කොග්ගල මුහුදේ ගිලෙන්න ගිය ජීවිත 4ක්‌ බේරාගත් බුද්ධ පුත්‍රයෙක්‌
Posted on December 25th, 2017

උපුටා ගැන්ම දිවයින

ගාල්ල කොග්ගල මුහුදු තීරයේ ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනකුගේ දිවි බේරා ගන්නට ගාල්ල පරගොඩ රජමහා විහාරස්‌ථානවාසී කොක්‌මාදුවේ අනුරුද්ද හිමියන්ට ඉකුත් 23 දා හැකි විය.

උපන් දින සාදයකට පැමිණි කතුන් සිව් දෙනකු ඇතුළු පිරිසක්‌ කොග්ගල මුහුදේ දිය නාමින් සිටියහ. මේ අවස්‌ථාව වන විට තවත් විශාල පිරිසක්‌ මෙම ස්‌ථානයේ දිය නාමින් සිට ඇත.

p1 3

එක්‌වරම මුහුද රළු වී ජලය වැඩිවීම නිසා දිය නාමින් සිටි තරුණ කාන්තාවෝ 04 ක්‌ දියේ ගිලී ගසාගෙන යන්නට වූහ. ඒ අසල උපන් දින සාදයකට පැමිණි පිsරිස අතර සිටි වයසක කාන්තාවක තම දියණියන් දියේ ගිලෙන බව පවසමින් කෑ ගසන්නට වූ නමුත් එම ස්‌ථානයේ සිටි කිසිවකුට මුහුදේ ශබ්දය නිසා ඒ ගැන වැඩි අවධානයක්‌ ඇති නොවීය.

මේ අතර ගාල්ල පරගොඩ රජමහා විහාරස්‌ථානයේ විහාරාධිපති දේවාලයෙහිද අජිත හිමියන්ගේ අම්පාරේ සිට පැමිණි නෑදැයන් පිරිසක්‌ කොග්ගල හරහා ගමන් කරමින් සිටියදී කොග්ගල මුහුදු වෙරළ බලන්නටද පැමිණ සිsටියහ. මේ පිරිස අතර ගාල්ල පරගොඩ රජමහා විහාරස්‌ථානයේ විහාරාධිපති හිමියන්ගේ ශිෂ්‍යයෙකු වන කොක්‌මාදුව අනුරුද්ධ හිමියෝ ද වූහ.

උන්වහන්සේ උදව් ඉල්ලා කෑ ගසන අම්මාගේ කන්නලව්ව පිළිබඳව අවධානය යොමු කර වහාම ක්‍රියාත්මක වී දියේ ගිලෙමින් සිටි කාන්තාවන් තිදෙනකුගේ ජීවිත බේරාගත් අතර එම අවස්‌ථාවේ කොග්ගල මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස්‌ ජාතිකයෙකු තවත් කාන්තාවක බේරා ගන්නට උන්වහන්සේට සහයෝගය දී ඇත. මේ අනුව දියේ ගිලෙමින් සිටි තරුණ කාන්තාවන් සිව් දෙනකුගේ දිවි බේරා ගන්නට අප හිමියන්ට හැකි විය. දිවි බේරා ගත් කාන්තාවන් මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුනගේ තත්ත්වය බරපතළ නොවන බවද ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

කොක්‌මාදුව අනුරුද්ධ හිමියන් මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැනි ස්‌ථානවල දිය නාන ජනතාවගේ ආරක්‍ෂාවට යම් දෙයක්‌ මෙහි තිබිය යුතුයි. මම සිවුර උනා දමා මුහුදට පැන මේ අසරණ ජීවිත ඉල්ලා කෑ ගසන පිරිස අතර සිටි කාන්තාවන් හතර දෙනා බේරා ගත්තා. මට එතරම්ම පිහිනන්නත් බෑ. නමුත් මම මේ දේ කළා. අසරණයන්ට උපකාර කරන ලෙස බුදු දහමේද කියා තියෙනවා. ඒ නිසා මම එය සිදුකළා.

අප විහාරස්‌ථානය අසල ඉඩමක්‌ තියෙනවා. මම මේ ඉඩමේ අසරණයන්ට නොමිලේ බෙහෙත් දෙන්නට ශාලාවක්‌ සකස්‌ කර කටයුතු කරන්නට සූදානමින් සිටින්නේ. මේ කටයුත්තට දැවැන්ත මුදලක්‌ වැය වෙනවා. නොමිලයේ වෛද්‍ය පහසුකම් මෙහිදී ලබාදීමට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ සහයෝගය ඇතිවයි සිදුකරන්න යන්නේ. එයට යම් සහයෝගයක්‌ දෙන්නට හැකි නම් මේ අවස්‌ථාවේ දී එයත් වැදගත් වෙනවා. යෑයි කියා සිටියහ.

බෝගහගොඩ ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්

One Response to “කොග්ගල මුහුදේ ගිලෙන්න ගිය ජීවිත 4ක්‌ බේරාගත් බුද්ධ පුත්‍රයෙක්‌”

  1. Susantha Wijesinghe Says:

    BUDDHU SARANAI, THRIVIDA RATNAYA PIHITAI MAY SWAMINVAHANSETA. BUDDHU SARANAI, BUDDHU SARANAI.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress