස්ථාවරයේ අපි හිටියා. එම නිසා ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයන් ඉතාම පැහැදිලියි. අනාගතය දැකලා අලූත් වැඩපිළිවෙළවල් රටට ඉදිරිපත් කරල තිඛෙනවා. වසර 8ක් ගතවෙලාත් මේ වනතෙක් සංහිඳියා කොමිසමක් පත්කරලා නැහැ. මේ නිසා නවනීධන් පිල්ලෙලාට අපේ රටට බලපෑම් කරන්න අවස්ථාව උදාවුණා. ඒ නිසා දැන්වත් අසාධාරණයට ලක්වූවන්ගේ සිත් සුවපත් කළ යුතුව තිඛෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාව එකතු වෙලා ජාතික සමගිය ඇතිකරන වැඩපිළිවෙළක් සඳහා එකතු වෙන්න ඕන. නව ව්‍යවස්ථාවෙන් මේ සියලූම ජන කොට්ඨාසවල අයිතිවාසිකම් ආරක‍ෂා විය යුතු වගේම ආගමික නිදහස ලැබිය යුතුයි. එයට එරෙහිවන සියලූම බලවේග මතවාදීව පරාජය කරන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා.
මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
විධායක ජනාධිපති ධුරය නිසා රට ආරක‍ෂා වුණා කියලා ඇතැම් අය කියනවා. ඒක අසත්‍ය කතාවක්. වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කරපු වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරලා රට ආරක‍ෂා කරගත්තා කියලයි කියන්නේ. නමුත් 78 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධුරයට එවැනි බලතල ලැබිලා නැහැ. හදිසි පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තමයි වර්ධරාජා පෙරුමාල්ගේ ප්‍රකාශය නීත්‍යානුකූල වශයෙන් පරාජයට පත්කළේ. එනිසා විධායක ජනාධිපති බලතල පාවිච්චි කරලා රට බේරාගත් බවට කරපු එම ප්‍රකාශය අසත්‍ය එකක්. විධායක ජනාධිපතිධුරය ඉවත් කළත් අවශ්‍ය නීති ව්‍යවස්ථාවට ඇතුළත් කරලා එම බලතල පාර්ලිමේන්තුව හරහා හෝ අගමැතිවරයා හරහා කි්‍රයාත්මක කරන්න පුළුවන්. ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් ඉවත් වන්නෙත් නැහැ. විධායක බලතල තමයි අඩුවෙන්නේ. ඒනිසා විධායක ජනාධිපතිධුරය ඉවත් කළත් රට ඛෙදන්න නොදෙන නීති හදන්න හැකියාවක් තියෙනවා. ඛෙදුම්වාදී යුද්ධය ඇතිවුණේ විධායක ජනාධිපති ධුරය තිබියදී. එනිසා ඔය ඉදිරිපත් කරන තර්කවලට පදනමක් නැහැ.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට බොරු චෝදනා එල්ල කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ කවුද? රාජපක‍ෂ වලව්වේ සට්ටැඹිකම් කරපු වරදාන වරප්‍රසාද ලබපු අයට එම වරප්‍රසාද අහිමි වුණේ මහින්ද රාජපක‍ෂ පැරැද්දුව නිසයි. මහින්ද රාජපක‍ෂ පරාජය කරන්න පෙරමුණ ගත්තේ ජවිපෙ නිසා වලව්වේ වළං හෝදපු අයට ජවිපෙ පිළිබඳව තරහක්, වෛරයක් ඇතිවීම පුදුමයක් නෙවෙයි. එනිසා මේ ජොන්ස්ටන්ලාගේ හිතේ අමාරුව අපිට හොඳට තේරෙනවා. සතොසෙන් කෝටි බාගයක භාණ්ඩ හොරාකාපු ජොන්ස්ටන් ප්‍රනාන්දු තමයි ජවිපෙට චෝදනා කරන්නේ. ඇමතිකම්වල සැප නැතිවුණාම ජොන්ස්ටන්ලා කරන ප්‍රකාශ ගැන අපිට තිඛෙන්නේ අනුකම්පාවක් විතරයි. ජොන්ස්ටන් වගේම විමල් වීරවංශ ජවිපෙ නායකයා ගැන විවිධ ප්‍රකාශ කරනවා. එදා මහින්ද රාජපක‍ෂ ළඟ විමල් වීරවංශ හිටියේ බලූ කුක්කෙක් වගේ. මහින්දට සර් කියලා බැසිල්ට සර් කියලා ගෝඨාභයට සර් කියලා නාමල්ටත් සර් කියාගෙන හිටපු රාජපක‍ෂ වලව්වේ සට්ටැඹිකම් කරපු වීරවංශටත් සැප නැතිවුණාම ජවිපෙ ගැන තරහක් ඇතිවෙනවා තමයි. තමන් මහින්ද රාජපක‍ෂලා ළඟ බලූ කුක්කෙක් වගේ හිටපු නිසා විමල් වීරවංශට අනෙක් අය ගැන හිතෙන්නේ තමන් හිටපු තත්වයෙන්ම තමයි. ඒ නිසා අපි ඒවා ඒ තරම් ගණන් ගන්නේ නැහැ. නමුත් ජොන්ස්ටන්ලා කරන එම අපහාසයන්වලට අපි නිකං ඉන්නෙත් නැහැ. මෙම අපාහාසාත්මක ප්‍රකාශයන් පිළිබඳව අපි නීතිමය පියවර ගන්නවා.
සුනිල් වටගල සහෝදරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්…
වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා කියලා අපි ජොන්ස්ටන්ට කියනවා. ඔහු කරපු අපහාසයට රුපියල් මිලියන 500ක් ඉල්ලා අපි නඩු පවරනවා. අපහාස නඩු කියන්නේ විශේෂ නඩු වර්ගයක්. චරිතය සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න කෙරෙන්නේ. ඒනිසා මෙම නඩුවේදී හරස් ප්‍රශ්න විමසන විට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සතොස හොරකම් ගැන ප්‍රශ්න කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස හොරා කාපු විදිහ ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රශ්න කරන්න අවස්ථාව අපි හදාගන්නවා. ඒ වගේම ජොන්ස්ටන් කියලා තිබුණා අපි මහින්ද රාජපක‍ෂට දොස් කියනවා කියලා. මහින්ද රාජපක‍ෂට දොස් නොකියා ඉන්නේ කොහොමද? ලලිත් වීරතුංගට එරෙහි සිල් රෙදි නඩුවෙත් තීන්දුවේ විදුලි සන්දේශ නියාමන කොමිසමනේ මුදල් ලබාගෙන තිඛෙන්නේ මහින්ද රාජපක‍ෂගේ මැතිවරණ කටයුතු සඳහා බව පැහැදිලිව සඳහන් වෙනවා. මිලියන 600ක් ජනතාවගේ මුදල් අයථා විදිහට ලබාගත්තු මහින්ද රාජපක‍ෂ ගැන කථා නොකර ඉන්නේ කොහොමද? ඒ අවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ හිටපු ජොන්ස්ටන් ප්‍රනාන්දු ගැන කතා නොකර ඉන්නේ කොහොමද? ජොන්ස්ටන් කාපු සතොස ගැන කතා නොකර ඉන්නේ කොහොමද?
විජිත හේරත් සහෝදරයා අදහස් දක්වමින්…
මහින්ද රාජපක‍ෂ විධායක බලතල පාවිච්චි කළෙ නැහැ කියන එක බොරු කතාවක්. ඔහු උපරිම වශයෙන් විධායක බලතල පාවිච්චි කළා පමණක් නෙවෙයි, ඒ කෑදරකම නිසාම 18 සංශෝධනය ගෙනැල්ලා තවත් බලය වැඩිකරගන්න කටයුතු කළා. ඇමතිවරු පත්කිරීම, විවිධ තනතුරුවලට පුද්ගලයින් පත්කිරීම, විධායක බලතල පාවිච්චි කරලා තමයි කරන්නේ. ඒ වගේම රටට වැදගත් වන තීන්දු-තීරණ තනි පුද්ගලයෙක් විදිහට ජනාධිපතිවරයා ගන්නවා. ඒ වගේම අතිශය වැරදි තීන්දුත් ගන්නවා. නමුත් ජනාධිපතිවරයාට එරෙහිව උසාවියට යන්න බැහැ. නීතිය ඉදිරියට ගේන්න බැහැ. ෙජ්.ආර් කියලා තිබුණා, විධායක ජනාධිපතිධුරය කරලා කරන්න බැරි ගැහැනියෙක් පිරිමියෙක් කරන්න හෝ පිරිමියෙක් ගැහැණියෙක් කරන්න බැරි එක පමණයි කියලා. මේ වෙනකං හිටපු සියලූම ජනාධිපතිවරු මේ විධායක ජනාධිපති බලතල උපරිම විදිහට පාවිච්චි කළා. මෛතී්‍රපාල ජනාධිපතිවරයාත් එහෙමයි. ඔහු බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. නමුත් දැන් ඒ ගැන කිසිදු කතාවක් නැහැ. ශී්‍රලනිපයේ මතය කුමක් වුණත් ඔහු ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාගත්තේ පුද්ගලයෙක් ලෙසයි. එනිසා ඔහු විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට බැඳී ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා තනි පුද්ගලයෙක් සඳහා මෙවැනි විශාල බලතල ප්‍රමාණයක් ලබා නොදිය යුතුයි කියලා.
මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ

2 Responses to “නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි… මෛත්‍රී නැවත ජනාධිපතිවරණයට ආවොත් අනිවාර්යෙන් පරාජය කරනවා..”

  1. Senerath Says:

    <em"ජනතා විමුක්ති පෙරමුණේ අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා තනි පුද්ගලයෙක් සඳහා මෙවැනි විශාල බලතල ප්‍රමාණයක් ලබා නොදිය යුතුයි කියලා. "

    This is also correct. Supposing Ranil becomes President with all the powers ? What JVP should do is they must insist on removing 13 A completely.

  2. NAK Says:

    JVP has become the ‘Jokersla Vedima Partiya’.

    Even a child today knows that Sirisena stands no chance in a future presidential election and there is nothing the JVP can do about it and are trying to credit themselves with the inevitable.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress