ශ්‍රී ලාංකික වාරි ශිෂ්ඨාචාරයේ විශ්මිත යෝධ පිම්ම – රටක් නැගිටවන්නට ඉදිකළ මොරගහකන්ද
Posted on December 7th, 2017

කතෘ:යුතුකම 

-විශ්ව චින්තන-
ලංකාවේ විශාලතම කෘෂි ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද ගැන මුලින්ම කථා කරන්නේ 1955 වසරේදීය.නැවත 1977දී කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ මොරගහකන්ද නැවත කරලියට එයි.නමුත් මහින්ද යුගය එලැබෙන විටත් 60 වසරක් තිස්සේ එකඳු පස් පිඩැල්ලක් හෝ කැපීමට කිසිදු රජයකට හැකි වූයේ නැත.

රට කෘෂිකර්මයෙන් ස්වයං පෝෂිත කිරීමේ මහින්ද චින්තන දැක්ම අනුව ආරම්භ කල වෙහෙරගල, වේලි ඔය, මව්ආර, රඹකැන් ඔය, කැකිරිඕබඩ, උඩවලව වම් ඉවුර, දැදුරු ඔය, යාන් ඔය, උමා ඔය ඇතුළු යෝධ ව්‍යාපෘති අතර මොරගහකන්ද – කළුගඟ යථාර්තයක්ම වන්නේ ඒ වැඩ සටහන යටතේ ඉදිවන විශාලත ව්‍යාපෘතිය ලෙසයි. මෙහි විශේෂත්වය නම් මේ ව්‍යාපෘති සියල්ල කෙටි කාලයක් තුල සමාන්තරව ගොඩනැගීමයි.


‘මහින්ද රාජපක්ෂ සමූද්‍රය’ –  මොරගහකන්ද – 

පරාක්‍රම සමුද්‍රය මෙන් 6 ගුණයක් විශාල මහ ජලාශ දෙකක් හදන මාතලේ ඉදිකරන මොරගහකන්ද බහුකාර්ය යෝජනා ක්‍රමය මඟින් මධ්‍යම උතුරුමැද උතුරු හා නැගෙනහිර පළාත්වල මහ වැව් 20ක් පමණ හා අලුත් වැව් 51 ක් ඉදිවේ. කුඩා වැව් සිය ගණනක් පෝෂණය වෙයි.

රුපියල් කෝටි 12,500 ක් වැය කරන මේ ව්‍යාපෘතිය මඟින් උතුරුමැද මධ්‍යම පළාත්වල ජනතාවට ලබාදෙන පානීය ජල ධාරිතාව තෙගුණයකට වැඩි කෙරේ. ඊට අමතරව මධ්‍යම උතුරුමැද උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර ලක්ෂ 2.5 ක් යල මහ අස්වැද්දීමට කටයුතු කරනු ලැබේ.

නාවුල ඇළහැර පාරේ මොරගහකන්දේ දී අඹන් ගඟ හරහා මීටර් 463ක් දිග මහ වේල්ලක් ඉදිකර එමඟින් අක්කර අඩි 463000ක ජල ධාරිතාවක් සහිත මහ ජලාශයක් ඉදිකෙරේ. එය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාලය. ඊට අදාළව තවත් සඳැලි වේලි දෙකක් ඉදිවේ.

මෙම ව්‍යාපෘතියේ අනික් ප්‍රධාන වේල්ල ඉදිවෙන්නේ පල්ලේගම ප්‍රදේශයේය. ඒ මාතලේ කළු ගඟ හරහා මීටර් 548ක් දිග වේල්ලක් බැඳීමෙනි.මෙයට අමතරව තවත් සඳැලි වේලි දෙකක් ද ඉදිකර අක්කර අඩි 216000 ක ජල ධාරිතාවක් දැරිය හැකි යෝධ ජලාශයක් කළු ගඟ ආශ්‍රිතව ඉදිකරනු ලැබේ.මෙය පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාලය.

මෙම යෝධ ජලාශ කිලෝමීටර් 9ක් දිග උමගකින්/ඇලකින් එකට සම්බන්ධ වේ. මෙම සම්පූර්ණ ව්‍යාපෘතියම ඉදිකිරීමට අවශ්‍ය සහණ පොලී ණය මුදල චීන සංවර්ධන බැංකුව, ඔපෙක් හා සවුදි අරමුදල හා කුවේට් රජය යටතේ ලැබී ඇත. ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 25ක ජල විදුලි බලාගාරයක් ඉදිවෙන අතර ලග්ගල වැල්ලෙවෙල ආදි ප්‍රදේශවල නව නගර ද බිහි වෙයි.

මේ මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය යටතේ ‍රජරට ගොවි ජනතාවට පමණක් ලැබෙන වාර්ෂික ප්‍රතිලාභය රුපියල් කෝටි 400 කි.මුළු ව්‍යාපෘතියෙන් ලැබෙන සමස්ත වාර්ෂික ප්‍රතිලාභය රුපියල් කෝටි 750 ක් වේ.මේ අනුව ව්‍යාපෘතියට යන සම්පූර්ණ වියදම වන රුපියල් කෝටි 12,500 අවුරුදු 18කට පෙර පියවීමට අවස්ථාව ලැබේ.

අලුත් පාලම් 80 ක් වැව් 51 ක් නව නගර 3 ක් මේ යටතේ ඉදිවෙයි.නව මාර්ග කිලෝමීටර් 200 ක් පමණ හා නව යටිතල පහසුකම් රැසක් ද මේ නව ව්‍යාපෘතිය යටතේ ජනතා අයිතියට පවරමින් තිබේ.

වසර 60ක් තිස්සේ සාකච්ඡා අධ්‍යයනවලට පමණක් සීමා වී තිබූ මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතියට 2007 ජනවාරි 25 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් මුල්ගල් තැබුනු අතර 2016 වසරේදී වැඩ අවසන් වන්නට නියමිතව තිබුනි.

2015 වසර එලැබෙන විට ව්‍යාපෘතියෙන් 75%ක වැඩ නිම කරන්නට ව්‍යාපෘතිය භාර නිලධාරීන්ට හැකි වී තිබුනි…!!!

2 Responses to “ශ්‍රී ලාංකික වාරි ශිෂ්ඨාචාරයේ විශ්මිත යෝධ පිම්ම – රටක් නැගිටවන්නට ඉදිකළ මොරගහකන්ද”

  1. Dilrook Says:

    Overall Moragahakanda project as envisaged in 1955, 1977, 1994 and 2007 are highly beneficial. However, there is a hidden danger in this as well, especially after 2010. It may be an attempt to rob water from Sinhala dry zone farmers and transfer it to the north. If water flow to NCP is reduced, CKD will worsen, paddy cultivation in NCP will collapse and Sinhala people will suffer acute water shortages.

    Can governments do anything without robbing from Sinhalese and giving it to Tamils who don’t share with anyone else?

    “http://www.ft.lk/article/485473/Moragahakanda-Project-hijacked–needs-rectification”

    The danger of robbing Sinhalese the life blood of the dry zone and giving it to Tamil only areas must be averted. Otherwise there will be war again and parts of Moragahakanda will become the next Mavil Aru.

  2. Senerath Says:

    How many people know that even Right Bank development of Kalawewa carried out in 1978-1981 is a failure ?
    No need to listen to me just visit the areas left of the Thambuttegama- Anuradhapura main road and see for yourself whether there are expected paddy cultivation or not. Even the areas to the right of the road is no getting the water expected.
    Did the so called “experts” made sure 30 km long NCP canal would transport waht is calculated , without losses ?
    Even if LTTE would not get the water expected could be a good thing, it is a huge loss to the country, paid by poor middle east house maids for years to come.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress