මගේ කාලයේ බැඳුම්කර නිකුතු ගැන ඕනෑම පරීක්‌ෂණයකට මා සූදානම් – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අභියෝග කරයි
Posted on January 10th, 2018

ශ්‍යාම් නුවන් ගනේවත්ත උපුටා ගැන්ම දිවයින

තමාගේ අධිපති ධුර කාලයට අදාළව ඕනෑම පරීක්‌ෂණයකට තමා සුදානම් යෑයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි .මේ සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා ඉකුත් ජනවාරි 08 වැනිදා කොළඹ රාමඩා හෝටලයේදී මාධ්‍ය හමුවක්‌ද පවත්වා බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වීය. ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයේ එක්‌ තැනක zමෙම කොමිෂන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වය 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිෂන් සභාවේ අදහසයි.

fea8 2

එම කටයුතු සොයා බැලීම සඳහා එනම් 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව මුලින්ම කළ යුත්තේ වෝහාරික විගණනයක්‌ බවත් එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළ යුතු අතර, ඉන් පසු ලැබෙන තොරතුරු මත නීතිමය ක්‍රියාමාර්ගවලට යා යුතු බවත් කොමිසම දන්වා සිටිනවා.z යනුවෙන් ප්‍රකාශ කළේය. මේ කාරණය ඇතුළු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැක්‌වූ අදහස්‌ මෙසේය.

fea8 3ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 ජනවාරි 03 දින කළ විශේෂ ප්‍රටකාශයෙන් බැඳුම්කර කොල්ලය පිළිබඳව 2016 ජූනි මස අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාල සීමාව අවසන් වන විටත් රටේ ජනතාව දැන සිටි දේවලට අමතරව අලුත් යමක්‌ කියවුණේa නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් මහතා දින 487 ක්‌ම තම ධුරයේ රාජකාරි කළා. ඉන් දින 91ක්‌ම ගෙවුනේ 2016 මාර්තු මස සිදුවූ දෙවන බැඳුමකර මංකොල්ලයටද පසුවය. මුළු රටම මේ සිද්ධිය ගැන කතා කරද්දීද, රටේ ආර්ථිකයට විශාල හානියක්‌ වී ඇති බව විද්වතුන් හා දේශපාලනඥයන් පෙන්වා දෙද්දීද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන්ගේ සම්පූර්ණ ධුර කාලය අවසන් වනතුරුම ඔහුව මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියාකළේ නැහැ .

පළමු මහ බැංකු බැඳුම්කර සිද්ධියට දිනකට පෙර රවි කරුණානයක, මලික්‌ සමරවික්‍රම, කබිර් හෂීම් යන මහත්වරු මහ බැංකුවට ගොස්‌ අර්ජුන් මහේන්ද්‍රන් සමඟ කළ සාකච්ඡාව ගැන කිසිදු සඳහනක්‌ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ අඩංගු වූයේත් නැහැ. බැඳුම්කර මගඩියේ ඉතා වැදගත් සාක්‌ෂියක්‌ විය යුතුව තිබුණේ ලංකා බැංකුව විසින් රුපියල් බිලියන 10 ක පමණ මුදලක්‌ ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුට දුන්නේ කෙසේද සහ එසේ දුන්නේ කාගේ උපදෙස්‌ මතද යන්නයි. ජනාධිපතිවරයා මේ ගැන ද කිසිදු සඳහනක්‌ කළේ නැහැ .

දෙවන බැඳුම්කර කොල්ලය වන රුපියල් බිලියන 40 කට ආසන්න ගනුදෙනුව සඳහා මහ බැංකුව විසින්ම මුල්‍ය ක්‍ෂේaත්‍රයේ සමාගම් වල හදිසි අවස්‌ථා සඳහා මුදල් නිකුත් කරන දෛනික ද්‍රවශීලතා පහසුකම භාවිතා කරමින් අදාළ සමාගමට මුදල් ලබා දී තිබීම ගැන ජනාධිපතිවරයා කිසිදු සඳහනක්‌ කළේ නැහැ.

දෙවන බැඳුම්කර සිද්ධියේදී මුදල් ඇමතිවරයා විසින් රාජ්‍ය බැංකු තුනක ප්‍රධානීන් ගෙන්වා අඩුවෙන් ලංසු තබන්නට උපදෙස්‌ දුන් බව බැඳුම්කර කොමිසම හමුවේ හෙළිවිය. මේ ගැන කිසිදු සඳහනක්‌ ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශයේ ඇතුළත්ව නැහැ.

µqට්‌ නෝට්‌ කල්ලිය යනුවෙන් ජනතාව හඳුන්වන කෝප් කමිටු සාමාජිකයන් පිරිසක්‌ අවසාන කෝප් කමිටු වාර්තාවට බලපෑම් කරන්නට උත්සාහ කළ හැටි, විගණකාධිපතිට බලපෑම කරන්නට උත්සාහ කළ හැටි, සැකකාර සමාගමේ ප්‍රධානීන් සමඟ දුරකථන සම්බන්ධතා පවත්වාගෙන ගිය හැටි මීට පෙර වාර්තාවී තිබුණා. ඔවුන්ගේ µqට්‌ නොට්‌ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහ බැංකුව විසින් එවු ලිපියක්‌ අගමැතිවරයාගේ විරෝධය නිසා ඉල්ලා අස්‌කරගත් බවක්‌ද වාර්තා වී තිබුණා. මේ අය ගැන කිසිදු සඳහනක්‌ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය තුළ නැහැ.

බැඳුම්කර මංකොල්ලය නිසා සේවක අර්ථ සාධක අරමුදලට වූ විශාල පාඩුව යම් දුරකට ලඝූ කොට පෙන්වීමක්‌ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් සිදුවෙලා තිබෙනවා. මීට පෙර වාර්තා වී තිබුණේ එම පාඩුව රුපියල් බිලියන 20ක්‌ පමණ වන බවයි.

ජනාධිපතිවරයා කියනා ආකාරයට කොමිසමේ එක්‌ යෝජනාවක්‌ වනුයේ 2008 -2014 කාලය තුළ මහ බැංකුව බැඳුම්කර ගනුදෙනු කළ ආකාරය පිළිබඳවද පරීක්‌ෂණයක්‌ කළ යුතු බවයි. ඔහුට අමතක වී ඇත්තේ හිටපු මුදල් ඇමතිවරයා විසින් මුල්‍ය පනතේ 43(2) වගන්තිය යටතේ 2016 අගෝස්‌තු 19 දා කළ ඉල්ලීමක්‌ අනුව රජයේ විගණකාධිපතිවරයා විසින් මේ පිළිබඳ සම්පූර්ණ පරීක්‌ෂණයක්‌ සිදුකර 2017 ජනවාරි 17 වනදා සිය වාර්තාව බාර දී ඇති බවයි. ජනාධිපතිවරයාට කරන්නට ඉතුරුව තිබෙන්නේ එම වාර්තාව ගෙන්වාගෙන කියවීම පමණයි. මේ වාර්තාව දැනටමත් විගණකාධිපතිවරයාගේ වෙබ් අඩවියේ තිබෙනවා.

2008 -2014 කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැන එතරම් අවධානයක්‌ බැඳුම්කර කොමිසම යොමුකළ බවක්‌ පසුගිය කාලයේ මේ පිළිබඳ මාධ්‍ය වාර්තා අධ්‍යයනය කරන්නෙකුට දකින්නට නැහැ. නමුත් 2008 -2014 කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැන පදනම් විරහිත ප්‍රකාශයක්‌ 2017 මාර්තු 17 පාර්ලිමේන්තුව තුළ කරමින් මහා ඝෝෂාවක්‌ නගමින් අතීතයේදී බැඳුම්කර ගනුදෙනුවල දූෂණ සිදුවී ඇති බවට මතයක්‌ ජනගත කරන්නට උත්සාහ කළේ 2015 පෙබරවාරි 27 සිදු වූ බැඳුම්කර මගඩිය හෙළිවීම නිසා කුපිතව සිටි අගමැතිවරයා විසින් බව නම් ජනතාවට මතක තිබෙනවා.

රුපියල් බිලියන 2000 ක පමණ අගයකට සිදුවන භාණ්‌ඩාගාර සුරැකුම්පත් හා බැඳුම්කර නිකුතූන් යනු වාර්ෂිකව රජය විසින් කරනු ලබන විශාලතම ගනුදෙනු වන අතර රුපියල් බිලියන 375 ක පමණ අගයකට සිදුවන තෙල් මිලදී ගැනීම්ද එයට දෙවෙනි වෙයි. ඒ නිසා මෙම භාණ්‌ඩාගාර සුරැකුම්පත් හා බැඳුම්කර නිකුතූන් දේශපාලන ඇඟිsලිගැසීම්වලින් තොරවූ ඉතාමත්ම නීත්‍යානුකූල හා පාරදෘෂ්‍ය ක්‍රමයකට අතීතයේ පටන්ම කරගෙන එනු ලැබුවා. 2014 අවසන් වන විට රජයේ භාණ්‌ඩාගාර සුරැකුම්පත් හා බැඳුම්කර වගකීම රුපියල් බිලියන 4000කට වැඩි වී තිබූ අතර ඒවායේ පොලී අනුපාතයේ 1% ක ඉහල යැමක්‌ වුව රජයට රුපියල් බිලියන 40 ක පමණ විශාල පාඩුවක්‌ ගෙන දෙන බව මුල්‍ය ක්‌ෂේත්‍ර්‍රයට සම්බන්ධ ඕනෑම අයෙක්‌ දන්නා කරුණක්‌. උදාහරණයක්‌ වශයෙන් මත්තල ගුවන් තොටුපළ විකුණා රජය ඉපැයීමට බලාපොරොත්තු වන මුදල ඉන් අඩක්‌ පමණ වෙනවා. බැඳුම්කර නිකුතුව සඳහා වෙන්දේසි හා Rජු ක්‍රමවල සම්මිශ්‍රණයක්‌ 1997 සිටම මහ බැංකුව අනුගමනය කළේ රජයට අඩුම වියදමකින් මේ කටයුත්ත කළ හැකි ක්‍රමය බව විශේෂඥයන් විසින් සොයාගෙන තිබුණ නිසාය. නමුත් 2015 දී මෙයට ප්‍රථමවරට දේශපාලන ඇඟිලි ගැසීමක්‌ කළ අගමැතිවරයා එතෙක්‌ පැවති ක්‍රමය වෙනස්‌ කරන ලෙස හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට Rජුවම උපදෙස්‌ දීම නිසා රටට අති විශාල පාඩුවක්‌ සිදුවුණා. මේ හරහා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාවට මඟපෑදුනා පමණක්‌ නොව එවකට රටේ පැවති පොලී අනුපාතයන් 2% කටත් වඩා ඉහළ යමින් රටේ ආර්ථිකයේ විශාල අර්බුදයකට හේතුසාධක වූ බව ද කිව යුතුයි.

මේ තත්ත්වය රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතිශයින් ලැඡ්ජාවට හා අපහසුතාවට පත්කරවන්නක්‌ බව තේරුම් ගැනීම අපහසු නැත. ඒ නිසා සත්‍යය වසන් කිරීම සඳහා ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීමේ අරමුණින් අතීතයේ බැඳුම්කර නිකුත් කිරීමේදී දූෂණ සිදුවී යෑයි පදනම් විරහිත චෝදනාවක්‌ කිරීම ගැන පුදුම වන්නට හේතුවක්‌ නැහැ. ඉන් ඔවුන් උත්සාහ කරන්නේ රජය තුළම සිටින සැබෑ හොරුන්ගෙන් ජනතා අවධානය ඉවත් කර ගැනීමටයි.

මේ සම්බන්ධයෙන් තවත් හොඳම උදාහරණයක්‌ වන්නේ 2015 දී ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව සභාගත කිරීම වැළැක්‌වීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරවමින් හොරුන් ආරක්‌ෂා කළ ආකාරයයි. මේ ආකාරයට හොරුන් ආරක්‌ෂා කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කිරීමේ ප්‍රතිපලය වූයේ 2016 මාර්තු මස යළිත් වරක්‌ ඊටත් වඩා විශාල බැඳුම්කර මගඩියක්‌ කිරීමට ඔවුන්ට අවස්‌ථාව ලැබීමයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දැනටමත් කියා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාද කැබිනට්‌ ඇමතිවරයෙකුව සිටි පසුගිය රජය කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැන පූර්ණ විගණනයක්‌ කිරීමට තමුන් කිසිදු විරුද්ධත්වයක්‌ නැති බවයි. අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යභාවය ඉන් තහවුරු වේවි.

පසුගිය රජය කාලයේ සිදුවූවා යෑයි කියන දූෂණ වංචා ගැන සෙවීමේදී ජනාධිපති සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුවිය යුතු කරුණක්‌ වන්නේ ඔස්‌ටේ්‍රලියාවේ ෙµඩරල් පොලිසිය විසින් විධිමත් පරීක්‌ෂණයකින් පසු සොයාගත්තා යෑයි විදේශ මාධ්‍යවල විශාල ප්‍රචාරයක්‌ දෙනු ලැබු z ස්‌නෝවි මවුන්ටන් ඉංජිනියරිං (Sබදඅහ ඵදමබඒසබි Eබටසබැeරසබට) නමැති සමාගමක්‌ විසින් ඔස්‌ටේ්‍රලියන් ඩොලර් මිලියන 2.3 ක්‌ වටිනා අපජලය කළමනාකරණ ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුව ලබා ගැනීම සඳහා පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරයෙකුට අල්ලසක්‌ ලබා දුන්නාය යන සිද්ධියයි. මීට අමතරව ලෝක බැංකු ආධාරය යටතේ ක්‍රියාත්මක වූ ඔස්‌ටේ්‍රලියන් ඩොලර් මිලියන 1.82 ක්‌ වටිනා තවත් ව්‍යාපෘතියක වේල්ලක්‌ ඉදිකිරීම සඳහා දේශපාලන අල්ලසක්‌ ඉල්ලීම පිළිබඳවද ඊ මේල් සාක්‌කි අදාළ සමාගමේ අභ්‍යන්තර පරිගණක පරීක්‌ෂාවේදී හමුවූ බවක්‌ද කියෑවුනි. මේ ඇමතිවරයාගේ නම ඔස්‌ටේ්‍රලියානු මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද නිසා එය රහසක්‌ නොවෙයි. යහපාලනය පිළිබඳ වත්මන් ජනාධිපතිවරයාගේ ඇති විශේෂ කැපවීම සලකා බැලීමේදී ඔස්‌ටේ්‍රලියාවේ zසිඩ්නි මොර්නින් හෙරල්ඩ්z යන පුවත්පතේ පිටු ගණනාවක්‌ පුරා විස්‌තර සහිතව පළවී තිබූ මේ සිද්ධිය ගැනද වහාම රජය විසින් පරීක්‌ෂණයක්‌ ආරම්භ කිරීමෙන් දූෂිතයන් සොයා ඔවුන්ට දඬුවම් දීමට රජයට ඇති දැඩි අවශ්‍යතාව තවදුරටත් ජනතාව ඉදිරියේ තහවුරු වෙනවා.

මේ කරුණු තුළින් ගත හැකි නිගමනය වන්නේ මෙයයි . එනම් ජනාධිපතිවරයා 2018 ජනවාරි 03 දින කළ විශේෂ ප්‍රකාශය හා ඉන් පසුව රජයේ ප්‍රධානීන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ මේ මහා මුදල් වංචාවට රටට හෙළිදරව් වීම නිසා ඔවුන්ට වන දේශපාලන අවාසිය අවම කරගැනීමේ යම් එකඟතාවකට රජය කරවන දෙපාර්ශ්වය විසින් පැමිණ ඇති බවයි. එමගින් මේ වංචාවේ Rජු හා වක්‍ර කොටස්‌ කරුවන් ලෙස රජයේ ප්‍රධානීන්ගේ ඇති සම්බන්ධතාව යට ගැසීම ඔවුන්ගේ අරමුණ බව පැහැදිලියි.

බැඳුම්කර කොමිසම් වාර්තාව අනුව වරදක්‌ සිදුවී ඇති බව දැනටමත් ඔප්පුවී අවසන්. අපරාධයක්‌ කිරීම, කුමන්ත්‍රණ කිරීම මෙන්ම අපරාධයට ආධාර අනුබල දීමද නීතිය අනුව වරදක්‌. මේ බව දණ්‌ඩ නීති සංග්‍රහයේ පැහැදිලිවම සඳහන් වෙනවා. එසේම සාක්‌ෂි ආඥාපනතට අනුව අපරාධයට පෙර හා පසු සැකකරුවන්ගේ හැසිරීම නඩුවකදී සැලකිල්ලට ගත යුතුයි. බැඳුම්කර මංකොල්ලය සිදුවීමට පෙරත් පසුවත් රජයේ යම් ප්‍රධානීන්ගේ හැසීරීම අනුව ඔවුන් මේ මහා කොල්ලය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, සම්බන්ධවීම හෝ ආධාර අනුබල දීමේ චෝදනා යටතේ යම් දිනක නීතිය හමුවට ගෙන ආ හැකියි .

ශ්‍යාම් නුවන් ගනේවත්ත 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress