පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමට ක්ෂේත්‍ර නිලධාරීන් හරහා  විපක්ෂ කණ්ඩායමක උත්සාහයක්
Posted on December 13th, 2017

මාධ්‍ය නිවේදනය මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

පළාත් පාලන ඡන්ද විමසීම  කල් දමා ගැනීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් කිහිප දෙනෙකු මගින්   ප්‍රබල විපක්ෂ කණ්ඩායමක් මේ වනවිට උත්සහ දරමින් සිටියි.  සමෘද්ධි නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට සේවයේ නිරතව සිටින අතරතුරදීම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමට නොහැකි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති මෙම නඩු තුන  පසුපස පළාත් පාලන ඡන්ද විමිසීම කල්දමා ගැනීමේ උත්සහයක් ක්‍රියාත්මක බව  කැෆේ සංවිධානයේ අදහසයි.

තමන් ක්ෂේත්‍ර නිලධාරින් ලෙස කටයුතු කරන බැවින්  ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම  සඳහා තරඟ කිරීමට ඇති අයිතිය අහිමි වී ඇති බව සඳහන් කරමින්  ඉදිරිපත් කර ඇති මානව හිමිකම් නඩුවේ  එක් පෙත්සම් කරුවෙකු මේ වනවිටත් සේවයෙන් ඉල්ලා අස්වී ඇති අතර තවත් පෙත්සම් කරුවෙකු මේ වනවිට විශ්‍රාම ලබා ඇත. තව ද  රිට් ආඥාවක් ඉල්ලා ඇති පෙත්සම් වල ද පෙත්සම්කරුවන්ගෙන් කීහිප දෙනෙකු මෙලෙසම ඉල්ලා අස්වී හෝ විශ්‍රාම ලබා ඇති බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි. (එම නම් ගම් සහ විස්තර පහත දක්වා ඇත)

  1. ප්‍රියන්ත වඩුගේ(ගාල්ල ) – සේවයෙන් ඉල්ලා අස්වී ඇත
  2. එස් පී ජනක නලීන් කුමාර (පොලොන්නරුව ) – විශ්‍රාම ගෙන ඇත
  3. කේ. පී කුමාරසිරි (පොලොන්නරුව) -විශ්‍රාම ගෙන ඇත
  4. එච්. කේ. එන්. එන් ජයසේකර (ගම්පහ ) – සේවයෙන් ඉල්ලා අස්වී ඇත
  5. එස්. ඒ . එම්. ඒ අතුල කුමාර (ගම්පහ) – සේවයෙන් ඉල්ලා අස්වී ඇත
  6. රණසිංහ බණ්ඩා (නුවරඑළිය) – සේවයෙන් ඉල්ලා අස්වී ඇත

මේ නම් අතර අද සහ හෙට විභාගයට ගැනීමට නියමිත නඩු වල පෙත්සම් කරුවන් ද සිටිති.

(අදාල පෙත්සම් වල ඡායාරූප මේ සමඟ අමුණා ඇත)

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 70 න් එක් පක්ෂයක ලේකම් වරයෙකු හෝ ස්වාධීන කණ්ඩායමක නායකයෙකු මෙම පෙත්සම් කරුවන් තම පක්ෂයෙන් හෝ ස්වාධින කණ්ඩායමෙන් ඉදිරිපත් කිරීම සඳහා කැමැත්ත හෝ ලැදියාව ප්‍රකාශ කිරීමක් සිදුව නොමැත.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ගැනීම සඳහා මෙවර විපක්ෂයේ ප්‍රබලතම කණ්ඩායමක් දරණ උත්සාහය කැෆේ සංවිධානය දැඩි ලෙස හෙලා දකින අතර  මෙය  ඡනතාවගේ ඡන්ද අයිතිය  අහෝසි කිරීම සඳහා බංකොලොත් දරන උත්හයක් ලෙසද කැෆේ සංවිධානය හදුන්වයි .

 

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2017 දෙසැම්බර් 13

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress