ගිරුවායේ චානකගේ බැදුම්කර බරඅවි ප‍්‍රහාරයෙන් ‘සුජීවයි අනාගතේ’ චප්පචෝරු වෙයි..
Posted on November 21st, 2017

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් සමග විශලා දුරකතන ඇමතුම් ප‍්‍රමාණයක් ලබා ගත්තේ යයි හෙලිව සිටින රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල විවේචනයකට ලක් වන්නට සිදු විය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක එක හුස්මටම ඇමති සේනසිංහට චෝදනා එල්ල කලේ කිසිවක් කීමට ඉඩක් නොතබමිනි.

එල්ල වන චෝදනාවන්ට රාජ්‍ය ඇමතිවරයා සුළ මැදිහත්වීම් කරන්නට උත්සාහ කලද මන්ත‍්‍රී චානකගේ දැඩි ප‍්‍රහාරය වලකන්නට හෝ බාධා කරන්නට ඒ ප‍්‍රමාණවත් නොවීය.

වෘතියෙන් නීතිඤයෙක් උවත් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට අපරාධ විමර්ශනයක් කරන අතර චූදිකයෙක් හා සම්බන්දයක් පැවැත්වීම සදාචාරයට පටහැනිබවත් අවශ්යතාවයන්ගේ ගැටුමක්  (Conflict of Interest) ඇත්වෙන බව නොතේරුනත් වෘතියෙන් නීතිඤයෙක් නොවන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානකගේ පිලිතුර ඉතා ප්‍රසංසනීයයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක කී පරිදි කිසිම උසාවියක විනිසුරුට හෝ ජූරි සභාවේ සාමාජිකයින්ට චූදිකයෙක් හා සම්බන්දයක් පැවැත්වීම දඬුවම් පැමිණවිය හැකි වරදක් බව ඔහු ඉතා දක්ශලෙස පෙන්වා ඇත.

වීඩියෝව මෙතනින්…

One Response to “ගිරුවායේ චානකගේ බැදුම්කර බරඅවි ප‍්‍රහාරයෙන් ‘සුජීවයි අනාගතේ’ චප්පචෝරු වෙයි..”

  1. Christie Says:

    මෙම මහ ප්‍රෝඩාව ඉන්දියානු පරපෝසිතයන්ගේ වැඩකි. මුන් සුද්දගේ කරපිටින් ආදා සිට සින්හලයන් සූරා කෑම කරගෙනයති. මෙය අලුත් දෙයක් නොවේය.

    This is only one act of the Indian circus. We the Sinhalese audience some love it other hate it. The circus moves on.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress