ශ්‍රී ලංකාවේ තේ රැකගන්න දැඩි නීති රීති අවශ්‍යයි – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත
Posted on December 31st, 2017

අරුණ බෝගහවත්ත උපුටා ගැන්ම දිවයින

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරක්‍ෂා කිරීම සඳහා දැඩි නීති රීති පැනවිය යුතු යෑයි විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
 
 පසුගියදා තේ අපනයනය කිරීමේදී එහි කෘමියකු සිටීම නිසා රුසියාව තේ මිලදී ගැනීම නතර කෙරුවේ ද නිසි ක්‍රමවේදයක්‌ තුළ එම අපනයන කටයුතු සිදු නොවූ නිසා බවද ඇමැතිවරයා කීවේය.
 
 ලංකාවේ තේ අපනයනය කිරීම කර්මාන්ත රැසක්‌ සිදු කරන අතර මෙවැනි සිද්ධීන් වූ විට අනිත් කර්මාන්ත හිමියන්ට ද ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවද කීවේය.
 
 දැනටමත් විවිධ ප්‍රදේශවලින් කසළ තේ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුවන බවද එවැනි තත්ත්වයන් ද නැවැත්වීම සඳහා ඊට අදාළ බලධාරීන් කටයුතු කළ යුතු බවද ඇමැතිවරයා සඳහන් කළේය.
 
 යම් හෙයකින් රුසියාව ශ්‍රී ලංකාවේ තේ මිලදී ගැනීම නතර කළේ නම් කෙන්යාව එම අවස්‌ථාව උදාකර ගන්නා බවද එසේ වූවානම් මෙරට ආර්ථිකයට එය දැඩිසේ බලපාන බවද ඇමැතිවරයා පසුගියදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් පැවසීය..

One Response to “ශ්‍රී ලංකාවේ තේ රැකගන්න දැඩි නීති රීති අවශ්‍යයි – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත”

  1. NeelaMahaYoda Says:

    අඩුම වශයෙන් සුසිල් ප්‍රේමජයන්ත මහතාටවත් මේ ගැන තේරුන එක හොදයි.

    ප්‍රථමයෙන් කරන්න තියෙන්නේ තේ මංඩලයේ පිස්සු කෙලිණ සභාපතිවරයාව ගෙදර යවන එකයි.

    සභාපතිවරයා තවමත් කියන්නේ කුරුමිණි කීටයා හිටියේ තේ වල නෙමෙයි තේ බෑග්වල පිටතයි කියල.

    මෙතන ප්‍රශ්නය කුරුමිණි කීටයා හිටියේ තේ බෑග්වල පිටත හෝ ඇත්ලත වත් කන්ටේනරය ඇතුලත කියල නොවෙයි තේ එක්ක කුරුමිණි කීටයෙක් රුසියාවට ඇතුල්වී ඇතිබවයි.

    මේ කුරුමිණි කීටයා ලංකාවට ආවේනික වූ කෘමියෙක් හෝ වේවා පිටරටකින් සංක්‍රමනය වූ එකෙක් උවත් ශ්‍රී ලංකාවට අයිති තේ සමග රුසියාවට ඇතුල් වී ඇතිනිසා මෙහි වගකීම ඇත්තේ අපි අතෙයි.

    සභාපතිවරයාට මේක තවමත් පැහැදිලි නැත්නම් ඔය සභාපති කමෙන් වැඩක් නෑ නේද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress