ජනාධිපති පති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැනයට පිළිතුරක්.
Posted on October 23rd, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ජනාධිපති පති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැනයට පිළිතුරක්.

“බලය බෙදීමට විරුද්ධ නම් ඊට විකල්ප යෝජනාව කුමක්ද?”

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රශ්නය මුළු රටෙන්ම අසා තිබේ. ගරු ජනාධිපතිතුමණි ඔබ ඇසු ප්‍රශ්නයට පිළිතුරු අපි සතුව තිබේ.නැසූ කනින් නොසිට ඇසුව මැනව.

බලය බෙදීමට විරුද්ධනම් ඊට ඇති විකල්පයද වන්නේ බලය බෙදීමයි. ඒ ඔබ බෙදීමට යෝජනා කරන බලය නොව, ස්වභාවය යෝජනා කරන බලය බෙදාදීමයි. ස්වභාවය යෝජනා කරන බලය බෙදීම යනු කවරේදැයි විස්තර කරදීමේ කාර්යය අප සතුව පවතී. අප එය විස්තර කරන්නේ මෙසේය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාව සදහා මෙරට ජනතාවගේ යෝජනාවන් මෙසේ විය යුතුය.

  1. හදුන්වාදීම

1.a. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාව සෘජුවම කටයුතු කරන්නේ, මෙරට පුරවැසියන් වන 22,053,488 ජනතාවගේත් වාර්ෂිකව .84% වේගයෙන් ජනගහන වර්ධනය හේතුවෙන් සමාජයට එක්වන අනාගත පුරවැසියන්ගේත් අභිවෘද්ධිය සදහා පමණි..

1.b.ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාව සෘජුවම පෙනී සිටින්නේ වර්තමානයේ,  මෙරට වාර්ගිකව,
1.b.a. සිංහල                     74.9%
1.b.b.
ශ්‍රී ලාංකික දෙමළ    11.2%
1.b.c.
ඉන්දීය දෙමළ           4.2%
1.b.d.
මුස්ලිම්                    9.2%
1.b.e.
අනකුත්                   0.5% යන වාර්ගික අනුපාතයකින් යුත් ශ්‍රී ලාංකීය ජනසමාජයේ අභිවෘද්ධිය සදහා පමණි.

1.c.ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාව සෘජුවම පෙනී සිටින්නේ වර්තමානයේ, මෙරට ආගමිකව.

1.c.a. බෞද්ධ                       70.2%

1.c.b. හින්දු                          12.6%

1.c.c  ඉස්ලාම්                        9.7%

1.c.d. රෝමාණු කතෝලික     6.1%

1.c.e. අනිකුත් ක්රිස්තියාණික  1.3% යන ආගමික අනුපාතයකින් යුත් ජනසමාජයේ අභිවෘද්ධිය සදහා පමණි.

1.d. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාව සෘජුවම පෙනී සිටින්නේ වර්තමානයේ මෙරට වයස් අනුපාතය අනුව

 

1.d.a.  වයස අවුරුදු 0 – 14 දක්වාවූ  24.58%

1.d.b.  වයස අවුරුදු 15 – 24 දක්වාවූ 14.77%

1.d.c. වයස අවුරුදු  25 – 54 දක්වාවූ 41.9%

1.d.d  වයස අවුරුදු  55- 64 දක්වාවූ  9.72%

1.d.e. වයස අවුරුදු  65 ඉහල           9.04% යන වයස් සීමා අනුපාතයන් අතර සිටින ජනසමාජයේ අභිවෘද්ධිය සදහා පමණි..

2 දේශපාලන ක්රමය:

හදුන්වාදීම:

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය තුල ජීවත්වෙන සියළුම මිනිසුන්ට,සිය ජීවන කටයුතු සාර්ථකව පවත්වා ගැනීම සදහා, ස්වභාවය විසින් අපේක්ෂා කරන දේ, අවබෝධ කරගෙන,  නිසි වයසේදී ඇවැසි දේ, නිසි ලෙස ලබා ගැනීමට මංපෙත් විවර කරදීමට වුවමනා පරිසරය සකස් කරදිය හැකි දේපාලන ක්රමයක් ස්ථාපනය කිරීම, මේ  ව්‍යාවස්තාවේ මූලික අරමුණයි,

එක් එක් පුද්ගලයාගේ නිදහස් වර්ධනය, පවුල හා පවුලේ සාමූහිකත්වය මත ගොඩනැගෙන වර්ධනය,හා  එම පදනම මත ගොඩනැංවෙන ග්රාම සේවා වසමේ වර්ධනය, මෙම යෝජිත දේපාලන ක්රමය අපේක්ෂා කරයි.
2.a.
වයස අවුරුදු 0 සිට 14 දක්වාවූ ජනගහණය, මුළු ජනගහනයෙන් 24.58% කි. මේ පරපුර, රටෙහි මතු ජීවනාලියයි. මතු පරම්පරාව වන ඔවුන්ගේ අවශ්යතාවයන්ට ප්රමුඛත්වයක් ලබාදීමට මේ දේශපාලන ක්රමයට හැකිවිය යුතුය. සදහා,

2.a.a. මේ දරුවන්ට මව්පිය රැකවරණය අනිවාර්යෙන්ම ලබාදීමට මේ දේශපාලන ක්රමයේ ප්රමුඛ කටයුත්තක් විය යුතුය.

2a.b. මේ දරුවන්ට ශාරීරික පෝෂණය හා මානසික පෝෂණය නිසි ලෙස ලබාදෙන සමාජයක් ගොඩනැංවීමට මේ දේශපාලන ක්රමයක්ට අයිති කාර්යයකි.

2.b. වයස අවුරුදු 15 – 24 දක්වාවූ 14.77% තරුණ ජනගහණය රටට වැඩදායක පරපුරක් කිරීම සදහා, උසස් අධ්යාපනයට සුදුසුකම් ඇති හැම දෙනාටම අයිතිවාසිකම ලබාදිය හැකි දේශපාලන ක්රමයක් මෙහි ස්ථාපිත විය යුතුය.  උසස් අධ්යාපනය ලබන උගතා හා බුද්ධිමතා, රුකියා උත්පාදකයින් බවට පත්වෙන සමාජ ක්රමයක් ගොඩනංවන දේශපාලනයක් මේ රට තුල නිර්මාණය විය යුතුය.

2.c.වයස අවුරුදු  25 – 54 දක්වාවූ 41.9% පරපුරට පවුලක් නඩත්තු කල හැකි ආදායමක් හා පවුලකට නිවසක් අනිවාර්යෙන්ම හිමිකර දෙන දේශපාලනයක් මේ රට තුල තිබිය යුතුය.

2.d. වයස අවුරුදු  65 ඉහල  9.04% පරපුරථ සිය සැදෑ සමය නිදහස්ව නිවහල්ව ගත කරමින් තම අත් දැකීම් තුලින් ලද දැනුම් සම්භාරය අනාගත ලංකාවේ අභිවෘද්ධිය සදහා යෙදවිය හැකි සමාජයක් නිර්මාණය කල හැකි දේශපාලනයක් මෙහි තිබිය යුතුය. තවද මෙරට වර්තමානයේ සදහන් වන උපරිම ආයු කාලය  අවුරුදු 76.5 වශයෙන් සටහන්ව ඇති බැවින් යෝජිත දේශපාලනයට ජනතාවගේ උපරිම ආයු කාලය, අවුරුදු 76.5 ක් වශයෙන් පවත්වාගෙන යාමට හෝ ඊට වැඩි ආයුකාලයක් ලබාදෙන තලයකට මේ රට පරිවර්තනය කිරීමේ දේශපාලනයක් අවශ්යව ඇත.

2.e. “එක් එක් පුද්ගලයාගේ නිදහස් වර්ධනය, මුළුමහත් සමාජයේ නිදහස් වර්ධනයයි” යන සම්මතයේ පිහිටා කටයුතු කරන දේශපාලනයක ආරම්භය මේ රටට අවශ්යම සාධකයක් බවට පත්ව ඇත. අනුව,

        2.e.a. එක් එක් පුද්ගලයාගේ නිදහස් වර්ධනයට උපකාරීවන,

        2.e.b. පුද්ගලයන්ගෙන් සංයුක්ත පවුලේ, නිදහස් වර්ධනය මනාව පෝෂණය කරන,

        2.e.c. පවුල්වලින් සංයුක්ත ග්රාමසේවා වසමෙහි නිදහස් සංවර්ධනය බලගන්වන,

        2.e.d. එවැනි  ග්රාමසේවා වසම් වලින් සංයුක්තව ගොඩනැවෙන ප්රාදේශීය සභා, නගර සභා, හා මහා නගර සභාවන් මගින් නිදහස්ව සංවර්ධනය වන සමාජයට දායකත්වය සපයන්නාවූද,

        2.e.e. එම ප්රාදේශීය සභා, නගර සභා, හා මහා නගර සභාවල් ඇතුලත්ව ගොඩනංවා ඇති පලාත් සභාවල නිදහස් සංවර්ධනය උර දෙන,

        2.e.f.  සභාවලින් සමන්වතව, නිදහස් සංවර්ධය සදහා, මුළුමහත් රටක් මෙහෙය විය හැකි. පාර්ලිමේන්තුවක් ගොඩනංවන්නට සමත් වන්නාවූ, නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාවකි මෙය.

  1. පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු මැතිවරණය.

හැදින්වීම

මේ යාන්ත්රණයේ  පාර්ලිමේන්තුවේ කාර්යභාරය වන්නේ,

වගන්ති 2.e.a. වලින් ඉල්ලා සිටින එක් එක් පුද්ගලයාගේ නිදහස් වර්ධනයට ඇවැසි පරිසරය ගොඩනැංවීමට, උපකාරීවීම

වගන්ති  2.e.b.වලින් ඉල්ලා සිටින  පුද්ගලයන්ගෙන් සංයුක්ත පවුලේ නිදහස් වර්ධනයට මනාව පෝෂණය කිරීමට පදනම ගොඩනැංවීම

 වගන්ති  2.e.c. වලින් ඉල්ලා සිටින පවුල්වලින් සංයුක්ත ග්රාමසේවා වසම නිදහස්ව සංවර්ධනයට බලගන්වන, පදනමක් නිර්මාණය කිරීම.

වගන්ති  2.e.d. වලින් ඉල්ලා සිටින ඒ  ග්රාමසේවා වසම් වලින් සංයුක්තව ගොඩනැවෙන ප්රාදේශීය සභා, නගර සභා, හා මහා නගර සභාවල නිදහස්ව සංවර්ධනයට දායකත්වයට නිර්මාණාත්මකව උපකාරී කිරීම..

වගන්ති  2.e.e. වලින් ඉල්ලා සිටින එම ප්රාදේශීය සභා, නගර සභා, හා මහා නගර සභාවල් ඇතුලත්ව ගොඩනංවා ඇති පලාත් සභාවල නිදහස් සංවර්ධනයට උපකාරී කිරීමය.

3.a. මේ අනුව පාර්ලිමේන්තුවේ මූලික වගකී්ම් සම්භාරය වන්නේ,

        3.a.a. පුද්ගලයාගේ නිදහස් වර්ධනය

        3.a.b. පවුලේ නිදහස් වර්ධනය

        3.a.c. ග්රාමසේවා වසමේ නිදහස්ව සංවර්ධනය

        3.a.d. නගර සභා, හා මහා නගර සභාවල නිදහස්ව සංවර්ධනය

         3.a.e. පලාත් සභාවල නිදහස් සංවර්ධනය

යන ඉලක්කයන් ජය ගැනීමයි.  ඉලක්කය ජය ගත හැකි, නිවැරදිව ඉටුකරන දිසාවට රට මෙහෙය වීමයි. 

3.b.මේ සදහා වූ නිදහස් කතිකාවත:

3.b.a.අප මේ කථා කරන්නේ, පුද්ගලයා, පවුල, සමාජය යන ආයතන තුනේ නිදහස් සංවර්ධය ඉලක්ක කරගත් පාර්ලිමේන්තුවක අවශ්යතාවයයි. මේ කටයුත්ත හැර වෙන කිසිදු කාර්යයක් කිරීමට මේ යෝජනා කරන ව්යස්ථාපිත පාර්ලිමේන්තුවට අවසර නැත.

3.b.b. පුද්ගලයා, පවුල, සමජය යන ආයතන තුන ස්වභාවයේ නිර්මාණයන්ය. ස්වභාවය, මේ ආයතන තුන නිර්මාණය කිරීමට පෙර, මේ ලෝකය ඊට උචිත ආකාරයට සකස් කරන ලදී. අනුව, මේ ත්රිත්වයේ “නිදහස් සංවර්ධනය “සදහා, අවශ්ය කරන ප්රධාන අවශ්යතා සැපයීම සදහා, පරිසර පද්ධතියක් නිර්මාණය කරන ලදී. අනුව,

                3.b.b.a. ජීවයට හිතකර වා ගෝලයක්.

                3.b.b.b. ජීවයට හිතකර ජලාශ්ර පද්ධතියක්.

                3.b.b.c. සෑම මිනිසෙකුටම අවශ්ය ආහාර පහසුවෙන් ලබා ගැනීමට ඇවැසි පරිසරය සකස් කිරීම, මේ පාර්ලිමේන්තුවේ ප්රධාන වගකීමකි.

3.b.c. මේ අනුව, මේ අප කථා කරන පාර්ලිමේන්තුව, මේ පරිසර පද්ධතිය, සුරැකීම, හා ප්රවර්ධනය කිරීමට බැදී සිටී.

3.b.d. මේ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාලනය තුල පුද්ගලයා, පවුල, සමජය යන ආයතනයන්ගේ පැවත්මට මහෝපකාරීවන,

            3.b.d.a. ඔක්සිජන් වායුව සපයන වනාන්තර පද්ධතිය, නාගරික හා ග්රාමීය  වෘක්ෂ පරජාව මනාව සංඝණයකට භාජනය කර, සුරක්ෂිත කිරීම හා ප්රවර්ධනය කිරීමට බැදී සිටී.

            3.b.d.b. මුළු මහත් ලක් දෙරණට වර්ෂාව පතිත කිරීමට දායකවෙන හා එම බිම මත පතිත ජලය සුරකින වනාන්තර පද්ධතිය, නාගරික හා ග්රාමීය  වෘක්ෂ පරජාව සුරකීම, සියළුම ජලමූලාශ්ර රැක ගැනීම, ගංගා ඇල දොල, වැව් හා මුහුද, අපද්රව්ය බැහැර කරන ස්ථාන වශයෙන් නොසලකා. මනාව සුරැකිම සදහා යාන්ත්රණයක් නිර්මාණය කිරීමට, පාර්ලිමේන්තුව බැදී සිටී..

            3.b.d.c. කෘෂිකර්මාන්තයට ඉහළම පහසුකම් සැපයීමට පාර්ලිමේන්තුව විසින් විශේෂ විධි විදාන යෙදිය යුතුය.

  1. ජීවිතය හා කාලය

හදුන්වාදී‌ම: සෑම ජීවයෙකුටම ජීවත්වීමට කාලයක් ලබාදී ඇත. එය ස්වභාවයේ නියමයන්ට අනුකූලව සකස්කරන ලද්දකි. උපරිම වශයෙන් වර්ෂ 120කට ආසන්න ආයුකාලයක් මිනිසාට උරුමව ඇත. නමුත් කාලාන්තරයක් මුලුල්ලේ නිර්මිතව ඇති තත්වයන් මත එය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය තුල වසර 76.5කට සීවාවී ඇත. මේ අනුව වසර 43.5ජීවත්වීමේ ආයු කාලයක් අප විසින් අහිමි කරගෙන ඇති බවද සැලකිල්ලට ගත යුතුය.

ජීවිතයක ඉතාම වැදගත් වන්නේ එයට ජීවත්වීමට ලබාදී ඇති කාලයයි. ජීවිතයට, නිරෝගීමත්ව උපරිම ජීවිත කාලයක් ලබාදීම අප යෝජනා කරන ව්‍යාවස්තාවේ වැදගත්ම කටයුත‌්ත විය යුතුය.

ස්වභාවය ජීවිතය වර්ගීකරය කරයි. එය,

4.a.පෙර ළදරු අවදිය

4.b. ළදරු අවදිය

4.c. ළමා අවදිය

4.d.ගැටවර අවදිය

4.e.තාරුණ්ය

4.f.පසු තාරුණ්ය

4g. මැදිවිය.

4.h.සැදෑ සමය වශයෙනි,
4.a.පෙර ළදරු අවදිය:

මේ අවධිය සාර්ථක මිනිසෙකු බිහි කිරීමේ  ආරම්භයයි. මේ ගැබ සුරැකීම, මව, පියා, සමාජය හා රජය සතු කාර්යයක් බව මේ ව්‍යාවස්තාව සහතික කරයි.

4.b. ළදරු අවදිය:

බිහිවූ දරුවාව රැකබලා ගැනීමද මව, පියා, සමාජය හා රජය සතු කාර්යයක් බව මේ ව්‍යාවස්තාව සහතික කරයි.

4.c. ළමා අවදිය:

ළමයා නිදහස් පරිසරයක, පාරිසරික, අධ්යාපනික, කායික, හෝ මානසික පීඩනයකින් තෝරව ගොඩනංවිය යුතු බවත්  සදහා නිදහස් වර්ධනයකට අවශ්ය පසුබිම නිර්මාණය කිරීමට මෙම ව්‍යාවස්තාව සහතික කරයි.

4.d.ගැටවර අවදිය:

මෙය ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. මේ අවදියේදී, නිදහස් වර්ධනයක් සදහා අවශ්ය උපදේශාත්මක පසුබිමක් නිර්මාණය කිරීමට මෙම ව්‍යාවස්තාව සහතික කරයි.
4.e.තාරුණ්ය: උසස් අධ්යාපනය හා අනාගත රැකියාවක් අරමුණු කරගත් තාක්ෂණික පුහුණුව ඇවැසි සියල්ලන්ටම ලබාදීමට රජය මෙම ව්‍යාවස්තාවෙන් බැදී සිටී,

4.f.පසු තාරුණ්ය හා 4g. මැදිවිය. : ස්වභාවය මේ වයස් සීමාවන් අතර රැදිවියන්ගෙන් බලාපොරොත්තු වන කාර්යය සම්භාරය අති විශාලය.

4.f.a. උසස් අධ්යාපනය.

4.f.b. රැකියාව ,

4.f.c. විවාහය

4.f.d. නිවාස

යන ජීවිතයේ අවශ්යතාවයන් අනිවාර්යෙන්ම ලබාදීමට මෙම ව්‍යාවස්තාවෙන් බැදී සිටී.

4.h.සැදෑ සමය; සැදෑ සමයේදී, ඇවැසි රැකවරණයත්, ඔවුනට සමාජයට ලබාදිය හැකි සේවාවන් ලබාගැනීමටසුදුසු සමාජ පදනමක් නිර්මාණය කිරීමටද මෙම ව්‍යාවස්තාවෙන් බැදී සිටී.

4 .i. කාලය; කාලය ජීවිතයේ ඉතාම අගනා වස්තුවයි. මේ කාලය, ජීවිතය ගොඩනංවා ගැනීමේදී කළමනා කරණය කලයුතුය. පුද්ගල ජීවිත කළමණාකරණය, රජය, දෙමව්පියන්, බාරකාරයින්, හා එම පුද්ගලයාට අයත් කාර්යයකි. කුමණ හේතුවක් යටතේවත් පුද්ගල ජීවිතයට අයත් කාලය විනාශ කිරීමට ඉඩ නොදීමටත්, කාලය ඉතුරුකරදීමට කටයුතු කිරීමටත් මෙම ව්යාවස්තාවෙන් බැදී සිටී.

(මීලග කොටස බලාපොරොත්තු වන්න)

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress