ජනාධිපති මහා සංඝයාට අපහාහාස කරයි
Posted on October 23rd, 2017

සෝමපාල සෙනරත්

වවුනියාව සෛවප්‍රකාශ විද්‍යාලයේ පැවැති නිල මෙහෙවර ජනාධිපති ජනතා සහන සේවයේ සමාප්ති වැඩසටහනට සහභාගි වෙමිනි ජනාධිපතිවරයා මෙසේ  ප්‍රකාශ කළේය.

“අද තියෙන ප්රශ්නය තමයි දීලා තියෙන මාධ් නිදහසත් එක්ක පිටු 25ක් තියෙනවා නම් විසිහතරක්ම ආණ්ඩුවට විරුද්ධව තමයි ලියන්නේ. ආණ්ඩුවට විරුද්ධව පිටු 25ක් ලිව්වට කමක් නෑ. ප්රශ්නයක් නෑ. ඇත්ත ලියනවා නම්. නමුත් මේ පිටු පුරෝල තියෙන්නේ බොරු අසත් ප්රචාරවලින්. මේ බොරුවලින් ගෞරවනීය මහා සංඝරත්නයට බොරු ප්රචාර දීලා උන්වහන්සේ නොමඟ යවනවා. මේ බොරු ලියන අයටත් විරෝධතා පවත්වන අයටත් රට ගැන ආදරයක් නෙවෙයි තියෙන්නේ. ගොල්ලන්ගේ දේශපාලන න්යාය පත්රයක්. මේවා මෙහෙයවන අය පිටුපස්සේ සිටින්නේ ආණ්ඩු විරෝධී දේශපාලනඥයන්. ජාතිවාදය අවුස්සලා දේශපාලන බලය ලබා ගන්නැයි උත්සාහ කරන්නේ. ගොල්ලන්ට මම පැහැදිලිවම කියනවා පාපකාරී දේ කරන්න එපා කියලා. රටේ නැවත යුද්ධයක් ඇති නොවන්නට අපි අවංකව කටයුතු කරන්න ඕනෑ. එය අන්තවාදී අය මොන පාර්ශ්වය වුණත් ගොල්ලන් කරන්නේ යුද්ධයක් ළංකර ගැනීමයි.”

මේ මොන විගඩම් කතාවක් දැයි ඕනෑම මෝඩයෙකු ප්‍රශ්න කරනු ඇත​. මහා සංඝරත්නය බබාලා නොවේ. බබාලා නොවෙන ඕනෑම වැඩිහිටියෙක් “ඒකීය​” කියන වචනය අයින් කොට “අයිකීය​” යන දෙමළ වචනයකුත් ” ඔරු මිත්ත නාදු” කියා තමිල් නාදු වචනයකුත් දමන්නේ මොකටදැය් ප්‍රශ්න කරති. මහා සංඝරත්නය සාමාන්‍ය​ ජනයාට වඩා ප්‍රඥාවෙන් මුහුකුරා ගිය උතුමන් බැවින් බෞද්ධ අපි කවුරුත්  එතුමන්ගේ බණ දේශනා වලට සවන් දෙමු. ඔවදන් අසන්නෙමු. එසේනමුත් බෞද්ධයයි කියාගන්නා රටේ ජනපති එතුමන් පත්තර බලා මෝඩ වී රැවටෙන්නට තරම් ප්‍රඥාව කෙසේ වෙතත් මොළයක් වත් නැති ලෙස සැකකීම ඉතාමත්ම තදබල නින්දා අපහාසයකි.

එපමණක් නොව මේ අපහාසය කොට ඇත්තේ වවුනියාව වැනි සිංහල නොවන වැඩිපුර ජනගහනයක් ඉන්න පෙදෙසකට ගොස් ය. එබැවින් වහාම සඝරත්නයෙන් සමාව ගන්න ලෙස අපි බලකර සිටිමු. නොඑසේනම් සිංහල බෞද්ධයන් ගේ සහයෝගය කිසිදිනෙකත් මේ ඔලුව ඉදිමිණු මිනිසාට නොදිය යුතුයයි අපි තරයේ ප්‍රකාශ කරමු.

ජනාධිපති මේ කියා සිටින්නේ මොන බලයක් බෙදීමට ද ? දැන් දෙමළ ජනතාවට සිංහල ජනතාවට හිමි එකම බලයක් වත් අඩු ද ? එසේනම් ඒවා මොනවාදැයි මහජනයා ට පැහැදිලි කලයුතුය​. නොඑසේනම් බොරු කියමින්  මහජනතාව නොමග අරින්නේ අන් කිසිවෙක් නොව රටේ ජනාධිපතිම බව ඔප්පු වෙනු ඇත​.

එසේම කොහෙවත් නැති ඔරුමිත්ත නාදුවක් ගෙනැවිත් ජාතිවාදය ඇති කරන්නෙ කවු දැයි ජනාධිපතිට ඉතුරුව ඇති මොළබිඳක් ඇත්තේ නම් සිතා බැලිය යුතුය. රටෙ අහිංසක ජනතාව මේ අන්ඩර දෙමළ  අලුත්‍ යයි කියාගන්නා මේ කෙහෙල්මක් ව්‍යවස්ථා සාකච්චා රපෝර්තු වල හැර කිසිදාක අසා නැත. මෙවැනි අදූරදර්ශී වැඩ කිරීමට සුලුජාති වලට බලය දී ඇති ව්‍යවස්තා කොමිටි පත්කොට දේශද්‍රෝහී පාවාදීම් සිදුකොට කුපාඩි වැඩ කරමින් අනික් අතට සුද්දවන්තයා සේ මහජනතාවට බණ කියන ඔබවැනි පාපතරයින්ට කිසිම කැමැත්තක් ලබා නොදෙන ලෙස මහසඟරුවන ඉල්ලා සිටිනු නො අනුමානය.

සුලු පිරිසක් හැරෙන්නට කිසිම සිංහලයෙක් දේසපාලකයින් හෝ හමුදා නිලධාරීන් වන්දනා නොකරති.

අනික් අතට මෝඩ දෙමල ජනයා  වැඩි දෙනෙක්ම ප්‍රභාකරන් දෙවියෙක් ලෙස දැනටත් සලකති. එසේ සලකා ඔහුට සහයෝගය දෙමින් , මිනීමරමින් අවුරුදු තිස්ගනණක් මහා ත්‍රස්තවාදයක් ගෙන ගියෝය. සිංහල ජනයා ඉල්ලා නොසිටින බලයක් සිංහලයා ගේ ඇස් වසා දමිල ජනයාට දීම සිහල ජනයා තම පුතුන් දූ වරුන් සහෝදර සහෝදරයින්  යොදාගෙන ඇඬූ කඳුලින් ජීවිත පූජාවෙන් සටන් කොට යුද්ධ යෙන් ජය ගත්තේ නම් ඊට කලගුණ සලකන්නේ අර ප්‍රභාකරන්ට සහයෝගය දුන් දෙමල ජනයාට සිහලුන්ට නැති බලයක් දීමෙන් දැයි අපි ප්‍රශ්න කරමු. තවත් අතකට මේ යුද්ධයට මුල ඔවුන්ට බලයක් නොතිබීමද , නැත්නම් බලය වැඩි පුරත් තිබීම ද කියා මොට මොළයෙන් සිතා බලන් සේ අපි අස​මු. කිසිම රටක යුද්ධයෙන් පැරදුනු පාර්ශවයට යුද්ධයට පෙර නොතිබූ බලයක් ඉතිහාසයේ කිසිදිනක දී ඇති නම් පෙන්වා දෙන ලෙස අපි ඔබට අභියෝග කරමු.

මහජනයා රැවටූ කාලය ඉවරයි ! පුලුවන්නම් මහ බැංකුව හොරකම් කල එවුන්ට දඬුවම් දී ඔබටවත්   බෙදීමට තරම් බලයක් ඇත්දැයි ඔප්පු කරන ලෙස අපි අභියෝග කරමු.

One Response to “ජනාධිපති මහා සංඝයාට අපහාහාස කරයි”

  1. NAK Says:

    He knows who he is and does his best to pretend he is not.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress