ෆෙඩරල් ව්‍යවස්ථාමය යෝජනාවලිය දිනවන්න…බැදුම්කර චෝදනාවෙන් ගලවා දෙනන්න…රනිල් මෝදිගෙන් ඉල්ලලා
Posted on November 28th, 2017

http://lankanewsweb.info

තමන් ඇතුළු පක්ෂ නායකයින්ට එල්ල වී ඇති බැදුම්කර දූෂණ වංචා චෝදනාවන්ගෙන් ගලවා දෙන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ලබන දෙසැම්බර් 8 වැනිදා නිකුත් වීමට නියමිත ජනාධිපති බැදුම්කර කොමිසමේ වාර්තාවට අනුව තම පක්ෂ නායකයින්ට යම් දඩුවමක් හිමි වුවහොත් එමගින් ආණ්ඩුව දුර්වල වීමට ඉඩ ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අගමැතිවරයාට පවසා තිබේ.

එසේ වුවහොත් උතුරට සහ නැගෙනහිරට යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාමය යෝජනාවලිය බිද වැටිය හැකි බව පෙන්වා දී ඇත. මේ නිසා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට බලපෑම් කර බැදුම්කර චෝදනාවන්ගෙන් යම් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ පසු ගියදා කළ ඉන්දීය සංචාරය අතර වාරයේදීයි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress