අලුත් ව්‍යවස්ථාව ඉල්ලන්නේ කවුද..සංහිදියාව කුමක්ද.. වියත් මගේදී ගෝටා කල මනරම් දෙසුම මෙන්න..
Posted on October 22nd, 2017

ප‍්‍රදීප් අනුර කුමාර lanka C news

යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාව සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථාවක් හෝ බලය බෙදීමක් අවශ්‍ය වී ඇත්තේ දේශපාලඥයන්ට මිස සාමාන්‍ය දෙමල ජනතාවට නොවන බවයි.

අද නව ව්‍යවස්තාවක් ගෙන ඒමට සූදානම් වන්නේ එදා ත‍්‍රස්තවාදය යුද්දයෙන් අවසන් කල නොහැකි බව කී අයම බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ වියත්මඟ විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වන ලද සම්මන්ත්‍රණයට ගම්පහ, වෙට් වෝටර් හෝටලයේ දී ඊයේ (22) එක්වෙමිනි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

වියත් මඟ සංවිධානය දේශපාලනිකව ජනතාව ඉදිරියට ගෙනියන්න කටයුතු කරන සංවිධානයකටත් වඩා බුද්ධි ඒකකයක් වශයෙන කටයුතු කිරීමටයි ආරම්භ කළේ. දැන් වසරක පමණ කාලයක් තිස්සේ අපි සමඟ වැඩ කරන වියතුන් විසින් විශාල වැඩ කොටසක් ඉටු කරලා තිබෙනවා. තවත් පිරිස සම්බන්ධ වෙනවා නම් අපිට තවත් සාර්ථකව තවත් කටයුතු ඉටු කරන්නට පුළුවන්.

අද රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. කමල් ගුණරත්න මහතා දෙවන ලුතිනන්වරයකු සිට මේජර් ජෙනරාල්වරයකු වන තුරුම ජීවිතය ගත කළේ මේ යුද්ධය අවසන් කිරීමටයි. ජනාධිපතිවරුන් පස්දෙනෙක් විවිධ ආණ්ඩු ගණනාවක් යටතේ මේ වසර තිහක් තිබුණු යුද්ධය ගැන කල්පනා කළොත් එක්තරා කණ්ඩායමක් හිටියා යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැයි කියල විශ්වාස කරපු.

යුද්ධය තුළින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියලයි ඒ අය කිව්වේ. විදේශීය වශයෙන රාජ්‍ය නොවන කොටස් වගේම දෙමළ ඩයස්පෝරාව කියලා ජිනීවාවලට බලපෑම් කරන කොටස් එදා කිව්වේ ලෝකෙ කොහේවත් යුද්ධයෙන ත්‍රස්තවාදය අවසන් කරලා නැහැ කියලයි. 2005 මම ආරක්ෂක ලේකම් තනතුර භාරගන්න අවස්ථාවේ දී මේ අය මට කිව්වෙත් ඒකමයි.

අපි ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ අද මේ රටේ සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන නව ව්‍යවස්ථාවක් ගේන්න කියන්නේත් මේ කණ්ඩායමම නොවෙයිද කියලා කල්පනා කරලා බලන්න. සටන් විරාම ගිවිසුම් ගේන්න කටයුතු කරපු අයම තමයි සංහිඳියාව වෙනුවෙන නව ව්‍යවස්ථාවක් ගේන්න කියල කතා කරන්නේ. එදා යුද්ධය නතර කරලා රට බෙදන්න ක්‍රියාකරපු අයම තමයි ඔවුන්ගෙ ඒ කාර්යය සංහිඳියාව තුළින් කරන්නට හදන්නේ.

අපි යුද්ධය අවසන් කළාට පස්සේ යුදමය ජයග්‍රහණයටත් වඩා ජයග්‍රහණයක් පශ්චාත් යුද සමයේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට ලබ දුන් ජයග්‍රහණ තුළින් ලැබුවා. නමුත් මේ ජයග්‍රහණය ගැන ඔය කියන කණ්ඩායම වචනයක්වත් කතා කළේ නැහැ. පශ්චාත් යුද සමයේ සංහිඳියාව වෙනුවෙන් අපි කරපු කාර්යයන්ගෙන දාහෙන් එකක්වත් මේ රජය ඇවිත් අවුරුදු තුනටම කරලා නැහැ.

අවසානයේ දී වසර ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙනාපු පළාත සභා ක්‍රමය යටතේ පළමු වතාවට උතුර පළාත් මැතිවරණය පවා පැවැත්වුවේ අපෙ රජය විසින්. මේවා ගැන කවුරුවත් කතා කළේ නැහැ. ජනතාව අතර සංහිඳියාව ඇති කරන්න පුළුවන් වන්නේ ජනතාවගෙ පොදු ප්‍රශ්නවලට විසැඳුම් දීමෙන් මිසක් බලය බෙදීමෙන් නොවයි.

මේකට හොඳම උදාහරණය තමයි ඉන්දියාව. නිදහසත් සමඟ රටවල් දෙකක් කළා. අවසානයේ දී ඒක රටවල තුනකින් අවසන් වුණේ. ලෝකයේ තියෙන ලොකුම සතුරෝ දෙන්නා බවට ඉන්දියාව සහ පාකිස්ථානය පත්වෙලා. රට බෙදුවා කියල ප්‍රශ්නය විසැඳුණේ නැහැ. ප්‍රශ්නය තමා එතැනමයි. 2009 සිට 2014 දක්වා කාලය තුළ අපි ප්‍රශ්නය අමතක කළා කියල සමහරු චෝදනා කරනවා.

ඒ චෝදනාව නඟන්නෙත් මේ බලය බෙදිය යුතුයි කියන තැන ඉන්න අය. යුද්ධය අවසන් කළාට පසුව උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසැඳීමට අපි ගත් පියවර රැසක් තිබෙනවා. අපි කරපු දේවල් ජනතාවට පැහැදිලි කර දීමෙ අරමුණ ඇතිව උතුරු සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරුන් දෙපළ ලවා වියත්මඟ විසින් පොත් පිංචක් සකස් කළා.

උතුරේ හමුදාවට අයත් කරගෙන තිබුණු භූමියෙන් සියයට අනූපහක්ම නිදහස් කළේ අපි විසින්. පලාලිවල අධිආරක්ෂිත කලාපය පමණයි අපට නිදහස් කරන්න බැරි වුණේ. මම හිතන්නේ නැහැ මෙ රජය අඟලක්වත් භාර දුන්නා කියලා. මේ ගැන දෙමළ නායකයන් හෝ විදේශීය ආයතන කතා කරන්නේ නැහැ. අපෙ රජය සංහිඳියාව වෙනුවෙන් වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

ත්‍රස්තවාදය අවසන් වීමත් සමඟ ළමා සොල්දාදුවන් අද පාසල් යනවා. අද ඔවුන්ගෙ කරේ සයනයිඩ් කරල් නැහැ. අපි එදා ත්‍රස්තවාදීන් ලෙස හිටපු තරුණයන් 14000ක් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කළා. මේවා නොවේද සංහිඳියාව වෙනුවෙන් කළ යුතු කරුණු? එදා ත්‍රස්තවාදීන්ට පිටරට සිට උපක්‍රම සපයපු, ආයුධ එවපු, මුදල් සපයපු අය රටේ ව්‍යවස්ථාව සැකසීමට මූලික වෙලා ඉන්නේ?

ඒ අයගේ වුවමනාවන්වෙනුවෙන් කරන ව්‍යවස්ථාව මොන ආකාරයේ ව්‍යවස්ථාවක්ද කියලා අපට හිතාගන්න පුළුවන්. මේකට අපෙ රටේ ඉන්න උගතුන් බුද්ධිමතුන්ට විශාල වැඩකොටසක් කරන්න පුළුවන්. රටේ පාලනය දේශපාලකයන්ට භාර දීලා ඡන්දයක දී පමණක් ඉදිරියට ඒම නොවෙයි අපි කළ යුත්තේ. උගතුන් බුද්ධිමතුන් වඩාත් ක්‍රියාත්මක විය යුතු කාලයක් දැන එළැඹ තිබෙනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

5 Responses to “අලුත් ව්‍යවස්ථාව ඉල්ලන්නේ කවුද..සංහිදියාව කුමක්ද.. වියත් මගේදී ගෝටා කල මනරම් දෙසුම මෙන්න..”

  1. Senerath Says:

    හැබැයි උන් ගේනකොට ඒකම හොඳයි, මුන් ගේනවිට නරකයි ප්‍රතිපත්තියට අපි නො අසුවෙමු ! . ​

    සිංහලයෙනි අවදිවව්! කිසි බෙදා හැරීමක් මුන්ට නොදෙව් ! 13 වැනි සංශෝධ්නය අහෝසි කරව් !

  2. Senerath Says:

    පඹයෙක් බණ කියයි
    මේ පඹයාගෙන් කුඹුර ආරක්‍ෂා වෙන්නේ නැහැ. මොකද ඌ බය කරන්නේ මිනිසුන් වය්. සතුන්ව නොවේ.

    රට බෙදන ව්‍යවස්ථාවකට දිවි ඇතිතුරු අත්සන් කරන්නේ නෑ‘ – කථානායක

    (පුෂ්පකුමාර මල්ලවආරච්චි)

    රට බෙදන, රට කඩන, බෞද්ධාගමට හෝ වෙනත් කිසිදු ආගමකට හානිවන මොනයම් කරුණක් හෝ අඩංගු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා කතානායකවරයා ලෙස තමන් දිවි තිබෙන තුරු සිය සහතිකය සටහන් නොකරන්නේ යැයි කතානායක කරූ ජයසූරිය මහතා අද(22) මීරිගමදී පැවසීය.

    ජයසූරිය මහතා මේ බව ප‍්‍රකාශ කළේ මීරිගම ශුද්ධ වූ ජපමාල දේවමාතා දේවස්ථානයට අවුරුදු සියයක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

    ‘‘මම පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තාම ව්‍යවස්ථාවක් ගැන දන්නේ නෑ. දැකලත් නෑ. ඕනෑම කෙනෙකුට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගේන්නත් පුළුවන්. සමහර ඒවා රට බෙදන රට කඩන යෝජනා වෙන්නත් පුළුවන්. නමුත් ඒවා යෝජනාවන් පමණයි. ව්‍යවස්ථාවක් ලෙස පර්ලිමේන්තුවේ සම්මත වන්නේ කතානායකවරයා ලෙස මා ඊට අත්සන් කළොත් පමණයි‘‘ යැයි ද කථානායකවරයා කීය.

  3. Kumari Says:

    Over 25 centuries ago, the Buddha preached that if you have any doubts in what I have said, refer to the Dhamma. Following this rule, when you visit the number of times the present Parliamentary Speaker has hoodwinked himself, the parliament and the people are innumerable. Karu Jayasuriya is a bigger traitor than Ranil and Sirisena.

  4. NAK Says:

    Karu(wala)Jayasooriya is never to be trusted. He is a first rated puppet of Ranil Wikkamasinghe.

  5. NAK Says:

    It looks like we are not seeing the real enemy.
    Who really wants this new constitution and why.
    It is the USA that wants this constitution and why because The Singhala Buddhists will never willingly give away Tricomalee for a US military base but citizenry of Eelam will not object to that so they will not have any problems back home from their people.
    Those who bat for this treachery must be tried and punished for treason.
    What our so called leaders do here is mind boggling. The separatists here are carrying on with their project as if there is no government.
    Even in Tamil Nadu separatist puppets like waiko and Nedumaran are jailed the moment they get out of line.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress