ඉන්දීය තෙල් බලය ගැන කෙස් කෙලින් වෙන විචාරයක්… ව්‍යවස්ථා කෙටුම්පත-හම්බන්තොට වරාය ගිවිසුම පට්ටා ගසමින් මන රංජන තත්පර හයදහසක්..[Video]
Posted on November 7th, 2017

 lanka C news

2002-2004 වසරවලදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් විදේශයන්ට විකුණා දැමූ රාජ්‍ය දේපලවලින් ආපසු ගන්න බැරි වූ එකම ආයතනය ලංකා ඉන්දීය තෙල් සමාගම බව හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

තෙල් සංස්ථාවට තිබූ ඒකාධිකාරය බිද දමා පනතද වෙනස් කරමින් තෙල් පිරවුම්හල් සියයක් සදහා එකල අවසර දුන්නද අද වන විට පිරවුම්හල් 350කට වඩා පිහිටුවා ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ළගදීම ත‍්‍රිකුණාමලයේ සියලූ තෙල් ටැංකි ඉන්දියාවට දෙන බවත් ඉන්පසු ඉන්දියාව තෙල් එවුවොත් පමණක් අපට වාහන දුවන්න හැකි වනු ඇති බවත් ඔහු සදහන් කරයි.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කර සිටියේය.

හම්බන්තොට වරාය චීනයට පැවරීම සදහා අත්සන් තබනු ලැබූ ගිවිසුම සම්පුර්ණයෙන්ම නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී බවත් තමන් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත් ඒ මහතා එහිදී කියා සිටියේය.

නව ව්‍යවස්ථාවක් සෑදීම සදහා වන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ මෙය සම්පුර්ණයෙන්ම පවතින ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවත් නව ව්‍යවස්ථාවක් සකසන්නේ නම් එය කල යුතු ආකාරය ව්‍යවස්ථාවේ ඇති බවත් එය නොතකමින් මේ සිදු කරගෙන යන ක‍්‍රියාවලිය සහමුලින්ම වැරදි යයිද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.

සම්පුර්ණ වීඩියෝව මෙතනින්

4 Responses to “ඉන්දීය තෙල් බලය ගැන කෙස් කෙලින් වෙන විචාරයක්… ව්‍යවස්ථා කෙටුම්පත-හම්බන්තොට වරාය ගිවිසුම පට්ටා ගසමින් මන රංජන තත්පර හයදහසක්..[Video]”

  1. Senerath Says:

    MFs are getting PAGA from Indians. It is the easiest country to do business. Why can’t the idiots buy form open market ? PAGA is bigger than terrorism. It is a super-terror ruining everything including giving back Elam and Fukistan.
    Indian Busses
    Indian Cars
    Indian Vans
    Indian Jeeps
    Indian 3 wheelers
    Indian movies
    Indian Tele-Nadagams
    Indian Sai Babas
    Indian Nadi Vakyams
    Indian hotels
    Indian buildings
    Indian Kurthas
    Indian Smell

    We have compeletely lost our Identity after the war.

  2. Senerath Says:

    What is this ? Wimal in defence of Arjuna ?

    අයිඕසී එක තෙල් ප්‍රශ්නයක් ඇති කළේ අර්ජුනව ඇමැති ධුරයෙන් පන්නන්න

    අයිඕසී එක මැදිහත් වෙලා තිස් වැනිදා තෙල් නැවක් එනවා කිව්වා. විසිහත් වැනිදා කිව්වා එන්නේ නැහැ කියලා. දැන් එතකොට ප්‍රමාණවත් පරිදි තෙල් නැහැ. පෙට්‍රෝලියම් එකේ තෙල් නැව එන්නේ නව වැනිදා විතර. මොකක්ද අයිඕසී එක කළේ. තෙල් අර්බුදයක් හැදුවා. මොකක්ද අරමුණ. අර්ජුන රණතුංගව අර්බුදයට පත්කරලා විෂය භාර අමාත්‍ය ධුරයෙන් ඔහුට ඉල්ලා අස්වෙන්න වෙන වාතාවරණය හදන්න.

    පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (06දා) වීරකැටිය, කටුවැව විහාරස්ථානයේදී පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.

    වැඩිදුරටත් මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

    මම දැක්කා මුහුණු පොතේ තරුණයෙක් කියලා තියෙනවා. ‘බලය බෙදන්න කලින් අනේ තෙල් ටික බෙදල හිටපන්’ කියලා. ඒ වගේම තෙල් ටිකවත් බෙදාගන්න බැරි අය එනව මෙතැන බලය බෙදන්න’ කියලා. දැන් මේ තෙල් නැත්තේ ඇයි. මේක ඉතා බරපතළ කාරණයක්. ඉන්දියන් ඔයිල් සමාගම බාල තෙල් ඇතුළත් නැවක් අරගෙන ආවා. ලංකාවේ තෙල් වෙළෙඳපොළෙන් සියයට තිහක පමණ පංගුවක් අයිඕසී එක තමයි නියෝජනය කරන්නේ.

    රටට තෙල් ගේන්නේ මාරුවෙන් මාරුවට. එක තෙල් නැවක් අයිඕසී එක ගේනවා. ඊට පස්සේ තෙල් නැව ඛනිජ තෙල් සංස්ථාව ගේනවා. පෙට්‍රෝලියම් එකයි, අයිඕසී එකයි මාරුවෙන් මාරුවට තෙල් නැව ගේන්නේ.

    අයිඕසී එක තෙල් ගේන නැවේ තෙල් ටික එක ටැංකියකට දාගන්නවා. දාගෙන දෙගොල්ලොම අදාළ අනුපාතයෙන් ප්‍රයෝජනයට ගන්නවා. ඒ අතර පෙට්‍රෝලියම් එක ගේන තෙල් නැව එනවා. ඒකත් අර ටැංකියට දාගෙන ආයිත් අර අනුපාතයට බෙදා ගන්නවා.

    දැන් පසුගිය දවස්වල තෙල් නැව ගේන්න තිබුණේ ඉන්දියන් ඔයිල් සමාගමට. ඔවුන් ගෙනාපු තෙල් ප්‍රමිතියෙන් බාලයි. ඒ නිසා මේ තෙල් නැවේ තෙල් ලබා ගැනීම පෙට්‍රෝලියම් එක ප්‍රතික්ෂේප කරනවා. ඉන්දියන් ඔයිල් සමාගම මේකෙදි කලබල වෙනවා. අර්ජුන රණතුංග අමාත්‍යවරයාට බලපෑම් එල්ල කරනවා. මේ තෙල් ටික මිලදී ගන්න පොලඹවනවා. ඊට පස්සේ ඉන්දියන් ඔයිල් සමාගම කියනවා එහෙනම් අපි පසුගිය තිස්වැනිදා අලුත් තෙල් නැවක් අරගෙන එන්නම් කියලා.

    පෙට්‍රෝලියම් එක බලනවා දැනට තියෙන තෙල් ටික ප්‍රමාණවත් පළමුවැනිදා වෙනකල් අල්ලන් ඉන්න. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ගේන්න කියලා. පෙට්‍රෝලියම් එක හිතනවා අයිඕසී එක මේක අවංකවයි කිව්වේ කියලා. හැබැයි විසිහත් වැනිදා ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රෝලියම් එකට දන්වනවා තිස්වැනිදා නැව එන්නේ නැහැ කියලා. මේ මොකද මේ කරන්නේ. අර බාල තෙල් නැවේ බාල තෙල් ටික ගන්න පොලඹවනවා. ඒ තෙල් නැව යන්නෙත් නෑ.

    ත්‍රිකුණාමලය මුහුදේ නවත්තගෙන තියාගෙන ඉන්නවා. ඒ අතර යෝජනාවක් කරනවා අයිඕසී එක ඒ බාල තෙල් ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට දාලා උතුරු නැඟෙනහිරට විතරක් අපි ඒ ටික බෙදන්නම් කියලා. ඒ කියන්නේ උතුර, නැඟෙනහිර මිනිසුන්ගේ වාහනවලට බාල තෙල් අවුලක් නෑ. විෂය භාර අමාත්‍යවරයා ඒකත් ප්‍රතික්ෂේප කරනවා. දැන් ඒ ගමන අයිඕසී එකට ඕන මොකක්ද?

    මේකයි අපි හැමදාම කියන්නේ බලශක්තිය කියන එක වෙන රටවල්වලට, සමාගම්වලට හසුරුවන්න දෙන්න බැහැ. දුන්නම ඒ අය ඒක පාවිච්චි කරනවා ඒ අයගේ පරමාර්ථ වෙනුවෙන්. ඉන්දියන් ඔයිල් සමාගම මේ අද කරන්නේ එක්කො අර බාල තෙල් ටික මිලදී ගන්න පොලඹවනවා. ඒක ගන්නේ නැත්නම් තෙල් නැති වෙනවා. නැති වුණාම තෙල් ටිකවත් බෙදාගන්න බැරි විෂය භාර ඇමැති බවට අර්ජුන රණතුංග පත්වෙනවා. මිනිස්සු එහෙම කියන්න පටන් ගන්නවා. ඉල්ලා අස්වෙන්න හෝ අස්කරන්න වෙනවා. ඊළඟට වෙන විෂය භාර ඇමැති කෙනෙක් ආවම අයිඕසී එකට බාල තෙල් නැවක් අරගෙන අපට බෙදාගන්න පුළුවන් වෙනවා.

    තංගල්ල – සහම්පති මානගේ

  3. Senerath Says:

    Is Arjuna a baby ? Who is the idiot who trusted IOC word for a ship ? Why can’t they order another ship anyway ? What is the probablility of the latest load alos be low quality ? Who are running this country ?

  4. Senerath Says:

    Ranil Wickremasinghe created IOC during is privatization decade ago.
    He also created “cease fire agreement” allowing privatization of armed forces.
    Rajapakse got rid of the private armed forces in 2009.
    Now Ranil is asking why Rajapakse did not get rid of private oil companies too !
    He is boldly saying if he has done foolish things, those smart people must correct it when they come to power.
    He is there to ruin the country and others are there to rebuild.
    We have the most foolish prime minister in the world. We have a leader worshipping cultrue which creates such monseters as leaders. We also have the most useless opposition in the world who made this monsters the chance to govern.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress