අරලියගහ මැඳුරට කැඳවා අගමැති හාමුදුරුවන්ට පගාව දුන්නා
Posted on December 10th, 2017

 ලසිත දුමින්ද

මෙලෙස මුදල් දීම අවභාවිතාවක්‌ නොවේද? බෙංගමුවේ නාලක හිමි
අගමැති පිංකමක්‌ කරන වෙලාවේදීත් මහින්ද රාජපක්‍ෂට මඩ ගහනවා – ගලගම ධම්මරංසි හිමි

bengamu

ජනතාවගේ කැමැත්තක්‌ නොමැති ආණ්‌ඩුව අද විහාරස්‌ථාන මාර්ගයෙන් ජනතා කැමැත්ත දිනා ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවැසූහ. 
 
 නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී එසේ සඳහන් කළ ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමි මෙසේද පැවැසූහ.
 
 අගමැතිතුමනි, මහින්ද රාජපක්‍ෂ මහතා මොනවද කළේ අතුරලියේ රතන හිමි දන්නවා. උන්වහන්සේගේ පන්සල සකස්‌ කළේ පසුගිය රජයයි. එහෙම කරගත් රතන හිමි අද පසුගිය රජයට විරුද්ධව එකතු වුණා. මේවා ජනතාව දන්නවා. 850 ක්‌ පමණ වූ භික්‍ෂුන් වහන්සේලා අරලියගහ මන්දිරයට වැඩම කරවලා උන්වහන්සේලාට මුදල් දීම පගාවක්‌ විදිහටයි අපි දකින්නේ. ඉදිරියේ ඡන්දයක්‌ තියාගෙන හාමුදුරුවරුන්ට පගාවක්‌ දීලා, හාමුදුරුවන් හරහා පළාත් පාලන ආයතනවලට ඡන්දය ගන්නයි මේ පගාව දුන්නේ. මෙහෙම මුදල් දීමට ඉඩදීම ගැන අනාගතයේදී මැතිවරණ කොමසාරිස්‌වරයාට කරුණු කියන්න සිද්ධ වෙයි. හදිසියේම ඇයි හාමුදුරුවන්ට සල්ලි දුන්නේ. කෝටි 40 ක්‌ ආණ්‌ඩුව මේකට වියදම් කරලා. ඒක මුදල් අවභාවිතා කිරීමක්‌ නෙමෙයිද? 
 
 අගමැතිවරයා හිතන් ඉන්නවා ආණ්‌ඩුවට මහජනතාවගේ කැමැත්තක්‌ තිබෙනවා කියලා. නමුත් ජනතා කැමැත්තක්‌ නැහැ. ඡන්දයකට මෙතෙක්‌ කල් නොගිහින් හිටියේ ඒ ජනතා කැමැත්ත නැතිබව දැනගත් නිසයි. දැන් කොහොම හරි පන්සල් මාර්ගයෙන් ඡන්දය ගන්න බලනවා. අරලියගහ මන්දිරයට වැඩම කළ හාමුදුරුවරුන්ගෙන් හතර පස්‌ දෙනෙක්‌ ඇරෙන්න අනිත් කිසිම හිමිනමක්‌ ආණ්‌ඩුවට ඡන්දය දෙන්නැයි කියලා කියන්නේ නැහැ. ඒ පැත්තෙන්
 
 විළිලැඡ්ජා නැති අගමැතිවරයාගේ උත්සාහයත් අසාර්ථකයි. අපි මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා බෙදුම්වාදයට උඩගෙඩි දෙන වැඩවලට සහාය නොදෙන ලෙසට. ඒ වරද නොකරයි කියා අපි විශ්වාස කරනවා. අගමැතිවරයා නමින් බෞද්ධ වුණාට එතුමාට පව් පින් තේරෙන්නේ නැහැ. මේ රජයෙන් ආගමට වූ සෙතක්‌ නැහැ. උතුරේ බුදු පිළිම ඉවත් කරනවා. බෙදුම්වාදයට කප්පම් දෙමින් ආණ්‌ඩුව කටයුතු කරනවා. 
 
 එදා අරලියගහ මන්දිරයට වැඩම කළ සිටි මහා සංඝරත්නය අපි දැක්‌කා. ගොඩක්‌ දෙනෙක්‌ අලුතින් පන්සල් හදාගත් හිමිවරුන්. අපි ඒ ගැන කියමින් උඩ බලාගෙන කෙළගසා ගන්නේ නැහැ. බයට වඩා ලැඡ්ජා නැති අගමැතිවරයෙක්‌ යටතේ තමයි අද මේ රට පාලනය වෙන්නේ. රටේ ජනාධිපතිවරයාත් දන්නවා හිටපු රජය කළ දේවල් ගැන. එතුමා පත්තරෙන් දැක්‌කා කියා විහිළු සපයන්න එපා. 
 
 දේශවිමුක්‌ති පක්‍ෂයේ නියෝජ්‍ය නායක ගලගම ධම්මරංසි හිමි –
 
 අරලියගහ මන්දිරයට අපේ මහා සංඝරත්නය වැඩම කරවලා දුන් මුදල් අපේ පන්සල්වලම මුදල්. ඒ මුදල් පිං කැටවල මුදල්. පන්සලේ පිං කැටවල මුදල් එකතු කරලා ආයෙත් පන්සල්වලටම දීපු එකයි කළේ. එහෙම කළ එක ගැන සතුටු වෙනවා. නමුත් අගමැතිවරයා මේ ස්‌ථානයේදී කළේ වෛරී සහගත ප්‍රකාශ. අපි ඒවා පිළිකුළෙන් යුතුව හෙළාදකිනවා. පිංකමක්‌ කරන වෙලාවේ ක්‍රෝධය, වෛරය පතුරවමින් මේ රටට විශාල මෙහෙවරක්‌ ඉටු කළ මහින්ද රාජපක්‍ෂ මහතාට මඩ ගහන එක තමයි කළේ. 
 
 මේ රටේ සමස්‌ත භික්‍ෂූන් වහන්සේලා හිටපු ජනාධිපතිවරයාට ආදරෙයි. එතුමා රට, ජාතිය වෙනුවෙන් විශාල මෙහෙවරක්‌ කළා. මුළු චරිතය පුරාම ශ්‍රද්ධාව තිබෙනවා. නාමිකව බෞද්ධ වූ අගමැතිවරයාට සදාචාර අයිතියක්‌ නැහැ හිටපු ජනාධිපතිවරයාට භික්‍ෂූන් වහන්සේලා ඉදිරියේ එහෙම ප්‍රකාශ කරන්න. සංඝයා වහන්සේලා භාවිතා කරගෙන තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් තමයි ඒ වැඩපිළිවෙළ ගෙන ගියේ.

2 Responses to “අරලියගහ මැඳුරට කැඳවා අගමැති හාමුදුරුවන්ට පගාව දුන්නා”

  1. ranjit Says:

    Ranil is an agent of the west and the Indian parasites. He don’t have shame,he don’t have guts, He is like Mr.Bean the Joker actor. A man who lost twenty two times and who has no shame to stay in politics anymore. He is the brain behind the biggest Bank robbery in history in Sri Lanka according to the news papers. We should not be surprised if he does anything foolish. He is a traitor to our Motherland and we should be ashamed to have a prime minister like that. He should be behind bars not in the parliament.

  2. Senerath Says:

    I hope these monks have told the joker to face “අගමැතිතුමනි, මහින්ද රාජපක්‍ෂ මහතා මොනවද කළේ අතුරලියේ රතන හිමි දන්නවා……විළිලැඡ්ජා නැති අගමැතිවරයාගේ උත්සාහයත් අසාර්ථකයි..”
    Otherwise this is another show only by taking money from another politician. We do have විළිලැඡ්ජා නැති අගමැති but we should have බය නැති monks, not pandam monks.
    “අගමැතිවරයා නමින් බෞද්ධ වුණාට එතුමාට පව් පින් තේරෙන්නේ නැහැ.” It is the same with others, those you are praising. You must tell this to the face of others too.

    “අරලියගහ මන්දිරයට අපේ මහා සංඝරත්නය වැඩම කරවලා දුන් මුදල් අපේ පන්සල්වලම මුදල්. ඒ මුදල් පිං කැටවල මුදල්. පන්සලේ පිං කැටවල මුදල් එකතු කරලා ආයෙත් පන්සල්වලටම දීපු එකයි කළේ. එහෙම කළ එක ගැන සතුටු වෙනවා” statement and the topic “අරලියගහ මැඳුරට කැඳවා අගමැති හාමුදුරුවන්ට පගාව දුන්නා” say it all, it means පගාව දුන් එක ගැන සතුටු වෙනවා.

    How do they save Sri lanka like this ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress