ගෙවී ගිය යහපාලනයේ තෙවැනි වසර
Posted on December 28th, 2017

ශ්‍යාම් නුවන් ගනේවත්ත 

ගිය වසරේ (2016) ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇති පරිදි මේ වසරේ (2017) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5 කින් වර්ධනය වනු ඇතැයි මුලින් අපේක්‌ෂා කළේය. එහෙත් එය දැන් සියයට 4.0 – 4.5 ත් අතර අගයකට සීමා වනු ඇතැයි zමෑත කාලීන ආර්ථික ප්‍රවණතාZ වාර්තාවෙහි සඳහන්ය. මේ පසුබිම තුළ පසුගිය දෙවසර මෙන්ම මේ යහපාලනයේ තුන් වන වසරද රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය මන්දගාමී වූ වසරකි. කියූ තරම් දෙයක්‌ කරන්නට යහපාලන රජය අසමත් වී ඇති අතර හොරු අල්ලන්නට පැමිණි යහපාලන ආණ්‌ඩුවටම ඉතිහාසයේ ලොකුම මහජන මුදල් කොල්ලය සිදු කළ බවට චෝදනා එල්ල විය. 

fea8 1

වත්මන් රජය බලයට පත් වූයේ 2015 ජනවාරි 08 වැනිදාය. ඒ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙනි. ඒ අනුව මේ ගෙවී යන්නේ මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුවේ තුන්වන වසරේ අවසන් දින කිහිපයයි. එසේම මේ වසරේ (2017) අවසානයටද අපි පැමිණ සිටිමු. මේ ගෙවී ගිය වසර තුනක කාලයේදී ආර්ථිකමය වශයෙන් එතරම් ප්‍රගතියක්‌ ලබා ගැනීමට වත්මන් රජය සමත් වූයේ නැත. බැඳුම්කර මගඩිය නිසා පොලී අනුපාතද ඉහළ ගොස්‌ ආර්ථිකයට අහිතකර බලපෑම් රැසක්‌ ඇති විය. මේ බැඳුම්කර වංචා පිළිබඳ පරීක්‌ෂා කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවද මේ මස 31 දිනට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදීමට නියමිතය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ 2018 ජනවාරි මුල් සතියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දූෂණ වංචා සෙවීමට තවත් ජනාධිපති කොමිසමක්‌ තමා පත් කරන බවයි. පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මැතිවරණ උණුසුමද ඉහළ යමින් තිබේ. මේ පසුබිම තුළ ගෙවී ගිය වසරේ (2017) ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු. 

fea8 2මූලික වශයෙන්ම අපි ආර්ථික වර්ධනය පිළිබඳව කතා කරමු. ආර්ථික වර්ධනය වූ කලී රටක ආර්ථික සංවර්ධන ගමන් මගේ මූලිකම පූර්ව අවශ්‍යතාවයි. මූලික වශයෙන්ම ඉහළ ආර්ථික වර්ධනයකට ගමන් කිරීමටත්, ඒ ලබාගත් ආර්ථික ප්‍රගතිය බිඳ නොවැටී ස්‌ථාවරව පවත්වා ගැනීමත් මෙහිදී ඉතා වැදගත්ය. ඒ අනුව මේ වසරේ (2017) ආර්ථික ක්‍රියාකාරීත්වයට සිදුව ඇත්තේ කුමක්‌ද? ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ “මෑත කාලීන ආර්ථික ප්‍රවණතා” වාර්තාවේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේය. 

” දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යqහාත්මක වෙනස්‌කම්, වැඩි දියුණු වෙමින් පවතින සාර්ව ආර්ථික ස්‌ථායිතාව සහ අඛණ්‌ඩ ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මැදිකාලීනව ක්‍රමානුකූල ලෙස ඉහළ යනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. කෙසේ වෙතත්, ආර්ථික වර්ධන වේගය වසරේ ප්‍රථම භාගයට වඩා යහපත් වනු ඇතැයි අපේක්‌ෂිත නමුත්, අයහපත් කාලගුණික තත්ත්ව නිසා ඇති වූ බලපෑම් හේතුවෙන් 2017 වසරේ දෙවන භාගයේදී ද පහළ මට්‌ටමක පවතිනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. ඒ අනුව 2017 වසරේ මූර්ත ආර්ථික වර්ධන වේගය 2016 වසරේදී වාර්තා වූ සියයට 4.4 ක වර්ධනයට සාපේක්‌ෂව වාර්ෂික පදනමින් සියයට 4.0 – 4.5 ත් අතර මට්‌ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත්, හිතකර සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන රජයේ උපායමාර්ග සාක්‌ෂාත් කර ගැනීමට හැකි වීම මෙන්ම, එහි ප්‍රතිඵලයක්‌ ලෙස දේශීය හා විදේශීය ආයෝජන ඉහළ යැම හේතුවෙන් ආර්ථික වර්ධනය ඉදිරියේදී වැඩි දියුණු වනු ඇතැයි අපේක්‌ෂිතය. ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග, වෙළෙඳපොළ පදනම් කරගත් නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමය සහ උද්ධමනය මැදි තනි අගයක පවත්වා ගැනීම තුළින් සාර්ව ආර්ථික පරිසරය වැඩි දියුණු වනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. තවද, අපනයන පාදක කරගත් ආර්ථික කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස මෙරට සංවර්ධනය කිරීම තුළින් ඉහළ ආර්ථික වර්නයක්‌ අත්කර ගැනීම සඳහා අනුගමනය කරනු ලබන පියවර මගින් ආර්ථික කටයුතු සඳහා විශාල අනුබලයක්‌ සැපයෙනු ඇතැයි අපේක්‌ෂිතය. ආර්ථික කටයුතු යාන්ත්‍රීකරණය කිරීම තුළින් නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කර ගැනීම, ශ්‍රම බළකායේ නිපුණතා මට්‌ටම ඉහළ නැංවීම හා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම යනාදිය මෙන්ම වෙළෙඳ ගිවිසුම් හා ගෝලීය නිෂ්පාදන ජාලවලට ඒකාබද්ධ වීම තුළින් ජාත්‍යන්තර සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම මීට අයත් වේ. තාක්‌ෂණික දැනුම ලබා ගැනීමට මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත වන ප්‍රවේශය වැඩි දියුණු කිරීමට පහසුකම් සලසන විදේශීය සෘජු ආයෝජන ඉහළ නැංවීමද ඇතුළත්ව පෞද්ගලික අංශයේ සක්‍රීය දායකත්වය ඔස්‌සේ මෙම අපේක්‌ෂිත වර්ධනය ළඟා කර ගත යුතුව ඇත. වරාය හා ගුවන් තොටුපළ ආශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් මෙරට භුගෝලීය පිහිටීමෙහි වැදගත්කම උපයෝජනයට ගත හැකි වන පරිදි ප්‍රතිපත්ති සැකසීම රටේ ඉදිරි ආර්ථික වර්ධනය සඳහා උපකාරී වනු ඇත. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය, බස්‌නාහිර කලාපීය මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ විශේෂ ආර්ථික කලාප පිහිටුවීම වැනි ප්‍රධාන සංවර්ධන කටයුතු, අනාගතයේදී ආර්ථික කටයුතුවල පුළුල් වීම සාක්‌ෂාත් කර ගැනීම සඳහා උපකාරී විය හැකි ක්‍රියාමාර්ග අතුරින් කිහිපයක්‌ වේ. මෙම අපේක්‌ෂිත වර්ධනය සමඟ වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ක්‍රමානුකූලව සියයට 7.0 දක්‌වා වැඩි දියුණු වනු ඇතැයි පුරෝකථනය කෙරේ.”

fea8 3

ශ්‍රී ලංකා මහ බැංකුව දැන් මෙසේ කීවත් ගිය වසරේ (2016) ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇති පරිදි මේ වසරේ (2017) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5 කින් වර්ධනය වනු ඇතැයි මුලින් අපේක්‌ෂා කළේය. එහෙත් එය දැන් සියයට 4.0 – 4.5 ත් අතර අගයකට සීමා වනු ඇතැයි zමෑත කාලීන ආර්ථික ප්‍රවණතාZ වාර්තාවෙහි සඳහන්ය. මේ පසුබිම තුළ පසුගිය දෙවසර මෙන්ම මේ යහපාලනයේ තුන් වන වසරද රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය මන්දගාමී වූ වසරකි. කියූ තරම් දෙයක්‌ කරන්නට යහපාලන රජය අසමත් වී ඇති අතර හොරු අල්ලන්නට පැමිණි යහපාලන ආණ්‌ඩුවටම ඉතිහාසයේ ලොකුම මහජන මුදල් කොල්ලය සිදු කළ බවට චෝදනා එල්ල විය. මෙය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහජනතාව සැලකිල්ලට ගනු ඇතැයි සිතිය හැකිය. සෑහෙන කලකින් මැතිවරණ නොපැවැති නිසා මේ ආණ්‌ඩුව පිළිබඳ මහජන ආකල්පය ප්‍රකාශ කරන තීරණාත්මක අවස්‌ථාවක්‌ බවටද මේ පුංචි මැතිවරණය පත්වනු ඇතැයි සිතිය හැකිය. මේ අනුව මහජනතාව යහපාලන රජයේ පසුගිය ක්‍රියාකාරීත්වය පිළිබඳ තම ප්‍රතිචාර මේ මැතිවරණයේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්‌ෂා කළ හැකිය. ඒ නිසා මෙය හුදෙක්‌ පළාත් පාලන මැතිවරණයට වඩා කලකට පසු පවත්වන මැතිවරණයක්‌ නිසා රටේ දේශපාලන ගමන් මගෙ ඉදිරි දිශානතිය තීරණය කරන තීරණාත්මක මැතිවරණයක්‌ වනු ඇතැයි දි අපට සිතිය හැකිය. 

සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයෙහි විදේශ විනිමය උපයන ප්‍රධාන අංගයකි. එහෙත් මේ කර්මාන්තයෙන් ලබාගත හැකි නිසි ප්‍රතිලාභ අප තවමත් ලබාගෙන නොමැත. සංචාරක කර්මාන්තයේ දියණුවට පවතින විභව හැකියාව අති විශාලය. මාලදිවයින සහ මැලේසියාව වැනි රටවල් සංචාරක කර්මාන්තය අතින් විශාල ප්‍රගතියක්‌ අත්පත් කරගෙන ඇත. අපට සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීමට සෑම දෙයක්‌ම තිබියදීත් නිසි ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නොමැතිකමින් අපට එම විභව හැකියාව වෙත ගමන් කිරීමට තවමත් අපහසු වී ඇත. 2016 වසරේදී මෙරට සංචාරක පැමිණීමේ ප්‍රමාණය ප්‍රථම වරට මිලියන දෙක ඉක්‌මවා ගියේය. එහෙත් මේ වසරේ (2017) පළමු මාස නවය තුළම පැමිණි විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණය 15,51931 ක්‌ දෙනෙක්‌ පමණි. එය 2016Êවසරේ පළමු මාස 9 ට සාපේක්‌ෂව සියයට 2.9 ක මන්දගාමී වර්ධනයකි. එහෙත් මේ වසරේදී¨ (2017) මිලියන 2.5 ක විදෙස්‌ සංචාරකයන් පිරිසක්‌ පැමිණෙනු ඇතැයි සංචාරක බලධාරීන් මුලදී පුරෝකථනය කර තිබුණත් ඒ ඉලක්‌කය තබා අඩු තරමේ එම ඉලක්‌කයට ළඟා වීමට පවා අපහසු තත්ත්වයක්‌ දැන් ඇතිව තිබේ. එනම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශයට පත් කළ දත්ත අනුව මේ වසරේ නොවැම්බර් මාසය දක්‌වාම පැමිණ ඇත්තේ විදෙස්‌ සංචාරකයන් 18,71871 දෙනෙක්‌ පමණි. 2016Êවසරේ මුල් මාස 11 දී පැමිණි විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණය 1826041 ක්‌ වන අතර එය සියයට 2.5 ක පමණ වර්ධනයකි. මේ රජය බලයට පත් වූ පසු සංචාරක පැමිණීමේ වර්ධනයද ක්‍රමයෙන් අඩු වී මන්දගාමී තත්ත්වයට පත්ව ඇත. චීන සංචාරක පැමිණීම්ද මේ වසරේ අඩු වී ඇත. සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා නම් කියන්නේ සංචාරක කර්මාන්තය අංක එකට විදේශ විනිමය උපයන කර්මාන්තය බවට පත් කරන බවයි. එහෙත් මේ සඳහා මීට වඩා බොහෝ දේවල් සංචාරක කර්මාන්තය වෙනුවෙන් අප කළ යුතුව ඇති බව අපේ හැඟීමයි. නැතහොත් මේ ඉලක්‌කය සපුරා ගැනීමට අපට බොහෝ කල්ගත වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress