Govt is exacting revenge through my people – Mahinda (English)
Posted on November 15th, 2017

2 Responses to “Govt is exacting revenge through my people – Mahinda (English)”

  1. Senerath Says:

    Time for armed forces to take over and jail all the parlimentarians, palaath sabha kaakos, pradeshiya sabha narumayos until they are proven not guilty. Our military should take some aspiration from Zimbabwe. “All PEOPLE”and “ALL BOSSES” in dirty politics to eat and make jolly using hard earned money by poor ladies working in muslim hell should be in jails.

  2. Senerath Says:

    මත්තල ගුවන්තොටුපොළට වන අලි කඩාවදී – අහිතකර සංවර්ධන සැලසුම් නිසා හම්බන්තොට අනතුරේ
    November 16, 2017

    වන අලින් කිහිපදෙනෙකු පසුගිය දින කිහිපය පුරාවට මත්තල ගුවන්තොටුපොළ වටා ඇති ආරක්ෂිත වැට කඩ දමා ගුවන්තොටුපොළ පරිශ්‍රයට ඇතුළුවී තිබේ. වන අලින් ඇතුළුවීම වැළැක්වීම සඳහා ගුවන්තොටුපොළ වටා ඇති වැට කඩා තිබී ඇති අතර, මෙම වන අලියා පලවා හැරීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් පසුගිය දින කිහිපය පුරාවටම මෙහෙයුම් දියත් කර තිබේ.

    හම්බන්තොට සිදුකරන සංවර්ධන කටයුතු හමුවේ වන අලින්ගේ වාසස්ථාන අහිමි වෙමින් පවතින අතර, වන අලින් හට වෙන්කර ඇති යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයද මේ වනවිට විවිධ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ජාවාරම්කරුවන්ගේ හා වන ඝාතකයන්ගේ ගොදුරක් වීම තුළ මෙම ගැටලුව මතුවී ඇති බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

    යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප්‍රකාශයට පත්කර හම්බන්තොට අක්‍රමවත් සංවර්ධනය හේතුවෙන් අවතැන් වී ඇති අලි ඇතුන්ගේ හා ඒ අවට ජනතාවගේ රැකවරණය තහවුරු කිරීමට හම්බන්තොට ස්වාභාවික සම්පත්, වනාන්තර හා අලි ඇතුන්ගේ ගැවසුම් ප්‍රදේශ හුදෙකලා කිරීමට හා ඛණ්ඩනය කිරීමට හේතුවන අහිතකර සංවර්ධන සැලසුම් සකස්කිරීම නතර කළ යුතු බව ඔවුහු පවසති.

    ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් හම්බන්තොට දැනට සිදුකර ඇති සංවර්ධන කටයුතුවලට අදාළව නිසි ඇගයීමක් සිදුකර හුදෙකලා වී ඇති හා ඛණ්ඩනය වී ඇති වනාන්තර හා ස්වාභාවික පරිසර පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් අලි ඇතුන් ඇතුළුව සියලු ජෛව ප්‍රජාවගේ රැකවරණය හා ජල සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress