ශ්‍රේෂ්ඨාධිකරණය මහජන උවමනාව සහ දේශපාලන උවමනාව පටලවා ගෙන ද?….. අදහස් දැක්වීමක්…!
Posted on December 3rd, 2017

ශ්රේෂ්ඨාධිකරණය මහජන උවමනාව සහ දේශපාලන උවමනාව පටලවා ගෙන ?

Full Story

යන ලිපිය කියවන්නට ලැබුණි. කාලයකට පසු කියවන්නට ලැබුණ හර්යාත්මක වටිනාකමක් ඇති ලිපියක් බව පළමුව ඔබගේ අවධානයට යොමු කරමි.

ඔබ විසින් මෙයට පෙර ලියන ලද Attorney General in the dock  ලිපියේ සැළකීමේදී මෙම ලිපිය සුවිශේෂී වෙයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132* ව්‍යවස්ථාව ඔබ ගේ පාඨයට නිමිත්ත ය. එමෙන්ම 106 ව්‍යවස්ථාවේ ඇති නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්වීමට නියම කර තිබීමත් එලෙසම වැදගත් වේ.

*[132. (1) අග්‍රවිනිශ්චයකාරවරයා අන්‍යාකාර විධාන කළහොත් මිස, ශ්‍රේෂ්ධිකරණයේ වෙන් වෙන් අධිකරණ බලය සාමාන්‍යයෙන් කොළඹ දී ක්‍රියාත්මක කළ යුත්තේ ය.

(2) ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය, වෙන් වෙන්ව නඩු විභාග කරන ඒ අධිකරණයේ විනිශ්චයකාරවරයන් කිහිපදෙනකු විසින් එකම අවස්ථාවේ දී විවිධ කාරණා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැක්කේ ය :

එසේ වුව ද, සියලූ අවස්ථාවල දී එහි අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්යෙඅස්ථාවේ විධිවිධානවලට යටත්ව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් තිදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණය වශයෙන් එක් රැස්ව සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කළ යුත්තේ ය.

(3) අග්‍රවිනිශ්චයකාරවරයා විසින් –

(i) සිය මෙහෙයවීමෙන් ම : හෝ

(ii) යම් කාරණයක් විභාග කරන විනිශ්චයකාරවරයන් දෙදෙනකු හෝ වැඩි සංඛ්‍යාවක් විසින් ඉල්ලා සිටිනු ලැබූ විට : හෝ

(iii) යම් අභියාචනයක්, නඩු කටයුත්තක් හෝ කාරණයක් හා සම්බන්ධ ප්‍රශ්නය අග්‍රවිනිශ්චයකාරවරයාගේ මතය අනුව ජනතාව සම්බන්ධයෙන් වැදගත් වන හා පොදු වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් වේ නම්, ඒ අභියාචනයේ, නඩු කටයුත්තේ හෝ කාරණයේ පාර්ශ්වකරුවකුගේ ඉල්ලීම පිට : හෝ

ඒ අභියාචනය, නඩු කටයුත්ත හෝ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් පස් දෙනකුගෙන් හෝ ඊට වැඩි සංඛ්‍යාවකගෙන් සමන්විත විනිශ්චය පීඨයක් විසින් විභාග කළ යුතු යයි විධාන කළ හැක්කේ ය.

(4) ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව ඒකමතික තීරණයක් නොවන විට, ඒ තීන්දුව බහුතර සංඛ්‍යාවේ තීරණය විය යුත්තේ ය.]

ඔබගේ ලිපියේ දක්වා ඇති කරැණු සමාජයට ඉතා වැදගත්වනු ඇතැයි සිතමි. නීතීඥවරැන් අනිවාර්යයෙන්ම එම ලිපිය කියවිය යුතුය. මන්ද “ජනතාව සම්බන්ධයෙන් වැදගත් වන හා පොදු වැදගත්කමක් ඇති ප්‍රශ්නයක්”  ජනාධිපතිගේ අතින් පත්වීම ලබන අග්‍රවිනිශ්චයකාරවරයා ගේ පමණක් මතය නොවිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 134.3 ව්‍යවස්ථාව අනුව ලංකාවේ ඕනෑම තැනැත්තෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට මැදිහත් වීමේ අවස්ථාව සළසා දී ඇත.

  1. (3) ශ්‍රේෂ්ඨාධිකරණයේවිසින් මේ පරිච්ඡේදය යටතේ ස්වකීය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් යම් තැනැත්තකුට හෝ වෙනත් යම් තැනැත්තකුගේ නීත්‍යනුකූල නියෝජිතයාට හෝ අවශ්‍ය යයි අධිකරණයට පෙනී යා හැකි පරිදි කරුණු කියා සිටීමට ස්වකීය අභිමතය පරිදි ඉඩ සැලසිය හැක්කේ ය. 

ඒ අනුව ඉහත දක්වා ඇති ඔබ ඇතුළු ලංකාවේ ඕනෑම තැනැත්තෙකුට  ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවකට මැදිහත් වී කරැණු දැක්විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2 ව්‍යවස්ථාව අනුව එහිදී භාෂාව ගැටළුවක් නොවේ..

(2) යම්කිසි පාර්ශ්වයක් හෝ අයදුම්කරුවකු විසින් නැතහොත් ඒ පාර්ශ්වය හෝ අයදුම්කරු නියෝජනය කිරීමට නීතියෙන් බලය ලබා ඇති යම්කිසි තැනැත්තකු විසින්, නඩු කටයුතු ආරම්භ කිරීම ද, උත්තරවාද සහ වෙනත් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම ද, අධිකරණ කටයුතුවලට සහභාගි වීම ද, සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් හෝ කරනු ලැබිය හැක්කේ ය. 

“පහුගිය වසර 30 තුල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ගේ වෘතීමය ගමන් මග විමසුවහොත් අපට පෙනෙන්නේ දේශපාලන සබඳතා බොහෝ දෙනාගේ ඉදිරි ගමන් වලට පිටුවහලක් වුන බවයි”….යන ඔබගේම අදහසෙන් මෙම කෙටි අදහස් දැක්වීම අවසන් කරමි.

වර්තමානයේ ස්වාධින කොමිෂන් සභා ඇති හෙයින් ඒවාට පත්වීමට ඇති කැමැත්තද මේ සමගම කියවිය යුතුය. 

ස්තුතියි….!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress