පොලිස්පතිට දේශපාලන බලපෑම්
Posted on October 25th, 2017

මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ උපුටාගැණීම ලංකාදීප

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට දුන්නේ යැයි කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියකු බව කියන පුද්ගලයකුගෙන් එල්ල වු බව කියන ජීවිත තර්ජන පිළිබඳ පරීක්‍ෂණ  රහස් පොලිසියෙන් ඉවත් කරන්නැයි පොලිස්පතිවරයාට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
අනිකා විජේසුරිය මහත්මියට සහ ඇගේ ඥාතීන්ට එල්ල වු බව කියන තර්ජන හේතුවෙන් බැඳුම්කර කොමිසම කළ නියෝග මත පොලිස්පතිවරයා විසින් අනිකා විජේසුරිය මහත්මියගේ සහ ඥාතීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මීට පෙර අවස්ථාවක විශේෂ පොලිස්  ආරක්‍ෂාවක් ද ලබාදී තිබිණි.
මෙම තර්ජන වලින් පසු ජීවිත ආරක්‍ෂාව පතා විදේශ රටකට ගොස් ඇතැයි කියන ඇය එහි සිට තමන්ට එල්ල වු ජීවීත තර්ජන පිළිබඳව විද්‍යුත් පණිවිඩයක් මඟින් රහස් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස දැනුම් දෙමින් පොලිස්පතිවරයා මෙම පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කොට ඇති අතර ඒ අනුව රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ පසු මෙම පරීක්‍ෂණ කටයුතු රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress