මේ කියනදේවත් බුද්ධිමත්ව විග්‍රහ කිරීමට නොහැකි රට කරවන්නෝ දෙදෙනෙක්,
Posted on October 24th, 2017

Mohan Wijewickrama

මේ කියනදේවත් බුද්ධිමත්ව විග්‍රහ කිරීමට නොහැකි රට කරවන්නෝ දෙදෙනෙක්, අපිට අවාසනාවකට උරැම වී ඇත. අපේ රට මේ ව්‍යවස්ථා උගුලින් බේරා ගැනිමට ජනතාව ඉදිරියට පැමිනිම රටේ අවශ්‍යතාවකි .

මේ කියනදේවත් බුද්ධිමත්ව විග්‍රහ කිරීමට නොහැකි රට කරවන්නෝ දෙදෙනෙක්, අපිට අවාසනාවකට උරැම වී ඇත. අපේ රට මේ ව්‍යවස්ථා උගුලින් බේරා ගැනිමට ජනතාව ඉදිරියට පැමිනිම රටේ අවශ්‍යතාවකි .

Posted by Mohan Wijewickrama on 21. október 2017

2 Responses to “මේ කියනදේවත් බුද්ධිමත්ව විග්‍රහ කිරීමට නොහැකි රට කරවන්නෝ දෙදෙනෙක්,”

  1. Senerath Says:

    මෙතුමා කියදේ මෙතුමාගේ සොහොයුරාටත් තේරෙන්නේ නැද්ද ? ඔහුත් කියන්නේ බලය බෙදිය යුතු බවයි.
    මොකක් ද මේකේ තේරුම ? ජනතාව රවට්ටන්න බැරි බව තවමත් තේරෙන්නේ නැද්ද ?

    මෙහිදීත් සඳහන් වැදගත් කරණ කාරනය නම් යුද්ධය අවසන් වීමත් සමගම ත්‍රස්තවාදය නිසා දෙමළ ජනයාට තිබුණු දහසක් ප්‍රශ්න විසඳුනු බවයි. මුලින්ම කලයුතුව තිබුනේ මිලිටරි ජයග්‍රනයෙන් මුදවාගත් පෙදෙස් වල මිලිටරි පාලනයක් අවුරුදු 15ක් වත් අඩුම වශයෙන් ගෙන යාමයි. මියන්මාරයේ තවමත් හරිහැටි සිවිලියන් පාලනයක් නැතිනම් අපිට බැරි ඇයි ? එය නොකොට පිස්සු නටා, බලය යූ ඇන් පී එකට දී රට විනාශය කරා ගෙන ගොස් දැන් වියතුඞේ පිහිට හොයන්නට පෙර කල වැරදි පිලිගත යුතුය​. ඊලඟට 13 නැති කොට උතුරට නැවතත් මිලිටරි පාලනයක් ලබා දිය යුතුමය​. නැතිනම් විද්‍යාට වුනු දේ සියලුම දෙමල ජනයාත වෙනු නියතයි.

  2. Senerath Says:

    සිංහල ජනතාවට නොමැති දෙමළ ජනතාවට පමණක්‌ ඇති ප්‍රශ්න මොනවාද? මැදගොඩ අභයතිස්‌ස හිමියෝ ජනපතිගෙන් අසති

    එරික්‌ ගාමිණී ජිනප්‍රිය

    සිංහල ජනතාවට නොමැති, දෙමළ ජනතාවට පමණක්‌ ඇති ප්‍රශ්න මොනවා ද යන්න, තමන් ජනාධිපතිතුමාගෙන් විමසා සිටිය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ පවසා සිටියේ ඊයේ (24 දා) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී ‘එළිය’ සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මැදගොඩ අභයතිස්‌ස හිමියන් මෙසේද පැවසීය.

    යම් දෙයක්‌ ලබා ගැනීමට අවශ්‍ය නම් සමහර පුද්ගලයන් භාවිත කරන න්‍යායන් තිබෙනවා. එම න්‍යාය තමයි අවශ්‍ය දේට වඩා ලොකු දෙයක්‌ ඉල්ලීම. පාලි පොත්වල සඳහන් වනවා පළමුවෙන් දේශයක්‌ ඉල්ලිය යුතු බව, දේශය ඉල්ලා ලැබෙන්නේ නැතිනම් ගමක්‌ ඉල්ලිය යුතු බව එහි සඳහන් වනවා. එයත් ලැබෙන්නේ නැති මේ කුඹුරක්‌ ඉල්ලන්න කියල තිබෙනවා. ඇත්තටම අවශ්‍යතාවය කුඹුරක්‌ ලබා ගැනීම. ඒ සඳහා තමයි පළමුවෙන් දේශයක්‌ හෝ ගමක්‌ ඉල්ලන්නේ. දේශයක්‌ ඉල්ලද්දී කුඹුරකින් සෑහීමකට පත්වෙන්න පුළුවන් කියල සිතන මිනිසුන් කුඹුර හෝ දෙන්න සූදානම් වනවා. දැන් මේ රට තුළ සිද්ධවෙන්නේ ඒ දෙය තමයි. ඒ සඳහා තමයි මේ රට අනාගමික කරන බව, ඒකීය රාජ්‍ය අහෝසි කරන බව සඳහන් වන්නේ. ඇත්තටම ඒවා බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ නොවෙයි. බෙදුම්වාදීන් එම ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරගැනීම සඳහා ඇති බාධක ඉවත්කර ගැනීම සඳහා තමයි. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුවහොත් මේ රට ෆෙඩරල් රාජ්‍යයක්‌ වන එක නතර කිරීමට බැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ සමාගම් ලැයිස්‌තුව ඉවත් කිරීම, ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදීම, මහ ඇමැතිවරයාගේ බලතල යම් ප්‍රමාණයකින් වැඩිදියුණු කිරීම සහ ආණ්‌ඩුකාරවරයාගේ බලතල කප්පාදු කිරීම පමණයි. ඒ හරහා බෙදුම්වාදී අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඉටුකර ගැනීමට අවස්‌ථාව උදාවනවා.

    ඊයේ රාත්‍රියේ පැය දෙකක්‌ පුරා මම ඇතුළු කණ්‌ඩායමක්‌ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා. එහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා දෙමළ ජනතාවට යම්කිසි අඩුවක්‌ සිදුවී ඇති බව ඔවුන් පවසන බවත්, එම නිසා ඔවුන්ගේ මුහුණේ ලේ බිංදුවක්‌ නොපෙනෙන බවත්, ඔවුන් නොසතුටෙන් සිටින බවත්, එම නිසා ඔවුන් වෙනුවෙන් යමක්‌ කළ යුතු බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

    ව්‍යවස්‌ථාවට එරෙහි පුද්ගලයන්ටත් යම් ප්‍රමාණයකට එම අදහස සමග එකඟවන්න පුළුවන්. නමුත් එම ජනතාවගේ මුහුණට ලේ උණන්නේ වෙල්ලාල කුලයේ දෙමළ නායකයන්ට දේශපාලන බලය දීමෙන් නොවන බවත්, දෙමළ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම් ඇතුළු අවශ්‍යතා සපුරාලීමෙන් පමණක්‌ බවත් සඳහන් කළ යුතු වනවා.

    බලය බෙදීම පිළිබඳව අපගේ අදහසුත් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. එහිදී අප සඳහන් කළා බලය බෙදීමේ කුඩාම ඒකකය වන පුද්ගලයාට බලය ලබා දෙන්න කියලා. නමුත් රට පළාත්වලට කඩල, එම පළාත් ප්‍රාන්ත බවට පත්කරල එම ප්‍රාන්ත දේශසීමාවලින් වෙන්කරන බලය බෙදීමකට අප එකඟ නොවන බවත් සඳහන් කළා.

    එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා පසුගිය දිනක ප්‍රකාශ කරල තිබුණා සුළු ජාතිකයකු ජනාධිපති ලෙස පත් කිරීමට කටයුතු කරන බව. අපිත් කියනවා එහි කිසිම ප්‍රශ්නයක්‌ නොමැති බව. අපට ප්‍රශ්නය තිබෙන්නේ රට කැඩීම පිළිබඳව පමණයි. මේ රට කඩන්නේ නැතිව දෙමළ ජාතිකයකුට හෝ පාලනය කිරීමට දෙනවාට අපි විරුද්ධ නෑ. ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතා වගේ රට බෙදීමට විරුද්ධ දෙමළ නායකයන් සිටිනවා.

    එබඳු පුද්ගලයකු රටේ ජනාධිපති වනවාට අපි විරුද්ධ නෑ. අද මේ රටේ විපක්‍ෂ නායකතුමා ලෙස කටයුතු කරන්නෙත් දෙමළ ජාතිකයෙක්‌. නාවික හමුදාපතිතුමා මෙන්ම නීතිපතිතුමාත් දෙමළ ජාතිකයන්. ඔවුන් එම තනතුරු දැරීම පිළිබඳව අපගේ කිසිම විරුද්ධත්වයක්‌ නෑ. මේ රට ප්‍රාන්තවලට කඩා විනාශ කරනවාට වඩා මේ රට ඒකීය රාජ්‍යයක්‌ ලෙස දෙමළ ජාතිකයකු සේ පාලනය කරනවාට අප එකඟයි.

    දෙමළ නායකයන් ඉල්ලන්නේ ඊළාම්නේ. ඊළාම් නොවෙයි අපි එල්ලාම් දෙන්න කැමතියි. ඒ කියන්නේ අපි සියල්ලම දෙන්න ලෑස්‌තියි. ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට අවශ්‍ය බලය දෙන්න නම්, ඔවුන්ගේ බලය අතහැරල සමස්‌ත බලයම දෙමළ ජනනායකයකුට දෙන්න. එහි අපට කිසිම ප්‍රශ්නයක්‌ නෑ. අපට ප්‍රශ්නය වන්නේ රට බෙදීම පමණයි.

    මම නිරන්තරයෙන්ම අසන ප්‍රශ්නයක්‌ මේ අවස්‌ථාවේදීත් අසනවා. එම ප්‍රශ්නය මම ජනාධිපතිතුමාගෙනුත් ඇසුවා. ප්‍රශ්නය තමයි සිංහලයකු නොවීම නිසා අන්‍ය ජනතාවට කුමක්‌ හෝ ප්‍රශ්නයක්‌ තිබෙනවා ද කියන එක. එම ප්‍රශ්නයට මේ දක්‌වා කිසිවකු පිළිතුරක්‌ ලබාදීලා නෑ. එහෙම ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් ඒ වෙනුවෙන් සටන් කිරීමට අප සූදානම්. නමුත් ඔවුන් ඉල්ලන්නේ පෙඩරල් පාලනයක්‌ නම් එය ලබාදීමට අප සූදානම් නෑ.

    නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම සඳහා ගෙන යන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වංචාසහගතයි. එම ක්‍රියාවලිය තුළ ඒකීය රාජ්‍යය සඳහා උදාහරණ ලෙස සන්ධීය රාජ්‍ය පෙන්වනවා. එම වංචාකාරී ක්‍රියාවලිය තුළ තමයි නව ව්‍යවස්‌ථාව ගෙන එන්නේ.

    උතුරු පළාතේ හිටපු ආණ්‌ඩුකාර ජී. ඒ. චJද්‍රසිරි , ප්‍රවීණ කලාකරු සුදත් රෝහණ යන මහත්වරුද අදහස්‌ දැක්‌වුහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress