නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානය කඩද්දී ඇමති ජෝන්ගේ නෑයා එජාප බස්නාහිර මන්ත‍්‍රී පොලීසියෙන් අල්ලයි.. වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට..
Posted on October 23rd, 2017

 lanka C news

බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී රන්දීර් රොද‍්‍රිගු ඇතුළු පිරිසක් නිධානයක් කැඩීමට ගොස් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුව ඇති වෙඩි හුවමාරුවකින් පසු එක් පුද්ගලයකු මිය ගොස් ඇත.

මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ දිවුලපිටිය, හේන්පිටගෙදර පාසල අාසන්නයේදී වන අතර යෙඩි හුවහාරුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

ඔහු හිටපු නාවුක හමුදා සෙබලෙක්ද වෙයි. පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස ප‍්‍රදේශයේ නිධානයක් කඩමින් සිටින්නේ යයි ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර පොලීසිය එම ස්ථාවයට යද්දී ඔවුන් විසින් වෙඩි තබා ඇති අතර පොලීසියද වෙඩි තබා ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ප‍්‍රදේශය තුල නිශ්ශංකමල්ල රජ කාලයේ විශාල නිධානයක් ඇතැයි ප‍්‍රදේශයේ බොහෝ දෙනා කියති.

සිදුවීම මාධ්‍යවලට යාම වැළැක්වීම සදහා ප‍්‍රබල උත්සාහයක් ගෙන ඇතත් වෙඩි වැදුනු පුද්ගලයා මිය යාම නිසා එම උත්සාහය සාර්ථක වී නැත.

අත්අඩංගුවට ගෙන ඇති බස්නාහර පළාත් සභා මන්ත‍්‍රී රන්වීර් රොද‍්‍රිගු මහතා අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සමීපතම ඥාතියෙකුද වෙයි.

– අන්තර්ජාල වාර්තා ඇසුරිනි

One Response to “නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානය කඩද්දී ඇමති ජෝන්ගේ නෑයා එජාප බස්නාහිර මන්ත‍්‍රී පොලීසියෙන් අල්ලයි.. වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට..”

  1. Senerath Says:

    Is this a killing to destroy evidence ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress