බුර්කාව තහනම් කරන්න මැතිවරණ කොමිසමට හැකිවේද
Posted on December 28th, 2017

මතුගම සෙනෙවිරුවන්     

 ස්වාධීන මැතිවරණ කොමිසම ස්ථාපිත කරන ලද්දේ  ජනතා පරමාධිපත්‍ය පිළිබිඹු විය හැකි වන පරිදි දූෂණයෙන් තොර සාධාරණ මැතිවරණ පැවැත්වීමට බලය ලබා දීමටයි.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙම ස්වාධීන කොමිසම ස්ථාපිත කරන ලදී. එවිට නව මැතිවණ කොමිසම විසින් පවත්වන පළමු මැතිවරණය 2018 පළාත් පාලන මැතිවරණය බවට පත්වේ.මැතිවරණ කොමිසමේ සභාපති වරයා වන මහින්ද දේශප්‍රිය මහතා මේ වන විටත් මෙයට පෙර ක්‍රියාකල පරිදි සියළුම රාජ්‍ය ආයතන වලට මැතිවරණයට අදාල චක්‍ර ලේඛන නිකුත් කර ඇත. මැතිවරණ සමයේ අපේක්ෂකයන් විසින් බඩු භාණ්ඩ බෙදා හැරීම. මැතිවරණ කාර්යාල පිහිටුවීම දැන්වීම් ඇලවීම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ආදී කරුණු මෙයට පෙරත් පැවති මැතිවරණ වලදී සීමා කිරීම් වලට යටත් විය.මෙවර මැතිවරණයේදී කාන්තා අපේක්ෂකත්වය සියයට විසිපහක් තිබිය යුතුය.එවිට මැතිවරණයෙන් දිනුවත් නැතත් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් සියට විසිපහක් ප්‍රාදේශීය සභා වලට පත් කළ යුතුය.

       මෑත මැතිවරණ ඉතිහාසයේ පළමු වරට චන්ද මධ්‍යස්ථානයේදීම මෙවර චන්ද ගණන් කරනු ලබයි. එම ප්‍රතිඵල කෙලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්ට ලබා දේවිද යන්න මෙන්ම එම චන්ද මධ්‍යස්ථානයන්ට දෙන ආරක්ෂාව සම්බන්ධ තවමත් උපදෙස් නිකුත් කර නොමැත. වෙසෙසින්ම පොලිස් බල ප්‍රදේශයක සිටින සෑම පොලිස් නිළධාරියකුම චන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත  කළ නොහැකිය. පෙර පැවති ක්‍රමය වූයේ පොලිස් නිළධාරින් දෙනෛකු එක් චන්ද මධ්‍යස්ථානයකට යෙදවීමයි. නමුත් මෙවර  චන්ද ගණන කිරීම සිදු වන බැවින් අනිවාර්යයෙන්ම ආරක්ෂාව තර කළ යුතුය.මධ්‍යස්ථානයන්හි පහසුකම් වර්ධනය කළ යුතුය.මේ නිසා ඒ සඳහා උපදෙස් මාලාවක් නිකුත් කළ යුකුය.මෙවර කාන්තා අපේක්ෂකත්වයඉහළ යන අතර මුස්ලිම් පක්ෂ වලින්ද කාන්තවන් ඉදිරිපත් වේ. ඔවුන් ගේ මෑත කාලීන ප්‍රවණතාවය නම් අරාබි පර්දාව හෝ බුර්කාවකින් සැරසී සිටීමයි.අතැම් කාන්තාවන් දෑස පමණක් පෙනෙන පරිදිද ඇතැම් කාන්තාවන් දෑස්ද වසා ගනිමින් අත්මේස ද පළදා සිටීමෙන් සමාජයේ මේ වන විටත් ගැටළු පැණ නැගී ඇත.

      විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණ මුහුණ ආවරණය කොට ගෙන වාහන එළවීමද කරත්. නමුත් පොලිස් නිළධාරීන් එයට විරුද්ධව ගත් පියවරක් නැත.මෙම බුර්කාව භාවිත කොට පිරිමින් සොරකමේ ගිය අවස්ථා මෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල අවස්ථා ද වාර්තා වී තිබේ.බැංකු මංකොල්ල වලට ගිය අවස්ථා තිබේ.මුහුණ වැසෙන හෙල්මට් තහනම් කිරීමට පොලිසිය උත්සාහ කළද තවමත් බුර්කාව තහනමට පියවර ගෙන ගෙන නොමැත. එසේම පසුගිය මැතිවරණයේදී බුර්කාව ඇඳ ගත් තරුණියන් සිය චන්දය භාවිතා කිරීමට චන්ද මධ්‍යස්ථානයන්ට පැමණි තිබේ. ඇතැම් සථාන වලදී නිළධාරීන් එයට විරෝධය පළ කළද පොදු විරෝධයක් එල්ලවී  නොමැත. එම් නිසා මැතිවරණ කෙමිසමේ සභාපති වරයා විසින් මෙම තත්ත්වය සලකා බලා මුස්ලිම් කාන්තාවන් අපේක්ෂකයන් ලෙසට පැමිණීමේදී සහ චන්දය දීමට පැමිණීමේදී සම්පූර්ණයෙන්ම මුහුණ වසා නොපැමිණ සිටිය යුතු බවට උපදෙස් නිකුත් කළ යතුය.එය මැතිවරණ කොමිසමේ වගකීමකි.

     පසුගිය කාලයේ මැතිවරණ කොමිසමේ සභාපති වරයා දැඩි නිහැඬියාවක් සිටියහ. චන්දය දිගින් දිගටම කල් යන අවස්ථාවේහිදී නෙයෙකුත් රස කතා කියමින් කල්මැරීය.එසේම චන්දයට දින නියම කරලීමේදී රජය තෝරාගත් දිනයම ගැනීමට ඔහු දැක්වූ කැමැත්ත පුදුම සහගත වෙයි.මැතිවරණ සමයේදී බඩු භාන්ඩ බෙදා හැරීමට නිළධාරින් පමණක් යෙදවිය යුතු බවට චක්‍ර ලේඛන එවා ඇති නමුදු ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් අතපසු ව තිබෙන එම කටයුතු  කිරීම වරදක් නොවන බවද කියා සිටියේය. පෝස්ටර් ඇලවීම සිදු කළද එය ගැලවීම සහ ඒවා පාලනය කිරීම පොලිස් නිළධාරීන් ගේ වකකීමක් ලෙසට ප්‍රකාශ කොට එම පෝස්ටර් වලට උඩින් මෙය නීති විරෝධී දැන්වීමක් යයි තවත් දැන්වීමක් අලවන බවද ඔහු ප්‍රකාශ කර සිටියේය. එහෙත් දැන් දිගින් දිගටම එවැනි පොස්ටර් ඇලවෙයි.. පොලිසිය තවම ක්‍රියාකාරී වී නොමැත. මැතිවරණ කොමිසමද තම නීතිය අතට ගෙන එම නීති විරෝධී දැන්වීම ඇලවූ අපේක්ෂකයන් ගේ අපේක්ෂකත්වය තහනම් කරද නැත. එවිට ස්වාධීන ලෙසට ක්‍රියාකළ යුතු මැතිවරණ කොමිසම බල රහිත කොමිසමක් ලෙසට ජනතාවට පෙනෙන්නට පටන් ගෙන තිබේ.

        2015 මැතිවරණයේ දී මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමසාරිස් ව සිටියදී එවකට පැවති විපක්ෂයට සෘජුවම පක්ෂපාතිව කටයුතු කළ බවට චෝදනා එල්ලව ඇත. 2015 මහ මැතිවරණයේදී සිදු වූ චන්ද දූෂණ විශාල ගණනකි.ඇතැම් තැන්වල ලියාපදිංචි චන්ද සංඛ්‍යාවට වඩා චන්ද පෙට්ටියේ චන්ද වැටී තිබුණි. නමුත් එම වැරදි ඉස්මතු කොට නඩු මගට බැසීමට දේශපාලන පක්ෂ උත්සුක නොවුණි. එසේම මනාප ගණන් කිරීමේදී ඇතැම් අපේක්ෂකයන්ට එම ස්ථානයන්ට යන්නට ඉඩ නුදුන්හ.උතුර සහ නැගනෙහිර ප්‍ර දේශ වලදී ප්‍රසද්ධියේ චන්ද පෙට්ටි පුරවන ලදහ. ඇතුලේ දූෂණයක් සිදුවූ තරම ඉන් වටහා ගත හැකිය.දහනව වන සංශෝධනය මගින් මැතිවරණ කොමිසම පිහිටුවා ලීමේදී රජයේ සෘජු පොරෙන්දුව වූයේ එම කොමිසමේ සභාපති වරයා ලෙසට මහින්ද දේශප්‍රිය මහතාව පත් කරන බවයි. එය ඉටු වුණි.ඉතින් ඔහු තව දුරටත් ස්වාධීන කොමිසමක සභාපති නොව පක්ෂාපාතී මැතිවරණ කොමිසමක නිළධාරියෙකි.

        බුර්කාව පැළඳීමෙන් අනන්‍යතාව සඟවා චන්ද භාවත කිරීම වැලක්වීමට නීත සම්පාදනය කල හැකිය. එය කළ යුත්තේ මැතිවරණ කොමිසම විසිනි.එසේ නැතහොත් සම්පූර්ණයෙන්ම මුස්ලිම් ජනතාවක් වෙසෙන මුසලි වැනි ප්‍රා දේශීය සභා බල පෙදෙසක මුහුණ වසා ගත් පුද්ගලයන් විසින් හොර චන්ද දැමීම වළක්වනු හැකි නොවනු ඇත. එහෙත් පසුගියදා අප දුටුවේ මහින්ද දේශප්‍රිය මහතා අන්තවාදී මුස්ලිම් සංවිධානයකින් කුරාණයක් තෑගි ලබන ආකාරයයි. ඒ තාග්‍ය යෙන් ප්‍රකට වන්නේ මැතිවරණ කොමිසමේ සභාපති වරයා මුස්ලිම් නීතිය ගැන දැනුවත් විය යුතු බවයි.එය පිලිපැදිය යුතු බවයි. එවිට බුර්කාවට එරෙහිව නීති පැනවීම කල හැකි වේ විදැයි  සැකයකි.කෙසේ වෙතත් මැතිවරණ කොමිසම ස්වාධීන නොවන බැවින් මෙම චන්දයේදී සිදු වන චන්ද දූෂණයන් වැලැක්වීමට ජනතාව තුළින් පෙළඹීමක් ඇති කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්

2 Responses to “බුර්කාව තහනම් කරන්න මැතිවරණ කොමිසමට හැකිවේද”

  1. ranjit Says:

    Very good question ? what will the election commisioner do about the burka? Will he ban or allow, that’s the million dollar question ? This guy is a puppet of this yamapalanaya. He is a kind of a robot made by the west and the indian parasites. This government will never hurt the the feelings of the minority at this moment due to coming elections . Our shrewed and cunning minority clans Tamil and muslims will take advantage and demand sun and the moon at this hour from the helpless yamapalanaya government . The government will lick their asses even at this moment thinking of their votes . They are talking about clean government what rubbish they are talking about. For three years what they did was looting the public money and getting rich by themselves . Bond scam was the biggest robbery in history done by this yamapalanaya government . Let’s see how much clean this president is when the report comes out. He is a good talker but no action. Spineless ,gutless ,shameless president I have ever seen or heard in sri lankan politics . If this guy going to clean the whole government he should first start from Rajithaya the biggest robber in his cabinet . UNPers are all bigger thieves than anybody else. He should get rid of SB, Amaraweera, Thonda and many more in his party and government side if not we will never call him a clean guy except a big liar same like his partner Ranil the gayboy. We challenge him to ban the burka same as france and other western countries . Do it if you can Mr.big mouth Sirisena and show us how much clean you are.

  2. NAK Says:

    Mahinda Deshap-appiriya is a bloody liar and a cheat. He was a ‘hora umpire’then and is now. We must find and suggest ways to fuc* this bastard.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress