නෙස්බි සාමිගේ ලංකාවට හිතවාදී ප්‍රකාශය පිළිබඳව ලක් රජයේ විශේෂ අවධානය යොමු නොවීම
Posted on December 16th, 2017

ජාතික ඒකාබද්ධ කමිටුව මාධ්‍ය නිවේදනයයි 

නෙස්බි සාමිගේ ලංකාවට හිතවාදී ප්‍රකාශය පිළිබඳව ලක් රජයේ විශේෂ අවධානය යොමු නොවීම

නෙස්බි සාමි යනු බි්‍රතාන්‍යයේ සාමි මණ්ඩලයට පත්වීමට පෙර වර්ෂ 1974 සිට 1997 දක්වා කොන්සර්වටිව් පක්ෂය නියෝජනය කළ බි්‍රතාන්‍ය මහජන මන්ත්‍රී වරයෙකි. එවකට ඔහු හැඳින්වුයේ මයිකල් මොරිස් යන නමිනි. 1997 සිට අද දක්වාම මොහු සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකි.

1960 දශකයේ සිට ලංකාව හා තිබු මොහුගේ සුහද සම්බන්ධතාව හා අවබෝධය නිසා මන්ත්‍රීවරයෙකු වු පසු වර්ෂ 1975 දී මහජන මන්තී්‍ර මණ්ඩලයේ සියලූ පක්ෂ නියෝජනය වන අයුරින් ලංකාවට හිතවත් මන්ත්‍රී පර්ෂදයක් ආරම්භ කිරීමට ඔහු පුරෝගාමී විය. මහජන මන්ත්‍රීවරයෙකුව සිටි කාලයේ මෙන්ම සාමි මන්ත්‍රීවරයෙකු වශයෙනුන් මෙම පර්ෂදයේ කි්‍රයාකාරී සාමාජිකයෙකු වශයෙන් ලංකාවට හිතවාදීව ඔහු කටයුතු කරයි.

වර්ෂ 2017 ඔක්තෝබර් මස 12 වැනි දින සාමි මන්ත්‍රී මණ්ඩලය තුළ ලංකාව සම්බන්ධයෙන් පැවැති විවාදයේදී වර්ෂ 2009 යේ යුද්ධය පැවැති අවසාන කාලවකවානුවේදී ශී්‍ර ලංකා හමුදා සෙබලූන්ගේ කි්‍රයා කලාපය සම්බන්ධයෙන් එල්ලවුන පදනම් විරහිත චෝදනා පිළිගත නොහැකි බව ඔහු විසින් එක්රැස් කරගත් තොරතුරු ගෙන හැර පාමින් ලංකාවට ඉතාමත්ම හිතවාදී ප්‍රකාශයක් කරන ලදී. මෙහිදී මොහුගේ විශේෂ අවධානය යොමු වුයේ මෙම වාකවානුව තුළ සිවිල් වැසියන් 40,000 ක් මියගිය බවට ජාත්‍යන්තරයේ විවිධ සංවිධාන හා ගෝලීය දෙමළ සංසදය කර ඇති චෝදනාවටය.

මියගිය සංඛ්‍යාව 40,000 ක් බවට මුලින්ම ප්‍රකාශ කළේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ එවකට සිටි මහලේකම් බෑන් කී මුන් විසින් පත් කළ දරුස්මාන්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ මණ්ඩලයයි. දරුස්මාන්ගේ නායකත්වයෙන් වු මණ්ඩලය ලංකාවට නොපැමිණි අතර ඔවුන්ගේ වාර්තාව පිළියෙල කළේ ලංකාවේ හා ජාත්‍යයන්තරයේ කොටි හිතවාදී පුද්ගලයන් හා රාජ්‍ය නොවන සංවිධානයන්්හි කි්‍රයාකාරීන් හා සාකච්ඡා කිරීමෙනි.

කිසිදු විද්‍යානුකූල පදනමකින් හෝ විනිවිද භාවයකින් තොරව සකස් කළ දරුස්මාන් වාර්තාවේ දක්වා ඇති 40,000 සංඛ්‍යාව පිළිගැනීමට ඇති අපහසුතාව ගැන තවදුරටත් කරුණු විමසා බැලීමට තමා පෙළඹවු බව නෙස්බි සාමි ප්‍රකාශ කර සිටී.

එම නිසා 2009 වර්ෂයේදී ලංකාව තුළ ගැටුම් උත්සන්න වු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් බි්‍රතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත එවා තිබු වාර්තාවල පිටපත් තමාහට ලබා මෙන් ඉල්ලූ බව නෙස්බි සාමි ප්‍රකාශ කරයි. එම වාර්තා තමා වෙත ලබාදීම විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂෙප කළ නිසා එම අමාත්‍යාංශයේ අභියාචනා කමිටු මගින් එම වාර්තා ලබා ගැනීමට ගත් ප්‍රයත්නයන්ද නිෂ්ඵල වු බව නෙස්බි සාමි පවසයි.

මෙම තොරතුරු ලබාගැනීමට තමා කළ උත්සාහය නොනැවත් වු මොහු මෙම තොරතුරු ලබාගැනීමට රජයේ සන්නිවේදන කොමසාරිස්ගේ සහාය පතා ඇත. මෙම ස්වාධීන ආයතනයේ මැදිහත් වීම නිසා වාර්තා සමහරක් විදේශ කටයුතු අමාත්‍යාංශය තමාට ලබාදුන් බව නෙස්බි සාමි ප්‍රකාශ කරයි. එහෙත් තමා වෙත ලබා දුන් වාර්තා ප්‍රමාණය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඇති සියලූ වාර්තා නොවන බව අවබෝධ කරගත් නෙස්බි සාමි නැවතත් සන්නිවේදන කොමසාරිස්ගේ සහාය පතා ඇත. එහි ප්‍රතිපලයක් වශයෙන් තමාහට තවත් වාර්තා කිහිපයක් ලබාගැනීමට හැකිවු බවද නෙස්බි සාමි ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත රඳවාගත් ඉතිරි වාර්තාවල රහස්‍යභාවය නිසා ඒවායේ ඇති තොරතුරු කිසිවෙකුටත් ලබාදිය නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථාවරය වු බව ඔහු කළ ප්‍රකාශයේ සඳහන් වේ.

තමාට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාදුන් සීමිත වාර්තාවන්ගෙන් උකහා ගත් පහත දැක්වෙන කරුණු නෙස්බි සාමිගේ ප්‍රකාශයෙහි අවධාරණයෙන් සඳහන් කොට තිබේ.

1. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ලංකාව සම්බන්ධ කරුණු එක් රැස් කිරීමට පත් කළ කමිටුවේ ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තාව අනුව වර්ෂ 2008 අගෝස්තු මස සිට වර්ෂ 2009 මැයි මස 13 දින දක්වා වු කාල වකවානුව තුළ මියගිය සිවිල් ජනතාවගේ සංඛ්‍යාව 7721 කි.
2. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රකාශක වශයෙන් කටයුතු කළ ගොර්ඩන් වයිස්ගේ ප්‍රකාශයන් අනුව වර්ෂ 2009 යේදී මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 7000 කි. එසේම එම ප්‍රකාශයෙහි ඔහු සඳහන් කර ඇත්තේ යුධ උපක්‍රමයක් ලෙස සිවිල් වැසියන් ඝාතනය කිරීමට ශී්‍ර ලංකා යුද හමුදාවට කිසිදු අවශ්‍යතාවයක් නොතිබු බවය.
3. වාමාංශික නැඹුරුවක් දැක්වු මානව හිමිකම් පිළිබඳ ලංකා විශ්වවිද්‍යාල ආචර්යවරුන්ගේ සංවිධානයේ වාර්තා වල දක්වා ඇති මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව අනෙකුත් වාර්තාවල දැක්වෙන සංඛ්‍යාවට සමාන බවය.
4. වර්ෂ 2009 අප්‍රියෙල් මස දක්වා ලංකාවේ ඇමරිකානු තනාපති ලෙස සේවය කළ බ්ලෙක් මහතාගේ වාර්තා අනුව 2009 ජනවාරි මස 20 දින සිට අප්‍රියෙල් මස 6 වැනි දින දක්වා මියගිය සිවිල් වැසියන්ගේ සංඛයාව 4164 කි.
5. මෙම වකවානුවේ ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්්‍යාලයේ හමුදා කටයුතු භාරව සිටි ලෙෆ්ටිනන් කර්නල් ඇන්ටන් ගොෂ් ගේ වාර්තාවලද මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ අනෙකුත් වාර්තාවලට සමාන මතයකි. තවද ඔහුගේ නිරීක්ෂණය වුයේ ශී්‍ර ලංකා යුද හමුදාව මනා හික්මීමකින් හා දැඩි සංයමයකින් යුතුව කි්‍රයා කරමින් ලබාගත් ජයග්‍රහණය ඔහුගේ මවිතයට හේතු වු බවය.
6. වර්ෂ 2015 මාර්තු මස මේජර් ජෙනරල් හෝම්ස් ඔහුගේ විශේෂඥ යුද වාර්තාවෙන් සඳහන් කරන්නෙත් මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 7000 හා 8000 අතර වු බවය.

නෙස්බි සාමි ලංකාව සම්බන්ධයෙන් සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවති විවාදයේදී අවසාන වශයෙන් පවසා සිටියේ ඉහත දැක්වු කරුණු අනුව ලංකා රජයේ කිසිවකුටත් දෙමළ සිවිල් ප්‍රජාව මරා දැමීමට උවමනාවක් නොවු බවය. ඒ බව පිළිගැනීමට බි්‍රතාන්‍ය රජය දැන්වත් කටයුතු කරනු දැකීම තමාගේ අභිප්‍රාය බව ඔහු අවධාරණය කර සිටියේය. ඔහු තව දුරටත් බි්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේ එක්සත් ජාතින්ගේ සංවිධානය හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනිවා හි පිහිටි මානව හිමිකම් කවුන්සලයට ලංකාවේ යුද ගැටුම්වලින් මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 40,000 ක් නොව 7000 හා 8000 ක් අතර සංඛ්‍යාවක් බව ඒත්තු ගැන්වීමට කටයුතු කරන ලෙසය.

එසේම ලංකාවේ පැවති මේ ගැටුම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් බවත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් කි්‍රයා කළ යුතතේ ජාත්‍යන්තර මානුෂික නීතිය (ෂබඑැරබ්එසදබ්ක ්‍යමප්බසඒරස්බ ඛ්අ) අනුව මිස යුරෝපා ප්‍රජාවගේ මානව හිමිකම් ප්‍රඥප්තිය (ෑමරදචැ්බ ක‍දබඩැබඑසදබ දබ ්‍යමප්බ ඍසටයඑි) අනුව නොවන බව බි්‍රතාන්‍ය රජය පිළිගත යුතු බවය.

එසේම බටහිර බලවතුන් විශේෂයෙන්ම ඇමරිකානු රජය හා බි්‍රතාන්‍ය රජය යුද සමයේ ලංකා යුද හමුදාවට නායකත්වය දුන් පුද්ගලයන්ට එරෙහිව දැනට එල්ල කර ඇති යුද අපරාධ චෝදනා හා විදේශ විනිසුරුවරුන් ලවා නඩු විභාග කිරීමට ගෙන ඇති තිරණ වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවය.

බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ විවාදයට එක්වෙමින් නෙස්බි සාමි කර ඇති ප්‍රකාශය ලංකාවට ඉතාමත්ම හිතවාදී ප්‍රකාශයක් බව ජාතික ඒකාබද්ධ කමිටුවේ අදහසයිි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය වර්ෂ 2015 ඔක්තෝබර් මස පළමුවැනි දින සම්මත කරගත් අංක 30/1 යෝජනාවේ අන්තර්ගත කරුණු බොහොමයකට පාදක වී ඇත්තේ යුද සමයේ මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 40,000 ක් යනුවෙන් එල්බ ගෙන ඇති සාවද්‍ය මතය බව ජාතික ඒකාබද්ධ කමිටුවේ අදහසයි. නෙස්බි සාමි සවිස්තර ලෙස කරුණු ගෙනහැර දක්වමින් යුද සමයේ මිය ගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 7000 හා 8000 ක් අතර වු බව පෙන්වා දී තිඛෙන නිසා ලංකාවේ යුද විරුවන් හට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලින් ඔවුන් ගලවා ගැනීමට ලංකා රජය යුහුසුළුව කි්‍රයා කරතැයි ජාතික ඒකාබද්ධ කමිටුවේ විශ්වාසයයි.

2 Responses to “නෙස්බි සාමිගේ ලංකාවට හිතවාදී ප්‍රකාශය පිළිබඳව ලක් රජයේ විශේෂ අවධානය යොමු නොවීම”

  1. Christie Says:

    නෙස්බි සාමිවරයා සින්හලය ගැන පුද්ගලික දැනුමක් ඇත්තෙකි. ඔහු රෙකිට් කෝල්මන් කොම්පැනියේ වැඩකරද්දී අපේ රටහ් ඉන්දියාවත් නියෝජනය කලේය. ඔහුට ඉන්දියානුවන් හා සින්හලන් ගැනත් හොඳ දැනුමක් ඇත.

  2. Christie Says:

    Marketing Manager
    Reckitt and Colman Group in UK, India and Sri Lanka
    1960 – 1962

    Lord Naseby

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress