බැඳුම්කර වාර්තාව 31දා නොදුන්නොත් දේශපාලන අත පෙවීම ඔප්පු වෙනවා
Posted on December 28th, 2017

අනුරාධා හේරත් උපුටාගැණීම  මව්බිම

ලබන (31දා) ඉදිරිපත් කිරීමට නියමිත බැඳුම්කර කොමිසමේ වාර්තාව යම් හෙයකින් ඉදිරිපත් නොවුණහොත් ඊට දේශපාලන අතගැසීමක් පවතින බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

අදාළ වාර්තාවට කිසිදු දේශපාලන අතගැසීමක් සිදු නොවුණහොත් එකී වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ මන්ත්‍රි රවි කරුණානායක ඇතුළු එජාපයේ බර ගණනකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව සමරසිංහ මහතා පෙන්වා දෙයි.
ඔහු පවසන්නේ මෙම වාර්තාව පදනම්ව නෛතික ක්‍රියාමාර්ග අතපසු කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යෑමට තම සංගමය කටයුතු කරන බවයි.

පළාත් පාලන මැතිවරණය අබිමුව තබාගෙන විවිධ කොමිසම් පත් කර බැඳුම්කර වාර්තාව යටපත් කිරීමට ඉඩ නොදිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.
හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ ලබන 31 වැනිදා මෙම වාර්තාව ජනපතිවරයා විසින් රටට හෙළිදරව් කිරීමත්, ඊට අදාළ වූවන් සහ වංචාවේ ස්වභාවයද ජනතාවට පෙන්වා දීම අනිවාර්යයෙන් කළ යුතු බවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress