බෙදිය නොහැකි සහ නොබෙදුනු කියන විශේෂණයත් ෆෙඩරල්ම තමයි-මහාචාර්ය ජී. එල්. පීරිස්‌ කියයි
Posted on October 22nd, 2017

 උදේශ සංජීව ගමගේ උපුටා ගැන්ම දිවයින

මේ වන විට නව ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී වටපිටාවත්, රටේ උද්ගතව ඇති ප්‍රශ්න කිහිපයක්‌ ද මුල් කරගෙන පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ සමඟ දිවයින ඉරිදා සංග්‍රහය කළ සාකච්ඡාවක්‌ මතු දැක්‌වේ.
 
 ප්‍රශ්නය – සති අන්තය වෙනකොට රටේ ප්‍රධානතම මාතෘකාව වුණේa ව්‍යවස්‌ථා සංශෝධනය ගැන මහ නාහිමිවරු කළ ප්‍රකාශයයි. මේ ගැන ඔබේ අදහස මොකක්‌ද?
 
 පිළිතුර – එය ඉතාම පැහැදිලියි. උන්වහන්සේලා ඉදිරිපත් කළේ රටේ මතය. ඒ ගැන විවාදයක්‌ නෑ.
 
 ප්‍රශ්නය – ඒත් අපි දැක්‌කා මේ ප්‍රවෘත්තිය වැරදි බව අගමැතිවරයා කළ ප්‍රකාශයක්‌.
 gl
 පිළිතුර – ඒ ගැන බොහෝම පැහැදිලි පිළිතුරක්‌ මැදගම ධම්මානන්ද හිමියන් ලබාදී තිබුණා. අගමැතිවරයා කීවේ එම ප්‍රවෘත්තියේ සඳහන් පරිදි නාහිමිවරු කිසිවක්‌ නොකී බවයි. එහෙත් මැදගම ධම්මානන්ද හිමියන්aa ප්‍රකාශ කළා, එම ප්‍රකාශය නිකුත් කළේ මහ නාහිමිවරුන්ගේ පූර්ණ අනුමැතිය මත බව.
 
 ප්‍රශ්නය – නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‌ෂය දැඩි විරෝධයක්‌ පළ කරන්න සාධාරණ හේතු තිබෙනවාද?
 
 පිළිතුර – නිවැරදි. සාධාරණ, සත්‍ය හේතු ගණනාවක්‌ තිබෙනවා. මේ කරන්නේ සම්පූර්ණ වංචාවක්‌, ප්‍රොaඩාවක්‌. මොනම ප්‍රතිපත්තියක වුණත් අවම වශයෙන් හෝ අවංක භාවයක්‌ තියෙන්න ඕන. ගමේ භාෂාවෙන් කියනවා නම්, ජනතාව අන්දලා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කිරීම කිසිසේත්ම කරන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. දැන් මොකක්‌ද මේ කරන්නේ. සිංහල භාෂා පිටපතේ “ඒකීය” රාජ්‍ය කියන වචනය භාවිත කරනවා. හැබැයි ඉංගී්‍රසි භාෂා පිටපතේ ඒකීය කියන වචනය ඉංගී්‍රසියෙන් තියෙනවා. කොහොමද තියෙන්නේ ‘unitary’ (යුනිටරි) නමින්. ඒ වචනයට ඉංගී්‍රසි භාෂාවේ නිශ්චිත අර්ථයක්‌ නෑ. ඒක කාටත් නොතේරෙන විදියට සිංහල වචනය යෙදුවා කාටවත් නොතේරෙන්න. දමිළ භාෂාවේ භාවිත කරන්නේ “චරුමිත්ත නාඩු” යන්නයි. එහි තේරුම “විසිරී ගිය ඒකක එක්‌කාසු කිරීම” යන්නයි. ඇත්තටම ‘unitary’ (යුනිටරි) යන්නට නිවැරදිම දමිළ වචනය වටි්‍රඅච්චි යන්නයි. දමිළ භාෂාවෙන් කියන්නේ මෙය නොබෙදුනු රාජ්‍යයක්‌ කියන එකයි.
 
 ප්‍රශ්නය – ඒ කියන්නේ බෙදිය නොහැකි බව කියවෙනවා නේද?
 
 පිළිතුර – නෑ. ෆෙඩරල් රාජ්‍යයකත් බෙදිය නොහැකි නොබෙදුනු රාජ්‍යයක්‌ කියන එකයි. උදාහරණයක්‌ හැටියට ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව, ඉන්දියාව බෙදන්න බැහැනේ. හැබැයි ඒවා ඒකීය රාජ්‍ය නොවෙයි. මේ වචන හරඹය සිංහලයට, ඉංගී්‍රසියට, දමිළට වෙන වෙනස්‌ අර්ථ සපයනවා. දැන් පුන පුනා ප්‍රකාශ කරනවා මේක ඒකීය රාජ්‍යයක්‌ කියලා. එහි වෙනසක්‌ නෑ. මේ නව ව්‍යවස්‌ථා සංශෝධනයේ බොහෝ භයානක කාරණා ගොඩක්‌ තියෙනවා. ඒත් එහි වඩාත්ම සැලකිල්ලට ගත යුතු බියකරුම කාරණය වන්නේ ආණ්‌ඩුකාරවරයාගේ තත්ත්වය සම්පූර්ණ විපර්යාසයකට භාජනය කිරීම. වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ ආණ්‌ඩුකාරවරයා කියන්නේ ඒ ඒ පළාතට අනුව ජනාධිපතිවරයාගේ නියෝජිතයා. ජනාධිපතිවරයා පළාත් නවයේම පාලනය ගෙනි යන්නේ ආණ්‌ඩුකාරවරු හරහා. ඒ කියන්නේ ඔහු ජනාධිපතිවරයාගේ නියෝජිතයා. වර්තමාන ව්‍යවස්‌ථාව යටතේ ආණ්‌ඩුකාරවරයාට තිබෙනවා පුළුල් වගකීමක්‌. දැන් පළාත් සභාවක්‌ සම්මත කරගන්නා පනතක්‌ රටේ ආරක්‌ෂාවට තර්ජනයක්‌, ව්‍යවස්‌ථාව පටහැනියි කියලා ආණ්‌ඩුකාරවරයාට හිතෙනවා නම්, ඔහුට පූර්ණ බලතල තිබෙනවා එය අත්සන් නොකර ඉන්න. එහෙම නැත්නම් ජනාධිපතිවරයාට යොමු කරන්න. ශේ්‍රෂ්ඨාධිකරණයට යොමු කර එය ව්‍යවස්‌ථාවට පටහැනිදැයි විමසන්න. දැන් මේ අතුරු වාර්තාව අනුව ආණ්‌ඩුකාරවරයා වගකියන්නේ ජනාධිපතිවරයාට නොවෙයි. පළාතේ මහ ඇමැතිවරයාට සහ ඇමැති මණ්‌ඩලයට. ඒක බරපතළ වෙනසක්‌. එතැනින් එහාට ආණ්‌ඩුකාරවරයා ක්‍රියාත්මක කරන්නේ මහ ඇමැති නියෝaග මිසක්‌, ජනාධිපතිවරයාගේ නියෝග නෙවෙයි. ඉතාම සරලව කීවොත් එතැනින්ම ඒකීය රාජ්‍යය බිඳ වැටෙනවා. මධ්‍යම රජය සහ පළාත් පාලනය අතර සම්බන්ධතාව ගොඩනඟන පුරුක්‌ එතැනින්ම බිඳ වැටෙනවා. ඒ අනුව පළාත් නවයක වෙනම ආණ්‌ඩු නවයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකියි. වත්මන් ව්‍යවස්‌ථාව යටතේ රටේ කොහේ ඉඩම් තිබුණත් ඒවා අන්සතු කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයා සතුව පමණයි. මෙහෙම ගියොත් ඒ බලයත් පළාත් සභාවලට යනවා. ඊළඟ කාරණය සමගාමී ලැයිස්‌තුවත් අහෝසි කරනවා. නිදසුනක්‌ හැටියට උසස්‌ අධ්‍යාපනය ගත්තොත් එය සම්පූර්ණයෙන් පළාත් සභාවට භාරදීලා නෑ. ප්‍රමුඛ කාර්යභාරය මධ්‍යම රජයට තියෙනවා. එය අවශ්‍යයි. සමගාමී ලැයිස්‌තුව අහෝසි කළ පසු ඒ බලයත් පළාත් සභාවට හිමිවෙනවා. ඊට පසු “සයිටම්” එකත් නෙවෙයි දෙක තුනක්‌ම රට පුරා විවෘත වෙයි. අතුරු වාර්තාවේ විකල්පයක්‌ හැටියට සඳහන් වෙනවා උතුර, නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ගැනත්. මේ සමස්‌තයක්‌a ගත්තොත් ඒකීය රාජ්‍යයක්‌ ඉතිරි වන්නේ නෑ. දමිළ සන්ධානයේ නායකයන් පිටරට ගියාම ඒ අය කියන දෙයක්‌ තමයි සිංහලයෝ මෝඩයෝ ඒ අයට මේක තේරෙන්නේ නෑ. භික්‌ෂූන් වහන්සේලාට ඕන ලේබලය විතරයි. ඉතින් අපි ඒ අයට “ඒකීය” ලේබලය දෙමු, කියන එක. ඊට පස්‌සේ මෙහි ඇතුලාන්තය සම්පූර්ණයෙන්ම ඒ අයට ඕනා විදියට සකස්‌ කරගන්නවා.
 
 ප්‍රශ්නය – ඔබ සඳහන් කළා යුනිටරි ‘unitary’ යන වචනය අතර අපැහැදිලිකම. ඒත් නව ව්‍යවස්‌ථා යෝජනාවලියේ ‘unitary’ යන වචනය සමඟ “නොබෙදුනු සහ බෙදිය නොහැකි” යන විශේෂණ යෙදුම් දෙකක්‌ ඇතුළත් කර තිබෙනවා. ප්‍රධාන පෙළේ දමිළ නායකයන් පවා එයට එකඟ වී තිබෙනවා.
 
 පිළිතුර – “නොබෙදුනු සහ බෙදිය නොහැකි” යන විශේෂණ ෆෙඩරල් රාජ්‍යයකට සම්පූර්ණයෙන්ම අදාළයි. ෆෙඩරල් රාජ්‍ය බෙදන්න බෑ. ඒ වචනය යෙදීමෙන් ‘unitary’ (යුනිටරි) කියන සංකල්පය කිසිසේත් සුරක්‌ෂිත වන්නේ නෑ. ඒ නිර්වචනය සියයට සියයක්‌ පෙඩරල් රාජ්‍යයකට ගැලපෙනවා.
 
 ප්‍රශ්නය – දැන් අපටත් වඩා ඒකීය යෑයි කියන බ්‍රිතාන්‍යයේ සහ ස්‌පාඤ්ඤයෙ, ස්‌කොට්‌ලන්ත සහ කැටලෝනියා සිදුවීම් ගත්තොත් “බෙදීම” සම්බන්ධයෙන් තත්ත්වය “වෙනස්‌” වෙන බවක්‌ පෙනෙන්න තිබෙනවා. ඒ නිසාම ඒකීය වීම නිසා එක්‌සත් බව ඇති වෙතැයි සිතීමත්, ෆෙඩරල් වීමෙන් කැඩී වෙන් වෙතැයි සීතිමත් යම් තරමක අර්බුදයක්‌ නෙවෙයිද?
 
 පිළිතුර – වෙනත් රටවල පූර්වාදර්ශයන් ඒ ආකාරයෙන්ම භාවිත කරන්න පුළුවන්කමක්‌ නෑ. දැන් වේල්සයේ සහ ස්‌කොට්‌ලන්තය ගත්තොත් ඒ රටවල සංස්‌කෘතිය පවා වෙනස්‌. ඒ කිසිවෙකත් ඒකීය රාජ්‍ය සංකල්පයෙන් බැහැර වෙලා ගිහිල්ලත් නෑ. දැන් අපේ 13 වසර ව්‍යවස්‌ථාව සංශෝධනය වුණාත් පදනම් වෙලා තියෙන්නේ ඉන්දියාවේ ව්‍යවස්‌ථා මතයි. වචනයෙන් වචනය අරන් තියෙන්නේ ඉන්දියානු ව්‍යවස්‌ථාවෙන්. හැබැයි ඉන්දියාවේ සමහර ප්‍රාන්ත අපේ රට වගේ විසිපස්‌ ගුණයකටත් වඩා විශාලයි. දැන් සබරගමුව පළාත ගත්තොත් එක මායිමක ඉඳලා අනිත් මායිමට යන්න ඕනෑ නම් මිනින්තු 25 ක්‌ යයි. වෙන රටවල පූර්වාදර්ශයන් කොහෙත්ම අපට ගැලපෙන්නේම නෑ. ඇත්තටම මේ කරන්නේ 2015 ජනවාරි අට මේ ආණ්‌ඩුවට බලය ගන්න උදවු කළ විදේශීය බලවේගවල අවශ්‍යතාවන්ට ඉඩදීමක්‌.
 
 ප්‍රශ්නය – මෙපමණ විරෝධයක්‌ තිබේ නම් ඒකාබද්ධ විපක්‌ෂයෙන් මේ නව සංශෝධනයට යෝජනා ඉදිරිපත් කළේ ඇයි?
 
 පිළිතුර – අපි කරුණු 14 ක්‌ ඉදිරිපත් කළා. ඒවා. අත්‍යවශ්‍ය කොන්දේසි. මේවායෙන් බැහැර වෙනවා නම් අපි කිසිසේත් මෙයට සහාය දෙන්නේ නැති බව අපි කිව්වා. ඒකීය රාජ්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය, සමගාමී ලැයිස්‌තුව අහෝසි නොකිරීම, ජී. එල්. ඉතිරිය
 
 උතුර නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම ආදී වශයෙන් ඒ යෝජනාවලට ඇතුළු වුණා.
 
 ප්‍රශ්නය – දැන් මෙහෙයුම් කමිටු වාර්තාවේ තියෙන විදියට දෙමළ සන්ධානයේ ඉල්ලීම් හැටියට සැලකෙන ෆෙඩරල්, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම වැනි ඉල්ලීම් ප්‍රතික්‍ෂේප වෙලා. බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය නැතිවෙලත් නෑ…..
 
 පිළිතුර – නෑ. ඒ කිසිම කතාවක පදනමක්‌. තේරුමක්‌ නෑ. බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය දෙන අතර අන් සියලු ආගම්වලට එක විදිහට සලකන්න ඕන කියලා. ඒක පරස්‌පරයි. අන් සියලු දේවල්වලට එක විදියට සළකනවා නම් එකකට ප්‍රමුඛස්‌ථානය ලැබෙන්නේ කොහොමද ? ඇයි ඒක වෙනස්‌ කරන්න හේතුව. 9 වැනි වගන්තිය දැම්මේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා. මෙය ව්‍යවස්‌ථාවට ඇතුළු කළේ 78 නොවෙයි 72. මාක්‌ස්‌වාදී නායකයකු වෙලා කොල්වින් ආර් ද සිල්වා මැතිතුමා පිළිගත්aතා එවැනි වගන්තියක්‌ ඇතුළත් කිරීම සාධාරණයි කියලා. අගරදගුරුතුමා පවා එය අනුමත කළා. අනාගමික සංකල්පයකට මේ බොහෝ දෙනෙක්‌ විරුද්ධයි. ඔය අනෙකුත් වගන්තිවලත් තිබෙන්නේ එවැනි සැඟවුණු විකල්ප. ආණ්‌aඩුව මර්දනයක්‌ දියත් කරමින් තමන්ගේ කාරිය ඉෂ්ට කරගන්නැයි උත්සාහ දරන්නේ.
 
 ප්‍රශ්නය – නව ව්‍යවස්‌ථාව වෙනුවෙන්ද ඒ මර්දනය දියත් වෙන්නේ.
 
 පිළිතුර – සියල්ල වෙනුවෙන් දැන් මැතිවරණය සතියෙන් සතිය කල් දානවා ජනතාව පීඩනය දරා ගන්න බැරිව පාරට බහිනවා. පොලිසිය නිල ඇඳුමින්ම ජනතාවට පහර දෙනවා. කන පලනවා. මේ දකුණේ. දැන් උතුරේ මොකක්‌ද වෙන්නේ අධිකරණය මේවා තහනම් කරනවා. පොලිසිය නිකං බලා ඉන්නවා. බෙලහීන පොලිස්‌ සේවයක්‌ තිබෙන්නේ. ටී. එන්. ඒ. තමයි එය මෙහෙයවන්නේ. ජනාධිපතිවරයා ගියා. ඒත් උද්ඝෝෂණ නැවැත්තුවාද? එය කරන්න පොලිසියට හයියක්‌ නෑ.
 
 ප්‍රශ්නය – මහින්ද රාජපක්‍ෂ යුගයේදීත් මර්දනයක්‌ දියත් වුණා කියන චෝදනාවක්‌ තියෙනවා. රතුපස්‌වල සිද්ධිය, කටුනායක සිද්ධිය මේ ආදී වශයෙන් රටේ කතාබහට ලක්‌වන සිදුවීම් කිහිපයක්‌ තියෙනවා.
 
 පිළිතුර – ඔය සේරම චෝදනානේ. එකක්‌වත් ඔප්පු කරගන්න බැරි වුණානේ. හිටපු ජනාධිපතිවරයා ඔහුගේ ආණ්‌ඩුව බැසිල් ගැන ඕනෑතරම් දේවල් කතා වෙනවා.දැන් ඩුබායි බැංකුවක තියෙනවා කියන රාජපක්‍ෂවරුන්ගේ විශාල මුදල් ප්‍රමාණයක්‌ ගැන කතා වුණා. සතපහක්‌ හොයාගන්න බැරි වුණා. මේ වෙනතෙක්‌. දියුණු තාක්‍ෂණයක්‌ තිබියදී එවැන්නක්‌ සොයාගන්නට බැහැ කියන එකත් මුළාවක්‌. දැන් රවී කරුණානායක මුදල් ඇමැති හැටියට තමන්ගේ පවුලේ උදවියට කුලියට ගත්ත ගෙදරට මුදල් ගෙව්වේ හොර සමාගමකින්. ඊළඟට ඒ ගෙදර මිලදී ගත්තෙත් එවැනිම ආකාරයකටයි. මේවා ඔප්පු වූ දේවල් නොවේ, චෝදනා. මේ සංස්‌කෘතිය එජාප ය අනුමත කරනවා. පිළිගන්නවා. ඒ අයට හිරිකිතයක්‌ නෑ. පර්පෙචුවල් සමාගම සම්බන්ධයෙන් අගමැතිවරයා දිවුරුම් ප්‍රකාශ දෙන්න උත්සාහ කරනකොටත් අපිට හිතෙන්නේ මෙය එජාපයේ උපන්ගෙයි ලක්‍ෂණයක්‌ කියලයි.
 
 ප්‍රශ්නය – හැබැයි පර්පෙචුවල් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු කොමිසම හමුවේ කියනවා. 2014 දීත් පර්පෙචුවල් සමාගම තමන්ට රාජ්‍ය තොරතුරු ලබා දුන් අයට මිලියන 94 ක්‌ ගෙවූ බව. ඒ කියන්නේ ඒ යුගයේදීත් මේ වංචාව ඒ විදියටම සිද්ධ වෙලා තිබෙනවා.
 
 පිළිතුර – නෑ. ඒක වැරදි තර්කයක්‌. කවුරුන් හෝ යම් කිසි මුදලක්‌ ලබා ගත්තා නම් ඒකට ඒ කාලයේ හිටපු සමස්‌තයම වැරදිකාරයන් වෙන්නේ කොහොමද? ඒක වෙනම තත්ත්වයක්‌. දැන් මෙතැනදී ඒ නිලධාරීන් සෘජුවම කියනවා. හිටපු මුදල් ඇමැතිවරයා පෞද්ගලිකවම උපදෙස්‌ දුන්නා. අඩු මුදල් අනුපාතයකට ලංසු තබන්නට. එසේ ලංසු තැබීම තුළින් රාජ්‍ය බැංකුවලට ලබාගන්න තිබ්බ විශාල ලාභයක්‌ අහිමි වූ බව කියන්නේ වෙන කවුරුත් නොවෙයි, ඒ රාජ්‍ය බැංකුවල ප්‍රධානීන්මයි. ඒ නියෝගය දෙන්නේ මුදල් ඇමැතිවරයා. මේවා ඔප්පු වෙච්ච දේවල්. “අර්ජුන මහේන්ද්‍රන් කරන දේවල් ගැන පෞද්ගලිකව මම වග කියනවා” යනුවෙන් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළා. දැන් අගමැතිවරයා මේ වගකීම භාරගන්නවාද?

One Response to “බෙදිය නොහැකි සහ නොබෙදුනු කියන විශේෂණයත් ෆෙඩරල්ම තමයි-මහාචාර්ය ජී. එල්. පීරිස්‌ කියයි”

  1. Senerath Says:

    “දැන් අපේ 13 වසර ව්‍යවස්‌ථාව සංශෝධනය වුණාත් පදනම් වෙලා තියෙන්නේ ඉන්දියාවේ ව්‍යවස්‌ථා මතයි. වචනයෙන් වචනය අරන් තියෙන්නේ ඉන්දියානු ව්‍යවස්‌ථාවෙන්. හැබැයි ඉන්දියාවේ සමහර ප්‍රාන්ත අපේ රට වගේ විසිපස්‌ ගුණයකටත් වඩා විශාලයි. දැන් සබරගමුව පළාත ගත්තොත් එක මායිමක ඉඳලා අනිත් මායිමට යන්න ඕනෑ නම් මිනින්තු 25 ක්‌ යයි.”

    This is not true. In our constitution, there is no ‘UNION’ which has specilal provisions to make India indivisable.

    As GL says later in here “දැන් පළාත් සභාවක්‌ සම්මත කරගන්නා පනතක්‌ රටේ ආරක්‌ෂාවට තර්ජනයක්‌, ව්‍යවස්‌ථාව පටහැනියි කියලා ආණ්‌ඩුකාරවරයාට හිතෙනවා නම්, ඔහුට පූර්ණ බලතල තිබෙනවා එය අත්සන් නොකර ඉන්න. එහෙම නැත්නම් ජනාධිපතිවරයාට යොමු කරන්න. ශේ්‍රෂ්ඨාධිකරණයට යොමු කර එය ව්‍යවස්‌ථාවට පටහැනිදැයි විමසන්න”, we have to depend on interpretations and individuals to preserve unitary nature. If somehow ශේ්‍රෂ්ඨාධිකරණය is infiltrated by seperatists such as Vignashwaran, we are finished.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress