ශ්‍රීලනිප-ඒකාබද්ධ එකඟතා ගැන පැතිරෙන කතා බොරු – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ
Posted on November 28th, 2017

නෝමන් පලිහවඩන උපුටා ගැන්ම දිවයින

ආප්ප න්‍යාය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බොහෝ දෙනකුට තවමත් තේරුම් ගැනීමට හැකි වී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” ට ඊයේ (27 වැනිදා) පැවසීය. 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර එකඟතාවයක්‌ ඇති බවටත් තමා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සුහද හමුවක්‌ පැවැති බවටත් පැතිරගොස්‌ ඇති කතා සත්‍යයෙන් තොර බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයාට තමා සමඟ කතා කිරීමට අවශ්‍ය නම් දුරකථනයෙන් කතා බහ කළ හැකි බවද හෙතෙම කීය.

තමාගේ තනි කැමැත්ත මත පක්‍ෂ එකමුතුව ගැන තීරණයකට එලඹිය නොහැකි බව පැවසු මහින්ද රාජපක්‍ෂ මහතා එවැනි තීරණයක්‌ තනිව ගැනීමට කටයුතු කළහොත් තමන් ඒකාධිපතියකු ලෙස හැඳින්වීමට සමහරු උත්සාහ කරනු ඇතැයිද කීවේය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress