ගෝඨාබය අත්අඩංගුවට ගැනීමට යන ඩී.ඒ. රාජපක්‍ෂ කෞතුකාගාර චෝදනාවේ සැගවූ තිත්ත ඇත්ත මෙන්න..
Posted on November 28th, 2017

අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් දී තිබෙන බවට අපිට විශ්වාශණීය තොරතුරු තිබෙනවා..  අසාධාරණ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉතිහාසයේ නොවූ විරූ විරෝධයක් මහනායක ස්වාමීන් වහන්සේලාද ඇතුළු සමාජයේ මතු වී තිබෙන නිසා ආණ්ඩුවේ පුංචි පැකිලීමක් තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව තුලත් මේ  දේශපාලන පළිගැනීම ගැන දැඩි විරෝධයක් ඇති වී තිබෙනවා. හැබැයි එන් ජී ඕ මහත්තුරුනම් ආණ්ඩුවට ප්‍රභල පීඩණයක් එල්ල කරමින් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නාලෙස. ඇත්තටම ගෝඨාභය මහතා අත්අඩංගුවට ගන්නේ ඇයි?

ඩී ඒ රාජපක්ෂ පදනම විසින් ඩී ඒ රාජපක්ෂ සිහිවටනයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත් එක ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරනවා.  සංස්ථාවට එහෙම පෞද්ගලික වැඩ භාර ගෙන කරන්න පුළුවන් ද?  උත්තරය ඔව්.  1982 අංක 52 පනතින් සංශෝධිත ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පනතේ 8(ඇ) වගන්තියෙන් ඊට බලය පවරා තිබෙනවා.  ඒ අනුව සොහොන, කෞතුකාගාරයක් සහ වැක්ස් ප්‍රතිමා වලින් සමන්විත මෙම ස්මාරකය ඉදි කරන්න රුපියල් මිලියන 33.9ක ඇස්තමේන්තුවක් සකසා 2014 පෙබරවාරි මස පත්‍රිකා අංක 3714 යටතේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත්තා.  මේ වියදම පරිත්‍යාගශීලින්ගෙන් එකතු කර සංස්ථාවට ගෙවීමට ඩී ඒ රාජපක්ෂ පදනම සැලසුම් කර තිබුණා.

ශ්‍රමය ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් වාණිජ පදනමින් ඉදි කිරීම් කටයුතු කලේ නාවික හමුදාවෙන්.  ඒ සඳහා සංස්ථාව විසින් රුපියල් මිලියන 25ක් නාවික හමුදාවට ගෙව්වා. 2014 නොවැම්බර් 6 දා මෙම ස්මාරකය විවෘත කළා.  වසර අවසන් වීමට තිබෙන්නේ මාස දෙකකට අඩු කාලයක්.  ආණ්ඩුවේ ව්‍යාපෘති අවසන් කර බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණොත් එම මුදල් ආපසු භාණ්ඩාගාරයට යනවා.  එබැවින් මෙම ව්‍යාපෘතියේ බිල්පත් ඉදිරිපත් කිරීම අතපසු වුණා.  ජනවාරි 8 දින ආණ්ඩුව පෙරලුනා.  ඊට පසුවත් ඉන්වොයිසියක් ඉදිරිපත් වෙන්නේ නෑ.

මෙම ඉදි කිරීමේ ඉන්වොයිසිය ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි පදනමෙන් සංස්ථාව ප්‍රශ්න කරනවා.  ඉන්වොයිසිය තවම සකසා නොමැති බව පවසා එතෙක් රුපියල් මිලියන 25ක් ගෙවන මෙන් දැනුම් දෙනවා.  ඒ අනුව 2015.08.31 දින රු මි 25ක් පදනමින් සංස්ථාවට ගෙවනවා.  ඊට පසු සංස්ථාව මිලියන 90.8ක් අන්තිම ශතේට කිව්වොත් 90,813,165.02ක් ගෙවිය යුතු බව දැනුම් දෙනවා.

කිසිම සාකච්ඡාවකින් තොරව ඇස්තමේන්තුව මිලියන 33.9 සිට 90.8 දක්වා තුන් ගුණයකින් ඉහළ ගිහින්.  මීට පදනමින් විරෝධය පල කරනවා.  අපි එකඟ වුණු මුදල අපි ගෙවන්නම් කියලා මිලියන 25 ගෙවූ පසු ඉතිරි මුදල වන මිලියන 8.9 මුදලක් 2017.07.13 දින ගෙවා දමනවා.  ඒ අතරේ සංස්ථාවට අවංකවම මුදලක් වැය වුණා නම් අපි ගෙවන්න සූදානම්.  ඒ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවක් ලබා ගැනීමට රාජපක්ෂ පදනමින් සංස්ථාවට යෝජනා කරනවා.  තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව කීය ද? රුපියල් මිලියන 33.7යි.  එ් අනුව ලක්ෂ දෙකක් වැඩිපුර ගෙවලා.  දැන් සංස්ථාව විසින් රාජපක්ෂ පදනමට රු ලක්ෂ දෙකක් ගෙවිය යුතුයි.

සේවාලාභියාගේ එකඟතාවය නැතුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ දාන්න පුළුවන් ද? මගේ අධ්‍යනය අනුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ නැගීමට හේතු ගණනාවක් බල පා තිබෙනවා.  එකක් තමයි නාවික හමුදාව දැරූ වියදම ද්විත්ව ගණනය වීම.  මිලියන 90.8 හදා තිබෙන්නේ නාවික හමුදාවට ගිය වියදමයි සංස්ථාව දැරූ වියදමයි එකතු කරලා.  නාවික හමුදාවට ගිය වියදම කොපමණ ද කියා ඇසුවාම මිලියන 29ක් බව පවසා තිබෙනවා.  සංස්ථාවේ වියදම මිලියන 61යි.  ඒ අතරේ නාවික හමුදාවට ගෙවූ රු මි 25ක මුදලත් තිබෙනවා.

දෙවැනි කාරණය තමයි ස්මාරකය ඉදි කරන සමයේ වීරකැටිය පොලීසිය ඉදිරිපිට ඇති උඩුකිරිල්ල වැවත් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.  ඒ වියදමත් මේ ව්‍යාපෘතියට එකතු කරලයි තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය වීරකැටිය වාපෘතිය ලෙසයි නම් කරල තියෙන්නේ. ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සහ උඩුකිරිල්ල වැව ප්‍රථිසංස්කරණය කිරීම යන ව්‍යාපෘති දෙකම මෙයට ඇතුලත්. මේ දෙකේම වියදම් අද ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සදහා වියදම් ලෙස දක්වලා තිබෙනවා.

තුන්වෙනුවට මෙහි පිරිවැය පුම්බා පෙන්වන්න අවශ්‍ය නිසා බොරු ගණන් හිලව් ඇතුලත් කර තිබෙනවා.  නිදසුනක් විධියට 200 ධාරිතාවයේ Short Arm Excavator සඳහා රුපියල් මිලියන 7.2ක් ගෙවූ බවට බිල්පත් තිබෙනවා.  මේ යන්ත්‍රයට පැයකට ගෙවන සම්මත මුදල රු 2,360/-යි.  කෑමට තේ බීමට කාලය හැරලා දවසට පැය හයක් වැඩ කලොත් දවසට රු 14,160යි.  මිලියන 7.2 ගෙවීමට නම් දවස් 508ක් වැඩ කළ යුතුයි. 2014 පෙබරවාරි මාසයේ ආරම්භකරපු මේ ව්‍යාපෘතිය සම්පුර්න කරල 2014 නොමැම්බර් 6 වෙනිද විවෘත කරනවා.  මේක වැවක් හෑරීමක් නොවේ.  ස්මාරකයක් ඉදි කිරීමක්.  පස් හෑරීම වැඩිම වුණොත් මාසයක් තිබේවි.  සම්පූර්ණ ව්‍යාපෘතිය මාස නවයකටත් අඩු කාලයක් තුල දී ඉවර කරලා විවෘතත් කරලා.  හැබැයි මාස 17ක් පස් හෑරුවා කියලා වියදමක් පෙන්වනවා.

දැන් මේ ලිපිගොනු තිබෙන්නේ මෙගාපොලිස් ඇමතිවරයා ළඟ.  ඇමතිවරයා මේ ලිපි ගොනු නීතිඥයින්ට ලබා දෙමින් ගෝඨා ඇතුලට දාන්න පුළුවන් ද කියා විමසනවා.  නීතිය දන්න නීතිඥවරු බෑ කියනවා.  තවත් නීතිඥ කණ්ඩායමක් ගෙන්වනවා.  ඔවුන්ට මේ ලිපි ගොනු අධ්‍යනය කරන්න දෙනවා.  ගෝඨාව ඇතුලට දාන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද අහනවා.  මේක කෙලින්ම දේශපාලන පලි ගැනීමක්.

ඇත්ත තත්වය නම් සංස්ථාව දැරූ වියදමට වඩා රුපියල් ලක්ෂ දෙකක් ඩී ඒ රාජපක්ෂ පදනමින් ගෙවා තිබෙනවා.  වැඩි ගණනක් අය කළාට රාජපක්ෂ පදනම සංස්ථාවටයි නඩු දාන්න ඕනෑ.  එහෙම නැතත් මෙතැන පොදු දේපල අපහරණයක් නෑ.  වාණිජමය ගනුදෙනුවක් විතරයි.  සංස්ථාවට යම් මුදලක් අය කර ගන්න තිබෙනවා නම් කළ යුත්තේ දිසා අධිකරණයේ නඩු පැවරීම මිස පොලීසියේ පිහිට පැතීම නොවේ.

කවුරු හරි කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොදු දේපල අපහරණය කර තිබෙනවා අත්අඩංගුවට ගත යුතුයි කියා ඒ ඕනෑම කෙනෙකු සමග ප්‍රසිද්ධ විවාදයකට මම සූදානම්.  ඒ අත්අඩංගුවට ගන්න උපදෙස් දුන් නීතිපති වේවා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වේවා, එන්ජිඕ ඒජන්තයෙකු වේවා ඕනෑම කෙනෙකු සමග විවාද කිරීමට මම සූදානම්.

බැලු බැල්මට නඩුකරයක් නැති නම් ගෝඨාභය මැතිතුමාව අත්අඩංගුවට ගන්න යන්නේ ඇයි?  ඔහු අද ආණ්ඩුවට පවතින දැවැන්තම දේශපාලන තර්ජනය නිසා.  ආණ්ඩුවේ ලොකුම ව්‍යාපෘතිය වන බෙදුම්වාදි ව්‍යවස්ථාවට එරෙහිව එළිය සංවිධනය සමග රට පුරා රැස්වීම් පවත්වන්නේ ඔහු.  ජනප්‍රියතාවයෙන් ඔහු දෙවැනි වන්නේ මහින්ද ජනාධිපතිතුමාට පමණයි.  ඒ නිසා ඔහුව සිර කර නිහඬ කිරීමට උත්සාහ කරන්නේ.

පරාජය කළ නොහැකි බවට ලොවම කියූ කොටි ත්‍රස්තවාදයේ පරාජයේ නියමුවා ඔහුයි.  මම නම් කොටි පරදන්න පුළුවන් කියා විශ්වාස කළත් කොළඹ කුණු නැති කරන්න පුළුවන් කියා විශ්වාස කලේ නෑ.  ඔහු ඒ වික්‍රමයත් කළා.  ගෝඨා කියන්නේ හොර බොරු නැති වැඩකාරයෙක් බව පක්ෂ භේදයෙන් තොරව රටම පිලි ගන්නවා.  ඒ පිලි ගැනීම තමයි ආණ්ඩුවේ භීතියට හේතු වෙලා තිබෙන්නේ.

වරදක් කර තිබෙනවා නම් අපේ දෙමව්පියන් අත්අඩංගුවට ගත්තත් අපි විරුද්ධ වෙන්නේ නෑ.  මෙහෙම දේශපාලන පලි ගැනීම් කරන්න දෙන්න බෑ.

ගෝඨා ජාතියේ හදවතයි.  හදවත බේරා ගන්න ඕනෑම දෙයක් කරන්න මේ රට සූදානම් කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා.

– අරවින්ද අතුකෝරල

4 Responses to “ගෝඨාබය අත්අඩංගුවට ගැනීමට යන ඩී.ඒ. රාජපක්‍ෂ කෞතුකාගාර චෝදනාවේ සැගවූ තිත්ත ඇත්ත මෙන්න..”

  1. Fran Diaz Says:

    Gota has done no wrong.
    Attempts to arrest him is to create DISTRACTIONS and also obstacles to RW’s Grand Plan to ‘Crash & Sell” Lanka. All this is happening to force all in Yahap to pass the new Constitution, making RW’s “Crash & Sell” plan a reality.
    All PATRIOTS/NATIONALISTS must make sure that the UNDEMOCRATIC NEW CONSTITUTION is NEVER passed !!

    THE “CRASH” PART :
    The “Crash” part has already happened through TWO massive Bond Scams, siphoning away multi-billions of Public Money out of the Central Bank, in broad daylight robbery !
    The Evidence presented to the Public on this matter says it all ! The Guilty parties and who headed teh Scam, is evident for all to see. Wriggling out of criminal acts have been the order of the day and whitewashing crooks is going on apace !

    THE “SELL” PART :

    Will happen on a large scale if and when the new Constitution is passed …
    this must NOT happen.

    Watch it, Lanka.
    Watch it, INDIA too !

  2. Fran Diaz Says:

    Read as “ …. also remove obstancles to RW’s Grand Plan …”.

  3. Senerath Says:

    Let me tell you he will never be arrested until close to the next presidential election, if they really want to balckmail Rajapaksas with no credible evidence. There is insufficient evidence for all the serious criminal charges ( not this minor one, who cares ? If ranil can be given 1 car, this man can be given 1000 cars as long as he does the job) and if these are taken up in the courts, they will be discharge immediately.

  4. Samanthi Says:

    ගෝඨාට මේච්චර බයද? – පොදු දේපල පනත ගෙන ජාතිත වස්‌තුවක්‌ හිරේ දැමීම!

    fShare

    gotas1 සමන් ගමගේ

    එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ගෝඨාභය රාජපක්‍ෂ නම් වූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉලක්‌ක කර කොළඹ පිත්තල හංදියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කරමින් ඔහු ඝාතනය කිරීමට උත්සාහ දරුවේ විජයග්‍රාහී මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මකව තිබූ ඉකුත් 2006 වසරේ දෙසැම්බර් පළමුවැනි සිකුරාදාය.

    එහෙත් එදා ගෝඨාභය මරා දමන්නට පොට්‌ටු අම්මාන්ගේ අණින් කොළඹට පැමිණ එම ප්‍රහාරය එල්ල කළ කොටි ත්‍රස්‌තවාදියාට නොහැකි විය. අඩුම තරමේ ගෝඨාභයට දැනෙන අන්දමේ සීරීමක්‌වත් කිරීමට ත්‍රස්‌තවාදීහු අසමත් වූහ.

    ප්‍රහාරයෙන් පැය භාගයකට පමණ පසු ලේ තැවරුණු කමීසය පිටින්ම එල්ටීටීඊයේ ප්‍රබල ඉලක්‌කයක්‌ව සිටි ගෝඨාභය සිනහමුසු මුහුණින් යුතුව අරලියගහ මන්දිරයට පැමිණ සිය සොහොයුරා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

    මේ වැරදුණු කුරුමානම ද, එකල එල්ටීටීඊය එල්ල කළ මෙවන් ප්‍රහාර අතරින් වේලුපිල්ලේ ප්‍රභාකරන්ට සොහොන් ලකුණු පෙන්වූ තවත් එක්‌ සිද්ධියක්‌ බවට පත්වූවේ යෑයි කිවහොත් එයද නිවැරදි වන්නකි.

    එහෙත් එදා මෙසේ කොටින්ගේ ඝාතන ලැයිස්‌තුවේ මුල් තැන හිඳ මරණයෙන් ගැලවී එල්ටීටීඊය වනසා ජාතියට නිදහස දිනා දෙන්නට කැපවූ ඒ ගෝඨාභය රාජපක්‍ෂට අද අත්වී තිබෙන ඉරණම කුමක්‌ද?

    අවසන් සටන නිමා කරමින් නන්දිකඩාල් කලපුවේදී වෙලුපිල්ලේ ප්‍රභාකරන් මැරී වැටුණු දිනයේ සිට මේ රට බෙදී වෙන්වනු දකිනු රිසි වූ විජාතික බලවේගවල මෙන්ම ඩොලර් බුදිමින් උන්ට කඩේ ගිය එන්ජීඕ නඩවල උදහසට ලක්‌වූ ප්‍රධාන චරිත දෙකක්‌ වූහ. ඉන් එක්‌ චරිතයක්‌ වූයේ යුද්ධයට දේශපාලන නායකත්වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. දෙවැන්නා වූයේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂය.

    මේ චරිත දෙක ඇතුළු රට බේරාගත් යුද සෙන්පතියන් සහ රණවිරුවන් ඉලක්‌ක කර ගත් එම විජාතික බලවේග හා රටට සතුරු වූ එන්ජීඕ කාක්‌කෝ ඉකුත් 2010 වසරේ දී රටට සාමය දිනා දුන් රජය පෙරලා දමා කාටත් පාඩමක්‌ ඉගැන්වීම සඳහා කුමන්ත්‍රණයක්‌ දියත් කළහ.

    ඒ විජයග්‍රහාහී සටනේදී හමුදාවට නායකත්වය දුන් සරත් ෙµdන්සේකා සාධකය පොදු අපේක්‍ෂකයකු ලෙස පෙරට ගෙන එමිනි. එහෙත් මුල් අවස්‌ථාවේ එය ව්‍යර්ථ විය. එසේ වුවද ඒ උත්සාහය අතහැරීමට ඔවුහු සූදානම් නොවූහ.

    අවසානයේ 2015 වසරේදී උන්ට රිසි සේ එය සිදුවිය. ඒ යහපාලනය බිහි කිරීම තුළිනි. ඉන්පසු උන් අපට පාඩම් කියාදීම ඇරඹීය. වත්මන් යහපාලන රජය බලයට පැමිණීමේදී ජනතාවට දුන් පොරොන්දු අනුව 2015 ජනාවාරි 8 න් පසු ආරම්භ කෙරුණු විමර්ශන කිහිපයක්‌ම තිබිණි.

    ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය, වසීම් තාජුඩීන් විමර්ශනය, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා අවිරාඡ් ඝාතනය සහ ප්‍රවීණ මාධ්‍යවේදීන් වූ උපාලි තෙන්නකෝනට පහර දීම, කීත් නොයාර්ට පහරදීමේ විමර්ශනය මේ අතර මුල් තැනක තිබිණි.

    මෙකී විමර්ශන ආරම්භයේ පටන්ම ෙද්‍රdaහී එන්ජීඕ නඩවලින් නැගුණු එකම හඬ බවට පත්ව තිබුණේ රාජපක්‍ෂ පවුල සහ ගෝඨාභය රාජපක්‍ෂ යන්නය. ඔවුන් එසේ හඬ නගද්දී ඇතැම් අවස්‌ථාවල එකී විමර්ශන ඒ දෙසට ඇදී යන බවක්‌ද පෙනෙන්නට විය.

    මේ නිසාම වත්මන් ආණ්‌ඩුව බලයට පත්වූ දිනයේ සිටම සමාජයේ නිරන්තර කතාබහට ලක්‌ වූ මාතෘකාවක්‌ බවට “ගෝඨාභය රාජපක්‍ෂ අද හෝ හෙට අත්අඩංගුවට ගන්නවා” යන්න පත්ව තිබිණ. පසුගිය දිනවල යළි කරළියට පැමිණි වැලිකඩ සිද්ධිය හමුවවේදී ද මේ කතාව යහමින් කියෑවෙන්නට විය.

    මිනිස්‌සු එසේ කතාබහ කරද්දී වරක්‌ “ඇවන් ගාර්ඩ්” සිද්ධියට අධිකරණයට පැමිණි ගෝඨාභය රාජපක්‍ෂයන්ට ඇප අත්සන් කරනතුරු උසාවි සිරමැදිරියේ රැඳී සිටින්නට සිදු වූවාද අපට මතකය. එහෙත් මේ දක්‌වා ගොඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමක්‌ නම් සිදු නොවිණි.

    එසේ අත්අඩංගුවට නොගත්තද එදා රට වෙනුවෙන් වැඩ කිරීම හමුවේ එල්ටිටීඊයේ මාරාන්තික ප්‍රහාරයක ගොදුරක්‌ වී නූලෙන් බේරුණු ගෝඨාභය රාජපක්‍ෂට අද සිදුව තිබෙන්නේ සිරගත කිරීමේ අභියෝගයකට මුහුණ දෙමින් උපන් රට වෙනුවෙන් කළ සේවය මෙනෙහි කරමින් කල්ගෙවන්නටය. එය මොනතරම් ගුණමකුද?

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකය සුදානමින් සිටින්නේ යෑයි යන්න මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්‌ව තිබෙන්නකි.

    පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකය පසුගියදා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස යුද්ධයට නායකත්වය දුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වී ඇත. එය සැලවී මහා සංඝරත්නය ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවකින් පසු තාවකාලිකව සියල්ල නතර වී තිබෙන අතර සමාජ ජාල මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය වීමත් සමඟ ඉහත කතාබහ සමාජගත විය.

    මේ අන්මදමට ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබී ඇත්තේද එල්ටීටීඊයේ ඊනියා මහවිරු සතිය ඇරඹෙද්දීය. උතුරේ මියගිය ත්‍රස්‌තවාදීන්ට පහන් දැල්වෙද්දී යුද්ධයට නායකත්වය දුන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්‌ තිබුණේ නම් මෙහිදී එයද සුෙවිශේෂී වන්නකි.

    කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්‍ෂ එලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම සත්‍යයක්‌ බව දැන් තහවුරු වී ඇත. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ඊයේ (28 වැනිදා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී හිටපු හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙක්‌ම එය සනාථ කළහ.

    රියර් අද්මිරාල් සරත් වීරසේකර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌, මේජර් ජෙනරාල් කුමාර හේරත්, රියර් අද්මිරාල් එච්. ආර්. අමරවීර, සහ මේජර් ජෙනරාල් රංජිත් සමරතුංග යන හිටපු හමුදා ප්‍රධානීහු එම මාධ්‍ය හමුවට එක්‌ව සිටියහ.

    එහිදී අදහස්‌ දැක්‌වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර සඳහන් කළේ ආණ්‌ඩුව රණවිරුවන් හිරේ දමද්දී උතුරේ එල්ටිටීඊ ත්‍රස්‌තවාදීන් සැමරීමට පුළුවන්නම් යහපාලනය එල්ටීටීයේ ආණ්‌ඩුවක්‌ වන බවය. බහුතරයක්‌ සිංහලයන්ගේ බදු මුදලින් අද එල්ටිටීයේ සොහොන් හැදෙද්දී යුද්ධයට නායකත්වය දුන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හිරේ දාන්නට ආණ්‌ඩුව සැරසෙන බවද කී ඒ මහතා එසේ සිදුවුවහොත් සමස්‌ත ජනතා අභියෝගයකට මුහුණ දීමට ආණ්‌ඩුවට සිදුවනු ඇති බවටද අනතුරු අඟවනු ලැබිණි.

    මෙහිදී මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි අදහස්‌ දක්‌වමින් යුද්ධයේදී ත්‍රිවිධ හමුදාවම පොදු අරමුණකට ගනිමින් යුද ජයග්‍රහණයට මෙහෙයවූ නායකයා ගෝඨාභය රාජපක්‍ෂ බව සඳහන් කළේය. එසේම අත්අඩංගුවට ගත් එල්ටිටීඊ ත්‍රස්‌තවාදීන් පුනරුත්ථාපනය කරමින් ලක්‍ෂ ගණනින් අවතැන් වූ ජනතාව රැකබලා ගෑනීමට හමුදාවට භාර කළ පශ්චාත් යුද සමයේ ගෝඨාභය භූමිකාව සුවිශේෂී එකක්‌ යෑයිද හෙතෙම පැවසීය.

    රියර් අද්මිරාල් ආනන්ද පිරීස්‌ අදහස්‌ දක්‌වමින් අතීතයේදී කවුරු ආරක්‍ෂක ලේකම් වුවද එල්ටිටීඊය පරාජය කළ නොහැකි වුවත් ගෝඨාභය රාපක්‍ෂ තුළ තිබූ දැක්‌ම නිසා එය සිදුකළ හැකිවූ බව පෙන්වා දුන්නේය.

    නොයෙක්‌ විරසක තිබුණු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් එක මේසයකට රැගෙන ආවේ ගෝඨාභය රාජපක්‍ෂ බව මෙම මාධ්‍ය හමුවේදී කී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අද දකුණේ දේශප්‍රේමියකුව හිරකරන්න ආණ්‌ඩුව සැරෙසෙද්දී උතුරේ ෙද්‍රdaහීන් වෙනුවෙන් පහන් දැල්වෙන බවද සඳහන් කළේය.

    මෙම මාධ්‍ය හමුවේදී ඉතා සංවේදී ලෙස අදහස්‌ දැක්‌වූ ආබාධිත රණවිරුවකු වූ මේජර් ජෙනරාල් රංජිත් සමරතුංග ගොAඨාභය වැනි දේශප්‍රේමී විරුවකු සිරගත කළහොත් කොන්දේසි විරහිතව එයට එරෙහිව පෙරමුණ ගැනීමට තමන් සුදානම් බව අවධාරණය කළේය. මේජර් ජෙනරාල් කුමාර හේරත් අදහස්‌ දක්‌වමින් පවසා සිටියේ ලෝකය ගෙන බැලුවද යුද්ධයක්‌ ජයග්‍රහණය කරා ගෙන ගොස්‌ ඇත්තේ දේශපාලන නායකත්වය යෑයි යන්නය.

    දැන් මේ හමුදා ප්‍රධානීන් කියන අන්දමට ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට ආණ්‌ඩුව සැරසේන්නේ කුමක්‌ නිසාද? චෝදනාව වී තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් මුදලින් සිය පියා වූ ඩී.ඒ. රාජපක්‍ෂ නමින් කෞතුකාගාරයක්‌ ඉදිකරමින් රජයේ මුදල් අවභාවිත කිරීමය.

    ආණ්‌ඩුවේ බලධරයනි මේ ඩී.ඒ. රාජපක්‍ෂ කියන්නේ කවුරුන්ද? 1956 විප්ලවයේදී එස්‌.ඩබ්.අර්.ඩී. බණ්‌ඩාරනායක මහතා සමඟ එක්‌වර නැගිට පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගනිමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නමින් ජනාතවාදී දේශපාලන ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට ඉදිරිපත් වූ චරිතයය.

    එසේම තිස්‌ වසරක්‌ පුරා අප විඳවූ එල්ටිටීඊයේ ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් පරාජය කරන්නට අභීතව දේශපාලන නායකත්වයක්‌ දුන් පස්‌වන විධායක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ සහ ඒ සටනේදී ත්‍රිවිධ හමුදාවට නායකත්වය දී රටට නිදහස ගෙනෙන්නට කැපවූ ගෝඨාභය රාජපක්‍ෂ යන පුතුන් දෙදෙනා මෙලොවට දායාද කළ තාත්තාය.

    ඉතින් ඔහු පිදිය යුත්තෙක්‌ නොවන්නේද? එසේ නොන්වන්නේ යෑයි කාට හෝ සිතේ නම් පළමුව කළ යුත්තේ මෙතෙක්‌ රජයේ මුදලින් ගොඩනඟා අදටත් නඩත්තු කරනු ලබන සියලු දේශපාලන නායකයන්ගේ නමින් තිබෙන ස්‌මාරක හා ඔවුන් වෙනුවෙන් කර ඇති ඉදිකිරීම් කඩා ඉවත් කිරීමය.

    එසේම මේ සියල්ල සිදු කළ පුද්ගලයන් හා තමන්ගේ දේශපාලන ව්‍යාපාරවලදී මේ දක්‌වා රජයේ මුදල් වැය කළ සියලුම දේශපාලනඥයන් සතේට ගණන් බලා අත්අඩංගුවට ගත යුතුය. තවත් කියන්නට දේ ඇති එහෙත් මේ ගැන වැඩිය කතා කිරීම අපට හරි හිරිකිතය.

    මෙසෙ සියල්ල ඇල්ලූ බපසු ගෝඨාව අත්අඩංගුව ගත්තාට කමක්‌ නැත. අප මේ ටික කියන්නේ අද ගෝඨාභය හිරේ හිඳිනු දකින් දොළදුකින් හොටු පෙරාගෙන හඬන මහාචාර්ය, ආචාර්ය ආදී වශයෙන් වූ සියලුම එන්ජීඕ කාක්‌කන්ටද ඇසෙන්නටය.

    අනේ මහත්වරුනි, මේ මොන විහිලුවක්‌ද? ඇත්තටම හැමෝම ගෝඨාභයට මෙච්චර බයද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress