නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ 2018 අයවැය ප්‍රකාශය සේවකයින් වැදගත් නොවන මංගලගේ 2018 අය වැය
Posted on November 17th, 2017

ඇන්ටන් මාකස් සම ලේකම් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

2017 නොවැම්බර 16 වන දින

පසුගිය නොවැම්බර 09 වන දින මුදල් හා මාධ්‍ය ඇමති මංගල සමරවීර ඔහුගේ මංගල අයවැය 2018 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

zzනීල හරිතZZ අයවැයක් ලෙස ඉදිරිපත් කළ එහි සාධනීය යෝජනා කිහිපයක් විය. ඉන් එක් වැදගත් යෝජනාවක් වූයේ පාරිසරික දූෂණයට හේතුවන ඉන්ධන මත ධානවය වන වාහන වෙනුවට විදුලියෙන් ධාවනයවන වාහන සඳහා ඉලක්කගත දිරි ගැන්වීම් ලබා දීමය. අනෙක නම්, විශේෂයෙන් සමාජයේ දුප්පත් බහුතරය අතර ඇති නීති විරෝධී, ප්‍රමිතියකින් තොර මත්පැන් සඳහාවන ඇබ්බැහිවීමට උත්තරයක් ලෙස ඇල්කහොල් සාන්ද්‍රණය මත බදු අයකරමින් බීර මිල අඩු කිරීමය. ඒවා වර්තමාන සමාජ ආර්ථීක සන්දර්භය තුල ඉහළ ප්‍රමුඛතාවක් සහිත යෝජනාදැයි ප්‍රශ්න කළ හැක්කේ, බහුතරයට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සම්බන්ධ එවැනි වූ යෝජනා නොවීමෙනි.

එනමුත් බීර මිලට එරෙහිව ලොකු වාදයක් මාධ්‍ය හරහා ඉස්මතු කරනුවන් මේ රටේ ශ්‍රමිකයින් හා ආර්ථීක වර්ධනය ගැන ඇති සහසම්බන්ධය සඳහා එවැනි කිසිදු වැදගත් අවධානයක් නොදීම කණගාටුවට කරුණකි. මේ අයවැයෙහි මේ රටේ සේවක සේවිකාවන් ගැන මෙන්ම මැද පෙරදිග සංක්‍රමණික ශ්‍රමිකයින් ගැනද කිසිදු සඳහනක් නැත.

එහෙත් මංගල සමරවීර ඇමති විවිධ ව්‍යාපාරිකයින් හා ව්‍යවසායකයින් ගැන අවධාරණය කරන්නේ, zzදැනටමත් ව්‍යාපාර කටයුතුවල නිරත විශාල පෞද්ගලික ව්‍යාපාරවලට පමණක්ම නොව, අපගේ ආර්ථීක ව්‍යුහයේ වර්ධන යාන්ත්‍රණය වන සු`ඵ පරිමාණ ව්‍යාපාරිකයන්ටත්, ස්වයං රැකියාවල නියුතු වූවන්ටත්, ත්‍රිරෝද රථ ධාවකයින්ටත්, සිල්ලර වෙළ`දාමේ යෙදෙන කඩහිමියන්, සු`ඵ ව්‍යාපාර පවත්වාගෙන යන කාන්තාවන්ටත්, තොරතුරු තාක්ෂණය පදනම් කරගත් තරුණයන්ගේ ව්‍යාපාරවලටත් අවශ්‍ය පහසුකම් zzඑන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාZZ වැඩසටහනින් සපයනවා.ZZ යැයි සඳහන් කරමින්ය.

ඔවුන් ගැන ඔහු කියන්නේ, තරගකාරී වෙළ`දපල පරිසරයක සැමට සාර්ථක විය නොහැකි බවය. zzඑසේ වුවත් ඒ අය නොසලකා හැරිය නොහැක. රජය විසින් සමාජ ආරක්ෂණ ජාල යාන්ත්‍රණයක් තුළින් අවදානම් දරන ව්‍යවසායකයින් රැක බලා ගත යුතුයි.ZZ ඔහු කියන්නේය. අසාර්ථක ව්‍යාපාරිකයින් වෙනුවෙන්ද zzසමාජ ආරක්ෂණ ජාලZZ යාන්ත්‍රණයක් යෝජනා කරන මංගල සමරවීර ඇමතිවරයා ඒ වෙනුවෙන් වැය කරනු ඇත්තේ වැටුප්ලාභී සේවක සේවිකාවන්ද ඇතුලූ මේ රටේ ජනතාවගෙන් සෘජුව හා වක්‍රව අය කර ගන්නා බදු මුදල් ය.

අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කරන මෙන් ඇමතිවරයා කළ ප්‍රසිද්ධ ඉල්ලීමට අනුව එයට හාත්පසින් වෙනස් ආණ්ඩුවටත් රටේ ජනතාවටත් සතයක් හෝ අලූතින් වැය නොවන ලෙස පෞද්ගලික අංශයේ ලක්ෂ 23 ට වැඩි අර්ථසාධක අරමුදලේ සකී්‍රය සාමාජික සේවක සේවිකාවන් වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමයක් තහවුරු කිරීම පිළිබඳව අප සංගමය මංගල සමරවීර ඇමතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කළේය. හැම ආණ්ඩුවක් මෙන්ම මේ ආණ්ඩුවද විශාල වශයෙන් සේවක අර්ථසාධක අරමුදල් මත අයුතු ලෙස යැපෙන්නේය. මහ බැංකු වාර්තා අනුව හිමිකරුවන් නොමැති, අතිශය විශාල මුදලක් එම අරමුදලේ ඇත. එබැවින් අප සංගමයේ යෝජනාව වූයේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට එකී මුදල යොදා ගනිමින් විශේෂයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහාවන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමයක් අයවැය මගින් තහවුරු කිරීමය. ඒ සඳහා වන යාන්ත්‍රණය සැකසීම ගැන සාකච්ඡා කිරීමටද අප සංගමය සූදානම් බැව් අපි කල් තියා ඇමතිවරයාට දැනුම් දුන්නෙමු. එහෙත් ව්‍යාපාරිකයින්ට මහජන මුදලින් යෝජනා කරන සමාජ ආරක්ෂණය, සේවක සේවිකාවන්ට ඔවුන්ට හිමි ඔවුන්ගේ අර්ථසාධක අරමුදලින් හෝ ලබා දීමට මේ ඇමතිවරයා සූදානම් නැත.

එවගේම මංගල සමරවීර ඇමතිවරයා අධ්‍යාපනයේ බොහෝ වෙනස්කම් සඳහා මහජන මුදල් වැය කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇත. එනමුත් ඒ කිසිවක් සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් නැත. අප තේරුම් ගන්නා තරමින් ඒවා සැරව ගලන වත්මන් අධ්‍යාපන අර්බූදයට පැලැස්තර තරම්වත් ප්‍රයෝජනවත් නොවේ.

zzඅනාගත රැකියා සඳහා අපගේ ශිෂ්‍යයන් සූදානම් කිරීම අරමුණු කර ගනිමින් පාසැල් විෂය මාලාව සඳහා ජාන විද්‍යාව, කේතකරණය, රොබෝ විද්‍යාව සහ නැනෝ තාක්ෂණය ඇතුලත් කරනවාZZ යැයි අයවැයෙහි ඇති සඳහන පරම්පරා ගණනාවක් තිස්සේ හරියාකාර ඉංගී්‍රසි ගුරුවරුන්වත් ලබාදිය නොහැකි අධ්‍යාපන ක්‍රමයක ග්‍රාමීය පාසල් වලට වලංගු වන්නේ කෙසේදැයි අපි අසමු.

zzඊ-පෙළපොත් සංවර්ධනයත් සමග ඩිජිටල්කරණයේ මෙහෙයුම තුළින් zස්මාර්ට් පංති කාමරZ සංකල්පය තවදුරටත් ශක්තිමත් කෙරේZZ යැයි ඔහු කීවත් පසුගිය සැප්තැම්බරයේදී අගමැති කියුවේ එය සමස්ථ ලංකාවට ව්‍යාප්ත කිරීමට අවම අවුරුදු 10 ක් ගතවනු ඇත කියා ය. එතෙක් විශේෂයෙන් පාසල් 8,000 ට වැඩි ග්‍රාමීය පාසල්වල දරුවන් සිටින්නේ යුත්තේ වරප්‍රසාදිත ජාතික පාසල් සිසු සිසුවියනට පිටුපසින්ය.

එවැනි නගරයේ වරප්‍රසාදිත දරුවන්ගේ අනාගතය ගැන කතා කරන ඇමතිවරයාට, නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා කිසිදු අවකාශයක් ඒ අවටින් නොලැඛෙන හෙයින් දෙමාපියන්ට රැකියාව අතහැර ගමට යෑමටද සිදුවන්නේ යැයි අපි කරුණු ඉදිරිපත් කළෙමු. එබැවින් ඔවුන්ට නවීන දියුණු පෙර පාසලක් සමග ඔවුන්ටම විශේෂ වූ ප්‍රාථමික පාසලක් නිදහස් වෙළඳ කලාප ආසන්නයේ පිහිටුවීමට ආයෝජන මණ්ඩලයේ අරමුදල් ඇති බවත් අපි පෙන්වා දුන්නෙමු. එහෙත් එම සේවකයින් මේ අය වැයට අයත් නොමැති බැව් ඇමතිවරයා කල්පනා කර ඇත.

එසේ වූවත් හාම්පුතුන් කලක් තිස්සේ ඉල්ලා සිටි පැය 08 වැඩ දිනය අතහැර දැමීමේ යෝජනාව වක්‍රාකාරයෙන් ගෙනෙන්නට මංගල සමරවීර ඇමති අයවැය යොදා ගෙන ඇත. සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කිරීමට යෝජනා කරමින් සේවක සේවිකාවන්ට තමන්ගේ කැමැත්ත අනුව, තමන්ගේ නිදහස වෙනුවෙන් වැඩ කිරීමේ කාලය තීන්දු කළ හැකි අයුරු එය වෙනස් කරන්නේ යැයි කීම දෙව්දත්ගේ බණකි. විධිමත් ආයතනගත ක්ෂේත්‍රයේ සේවා කාලය එක් එක් සේවකයාට තමන්ගේ අභිමතය අනුව තීන්දු කළ නොහැකි බැව් සාමාන්‍ය දැනුමකි. එය තීන්දු කෙරෙන්නේ හාම්පුතාගේ අවශ්‍යතාව සහ සේවා හා නිෂ්පාදන අවශ්‍යතා අනුවය. එබැවින් ඉන් විය හැකි එකම දේ නම් හාම්පුතා පැය 08 වැඩ දිනය තව දිගු කිරීම පමණි. රාතී්‍ර 10 න් පසු ස්තී්‍රන් සේවයේ යෙදවීම සාමන්‍යකරණය කිරීමට ඉඩ දීමය.

ග්‍රාමීය සමාජයේ රැකියා ගැන ඇත්තේද බහුතරය අමතක කර යන ගමනකි. ඇමතිවරයා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා ආයෝජන ලබාදීමට කරන ණය යෝජනා දසක ගණනාවක් පැරණි අසාර්ථක වූ යෝජනාවකි. ඒ වෙනුවට මේ රටේ කෘෂි නිෂ්පාදනය ග්‍රාමීය සමාජයේ තරුණ තරුණියන්ට නම්බුකාර ආදායම් මාර්ග සැපයිය හැකි අයුරු නවීකරණය කිරීමක් ගැන යෝජනා කිසිත් එහි නැත.

එවැනි වූ අයවැයක් ඉදිරිපත් කළ ආණ්ඩුවක් හා ගනු දෙනු කළ හැක්කේ අපගේ සංවිධානාත්මක ශක්තිය මත පමණි. ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් අතහැර දැමුනු සියලූ ජනකොටස් සමගින් එක්ව කටයුතු කිරීමට වෘත්තීය සමිති ඉදිරිපත් විය යුතු යැයි අපි කියමු.

2017 නොවැම්බර් මස 15 වන දින නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ විධායක කාරක සභාවේ තීරණය පරිදි

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ
පොදු සේවා සේවක සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress