ආබාධිත පොලිස්‌ රණවිරුවන් ලබාදුන් දුබලතා විශ්‍රාම වැටුප අහිමි කිරීම. මෙවැනි කුණු වැඩ  කරන රජයක් අපිට එපා. සල්ලි නැත්නම් රජය ඉල්ලා අස්වෙන්න.
Posted on December 3rd, 2017

Chaminda Pradeep Dissanayaka

ආබාධිත පොලිස්රණවිරුවන් ඊයේ විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව වටලයි

යුද්ධය හේතුවෙන් ආබාධ තත්ත්වයට පත්වූ ආබාධිත පොලිස්රණවිරුවන්ට ලබාදුන් දුබලතා විශ්රාම වැටුප අහිමි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්ලබානොදීම හේතුවෙන් ආබාධිත පොලිස්රණවිරුවන් ඊයේ (29 දා) විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව වටලනු ලැබීය.

පෙරවරු 11.00 පමණ විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණි 300 පමණ ආබාධිත පොලිස්රණවිරුවන් පිරිස විශ්රාම වැටුප් කොමසාරිස්ජනරාල් ජගත් ඩයස්මහතා රැඳී සිටින කාමරය අසල බිම හිඳගෙන කප්පාදු කළ රණවිරු අයිතීන් නැවත ලබාදෙන තෙක්දෙපාර්තමේන්තුවෙන් පිට නොවන බව පවසමින් විරෝධතාවයක්ආරම්භ කරනු ලැබීය.

මෙම විරෝධතාවය පස්වරු 4.00 පසුවන තෙක්පැවැති අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්යාංශ ලේකම් ජගත් පී. විඡේවීර මහතා හමුවීමට ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ නියෝජිතයන් දෙදෙනකු සහභාගීවූවද රණවිරුවන් කොමසාරිස්ජනරාල්වරයාගේ කාමරය අසල රැකවල්ලා සිටින බවත් ඔවුන් ඉවත්ව යනතෙක්කාමරයෙන් පිටතට පැමිණ සාකච්ඡාවට නොයන බව කොමසාරිස්ජනරාල්වරයා දැනුම්දී තිබුණි.

සිද්ධිය සමථයකට පත්කර ගැනීම සඳහා ප්රදේශය භාර උසස්පොලිස්නිලධාරීන් විශ්රාමික පොලිස්රණවිරුවන් දෙපාර්තමේන්තුවේ පහළ මාලයට කැඳවා කොමසාරිස්ජනරාල්වරයා ඉවත්කර ගැනීමට කළ උත්සාහයක් ව්යර්ථ වී තිබිණි.

කෙසේ වෙතත් විශ්රාම වැටුප් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේ ආබාධිත පොලිස්රණවිරුවන්ට හිමි ගෙවීම් සිදුකරන ලෙස චක්රලේඛ මගින් උපදෙස්දී ඇතත් එහි අඩුපාඩු තිබෙන නිසා එහි වගකීම භාරගෙන කොමසාරිස්ජනරාල් වරයාට ගෙවීම් සිදුකළ නොහැකි බවයි. මේ නිසා නීතිය හා සාමය පිළිබඳ අමාත්යාංශය සමඟ සාකච්ඡා කර විසඳුමක්ලබාගතයුතු බව ඔවුන්ගේ මතය වී තිබුණි.

චමින්ද සිල්වා

ඡායාරූපසමන් රණවීර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress