මහින්ද රාජපක්‌ෂ රජය රට ණය කන්දක හිරකළැයි කියන අගමැතිගේ ප්‍රකාශය මහා බොරුවක්‌ – බන්දුල ගුණවර්ධන (එජනිස)
Posted on October 18th, 2017

ජයේ ඉහළ තැන්වල සිටින බලධාරීන් මහ බැංකුව ශුද්ධ කළා වගේ විදේශ බැංකු කොල්ල කනවා

අනුර බාලසූරිය උපුටා ගැන්ම දිවයින

bandula134ලංකාවේ දැවැන්තම රාජ්‍ය ණය අර්බුදයක්‌ හටගත්තේ 2001, 2002, 2003 හා 2004 වර්ෂවලදී කියා එවකට අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා රට හමුවේ, ජාතිය අමතා ප්‍රකාශයක්‌ කළේ ද නැද්ද? කියා පුළුවන්නම් ප්‍රකාශයක්‌ කරන ලෙසට තමා අගමැතිවරයාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
 එමෙන්ම 2016 අයවැය ලේඛනයෙන් හරියටම සියයට 20 ක්‌ වියදම් කළේ නෑ. වියදම් නොකර 1/5 ක්‌ ඉතිරි කළා කියා පිළිගන්නේ ද නැද්ද යන්නත් 2016 අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කළ මුදලින් සියයට 32 ක්‌ පමණක්‌ වියදම් කර වෙන්කළ මුදලින් 2/3 ක්‌ වියදම් කළේ නෑ කියලා පිළිගන්නවාද නැද්ද යන්නත් රටට පිළිතුරු සැපයිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
 
 පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී ඊයේ පැවැති ඒකාබද්ධ විපක්‌ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදීය.
 
 මහින්ද රාජපක්‌ෂ රජය ණය කන්දකට රට හිරකරපු නිසා රටේ ආර්ථිකය නිසි ප්‍රගතියට ගෙනයන්න නොහැකි වූ බවට අගමැතිවරයා දිගින් දිගටම සමාජගත කරන ප්‍රකාශය මහා බොරුවක්‌ බවත් මෙවැනි ප්‍රකාශ නිසා තවදුරටත් රටේ ආර්ථිකය තිබෙන තැනට වඩා පහළ තැනකට වැටිය හැකි බවත් කියා සිටියේය.
 
 එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බන්දුල ගුණවර්ධන මහතා,
 
 සංඛ්‍යා දත්ත අනුව ඔප්පු කළ නොහැකි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හෝ පිළිගන්නේ නැති දේශපාලන සටන් පාඨයක්‌ අගමැතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරනවා. රටක රාජ්‍ය ණය රටට දරන්න බැරිද පුළුවන්ද? යන්න පිළිබඳව ප්‍රධාන දර්ශකය රාජ්‍ය ණය අනුපාතයයි. ඒ රාජ්‍ය ණය අනුපාතය ලෝකයේ බොහෝ රටවල වාර්ෂික විශේෂඥයන් විසින් පිළිගන්නා දර්ශකයක්‌. මේ දැවැන්ත රාජ්‍ය ණය අර්බුද හටගන්නේ 2001, 2002, 2003, හා 2004 වර්ෂවලදී. මේ වසර හතරේම රටේ සමස්‌ත දළ දේශීය නිෂ්පාදනයට වඩා රජයේ නොපියවූ ණය ප්‍රමාණය වැඩියි. මේ කාලය තුළ රටේ අගමැති ධුරය දැරුවේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි.
 
 2002 එවකට අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතලා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ රටේ ප්‍රථම වරට දළ දේශීය නිෂ්පාදනයට වඩා නොපියවූ ණය ප්‍රමාණයට වැඩියි, ඒ ණය වාරික පොලී ගෙවීමට රටේ අදායම ප්‍රමාණවත් නැහැ. මේ සිදුවීම් දෙකම ඇති වී තිබෙන්නේ එකම අවස්‌ථාවකදී කියලා.
 
 ඒ අනුව එම අවස්‌ථාවේදී එවකට අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවුණා ජාත්‍යන්තර උපදෙස්‌ අනුව මේ ප්‍රශ්නයට මුහුණදීම සඳහා 2003 අංක 03 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත යනුවෙන් විශේෂ නීතියක්‌ ගෙන ඒමට.
 
 යම් රාජ්‍යයක්‌ අත්තනෝමතිකව, හිතුවක්‌කාරී ලෙස ණය ගෙන තිබෙනවානම් සියලු ණය පිළිබඳව තොරතුරු විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ණය කළමනාකරණ ක්‍රියාවලිය වගකීමෙන් කළ යුතුයි කියලයි එම මූල්‍ය කළමනාකරණ නීතිය සම්මත කළේ වගකීම් පනත කියලා විශේෂ නීතියක්‌ ගෙන ඒමට.
 
 මේ මූල්‍ය කළමනාකරණ පනතින් කිව්වේ යම් රජයක්‌ අත්තනෝමතිකව, හිතුවක්‌කාරී ලෙස ණය ගෙන තිබෙනවානම් සියලු ණය පිළිබඳ තොරතුරු විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ණය කළමනාකරණ ක්‍රියාවලිය වගකීමෙන් කළ යුතුයි කියලයි එම නීතිය සම්මත කළේ.
 
 ඒ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම පැවරුණේa 2005 මහින්ද රාජපක්‌ෂ රජයටයි. ඒ රජය ආරම්භ කළ දින සිට එම මූල්‍ය පනතට අනුව ක්‍රම ක්‍රමයෙන් ඒ ණය කන්ද පහළට ගෙන එනු ලැබුවා. නැවැත එය උඩට නැග්ගේ 2009 වසරේ යුද්ධය උච්චතම අවස්‌ථාවේදී.
 
 ඒ 2007, 2008 වසරවල අවි ආයුධ මිලදී ගැනීමට ඉතා කෙටිකාලීනව ණය ගැනීමට වූ නිසයි.
 
 ඉන්පසු යුද්ධය නිමවීමෙන් පසු 2010 සිට රාජ්‍ය ණය අනුපාතය දිගටම පහළ වැටී 2014 වන විට 71.3 දක්‌වා රාජ්‍ය ණය අනුපාතය අඩුවුණා. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ගිණුම්වල තිබෙන නිශ්චිත සංඛ්‍යා දර්ශකවලට අනුවයි.
 
 සීයට වඩා වැඩිය තිබූ ණය අනුපාතයක්‌ දීර්ඝ කාලයක්‌ අඛණ්‌ඩව කළමනාකරණය කිරීමෙන් තමයි 71.3 ට අඩුකරන්න හැකි වුණේ. මේ රජය 2015 බලයට පත් වූ අවස්‌ථාවේ සිට අසාමාන්‍ය ලෙස ණය ගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙස රාජ්‍ය ණය අනුපාතය නැවත ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්තවලට අනුව 79 දක්‌වා ඉහළ ගොස්‌ තිබෙනවා.
 
 රජයේ විගණාකාධිපතිවරයා කියා තිබෙනවා මූල්‍ය කළමනාකරණ පනතේ නියමයන් කඩකර ප්‍රථම වරට රජයේ බැරකම් සියයට 83.3 දක්‌වා ඉහළ ගිහින් තිබෙන බව.
 
 මේ අණ්‌ඩුව දැන් අපට ණය ගැනීමට පුළුවන් සියයට 80 සීමාව ඉක්‌මවා ගියත් 2009 පසු 2014 දක්‌වා සෑම වර්ෂයකදී 80 ට වඩා අඩුවෙන් රාජ්‍ය ණය අනුපාතය පවත්වාගෙන ගොස්‌ තිබෙනවා.
 
 අයවැය කතාවේදී කියනවා දැවන්තම ණය වාරික පොලී ප්‍රමාණයක්‌ ගෙවීමට තියෙන්නේ 2025 දී කියලා. එහෙනම් මේ ආණ්‌ඩුවට නොවෙයි රාජ්‍ය ණය අර්බුදයට මුහුණදීමට සිදුවන්නේ 2020 අලුතෙන් පත්වන ආණ්‌ඩුටයි. මේ ආණ්‌ඩුව කර තිබෙන්නේ ණය අර්බුදය වැඩි කිරීම පමණයි.
 
 මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා,
 
 ලිට්‍රොa ගෑස්‌ සමාගමේ හිටපු සභාපති ශලිලා මුණසිංහ නැමැත්තාගේ ධනයෙන් ජනිත වන ප්‍රතිඵල ඉතාමත් භයානකයි. ශලිල මුණසිංහ ශ්‍රී ලංකා පුරවැසියකු නොවෙයි. ඔහු විදේශ පුරවැසියෙක්‌. ඒ පුද්ගලයා පැමිණ මෙරට දේශපාලන පක්‌ෂයක්‌ හදලා ඒ පක්‌ෂයේ ලාංඡනයෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙන් ඉදිරිපත් කරනවා. ඒ අපේක්‍ෂකයා මැතිවරණය ජයග්‍රහණය කරනවා. ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයකුගේ පක්‍ෂයක්‌ හරහායි මේ රටේ ජනාධිපතිවරයකු පත්කරන්නේ. 
 
 ජිනීවා නගරයේ මානව හිමිකම් සැසිවාරය යන අතරේ විදේශීය නියෝජිතයන් කෙතරම් ද්වේශ සහගත ලෙස අප රට ලුහුබැඳගෙන ගියාද කියලා. අනෙක්‌ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තවත්අය රාජ්‍ය නොවන සංවිධානවල නියොජිතයන් මේ අය රටට, ජනතාවට, රණවිරුවන්ට විරුද්ධව දිගින් දිගටම අභූත චෝදනා ඉදිරිපත් කළා.
 
 නිදසුනක්‌ ලෙස ගතහොත් වයිකෝ මේ රටේ දේශපාලන පක්‍ෂයක්‌ හදලා ඔහුගේ පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කර ඔහු ජනාධිපතිවන්නේ නම් වයිකෝ තමයි ඒ පක්‌ෂය හසුරුවන්නේ. මෙවැනි තත්ත්වයක්‌ ලෝකේ නෑ. මේක තමයි යහපාලනයේ නියම අර්ථය.
 
 දශක ගණනකට මෙවැනි බැරෑරුම් තත්ත්වයක්‌ ඇතිවුණේ නැහැ. ලංකාවේ මහ බැංකුව ශුද්ධ කළා. දැන් කොල්ල කන්නේ විදේශ බැංකු. මේවා කරන්නේ රජයේ ඉහළ තැන්වල ප්‍රබල බලධාරීන්.
 
 මේ රටේ වැදගත් තනතුරු දරන පුද්ගලයන් සිය නිල බලය පාවිච්චිකර සයිබර් ප්‍රහාරයක්‌ එල්ලකර විදේශීය බැංකු මංකොල්ලකා ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියක්‌ නිර්මාණය කර තිබෙනවා.
 
 මේවා කරන්නේ කොහොමද? නම්මුනි කියන පුද්ගලයා ලංකා බැංකුවට ගිහින් ලක්‌ෂ 300 මල්ලකට දාගන්නවා. බැංකුවකට ගිහින් ලක්‌ෂ 300 ක්‌ ඒ ආකාරයට දාගන්න පුළුවන්ද? 
 
 මේ රටේ ජනතාව, ආර්ථිකය ආරක්‌ෂා කිරීමට අපි පනත් රාශියක්‌ ගෙනාවා. මෙවැනි සුවිශේෂ ගනුදෙනු අවස්‌ථාවලදී එහි සුලමුල සෙවීමට. ත්‍රස්‌තවාදී පනතක්‌ ගෙනවා. එහෙමනම් බැංකුවලට අනිවාර්ය යුතුකමක්‌ තිබෙනවා විදේශීය බැංකුවලින් හෝ විදේශීය මූලාශ්‍රවලින් ගලා එන මුදල් කන්දරාවන් පිළිබඳව සොයා බැලීමට. එහෙමනම් ලංකා බැංකුව ලක්‌ෂ 300 ක්‌ මේ පුද්ගලයාට ලබාදුන්නේ කොහොමද?
 
 මුණසිංහ වගේ ලෝක හොරෙක්‌ සභාපති ධුරයට පත්කළේ කවුද? තායිවානයේ මේක ආරම්භ කරපු පුද්ගලයා හා මේ රජයේ ප්‍රබල චරිත අතර තිබෙන සම්බන්ධය කුමක්‌ද? මේ ලැබුණු මුදලින් කොටසක්‌ තවත් විදේශිකයන් දෙදෙනකුට දී තිබෙනවා. ඒ අනුව ලැබුණු සම්පූර්ණ මුදල කොතනටද ගියේ කියා පැහැදිලි නෑ.

One Response to “මහින්ද රාජපක්‌ෂ රජය රට ණය කන්දක හිරකළැයි කියන අගමැතිගේ ප්‍රකාශය මහා බොරුවක්‌ – බන්දුල ගුණවර්ධන (එජනිස)”

  1. NAK Says:

    Ranil Wickremasinghe is a number one idiot.
    First he claimed that MR brought in the 18th amendment to rule the country for his life time and hand over to his heir.
    Now he claims that MR ran away knowing that he will have to face the huge debt burden.
    He so silly or too idiotic to think for a moment didn’t MR know about debt when he wanted the 18A passed.
    He has made it a habit now to utter what ever comes to his mouth regardless whether it is at least believable or not.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress