යාපනයේ අපූරු සංහිඳියාව
Posted on December 29th, 2017

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

 රජය සංහිඳියාව ගැන හඬ නගයි. එහෙත් යාපනයේ නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය නගර සභාපිටියේ පැවැත්වීමට එරෙහිව අධිකරණය වෙතින් තහනමක්‌ ලබා ගැනීමට උත්සාහ කළේ හින්දු සංස්‌කෘතික කවුන්සිලයයි.

  එසේම එලිලන් නම් වූ කොටි මිනීමරුවාගේ බිරිය වූ ආනන්දි සසිතරන් එම්. කේ. සිවාජිලිංගම් උතුරු පළාත් සභාපති සිවඥානම් සහ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන්ද උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයට එරෙහි වී ඇත. මේ හැර වත්මන් රජයට සංහිඳියාව ගැන උපදෙස්‌ දුන් ජනාධිපති නීතිඥ ශාන්තා අබිමානසිංහම්ද ඊට එරෙහි වී අධිකරණයට පෙත්සම ගොනු කළ වුන්ට සහය වී ඇත.

jaffna
 
 ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ දේශපාලනඥයකු වු මනිවන්නන් මේ පෙත්සම අධිකරණය වෙත යොමු කළ නීතිවේදියා වේ. එසේ වූවත් අධිකරණය පෙත්සම ප්‍රතික්‍ෂේප කර තිබේ.
 
 එහෙත් රජය සංහිඳියාව ගැන හඬ නගයි. උතුරේ සංහිඳියාවක්‌ ක්‍රියාත්මක නොවන අතර ද්‍රවිඩ සංධානය සහ උතුරු පළාත් සභාව සංහිඳියාවට මුවා වී බලය ලබා ගැනීමට උත්සාහ කරන බව පැහැදිලිය.
 
 එසේ වූවත් රජය යථාර්ථය අවබෝධ කරගෙන නැත. එය වන්නි මෙහෙයුමට ඊශ්‍රායලය සහය දක්‌වා තිබියදී පලස්‌තීනය ඊට සහය වූ බව පැවසීමට සමානය.
 
 යාපනයේ නාගවිහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ව්‍යර්ථ කිරීම සඳහා අන්තවාදීන් දැරූ උත්සාහය සඳහා අපූරු තර්කයන්ද අධිකරණයට යොමු කර තිබුණි.
 
 ඒ ආදාහන පූජෝත්සවය නිසා ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වයට හානියක්‌ සිදුවන බව දැක්‌වීමය.
 
 ප්‍රභාකරන් යාපනයේ බෝම්බ පිපිරීම් සිදුකරද්දී සෞඛ්‍ය තත්ත්වයට හානියක්‌ නොවුණේද?
 
 එදා ප්‍රභාකරන්ට එරෙහිව කිසිවෙක්‌ වචනයක්‌වත් පැවසුවේ නැත. එසේම යාපනයේ සිදුවීම් ගැන නිවේදන නිකුත් කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වූ මරියාද සිල්වා නමැත්තියත් නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය නතර කිරීමට අන්තවාදීන් දැරූ උත්සාහය ගැන කියන්නේ කුමක්‌ද?
 
 මේ පසුබිම මැද යාපනයේ නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එරෙහිව සිදු වූ එදිරිවාදීකම් මෙරට බහුතරයෙන් වසන් වී ඇත.
 
 එම එදිරිවාදිකම් ද්‍රවිඩ සංධාන නායක සම්බන්ධන් හා උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් පවා හෙළා දුටුවේ නැත. අඩු වශයෙන් ශෝක ප්‍රකාශයක්‌වත් ප්‍රකාශයට පත් වූයේ නැත. 
 
 එසේම කොටි හිතවාදී වෙබ් අඩවි අපවත් වී වදාළ නාහිමියන්ව හඳුන්වනු ලැබුවේ අන්තවාදී භික්‌ෂුවක්‌ ලෙසිනි. මෙහිදී ආනන්දි සසිතරන් නමැති කොටි කාන්තාව පැවසුවේ නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වීම තුළින් හමුදාව සිංහල බෞද්ධාගම ද්‍රවිඩ ජනතාව මත යොමු කිරීමට ක්‍රියා කරන බවයි. ඇගේ මේ අවමන් සහගත ප්‍රකාශය කිසිදු දේශපාලනඥයෙක්‌ හෙළා දුටුවේ නැත. මේ හැර මෙරට භික්‌ෂු පරපුරට පවා යාපනයේ සිදු වූ මේ එදිරිවාදීකම් වසන් විය.
 
 කොටි හිතවාදී වෙබ් අඩවි එම ආදාහන පූජෝත්සවය ගැන තවදුරටත් පැවසූවේ ද්‍රවිඩ දේශපාලනඥයන් සහ ප්‍රධාන පෙළේ නීතිවේදීන් ඊට එරෙහිවී තිබියදී හමුදාව මැදිහත් වී ආදාහන පුජෝත්සවය පැවැත් වූ බවයි.
 
 එහෙත් උතුරේ පළාත් සභාව පවත්වාගෙන යැමට රුපියල් මිලියන ගණනක්‌ ලබාදී ඇත්තේ උතුරේ ද්‍රවිඩයන් නොව මෙරට බහුතරයේ බදු මුදල්ය. උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ද ඒ බව අමතක කර ඇත.
 
 මේ පසුබිම මැද උතුරේ කොටි හිතවාදීන් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වීම ගැන දොස්‌ නගා ඇත්තේ ආරක්‍ෂක හමුදාවට සහ හමුදාපති මහේෂ් සේනානායක මහතාටය.
 
 එහෙත් යාපනයේ නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එල්ල වූ එදිරිවාදීකම් මෙරට බහුතරයෙන් වසන් විය.
 
 එසේ වූවත් යාපනයේදී පොලිස්‌ භටයකුගේ වෙඩි පහරින් ද්‍රවිඩයකු මියගියේ නම් කොළඹ රාජ්‍ය නොවන සංවිධාන නටන නැටුම් බලාගත හැකිය. රජය පවා මේ සිද්ධිය ගැන නිහඬ විය. ද්‍රවිඩ සංධාන නායකත්වය පවා එම එදිරිවාදීකම් හෙළා දුටුවේ නැත.
 
  කීර්ති වර්ණකුලසූරිය

3 Responses to “යාපනයේ අපූරු සංහිඳියාව”

  1. Senerath Says:

    This is how reconsillyaction with Tamils work.

    https://www.youtube.com/watch?v=v-c0mMaT_5I

  2. Christie Says:

    We are an Indian Colony. We have to go by the wishes of the Indian colonists here.

  3. Ancient Sinhalaya Says:

    Never Sri Lankan, never happy, never enough, never loyal traitor foreigners tamils and mussies are followers of religions of conveniences which don’t regard killing, stealing, lying, etc. etc. as sins while all honest people
    including the law courts the world over do.

    Charles Darwin’s Theory of Evolution
    destroyed the creator god myth. If you go to any museum in the world, you can see how the two legged creatures
    have been created. None of them displays a god. You only see a chimp. Still these confused guys don’t want to
    accept it since the mythical god also has bulit in scare factor which says god will punish them. A god punishing
    people? Doesn’t make sense, does it? If this god punishes people, he is going to be the baddest of all and going to lose his job. Also the earth is just a grain of sand in the vast universe. How does a god create such a vast place
    like the universe where the distances are measured in LIGHT YEARS! A lot of holes in the god theory.

    These misguided people trying to destroy the only true religion, Buddhism, in the world plus involve in killing, stealing, lying etc. etc and accrue a lot of sins in their life time. As a result of those sins, they won’t be two legged creatures in their next lives. Good for Sri Lanka, good for mankind! At the moment Sri Lanka is ruled by puppet
    the rubber stamp vaira pala sorry sena while traitor chief die hard catholic token Buddhist Mega Thakkadiya
    Mega Thief Batalande Wadakaya Lajja Baya Nathi Aga Matta Batalande Wadakaya Pol Pot r@nil wickrama
    Sinhala killer is the one calling all the shots. Anything to destroy Sri Lanka, Sinhala race and Buddhism gets the
    full blessing of the Wadakaya. It is called Shan hindiyawa folks!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress