රාජගිරිය ගුවන් පාලම බොරුවත් මාට්‍ටු. මුදල් වෙන් කළේ මහින්දගේ කාලයේදී බව රජයේ වෙබ් අඩවි වල දැක්වෙයි.
Posted on January 9th, 2018

www.mahinda.info

[1]. රාජගිරිය ගුවන් පාලම හැදුවේ වත්මන් ආණ්ඩුවෙන් බවට ආණ්ඩුවේම දේශපාලඥයින් සහ ආණ්ඩුවට සහය දෙන ජනමාධ්‍ය වලින් නිතර පවසන්නකි. එහෙත් රජයේ නිල වෙබ් අඩවි වලින් රාජගිරිය ගුවන් පාලම ආරම්භ කළේ සහ ඊට මුදල් වෙන් කළේ කුමන වකවානුවේදීදැයි නිශ්චිතව සොයා ගැනීමට මහින්ද ඉන්ෆො මාධ්‍ය අංශයට හැකි විය.

සැයු: පහත දැක්වෙන රජයේ වෙබ් අඩවි කිසිදු දේශපාලන පක්ෂයක වෙබ් අඩවි නොව මේ රටේ මහජනතාවට අයත් පොදු දේපලකි. රජයේ දේශපාලඥයින්ගෙන් කොතෙක් බලපෑම් ආවත්, මැතිවරණ කාලය තුලදී ජනතාවට දෙන තොරතුරු විකෘති කිරීම හෝ වසං කිරීම බරපතල වරදක් වන බැවින් ඒවායේ සිටින අපක්ෂපාතී නිලධාරීන් අදාල ලිපි ඉවත් නොකරන බව අප විශ්වාස කරමු. මේ වන විටත් එම ලිපි අන්තර්ජාලයේ ආකයිව් වෙබ් අඩවි ගණනාවක සංරක්ෂණය කර ඇත. එසේම රාජගිරිය ගුවන් පාලමේ ආරම්භය ගැන වාර්තා කරන සහෝදර ජනමාධ්‍ය ආයතන වලින් ආණ්ඩුවේ දේශපාලඥයින් කියන දේවල් වලට අමතරව පහත මූලාශ්‍ර වලින් පෙන්වා ඇති සත්‍යය ජනතාවට හෙළි කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

[2]. පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජයේ අමාත්‍ය මණ්ඩල කාර්යාල නිල වෙබ් අඩවියේ 2014-12-04 දින පළ වූ වාර්තාවකි. මෙම රජයේ වෙබ් අඩවියේ දැක්වෙන පරිදි අදාල රාජගිරිය ගුවන් පාලම සෑදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා විසින්ම කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර කැබිනට් අනුමතිය ලබාගෙන ඇත. [ආකයිව් කළ මූලාශ්‍රය]

[3].පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ 2014 වර්ෂාවසාන කාර්යඵල වාර්තාවේ 42 පි‍ටුවේ උදෘතයකි. මෙහි දැක්වෙන පරිදි ස්පාඤ්ඤ රජය සහ ස්පාඤ්ඤයේ BBVA බැංකුව සංවර්ධන හවුල්කරුවන් වශයෙන් ගෙන රාජගිරිය ගුවන් පාලම සෑදීමට යන සමස්ත පිරිවැය වන ඩොලර් මිලියන 49 ක් වෙන් කර ඇත.  [ආකයිව් කළ මූලාශ්‍රය]

ඒ අනුව වත්මන් යමපාලන ආණ්ඩුවේ තවත් මෙගා බොරුවක් ඌරාගේ මාලු ඌරාගේ පිටේම තියලා කපන” න්‍යාය අනුව රජයේම නිල වෙබ් අඩවි වලින් මහින්ද ඉන්ෆො වෙතින් හෙළි කර තිබේ.

[4]. මුල් ගල් ගලවා දමා මහ මුහුදේ ගිල්ලුවද, අන්තර්ජාලයේ ඇති මහින්ද රාජපක්ෂ” නම සඳහන් සියලුම වාර්තා පීරමින් ඒවා ඉවත් කිරීමට කටයුතු කළද, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය ජනතාවගේ හදවත් තුළින් වසන් කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇත.

[5].මාවිල් ආරු වලින් පටන් ගත් මානුෂික මෙහෙයුම මගින් ලොව බිහිසුනුම ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ රජයට ගතවූයේ දවස් 1027 පමණි. බලයට එනවිටත් සල්ලිත් වෙන් කර තිබූ රාජගිරිය ගුවන් පාලම ඉවර කරන්න යහපාලනයට දින 1095 ක් ගත වීමත්, එහි මුල් ගල් ගලවා දමා උප්පැන්නය වෙනස් කිරීමත් ගැන තීරණය කිරීම ඔබට බාරයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress